IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘විජය නන්දසිරි කිරිබත් ඉල්ලුවා‘

‘විජේ සඳුදා (08) උදේ කිරිබත් ඉල්ලුවා. මම කිරිබත් හදලා දුන්නා. පස්සේ මම බාත් රූම් එකේ ඉන්න විට පපුව දැවිල්ලයි දැවිල්ලයි කියා කෑගහනවා ඇහුනා. මම විගහට එයා ළඟට ආවා. පසුව පුතා ඇවිත් උගුරට ගහන ස්ප්‍රේ එක දුන්නා. ටික වේලාවක් යන විට මගේ අත උඩට මුහුණ ඇලවුණා. මම විජේ විජේ කියලා කතා කළා. ඇස් ඇර මා දිහා බැලුවා. ඒ සමගම පපුවේ ශබ්දයක් ආවා.‘ යැයි ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරිගේ මරණ පරීක්ෂණයේ සාක්කි දෙමින් ඔහුගේ බිරිය දේවිකා මිහිරානි පෙරේරා (60) මහත්මිය   පැවසුවාය.

දකුණු කොළඹ මහා රෝහලේ හදිසි මරණ පරීක්ෂක විපුල නරසිංහ මහතා ඉදිරියේ සාක්කි දුන් ඇය මෙසේ ද කීවාය.

‘අපට දරුවන් දෙදෙනකු සිටිනවා. අවුරුදු 25ක පමණ සිට මගේ සැමියාට දියවැඩියාව තිබුණා. අවුරුදු නවයක දහයක සිට වම් කකුළේ තුවාලයක් තිබුණා. ඔහුට 2000 වසරේ දී බයිපාස් සැත්කමක් කළා.

සඳුදා(08) උදේ සිදුවීමත් සමග මගේ නංගිලා අපේ නිවසට ආවා. ගිලන් රථයක් ගෙන්වා ගෙන කලුබෝවිල රෝහලට ගෙන ආවා. මම පුතා සමග මෝටර් රථයෙන් රෝහලට ආවා. බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා සැමියා මිය ගිය බව මට පැවසුවා. මරණය සම්බන්ධයෙන් මට සැකයක් නෑ. ‘

විජය නන්දසිරිගේ බාල සොයුරා වන සරත් නිර්මල ප්‍රේමලාල් (61) මහතා සාක්කි දෙමින් මෙසේ කීවේය.

‘මිය ගොස් ඇත්තේ මගේ අයියා. මට තවත් මල්ලි කෙනෙක් ඉන්නවා. අයියාට දියවැඩියාව ඇති බව දැන ගත්තේ මීට වසර දහයකට පමණ පෙරයි.  වසර හතරකට පෙර අයියාගේ රෝගී තත්ත්වය ගැන හොඳට දන්නවා. සඳුදා (08) 12ට පමණ අයියා අසනීප වී රෝහල් ගත කළ බවත්, පසුව මිය ගිය බවත් නංගීගෙන් දැන ගත්තා.

දකුණු කොළඹ මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච් කේ ආර් සංජීව මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.

ඉදිරිපත් වූ සාක්කි සැලකිල්ලට ගත් විපුල නරසිංහ මහා විජය නන්දසිරිගේ මරණය හෘද්ද රෝගය නිසා සිදුවූ ස්වභාවික මරණයක් බවට තීන්දු කළේය.



අදහස් (0)

‘විජය නන්දසිරි කිරිබත් ඉල්ලුවා‘

වසන්ජය Tuesday, 09 August 2016 10:51 AM

කලා කරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේව ! ඔබ අප හිනැහෙව් නමුත් අපි අද වැලපෙමු . (ම)

:       0       0

සමන් Tuesday, 09 August 2016 11:05 AM

ඔබට අජරාමර නිවන් සුව ලැබේවා! (ම)

:       0       0

කින් බෙනට් Tuesday, 09 August 2016 11:31 AM

කොච්චර අපිව සතුටු කලත් අවුරුදු 25 ක විතර ඉඳල ලොකු දුකක් දරාගෙන ඉඳලා තියෙන්නේ . අවුරුදු 10 ක ඉඳල ලොකු වේදනාවකුත් දරාගෙන ඉඳල තියෙනවා . ඔබට නිවන් සුව පතමි ..(ම)

:       0       0

නවරත්න Tuesday, 09 August 2016 06:00 AM

අපේ කලාකරුවාට නිවන් සුවය පතමි! (නි)

:       0       0

මයුමි Tuesday, 09 August 2016 06:00 AM

ආදර්ශවත් පවුල් ජීවිතයක් ගතකළ හා කලාවට ඉතා උතුම් සේවාවක් කළ, සිය පවුලට සියලු යුතුකම් ඉටුකළ ගුණගරුක අයෙක්. බුදුදහමට අනුව මතුදිනයක නිවන් අවබෝධ වේවා! (නි)

:       0       0

ගිහාන් Tuesday, 09 August 2016 06:06 AM

මේවා කියවද්දී හිතට ලොකු දුකක් දැනෙනවා (නි)

