(චාපා මධුභාෂිණී)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වට්ටක්කා මිල පහළ බැසීමත් සමග හබරණ වට්ටක්කා ගොවීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
වට්ටක්කා කිලෝවක් නිෂ්පාදනය සදහා රුපියල් 40-45 පමණ මුදලක් වැය කරන නමුත් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් වට්ටක්කා කිලෝවක් සඳහා රුපියල් 20-25 වැනි ඉතා අඩු මුදලක් බව ගොවීහු කියති.
ගොඩ බෝග වගාවක් ලෙස හබරණ, පුවක්පිටිය, ආසිරිගම, මහමීගස්වැව, නාමල්පුර, හල්මිල්ලෑව, රඹෑව සහ පඩිකාරමඩුව යන ප්‍රදේශ රැසක ගොවි පවුල් 1000 වැඩි පිරිසක් සිය ජීවන වෘත්තීය කරගෙන යනු ලබන්නේ වට්ටක්කා වගාවයි.
මෙම ගොවි මහතුන් මැදකන්නයේ වගා කර ඇති රාජා වර්ගයේ වට්ටක්කා බීජ මිලි ග්‍රෑම් 100ක් මිලදී ඇත්තේ රුපියල් 11 600 වැනි මුදලකටය. ග්‍රෑම් 100 බීජ වැපිරීම තුළින් අස්වනු ලෙස වට්ටක්කා කිලෝ 3000 – 4000 පමණ නෙලා ගන්නා බවත් ඔවුන් අප වෙත වැඩිදුරටත් නියන්නට විය.
බීජ වැපුරූ දා සිට රුපියල් 50,000 වැඩි මුදලක් වැය කරමින් පොහොර ආදිය යෙදීම සිදු කරන බවත් පසුව වගාවට ජලය පොම්ප කිරීමට පමණක් ඒක් කන්නයකට ඉන්ධන සදහා රුපියල් 50,000 පමණ මුදලකුත් කුලිවැඩට රුපියල් 20,000 පමණ වැය කරයි.
අස්වනු නෙළීමේ සිට ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන යාම සඳහා අමතරව රුපියල් 25,000සක් පමණ දැරීමට සිදු වේ. එතරම් මහන්සියෙන් වගා කර ගත් වට්ටක්කා කිලෝව රුපියල් 20-25 අලෙවි කිරීමෙන් තමන්ට බීජ වියදම සහ තමන්ගේ මහන්සියේ වියදමවත් උපයා ගත නොහැකි තත්ත්වයක් ඇති වී ඇත.
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වට්ටක්කා ගොවීන්ට හතේ හත
කිරිපුතා Monday, 11 September 2023 11:33 PM
රටට ලැබෙන ඵලදාව අතර මැදියා ගසාගෙන කනවා. ඒක ගොවියාටත් නෑ පාරිභෝගිකයටත් නෑ. මේවා රට පුරා බෙදා හැරෙන යාන්ත්‍රනයක් බිහි විය යුතුයි . වෙළඳ ඇමති කෙනෙක්.ඉන්නව නේද රටේ ?
Lalla Tuesday, 12 September 2023 08:56 AM
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගකියන්න ඕන. ඔවුන්ට හැකියාව තිබිය යුතුයි ගොවීන්ට උපදෙස් දෙන්න වගකිවයුතු භෝග සහ ප්‍රමාණය. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් ඉන්නේ පුටු රත්කරමින් කාලේකන්න නොවේ. ඔක්කොම එකතුව වී වගාව ව්‍යාප්ත කිරීම කතාව. පෝෂණවේදීන්ට අනුව අපි බත්කනව වැඩියි.එලවලු පලතුරු භාවිතය සහ මාංශ පරිභෝජනය මදි... තරබාරුකම සහ මන්දපෝෂණය වැඩි එමනිසා කියල තේරෙනව....
sarath Tuesday, 12 September 2023 09:00 AM
බියර්,ජැම් වැනි අතුරු නිශ්පාදන නිශ්පාදන කලාපයක් මේවා ආශ්‍රිතව බිහි කරන්න
janahitha Tuesday, 12 September 2023 09:14 AM
කරුණාකර මේවා මිල අඩුකර ඩුබායි එවන්න. අපේ පරිමාන මිනින්දෝරුවන් අතර ජනප්‍රිය ආහාරයක් කෑම පොයින්ට් එක දෙකට අඩුකරන්න පුළුවන්ලු