IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වැටුණු බැංකුවේ තැන්පත්කරුවන්ට සල්ලි දෙයි

වසා දමන ලද ප්‍රමුඛ ඉතිරි කිරීමේ හා සංවර්ධන බැංකුවේ තැන්පත් කරුවන් හට සිය මුදල් ආපසු ලබා දීමේ වැඩසටහනේ ආරම්භක උත්සවය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේ දී අද පැවැත්විණි.

ප්‍රමුඛ බැංකුවේ සියලු වත්කම් හා වගකීම් 2007 වර්ෂයේ දී ආරම්භ කළ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවට පැවැරුණු අතර ගනුදෙනුකරුවන්ට වත්කම් ගෙවීම සඳහා මහ බැංකුව වසර 2017 දක්වා විශේෂ කාලසටහනක් ද සැකසීය.

එහෙත් රවී කරුණානායක මහතාගේ විශේෂ නියෝගයකට අනුව එම වත්කම් ගනුදෙනුකරුවන් 82000කට මෙසේ වහාම මුදල් ගෙවීමට තීරණය කැරිණි.

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අසෝක සෝමරත්න, ක්‍රියාකාරී අධ්‍යක්ෂ කේ අමරසිංහ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අෂ්වින් ද සිල්වා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.

 

RDS_7960 RDS_8007

RDS_7999

 



අදහස් (0)

වැටුණු බැංකුවේ තැන්පත්කරුවන්ට සල්ලි දෙයි

අනිල් Monday, 18 May 2015 10:18 AM

අනේ ලාල් ... ඔයාගේ වැඩේ කර ගත්තනම් පාඩුවේ ඉන්න අපේ සල්ලි තවම නැහැ ... ඔයා හිතනවද ඔයා විතරයි කියල බැංකුවේ සල්ලි දැම්මේ ... මෝඩ රජෙක්...(බ)

:       0       0

එච්. පෙරේරා Monday, 18 May 2015 11:33 AM

නියමයි! අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ටික නැවත ලැබෙනවනම් ඒක ගොඩක් හොඳයි. අපි හොඳ දේවල් හොඳ විදිහට දකින්න ඕනේ. යහපත් දෙයක් කලාම ගොන් කොමෙන්ට් දාන්න එපා. (බ)

:       0       0

දුමින්ද Monday, 18 May 2015 06:56 AM

එදා මුදලට අද වටිනාකමක් (ම)

:       0       0

සෑම් Monday, 18 May 2015 07:09 AM

බැංකුවේ තැන්පත් කළ මුදල් ආපසු දෙන්නෙ උත්සවයක් පවත්වලාද? අනේ මන්දා මට නම් තේරෙන්නේ නැහැ! (නි)

:       0       0

ලාල් Monday, 18 May 2015 07:20 AM

මගේ ලක්ෂ 13ක් තිබුන. මට ඒ මුදල් සියල්ල 2012 වන විට පහුගිය රජය විසින් ගෙවා ඉවර කළා. මොනවද මේ දැන් ගෙවන්නේ ??? (බ)

:       0       0

මොහාන් Monday, 18 May 2015 07:27 AM

සෑම්, නිකන් කුහක කතා කියන්න එපා. උත්සවයක් තියන එක වැරැද්දක් වෙන්නේ කොහොමද? (නි)

:       0       0

චමල් Monday, 18 May 2015 07:28 AM

සෑම්, කුහක වෙන්න එපා. ඒ මිනිස්සු අද කොච්චර සතුටින් ඉන්නවා ඇද්ද ඒගොල්ලන්ගේ තැන්පතු වල වටිනාකම අඩුවුණත් සල්ලි ලැබුන එකට. ඒකට උත්සවයක් තිබුණම මොකද වෙන්නේ. (නි)

:       0       0

සැම්සන් Monday, 18 May 2015 07:48 AM

නිරපරාදේ කරන ප්‍රචාරක වියදම්. ඒ අතින් ජනාධිපතිතුමා හරිම ආදර්ශමත්.(ම)

:       0       0

විජයබාහු Monday, 18 May 2015 08:02 AM

චමල්, ප්‍රශ්නේ කියන්නේ මේ උත්සවේ මහින්දගේ කාලේ ගත්තනම් ඔබ දැන් කියන දේ වෙනස් (ත)

:       0       0

මාගලී ෆොන්සේකා Monday, 18 May 2015 08:04 AM

හොඳ දෙයක් කළත් කියන්න දේවල් නම් තියෙනවා මෝඩයන්ට (නි)

:       0       0

කමල් Monday, 18 May 2015 08:15 AM

ලාල්, ඔයාට විතරක් ගෙවුවහම ඇද්ද? මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

සෑම් Monday, 18 May 2015 08:33 AM

මොහාන් , චමල්, මෙතන කුහක කතාවක් කියලා නැහැ. මිනිසුන්ට සල්ලි ලැබුනාම ඒ අය උත්සව පවත්වන එකේ වරදක් නැහැ. නමුත් පසුගිය රජය කාලේ කළ සෝභන උත්සව ගැන මිනිස්සු කළකිරිලා පත්කර ගත් ආණ්ඩුවත් ඒදේම කරන එක ගැනයි මම කිව්වේ. ඔයාලා කියන හැටියට මුදල් මංකොල්ලයක නඩුවෙන් පසු අයිතිකරුට මුදල් දෙනකොටත් උත්සවයක් පවත්වන්න පුළුවන්. (නි)

:       0       0

කණක ගුණතිලක Monday, 18 May 2015 09:49 AM

තරහ වෙන්න එපා කිව්වට. මෙය මේ ගෙවන්නේ කාගේ සල්ලිද?. භාණ්ඩාගාරය හිස් කියලනේ කිව්වේ. (කේ)

:       0       0

චමල් Monday, 18 May 2015 10:02 AM

මේ උත්සවේට මහලොකු මුදලක් ගිය කියලා මම නම් හිතන්නේ නැහැ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 113 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1042 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 205 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 907 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3614 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2286 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site