:       0       0

දර්ශන Tuesday, 09 August 2016 06:03 AM

යළිත් ඔබ අපි අතරම ඉපදේවා! (නි)

:       0       0

මයුරි Tuesday, 09 August 2016 06:03 AM

ඉතා සතුටින් අපි බලාසිටි පවුල් ජීවිතයක්. එසේම සතුටින් ගතකළ ජීවිතයක්. දුක දරාගන්න බැහැ අපිට (නි)

:       0       0

ලියනගේ Tuesday, 09 August 2016 06:15 AM

ආයේ කවදා මේ හඬ අසන්නද? (නි)

:       0       0

හරිස් Tuesday, 09 August 2016 06:26 AM

ඔබගේ සේවය මිලකළ නොහැකිය. ඔබට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

මහාදේව Tuesday, 09 August 2016 06:37 AM

අපිට හිටිය ප්‍රතිභාවෙන් අනුන කලාකරුවෙක් රටට අහිමිවීම දරාගත නොහැකි පාඩුවක්. කලාකරුවාණනි, ඔබට නිවන් සුව ලැබේවා!!! (නි)

:       0       0

සංජීව Tuesday, 09 August 2016 06:45 AM

දෙවියෙක් වගේ මනුස්සයෙක් අපෙන් වෙන්වුණා. (නි)

:       0       0

අතුල Tuesday, 09 August 2016 06:52 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ජනහිත Wednesday, 10 August 2016 02:45 AM

ඉතාමත්ම කණගාටුදායක පුවතක් (නි)

:       0       0

තමින්ද Tuesday, 09 August 2016 06:54 AM

නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

චතුර Tuesday, 09 August 2016 07:06 AM

මේවැනි කලාකරුවකු රටට අහිමිවීම බලවත් පාඩුවක්. එම අඩුව පිරවීමට තවකෙකුට නොහැකිය. ඔබට නිවන් සුව අත් වේවා! (නි)

:       0       0

සරත් Tuesday, 09 August 2016 07:17 AM

හොඳ මිනිසුන් ඉක්මනට අපිව දාලා යනවා. ඔබට නිවන් සුව! (නි)

:       0       0

නිශාන්ත Tuesday, 09 August 2016 07:19 AM

ඔබට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

කේෂලා Tuesday, 09 August 2016 07:34 AM

රසික හදවත් පිනවූ නිහතමානී කලාකරුවාට නිවන් සුව පතමි! (නි)

:       0       0

උපාලි Tuesday, 09 August 2016 07:37 AM

ජීවිතය අනියතයි, මරණය නියතයි. උතුම් බුදු වදන එයයි. මෙවන් උතුම් මිනිසුන් ලෝකෙට පහළ වෙන්නේ කලාතුරකින්. වචනයේ පරිසමාප්තියෙන්ම මොහු නිර්ව්‍යාජ මිනිසෙක්. අප විසින් මොහුට දිය හැකි ඉහළම ගෞරවය නම් මොහුගේ ජීවන මඟ ආදර්ශයට ගෙන ජීවත්වීමයි. ආදරණීය විජය, ඔබට නිවන් සුව! (නි)

:       0       0

සුනිල් Tuesday, 09 August 2016 08:44 AM

මෙතෙක් අප හිනැස්සු සතුටුකළ ඔබ අපට දුක දී නිහඬවෙලා. අමාමහා නිවන් සුව පතමි! (නි)

:       0       0

ගාමිණී Tuesday, 09 August 2016 08:39 AM

ආදර්ශමත් චරිත ඉක්මනින් අපෙන් ඈත්වෙනවා (නි)

:       0       0

සුරති Tuesday, 09 August 2016 08:46 AM

ඉතා ශ්‍රේෂ්ඨ දක්ෂ කලාකරුවකු වූ ඔබට නිවන් සුව..(බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 09 August 2016 08:54 AM

මම ඉතාමත්ම ගරු කරන කලාකරුවෙක්.කලාකරුවාණනි, ඔබට නිවන් සුව ලැබේවා!!! (බ)

:       0       0

සිසිර සමරකෝන් Tuesday, 09 August 2016 04:42 PM

සුබ ගමන් සහෘදයාණනි! (නි)

:       0       0

සරත් Tuesday, 09 August 2016 09:43 AM

ඔබට නිවන් සුව ලැබේවා ඔබට සිනහවෙන් අප සිත් සතන් පින වු ඔබ අද අප කඳුලින් පුරවා නික්ම ගියා (ම)

:       0       0

සචින්ත ජය ශ්‍රී Saturday, 13 August 2016 03:24 PM

අපේ ලේ පිරිසිදු කළ ඔබ අප අතරම ඉපදේවා! (නි)

:       0       0

ඇසළ Tuesday, 09 August 2016 09:47 AM

මුදලට ලබාගත නොහැකි දෙයක් ඔබ අපට තිළිණ කළා නන්දසිරි මහතාණනි ඔබ අප අතරම යළි ඉපදේවා (ම)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 09 August 2016 10:04 AM

ඔබට නිවන් සුව.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 275 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 417 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 314 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1185 3

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1079 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 5697 4

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39177 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site