IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


විජේවීර දුව යළි රිමාන්ඩ්

සිය මවට හා  සහෝදරයකුට පහර දී නිවසේ  දේපළ වලට  අලාභ හානි සිදු කැර  සාපරාධි  බියක් ඇති කර  මරණ තර්ජන එල්ල කළ  බව කියන සිද්ධියක්  සම්බන්ධයෙන්  රිමාන්ඩ් බාරයට පත් කර සිටින   දසුනි ඊෂා විජේවීර  මෙනවිය  ජුනි 10 වැනි දා තෙක්  රිමාන්ඩ් බාරයේ තබන ලෙස  වත්තල මහෙස්ත්‍රාත්  ලංකා ජයරත්න  මෙනවිය අද (03) නියෝග කළාය.

 ඇය ජ.වි.ප නිර්මාතෘ රෝහණ විජේවීරගේ වැඩිමහල්  දියණියයි.

 එමෙන්ම සැකකාරිය  ජාතික වෛද්‍ය පරීක්ෂණ ඒකකයට  වෙත ඇතුළත් කොට  සම්පුර්ණ මානසික  සෞඛ්‍ය වාර්තාවක්  ඉදිරිපත් කරන ලෙසද  මහෙස්ත්‍රාත්වරිය  බන්ධනාගාර අධිකාරීට නියම කළාය.



අදහස් (0)

විජේවීර දුව යළි රිමාන්ඩ්

ගමගේ Monday, 03 June 2013 04:54 PM

නිතිය ඉදිරියේ කවුරුත් එකයි (දී)

:       0       0

කැනඩා දිසා Tuesday, 04 June 2013 03:40 AM

වරුණ ඔයා හරි. හිතමු. මේ අසරණයෝ කෑම්ප් වලි ආණ්ඩුවේ එක එක තැන් වල හිටියා. කාලය , තාත්තා... පැත්තක දැමු මේ දරුවන්ගේ මනස මේ වෙනකොට ඔවැනි තත්වයට පත් වෙලා ඔයින් බේරුනා ඇති. (නි)

:       0       0

සප්තපාදි Wednesday, 05 June 2013 04:54 PM

අද පවුල් වල ඕවද වෙන්නේ?මෙතන වරද එයා විජේවීරගේ දුව වීම.පොඩි කාලේ ඉඳලා නොකළ වැරදී වලට ඒ ළමයා දඬුවම් වින්දා.තාත්තගේ නම කියන්න ලැජ්ජාවට කී පාරක් අසරණ වෙලා ඇද්ද?පොඩි කාලේ ඉඳන්ම කඳුළු ,නපුරු හීන,අපහාස...මේ දරුවාව අපි දිරිමත් කරමු.පටු විදියට නොබලා ආදරය කරමු.ඉස්සෙල්ලා ඔයාලා යහපත්ව හිතන්න (නි)

:       0       0

අමිල Monday, 03 June 2013 05:38 PM

දෙයියෝ සාක්කි

:       0       0

අංජන Monday, 03 June 2013 06:04 PM

අම්මට හදාගන්න බැරිනම් උපදේශන පන්ති වලට දාලා හදන්න පුලුවන්ද? (ත)

:       0       0

ඇසළ Monday, 03 June 2013 06:26 PM

වයස අවුරුදු 32 ක් මානසික පීඩනයක් නැද්ද අවිවාහකව ඉන්නකොට ඔයතරම් වයසට ගිහිල්ලත්. ඉක්මනට කසාදයක් බැදලා දුන්නනම් නිකම්ම සනීපවෙයි. (නි)

:       0       0

ලලිත් Monday, 03 June 2013 06:47 PM

මේ ළමයාගේ නියම මානසික තත්වය දන්නේ අම්මයි. අම්ම මේ ළමය ගැන බලාගනියි. රටේ මිනිස්සු ඒ ගැන කලබල විය යුතු නැත. ඇරත් ඔය කතාකරන කිසිවෙක් නොව ඇයට ආදරය කරන්නේ මව පමණි. මෙයා ඉගනගන්න වයසේ නොව කසාද බඳින වයසේ කෙනෙක්. අම්ම මේ කරලා තියෙන්නේ ඇයගේ සුබ සිද්ධිය තකා මානසික ප්‍රතිකාර ලබාදීමට පසුබිම සකස් කිරීමක් මිස මෙය සිරගත කිරීමක් නොවේ. ඇය පුවත් පතකට ලබාදී තිබුන ලිපිය කියවන්න. (ත)

:       0       0

ලලිත්-එස්.එල් Monday, 03 June 2013 01:49 PM

රෝහණ විජේවීර ගැන කියන්න ඕන නැහැනේ.(නදී)

:       0       0

හර්ෂණ Monday, 03 June 2013 01:52 PM

මම දන්නා විදියට ඇය ඉගෙනීමට දක්ෂ ළමයෙක්, පව් ළමයව හොද මාර්ගයට ගන්න පුළුවන් නම්.(නදී)

