IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


විජයදාසට බාධා නොකරන්නැයි නියෝගයක්

(කේ බුද්ධික කුමාරසිරි)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) දින පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට බාධා කිරීම සියලු පාර්ශවයන්ට වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය මහත්මිය විසින් අද (13) දින නියෝග කලාය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අදාල එම තීරණ මත පක්ෂයේ සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ වැඩ බලන ලේකම් නීතිඥ කීර්ති උඩවත්තට සහ දේශපාලන මණ්ඩලයට අදාල කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව ලබා දෙන ඉල්ලමින් ඉසුරු අබේවර්ධන සහ සුමිත් විජයමුණි සොයිසා යන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයන් දෙදෙනකු විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

අදාල පත් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 20 දෙනකු නම් කර ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය මැයි මස 27 දින පැවැත් වේ.

 



අදහස් (10)

විජයදාසට බාධා නොකරන්නැයි නියෝගයක්

පුරවැසියා Monday, 13 May 2024 04:29 PM

අධිකරණ ඇමැති නිසා වෙන්න ඇති...

:       0       0

විජිත් Monday, 13 May 2024 05:34 PM

මේ පක්ෂයේ මොන පාර්ශ්වයටවත් තවදුරටත් "විභවයක්" නැහැ ඔය පක්ෂය පවත්වාගෙන යන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මියගිය පක්ෂයක් !!! රටේ ජනතාවගේ දැනුම සහ චින්තනය සීඝ්‍රෙයන් ඉහළ යන යුගයක බොහෝ පක්ෂ ප්‍රතික්ෂේප වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අපේ රටේ දේශපාලන ඇරිනාවට ජාති වාදය, ආගම් වාදය, කුලවාදය... වැනි විනාශකාරී වයිරසයන් හඳුන්වා දුන් පක්ෂයයි. ඒ වයිරසයන් නිසා වටිනා ජිවිත ලක්ෂ ගණනක් රටට අහිමිවුණා. සමහරුන් රට හැර ගියා. 1956 දී අවුලපු ගින්නෙන් අද වෙනකොට කී ලක්ෂයක් අකාලයේ මිය ගියාද, සිදුවන අසාධාරණය ඉවසා සිටීමට නොහැකිව පවතින සමාජ ක්‍රමය වෙනස් කිරීමට ගිය උගත්, බුද්ධිමත් තරුණ ජීවිත දහස් ගණනක් පැවතුණු මිනීමරු ආණ්ඩුවලින් බිලිගත්තා. මේ රටේ මිනිසුන් තවදුරටත් ඒ බමුණු මත පිළිගන්නා "එහෙයියන්" නොවන බව ළඟ ළඟ එන මැතිවරණයෙන් හොඳින් පිළිබිඹු වෙයි කියන පැතුම තියෙන්නේ මට පමණක් නොවන බව හොඳින්ම දනිමි.

:       0       0

Prabha Monday, 13 May 2024 06:44 PM

ඔය කියන්නේ දිගදාසගේ ජනපති සිහිනයට බාධා කරන්න එපා කියලාාවෙන්න ඇති

:       1       20

අමල් Monday, 13 May 2024 07:23 PM

විජයදාසට බාධා නොකරන්නැයි කියන නියෝගය, ඩීල්දාසගේ බිරිඳටයි, තිලිනි ප්‍රියමාලිටත් බලපානවද? එහෙම නම්, ඒ දවසේ කොයිවේලාවටද? දන්නේ නැතිකමටයි අහන්නේ.

