එල්ලුන පියයුරු හැඩ කර බඩ අඩුකර කැළැල් සහිතව අසාධ්‍ය තත්වයට පත්වූ කාන්තාවක රුපියල් ලක්ෂ පහත් හතර හමාරත් බැගින් හොර දොස්තරලාට ගෙවූ බව රෝගී කාන්තාවන්ගෙන් දැන ගන්නට ලැබුණු බව කොළඹ ජාතික රෝහල් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අංශ ප්‍රධානී විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා පැවසීය.
අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුළත්වූ එම කාන්තාවන් සුවපත් කිරීමට ඔවුහු වැය කළ මුදල මෙන් තුන් ගුණයක් රජයට දරන්න වන බව දුලිප් පෙරේරා මහතා කීවේය.
ඔවුන්ට සනීප වුවත් කැළැල් ජීවිතය පුරාම පවතින බවද එසේ විකෘති තත්ත්වයට පත්වූ පියයුරු නැවත හැඩකර කැළැල් මකා දැමීමට නම් ඔවුන් සැත්කම් හතරකට භාජනය කළ යුතු බව පෙරේරා මහතා කීවේය.
එවැනි විකෘතිවන පියයුරු හැඩ කිරීමේ සැත්කම කොළඹ ජාතික රෝහලේ සිදු නොකරන බව පවසන පෙරේරා මහතා කැලැල් මැකීමට එම කාන්තාවන් පෞද්ගලික රෝහලකට යොමුවන්නේ නම් ඒ සඳහා ඔවුන්ට දරන්න වන මුදල අති විශාල බව පැවසීය.
මුදල් ගෙවා මෙවැනි සැත්කම් සඳහා යොමුවීමේ අනුවණකම කිසිවිටක සිදු නොකළ යුතු බවද පෙරේරා මහතා කීවේය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා
නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක
මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘වැටුණු දේ යළි හදනු බෑ‘
උමේෂ් Monday, 08 June 2015 10:43 AM
එහෙනම් අපි පිවිතුරු යහපාලවත් නුගේගොඩ පොලට යවමු. (ම)
රුකී Monday, 08 June 2015 10:47 AM
පිට නැති සාරි හැට්ට අඳින කොට ඉස්සරහින් එල්ලා වැටෙන එක අහන්න දෙයක්යැ? (නදී)
අමල් Monday, 08 June 2015 10:54 AM
මෙච්චර හරියක් වෙනකන් මේ කාන්තාවගේ සැමියා මොකද කරලා තියෙන්නේ. ? (ම)
පාලිත Monday, 08 June 2015 10:57 AM
ප්‍රතිකාර ගන්න කලින් හොර දොස්තරගේ නෝනා දිහා බැලුව නම් මේ අමාරුවේ වැටෙන්නේ නැහැ. (ම)
සනි Monday, 08 June 2015 11:08 AM
ඉල්ලගෙන නේ කාලා තියන්නේ.අමල් කීව වගේ මේ කාන්තාවගේ සැමියා කොයි දීපන්කරේක හිටියද? (ම)
සුනිල් Monday, 08 June 2015 11:39 AM
සැමියා,කොහෙවත් ගිහිල්ලා නැහැ යාලුවනේ. ගෙදර ඉඳගෙන ළමයි බලාගෙන කියන්න ඇති "එහනම් ලස්සන කරගෙන වරෙන්කො"කියල. (ස)
ජෙහාන් Monday, 08 June 2015 07:50 AM
මේක විතරක් නෙවෙයි දරු පල ගන්න කියලා කපුවන් කට්ටඩියන් පස්සේ දුවලා ඒකේ ප්‍රතිපල ආවමත් ගෙවන්නකෝ ආණ්ඩුවෙන් අර දීමනා මේ දීමනා කියලා. (බ)
ඉසුරන්දි Monday, 08 June 2015 08:00 AM
මේ කුණු කයට දෙන වදයක්. (ම)
නිශේන් Monday, 08 June 2015 08:00 AM
අපේ ලංකාවේ තමයි මෙහෙම මෝඩකම් කරලා අමාරුවේ වැටුනාමත් රජයෙන් බර කර ගහන්නේ. දියුණු රටවල් මෙහෙම රුප ලාවන්ය සැත්කම් වැරදුනා නෙවෙයි හරියන්න කරගන්නවත් රජයේ අනුග්‍රහයක් නැහැ. ඔන්න මොකක් හරි හදිසි අනතුරක් සිදු වෙලා රුපය අවලස්සන වුනොත් පිළිස්සීම් යනාදිය සුවකර ප්ලාස්ටික් සැත්කම් කරගැනීමට ආධාර කරනවා.(ම)
ජිලෝනි Monday, 08 June 2015 08:07 AM
වැටෙන්න නෙමෙයි මෙහෙම වද දෙන්න ගියොත් හැලිලාම යාවි (බ)
දුල්මි Monday, 08 June 2015 08:13 AM
පසුගිය කාලයේ දොස්තර නෝනා කෙනෙකුත් නැති වුණා නේද රුපලාවන්‍ය සැත්කමක් කරවා ගන්න ගිහින්. මේ කාන්තාවන් ප්‍රවෘත්තියක් පොතක් පත්තරයක් බලන්නේ නැතිවද ආයෙමත් මෙහෙම අමාරුවල වැටෙන්නේ. ඇති යන්තන් පණ පිටින් බේරුනා. (ම)
නන්දලාල් - ප්‍රංශය Monday, 08 June 2015 03:26 PM
වයසට යනකොට ඔහොම වෙනවා කියල මේ නෝනලා ටිකක් හිතුවනම් වියදම් කරපු සල්ලි කන්දරාවෙන් ලෝකේ වටේ රවුම් ගහන්න තිබ්බා කියල අපේ ආච්චි කියනවා..(බ)
දුමින්ද Monday, 08 June 2015 08:32 AM
රූප තණ්හාවේ ආදීන (නදී)
ජේමිස් බන්ඩා Monday, 08 June 2015 09:14 AM
වැටකොලු තැඹිලි කරන්න අමාරුයි! (නදී)
ජානක Monday, 08 June 2015 09:22 AM
ඉසුරින්දිගේ මොකද වෙලා තියෙන්නේ ? (නදී)
පරාක්‍රම -ඇඩිලේඩ් Monday, 08 June 2015 09:32 AM
විද්‍යුත් මාධ්‍ය තුලිනුත්, ඇතැම් වෙබ් අඩවි තුලිනුත් පෙන්වන උස්සා, පුම්බා, හැඩ වැඩ කැර ඇති අඟ පසඟ දකිනවිට තිරිහන් වෙන්න මැදිවියේ සහ ඊට එළඹෙන අම්මල ඔවැනි දේවලට පෙළඹෙනවා තමයි. (බ)
කපිල Monday, 08 June 2015 09:33 AM
නුගේගොඩ පොලේ ඉන්න බ්‍රෙසියර් විකුනන මිනිහා මේ කාටත් වඩා හොඳයි. ඔහු හොඳ නිර්මාණකරුවෙක් (බ)
පුලාරා Monday, 08 June 2015 10:15 AM
"දෙහි දොඩම් රැක්කා අගනා තැබිලි වික්කා පසුව වට්ටක්කා වැලක වැටකොළු තිබෙනු දැක්කා "(ම)
ලුම්බිණි Monday, 08 June 2015 10:25 AM
වැටුණු දේ යළි හදන්න නම් බැරි කමක් නැහැ. හැබැයි හොර දොස්තරලට නම් බැහැ.(ම)