IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


විජයදාස ගැන තීන්දුව අද රෑ ජනපති - අගමැති හමුවේදී

(රංජන් කස්තුරි)

ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු අතර අද(21) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බවත් දේශපාලන ආරංචි පවසයි.

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස අරලියගහ මන්දිරයේ දී පැවැති අතර එහිදී අගමැතිවරයා එජාප මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත්තේ ජනපති සමග සාකච්ඡා කර විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කඩිනම් තීන්දුවක් ගන්නා බවයි.

ඇමැතිධූරයෙන් ඉවත්වීමට රාජපක්ෂ මහතාට සඳුදා(21) දක්වා කල් ලබාදී තිබුණද ඔහු ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින් ජනාධිපතිවරයා සමග සාකච්ඡාකොට තීන්දුවක් ගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම් දී තිබේ. අද පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට විජයදාස රාජපක්ෂ මහතා සහභාගී නොවූ බවද වාර්තාවේ.



අදහස් (9)

විජයදාස ගැන තීන්දුව අද රෑ ජනපති - අගමැති හමුවේදී

chamal Monday, 21 August 2017 03:36 PM

හොරු නම් විජේදාස මහත්තයව මාරු කරනවට අකමැති වෙයි. ඒ ගොල්ලෝ කැමති පරීක්ෂණ රබර් වගේ අැදෙනවට තමයි.

:       8616       5364

nishanath domabagoda Monday, 21 August 2017 04:59 PM

හොරා කවුද හොර නැති වුන් කවුරුන්ද සොයාගන්නෙ කොයිලෙස කෙලෙසින්ද මෙහෙම හිතෙන්නේ මේ මට පමණක්ද

:       16       838

සෙනෙවි Monday, 21 August 2017 04:38 PM

මොනවද තව ? වහාම ඉවත්කරන්න

:       2077       2040

යෝෂිත තජුදීන් Monday, 21 August 2017 04:52 PM

පිළිතුර සරලයි. විජේදාසට පරීක්ෂණ වලට අවුරුදු 10 ක් ඕනේ. අජිත් පි පෙරේරා ඇමතිතුමා කියනවා පරීක්ෂණ කඩිනමින් කරන්න පුළුවන් කියල. මුළු රටටම ඕනේ මේ පරීක්ෂණ ඉක්මනින් ඉවර කරලා ඇත්ත දැන ගන්න.

:       1614       1286

අර්ජුන් බැඳුම්කරTuesday, 22 August 2017 01:09 AM

අධිකරණයේ ස්වාදීන පරීක්ශණ ඇමති කොහොමද කෙටි කාලෙකින් කරවන්නේ. වෙන කෙනෙක් දැම්මත් අධිකරණ ඇමතිට එහෙම අධිකරණයට බලපෑම් කරන්න බෑ. අජිත් සී පෙරේරා ඇතුලු ෆුට් නෝට් කල්ලිය දන්නව විජේදාස යැව්වේ නැත්තන් රවී ලඟට පත්තු වෙන්නේ එයාලට කියල. ඒකයි පොටක් පෑදෙනකන් හිටියෙ.

:       1       243

lalith Monday, 21 August 2017 06:07 PM

අපට ඉතිරිවෙන්නේ මෙව්වගෙ වැඩකරන්න විතරයි, හැබැයි බ්‍රේස්ලට් අතේ බැඳගෙන.

:       0       4

jayampathi Monday, 21 August 2017 06:08 PM

විජේදාස අයින්කරාට අපිට කමක් නැත . නමුත් අලුතින් පත්වන අධිකරණ ඇමති වහාම පරීක්ෂණ අවසන් කර නඩු ගොනුනොකර ගොඩ ගැසී ඇති සියලු නඩු විභාග කිරීමට කටයුතු කල යුතුයි. රටේ සියලු මහජනතාවට අවශ්‍ය එයයි . අපිට තවත් ඩීල් කාරයන් අවශ්‍ය නැත .

:       0       1

siri Monday, 21 August 2017 08:06 PM

අපි බලාගෙන ඉන්නවා,ජනාධිපති තුමාගේ ප්‍රතිචාරය මොකක්ද කියල.විජේදාස ඇමති තුමාව ඉවත් කිරීමට ජනාධිපති හවුල් වුනොත් එය" තමුන්ගේ වල තමුන්ම කපා ගැනීමක්"වැනිය.

:       10       205

බණ්ඩාර(කැකිරාව) Tuesday, 22 August 2017 03:37 AM

මේ මොනවා කලත් එජාපෙ. ඉන්න සුපිරි හොරුන්ට බේරුමක් නැහැ,අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා රජෙයේ නෙරුපුවත් ,රජයේ තියාගත්තත්, ඒ මොනවකලත් යහපාලනයට සොරිම තමයි.

:       0       172

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site