:       0       0

වරුණ Monday, 03 June 2013 01:53 PM

මේවගේ සිද්ධියකට හිරේ යවනවට වඩා නරකද ඇග බැදලා අවවාද කරලා එලියට යවන එක? තරුණ ගැහැණු ළමයෙක් හිරේ යවන එක කොච්ච්චර අපරාධයක්ද?මිනි3,4, මරලත් ඇප දෙන රටක මේවගේ දෙයකට රිමාන්ඩ් කරන එක දෙවරක් සිතා බෙලිය යුතුයි නේද?.(නදී)

:       0       0

විෙජ්වීර Monday, 03 June 2013 07:28 PM

වරුණ, සදුන් ළමයිනේ, අනේ මන්දා මටත් දැන් මේවා තේරෙන්නෙ නැහැ. ඔයාලගේ කීමත් හරිනේ. (නි)

:       0       0

පාල Monday, 03 June 2013 01:59 PM

මෙහෙමනේ වරුණ මහත්තයෝ,තැලෙන යකඩේ උඩපැන පැන තලලා අපට පෙන්වනවා නිතිය ක්‍රියාත්මක වෙනවා කියලා. තලන්න බැරි නම් නීතියේ සිදුරු වලින් රිංගලා යන්න ඉඩ හැරලා අපට කියනවා සාක්කි නැහැ කියලා. (නි)

:       0       0

සංජිව Monday, 03 June 2013 01:57 PM

කවුද මේවාට වග කියන්නේ (දී)

:       0       0

අනුර Monday, 03 June 2013 02:06 PM

පුනර්බවය කියන්නේ මේවට (නි)

:       0       0

අමිළ Tuesday, 04 June 2013 10:01 AM

ඕවා දෙමාපියන්ගේ වැරදි. එයාගේ තාත්ත මරපු තාත්තලාගේ තව දූලා කීදෙනෙකුට ඔය ප්‍රශ්න බලපාල තියනවද කියලා හොයා බලන්න මාද්‍ධ උනන්දු වෙන්නේ නැහැනේ.(නදී)

:       0       0

දම්මික පෙරේරා Monday, 03 June 2013 02:07 PM

මේවා පරම්පරාගත රෝග. බෙහෙත් නැහැ ඕවට (නි)

:       0       0

ඇන්ටන් Monday, 03 June 2013 02:05 PM

අනේ එයාට මානසික ආතතියද කියලා බලන්න. මොකද තාත්තත් නැති එකේ ... ඒක ඒයාට මානසික වදයක් ද කියලා දන්නේ නැහැ නේද. පවු අනේ තරුණ ළමයෙක් නේද ... (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 03 June 2013 02:13 PM

දඩුවම් නොකර අවවාද කර නිදහස් කරන්න (නි)

:       0       0

ලාල් Monday, 03 June 2013 02:37 PM

මම කියලා මොනවා කියන්නද මහත්තයෝ

:       0       0

රංග Monday, 03 June 2013 02:35 PM

වරදක් කරලා නම් ඊට නිසි දඩුවම ඕනේ (දී)

:       0       0

ලංකාසිරි Monday, 03 June 2013 02:42 PM

හුගක් අයව මේ තත්වෙට දාන්නෙ තමන් අවට ඉන්න අයමයි (නි)

:       0       0

සිල්වා Monday, 03 June 2013 03:16 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ඇලෙක්ස් Monday, 03 June 2013 03:20 PM

පිය සෙනෙහස අහිමි දරුවෙක්ගේ ඉරණම... (නි)

:       0       0

කලන Monday, 03 June 2013 03:22 PM

පව්, එහෙම කරන එක හරි නැහැ. තාත්තටත් අසාධාරණයක් වුනේ. දුවටත් එහෙම කරන එක හරි නැහැ. කොහොම හරි හොද මාර්ගයට ගන්න ලැබේවා. (නි)

:       0       0

සුරංග ලක්මාල් Tuesday, 04 June 2013 12:06 AM

ඒ ළමයි පොඩිකාලේ ඉදලා හිරගෙවල්වල ඉදලා මනස විනාහ වෙලා. දෙමාපියන්ගේ වැරදිවලට ඒ අහිංසක ළමයි අදටත් දුක් විදිනවා. ඒ ළමයින්ට බුදු දහම පැත්තෙන්වත් පිහිටක් වෙන්න කවුරුහරි ඉදිරිපත් වුනොත් ලොකු පිනක්.පව් (නි)

:       0       0

සදුනි Monday, 03 June 2013 04:18 PM

වරුණ, ඕයා හරි. ඇය දෙස බලන්න ඕනේ විජේවීරගේ දුව කියන හැගීමෙන් නම් එතනම වැරදියි. එයා තරුණියක්. කාගේ කවුද යන්න වැදගත් නෑ වගේම ඇය අපරාධයක් කරලත් නැහැ. මේක පවුල් ආරවුලක් විතරනේ. අනේ මන්දා අපේ නීතිය.(නදී)

:       0       0

චන්ද්‍ර සළුවඩන Monday, 03 June 2013 04:40 PM

මේක මානසික රෝගයක්. දුවකට පිය සෙනෙහස නැතිවීම පොඩිකාලේම ලොකු මානසික කඩාවැටීමකට හේතු වෙනවා. මේකට හිරේදාලා තියලා හරියන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 14 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 237 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 225 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 163 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 125 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 396 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38034 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site