IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


වෙට්ටුවෙන් මට්ටු වී කොස්තාපල් රිමාන්ඩ්

ත්‍රිරෝද රියක් පදවමින් අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයාට වෙට්ටු දැමූ බව කරන්දෙණිය පොලිසියේ කොස්තාල්වරයකු වු අජිත් ලාල් මෙන්ඩින් නමැත්තා මෙම මස 30 වැනි දා තෙක් රිමන්ඩ් කරන්නැයි අම්බලන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී.එම් ලියාකාත් මහතා අද (21) නියෝග කළේය. සැකකාර කොස්තාපල්වරයා කුඩා දරුවකුද දමාගෙන ත්‍රිරෝද රියක් පදවමින් සහකාර පොලිස් අධිකාරිවරයා ගමන් ගත් වාහනයට වෙට්ටු දමමින් ගියේ යැයි ඔහුට එරෙහි චෝදනාවයි.



අදහස් (0)

වෙට්ටුවෙන් මට්ටු වී කොස්තාපල් රිමාන්ඩ්

කින් බෙනට් Sunday, 21 August 2016 02:24 AM

මෙහෙම දෙයක් කළා කියල කොහොමද කෙනෙක්ව රිමාන්ඩ් කරන්නේ .. මෙතන තියෙන්නේ මාර්ග නීති කඩකිරීමක් විතරනේ .. ලංකාවේ තියෙන්නේ පුදුමාකාර නීති ක්‍රමයක් . මොන වරදක් කලත් උසස් පුද්ගලයාව ආරක්ෂා කරනවා මිස සැබෑවටම රටේ යහපත් පාලනයක් සඳහා නෙමෙයි කුඩු මිලිග්‍රෑම් එකක් ළඟ තබාගන්න කෙනාට මරණ දඬුවම දෙන ගමන් කුඩු කිලෝ සිය ගණන් ගෙන්නන අයව හොයන්නවත් උනන්දු වෙන්නේ නැහැ . මෙවැනි දඬුවමක් කවුරු දුන්නත් ඉතාම අසාධාරණයි . (රේ)

:       0       0

ඇන්තනි Sunday, 21 August 2016 02:28 AM

ඕක පොලිස් ලොක්කට කරපු හින්ද ඔහොම උනා .. නිකන් කෙනෙක්ට වෙලා පොලිසියේ පැමිණිල්ලක් එහෙම දාන්න ගියානම් වෙන්නේ පැමිණිල්ල දාන්න ගිය මිනිහට 30 වෙනිදා වෙනකන් රිමාන්ඩ් එකේ ඉන්න තමයි . (රේ)

:       0       0

රාසි Sunday, 21 August 2016 02:53 AM

සෑම් කියන දේ හරි . මෙවැනි මාර්ග නීති කඩකිරීමකට රිමාන්ඩ් යන්න උනේ ඒකයි . නමුත් නඩුව උසාවි ගෙනිච්චාම නම් \"\"වෙට්ටු දැම්මා\"\" කියන්නේ ඉස්සර කිරීම කියන එක බජාර් භාෂාවෙන් හඳුන්වන ආකාරය මිසක් එහෙම වරදක් නීති පොතේ නැහැ (රේ)

:       0       0

බණ්ඩාර කුවේට් Sunday, 21 August 2016 03:28 AM

ලොක්කගේ බලය කොහොමද. අපේ පොලිස් සේවයට දෙවියන්ගේ පිහිටයි! (නි)

:       0       0

පීටර් Sunday, 21 August 2016 04:25 AM

නිකමට හිතමු වෙට්ටුව දැම්මේ සෙල්ලම් පිස්තෝල කල්ලියේ කෙනෙක් වගේ අයෙක් කියලා. එහෙනම් අද කූඩුවේ ඉන්නේ කවුද? (නි)

:       0       0

ලක්මාල් Sunday, 21 August 2016 04:24 AM

මම මේ නොදන්නා නිසයි අහන්නේ. අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමට රිමාන්ඩ් කරනවද? (නි)

:       0       0

සමන් Sunday, 21 August 2016 04:26 AM

ලොක්කෝ පොඩ්ඩන්ට පහරදෙනවා. පොඩ්ඩෝ අසරණයන්ට පහරදෙනවා (නි)

:       0       0

සමන් Sunday, 21 August 2016 05:38 AM

ඕකට තමා කියන්නේ පොලිසියට අවශ්‍ය හැටියටයි නීතිය කියලා.

:       0       0

ගයානි Sunday, 21 August 2016 07:09 AM

පොලිස් ලොක්කා ගැන අපේ නම් පැහැදීමක් නැහැ (නි)

:       0       0

යෙහාන් Sunday, 21 August 2016 08:05 PM

එහෙම තමයි අපේ රට. පහත් තැනින් යයි ගලා ජලේ! (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 21 August 2016 11:25 AM

මේ වගේ මිනිස්සුන්න්ට වදදෙන කොස්තාපල් ලා හැම නගරෙක හා ගමකම ඉන්නවා. නීතිය කලක සිට ක්රියාත්මක නොවීමේ ප්‍රතිඵල තමා අද විඳින්නේ. (රේ)

:       0       0

සෑම් Saturday, 20 August 2016 09:09 PM

මෙතන සිදුවීම තවත් එක රියදුරන් දෙදෙනෙකු අතර සිදුවුණ මාර්ග නීති කඩකිරීමේ සිද්ධියක් පමණයි, අපිට නම්. නමුත් නීතිය ක්‍රියාත්මක වී තිබෙන්නේ ඔවුන් දරන තනතුරු මත මිස සිදුවූ වරද මත නොවන බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

ටෙනිසන් Sunday, 21 August 2016 01:01 AM

පහත් තැනින් යයි ගලා ජලේ කියන්නේ නිකන්ද? (නි)

:       0       0

නිමල්ලලිත් Sunday, 21 August 2016 01:47 AM

සෑම් ,ටෙනිසන් මහත්වරුනි ඔබලාගේ අදහස හරි\ (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 1 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 77 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 273 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 565 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 424 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3616 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site