IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


විජය නැති වේදිකාව?

ලාංකීය සිනමාව බැබලූනේ සිනමාතරුවලිනි. ටෙලිනාට්‍ය ජනප‍්‍රියත්වයෙන් බබළවන්නේද ටෙලිතරුය. වේදිකාවට පමණක් තරු ගුණය සහිත නළු නිළියන් අඩු මන්ද යන්න විචාරකයෝ නිරතුරුවම ප‍්‍රශ්න කළහ. ඒ ගැටලූවට ස්ථිර සාර විසඳුමක් දෙමින් එකවර ජනප‍්‍රිය නාට්‍ය කීපයකට සිය රංග ප‍්‍රතිභාව විහිද වූ වේදිකා තරුවක් පසුගියදා හදිස්සියේම නිවී ගියේය. ඒ විජය නන්දසිරි නම් නව නළු රසයෙන් හා හාස්‍ය රසයෙන් අප සිත සුවපත් කළ රංගධරයාය. විජය මිය යන විට වේදිකාවේ සිටි කාර්යබහුලම රංගන ශිල්පියා වේ. ඒ නිසාම විජයගේ මරණයෙන් පේ‍්‍රක්‍ෂකයන්ට සේම නාට්‍යවේදීන්ටද සිදුවූ පාඩුව අපමණය. ඉදිරියේදී විජයගේ අඩුව පුරවන්නට එම නාට්‍යවේදීන් සූදානම් වන්නේ කෙසේදැයි එම නාට්‍යවේදීන්ගේ ‘අපි මෙසේ විමසුවෙමු.

20160829Wijaya-4‘‘කපුවා කපෝති’’, ‘‘මහාසාර’’ නව නිෂ්පාදිකා ලලිතා සරච්චන්ද්‍ර:

විජය ජීවත්ව සිටි අන්තිම කාලේ ඔහුට වැඩි බරක් දෙන්න බැරි නිසා ‘‘කපුවා කපෝති’’ අපි තාවකාලිකව නවත්තලා තිබුණේ. අධ්‍යක්‍ෂවරු විදියට එවැනි යුතුකමක් තිබිය යුතු බව මම කල්පනා කරලා තිබුණා. විජය කියන්නේ නළුවකුට වඩා මං දරුවෙක් වගේ ළඟින්ම ආශ‍්‍රය කරපු කෙනෙක්. අලූත් අවුරුද්ද ලබපු ගමන් මට මුලින්ම සුබ පතන්නේ ඔහු. ඒ වගේම එයා සීයා කෙනෙක් වුණාමත් සතුටින් මට ඒ ගැන කිවුවා. විජය කියන්නේ වේදිකාවට ගොඩාක් ගරු කරපු නළුවෙක්. මනමේ නාට්‍යයේදී ඔහු වේදිකාවට ගොඩ වුණේ කකුල් දෙක හෝදාගෙන.

බෙන් සිරිමාන්න මැරුණාම අපි මනමේ නාට්‍යය නැවැත්වූවේ නැහැ. නාට්‍යය දිගටම පවත්වාගෙන ආවා. ඒ වගේ තමයි විජය නැති වුණාමත් ඒ නාට්‍යය අනාගත පරපුර වෙනුවෙන් පවත්වාගන යා යුතුයි. දැන් සිංහබාහු නාට්‍ය ගත්තොත් තුන්දෙනෙක් වරින් වර රඟපානවා. මනමේහි වැද්දෝ තුන් දෙනෙක් සිටිනවා. එක එක අය එක එක මට්ටමින් තමයි දක්‍ෂතා පෙන්වන්නේ. කවුරුත් සර්වසම්පූර්ණ නළුවෝ නැහැ. හොඳට රඟපාන සමහර අය මුදල් නිසා වෙනස් වුණු අවස්ථාත් අපි දැකලා තියෙනවා. විජය කියන්නේ ගායනය, නර්තනය, පෞරුෂය යන හැම පැත්තෙන්ම සම්පූර්ණ නළුවෙක්. ඔහු අපිට අහිමි වුණත් වේදිකාවේ අනාගතය ගෙනියන්න සනත් විමලසිරි, ජනක මුණසිංහ, රජිත හේවාතන්ත‍්‍රි, ජගත් කුමාර, ජැක්සන් ඇන්තනි, සෞම්‍ය මෙන්ඩිස් වැනි දක්‍ෂ නළු පරම්පරාවක් අපට සිටිනවා. ඉදිරියේදී මහාසාර නාට්‍යයේ විජය රඟපාපු චරිතයට සනත් විමලසිරිත්, කපුවා කපෝති නාට්‍යයට අලූත් පිරිසකුත් දායක කරගෙන නාට්‍යය ඉදිරියට ගෙන යනවා.