:       1       24

Krishan Monday, 13 May 2024 11:39 PM

මෛත්‍රීපාල උන්නැහෙට සභාපති ලෙසත් පසුව වැඩ බැලිමට සභාපති ලෙස විජේදාස රාජපක්ෂ ජනාධිපති නිතිඥ තුමාවත් වැඩ බලන ලේකම් ලෙස දුෂ්මන්ත මිත්‍රපාලටත් තහනම් නියෝග නිකුත් කලේ කොළඹ දිසා අධිකරණය එවා තවමත් ක්‍රියාත්මකයි දැන් ඒ තහනම් නියෝග ගත් අයට එරෙහිව තහනම් නියෝග කඩුවෙල දිසා අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා නිතිඥ නිමල් සිරිපාල මහින්ද අමරවිර දුමින්ද දිසානායක ඇතුළු අයට දැන් අධිකරණ බලය බැලුවම එක හා සමානයි කොළඹ කඩුවෙල දෙකම එකකින් අනෙක් අධිකරණය අභිබවා යන බලයක් නැහැ එහෙම නම් මෙතන ගැටුමක් තියෙනවා නැත්නම් මුලින්ම තහනම් නියෝග පැනවු කොළඹ දිසා අධිකරණය විසින් තමයි දෙන්න ඕන කඩුවෙලින් දුන් නියෝගය නැත්නම් ඊට ඉහල අධිකරණයකින් දැන් නඩු දෙකක් එකම තනතුරු වෙනුවෙන් එකම කිරුලකට අධිකරණ බල ප්‍රදේශ දෙකක පවතිනවා දැන් කොළඹ දිසා අධිකරණයට බැ කඩුවෙල දිසා අධිකරණය දුන් තිරණයට එරෙහිව තින්දුවක් දෙන්න එහෙම අධිකරණ බලයක් නොමැති නිසා

:       0       0

සෙනෙවිරත්න Tuesday, 14 May 2024 04:44 AM

ඔව් ඔව් මේ අයට බාදා කරල නැවත රට විශාල විනාසයකට ඇද දමන්න එපාය කියල සියලුම දෙනාගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනව. අර ගුවන්තොටුපලේ කොල්ලෙක් පහුගිය දවසක ටිරාන් ඇමතිගෙ වැඩ වලට බාදා කලා, නඩුකාරයො වගයක් ඩයනගෙ වැඩ වලට බාදා කලා, මේක විශාල කරදරයක් අපේ ඉදිරි ගමනට.

:       0       2

සෙනෙවිරත්න Tuesday, 14 May 2024 04:49 AM

රනිලුත් කියල තිබ්බ මෙයාගෙන් කරවගන්න වැඩ කීපයක් තියෙනව කියල , රනිල්ගෙ ජනතාවිරෝධී අණපනත් සේරම මෙයාගෙ වැඩ, මෛත්‍රී පාර්ලිමේන්තුවේ දි ඒවට එරෙහිව අත උස්සන්නෙ විජේදාසගෙ කඳ කෑල්ල විතරද ශ්‍රිලනිප ගත්තෙ?

:       0       1

ජගත් ලියනගේ Tuesday, 14 May 2024 05:26 AM

ඕක මියගිය පක්ෂයක්.

:       0       3

F M G Fernando Tuesday, 14 May 2024 08:44 AM

සියලුම දේශපාලකයින් පාහේ තම තමන්ගේ දේශපාලන පක්‍ෂ වර්ධනය කර ගැනීමට විශාල උනන්දුවක් දක්වන බව මම විශ්වාස කරමි. මාතෘභූමිය දියුණු කිරීමට ඔවුන් උනන්දු වන්නේ නැත. දැන් මහජනතාව කාලය පැමිණි විට වඩාත් සුදුසු පුද්ගලයා තෝරා ගැනීමට වඩා විමසිලිමත් විය යුතුය. ඒ වගේම හැම දූෂිත දේශපාලකයෙක් / යක්කු / මෝඩයෝ බලයෙන් පන්නන්න. වෙනසක් නැත අනාගතයක් නැත.

:       0       1

අරවින්ද මොනරවිල Tuesday, 14 May 2024 10:53 AM

තමන්ට නෛතික ප්‍රශ්නයක් ඇති උනාම ඒක විසදගන්න උසාවි යන්න එපා කියලා උසාවියෙන්ම නියෝගයක් දුන්න පලමු අවස්ථාව මේක වෙන්න ඇති.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 225 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 277 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 99 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 290 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 541 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 235 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 501 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site