 

20160829Wijaya-6‘දෙයියොත් දන්නෑ’’ නාට්‍යයේ අධ්‍යක්‍ෂ සරත් කුලාංග:

විජය නැති අඩුව පිරවීම අපහසුයි. එහෙත් නාට්‍යකරුවන් ලෙස දිගටම නාට්‍ය පවත්වාගෙන යාමේ අභියෝගය අපට තිබෙනවා. ඒ නිසා අපේ නාට්‍යයේ විජය කළ චරිතය මිහිර සිරිතිලක නිරූපණය කිරීමට නියමිතයි. මිහිර අපේ නාට්‍යයේ මීට කලින් වෙන චරිතයක් රඟපෑවා. ඒ චරිතය මින් පසුව ඉන්දික ජයසිංහ රඟපානවා. චරිතයකින් චරිතය නළුවෝ විවිධ අර්ථකථන තමයි ලබා දෙන්නේ. ඒ නිසා නාට්‍ය කලාවේ අනාගතය වෙනුවෙන් අපි අපිට පැවරුණු වගකීම ඉටුකළ යුතුයි. කොහොම වුණත් විජයගේ සියුම් රංග ප‍්‍රතිභාව අපට අමතක කරන්නට බැහැ.

 

‘‘අලූත් හොරෙක්  ඕනෑ’’ නාට්‍යයේ අධ්‍යක්‍ෂ අජිත් මෙන්ඩිස්20160829Wijaya-5

විජය ජීවත් වුණේ අපේ අයියා වන ශ‍්‍රියන්ත මෙන්ඩිස්ගේ අල්ලපු ගෙදර. ඔහු සමඟ මට මීට කලින් වැඩ කරන්න නොලැබුණත් මගේ පිටපතක් වන ‘‘දෙයියොත් දන්නෑ’’ නාට්‍යයට ගන්නේ විජය කියපුවාම මට ගොඩක් සතුටු හිතුණා. පහුකාලයේ විජය සමීපව ඇසුරු කරන විට විජයට කරන්න නාට්‍යයක් ලියලා දෙන්න කියලා ඔහු මගෙන් ඉල්ලූවා. මෙවර මම අධ්‍යක්‍ෂණය කරපු ‘‘අලූත් හොරෙක්  ඕනෑ’’ ජූඞ් ශ්‍රීමාල්ගේ පිටපතක්. ඒ නාට්‍යයටත් විජය නන්දසිරිව අපි දායක කර ගත්තේ ලාංකීය වේදිකාවට ඔහු අත්‍යවශ්‍ය නළුවකු වූ නිසයි. විජය කියන්නේ පිටපත පාඩම් කරගෙන වෙලාවට වැඩ කරන නළුවෙක්. හැමදාම නාට්‍ය ඉවර වෙලා අඩුපාඩු සාකච්ඡුා කරලා ඒවා හදාගන්න ඔහු උත්සාහ කළේ වැඬේ කරලා පැත්තකට වෙන නළුවෙක් නොවන නිසා. ලංකාවේ විජයටම අනන්‍ය වූ පේ‍්‍රක්‍ෂක පිරිසක් සිටීම තමයි මම දකින විශේෂිතම දේ. විජය නැතිවීමෙන් පසු සතියක් ඇතුළත නොකරම බැරි නිසා සමන්ත පරණලියනගේ යොදා ගනිමින් නාට්‍යයේ දර්ශනයක් වේදිකා ගත කිරීමට සිදුවුණා. එහෙත් ඉදිරියේදී විජය නන්දසිරි නිරූපණය කළ චරිතයට මහින්ද පතිරගේව අපි තෝරා ගත්තා. ඔහු විජය රඟපෑ චරිතය කලින් නරඹලා තිබුණේ නැහැ. ඒ නිසා මහින්ද තෝරා ගැනීමට අප ගත් තීරණයට ඔහු සාධාරණයක් කරාවි. මහින්දටම අනන්‍ය උපහාසය ඔස්සේ මේ නාට්‍යය සමඟ අපි වෙනම ගමනක් යනවා. මහින්ද සම්බන්ධ වූ නිසා අපට තවත් ෂෝ ප‍්‍රමාණයක් ලැබුණා.

 

20160829Wijaya-2‘‘බල්ලොත් එක්ක බෑ’’ නාට්‍යයේ අධ්‍යක්‍ෂ රවීන්ද්‍ර ආරියරත්න

වේදිකාවේ දැවැන්ත රංග පෞරුෂය, සියුම් රංගන ප‍්‍රතිරූපය අපට අද අහිමි වෙලා. අපේ රටේ සුවිශේෂතම රංග පරම්පරාවේ විජය කියන්නේ සංධිස්ථානයක්. මගේ ‘‘බල්ලොත් එක්ක බෑ’’ නාට්‍යයේ විජය රඟපෑවේ ඇමැතිවරයාගේ චරිතය. එහි දැනට දර්ශන වාර 749ක් අප වේදිකාගත කර තිබෙනවා. එයින් දර්ශන වාර 700ක පමණ ඔහු රංගනයෙන් දායක වුණා. ඉතිරි දර්ශන 50 සරත් කොතලාවල රංගනයෙන් දායක වුණා.

මෑත කාලීනව පූර්ණ කාලීනව වේදිකාවේ රැුඳී සිටිමින් දෙස් විදෙස් සංචාරවලට සහභාගී වෙමින් පේ‍්‍රක්‍ෂකයන්ගේ උණුසුම් ප‍්‍රතිචාර මුළු නාට්‍ය කණ්ඩායමම ලැබුවා. විජය නිසාම නාට්‍ය කීප වතාවක්ම බලපු අයත් හිටියා. විජයගේ අහිමි වීම සමඟ ඉදිරි 750 දර්ශනය තාවකාලිකව නැවැත්වීමට අපට සිදුවුණා. කොහොම නමුත් ඉදිරියේදී විජය නන්දසිරි කරපු චරිතය සඳහා දයාදේව එදිරිසිංහව අපි තෝරා ගත්තා. විශේෂයෙන් මෙහිදී රංග පරාසය සේම වැඩ කිරීමේ පහසුව අපි සොයා බැලූවා. චිත‍්‍රපටයක්, ටෙලිනාට්‍යයක් කරන්න වගේ වේදිකා නාට්‍යයක් කිරීමට නොහැකිියි.

 

20160829Wijaya-3‘‘මල්වඩම් අනවශ්‍යයි’’, ‘‘රූකඩ රාජ්ජෙ’’ අධ්‍යක්‍ෂ ප‍්‍රියන්ත රංජන්

මහා ප‍්‍රතාපවත් චරිතයක් වන විජය වේදිකාවේ සිටිනවිට මුළු වේදිකාව පිරිලා තිබුණා. නාට්‍ය ආරම්භ කිරීමට කලින් මුලින්ම මේකප් දාගන්න විජය, නාට්‍ය අවසන් වුණායින් පසුව තමයි වේදිකාවෙන් බහින්නේ. ඒ ගුණාංගවලට සමකළ හැකි නළුවෙක් මට මීට කලින් හමුවී නැහැ. වේදිකාවේ ඔහු රඟපාන විට රත්තරන් පාටට තමයි අපට පෙනෙන්නේ. විජය අහිමි වීමෙන් පස්සේ මම සූදානම් වුණේ නාට්‍ය දෙකම නැවැත්වීමට. ඒත් ශිල්පීන්ගේ උවමනාව නිසාම ඒ තීරණය වැළකුණා. අපි ලබන වසරේ විජයට ගරු කිරීමක් වශයෙන් නාට්‍ය උළෙල පවත්වනවා. නාට්‍යයට තිබෙන ඉල්ලූම නිසා නාට්‍ය ඇදගෙන යන්න අපට සිදුවී තිබෙනවා. ඒ නිසා විජය ‘‘මල්වඩම් අනවශ්‍යයි’’ කළ චරිතය සඳහා තිලක් කුමාර රත්නායකත් ‘‘රූකඩ රාජ්ජේ’’ සඳහා සරත් කුලාංගත් අපි තෝරා ගත්තා. මේ අය කලින් නාට්‍ය බලපු අය නිසා අපේ කටයුතු පහසු වෙයි කියලා හිතනවා. විජය කියන්නේ අවසාන මොහොත දක්වාම වේදිකාව එක්ක ඉඳලා මැරුණු නළුවෙක්. ඔහු රංගනය නිසා ලොකු සතුටක් ලැබුවා. මාසේ වැඩි දවස් ප‍්‍රමාණයක් ඔහු ජීවත් වුණේ අප සමඟ. මම ඔහුට නැටුම් කිරීම හොඳ නැති නිසා රූකඩ රාජ්ජේ නාට්‍යයේ නැටුම් දර්ශනය ඉවත් කළා.

 

අමිල චින්තක ගමගේ



අදහස් (0)

විජය නැති වේදිකාව?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 164 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2352 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 883 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2580 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1550 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2826 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39327 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25642 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site