(කේ.බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ පැවැත්වෙන කොරෝනා එන්නත් මධ්‍යස්ථානයට යන පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් මීගොඩ වැටරැක දුම්රය ස්ථානය ආසන්නයේදී මුහුණට මුහුණ ගැටීමෙන් මාස හතරක දැරියක ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මීගොඩ සෝමරත්න මාවතේ පදිංචිව සිටි ප්‍රියානි චන්දිකා (57) ඇයගේ මිණිපිරිය වන කේසි විරසිංහ ( මාස 3) ත්‍රීරෝද රථ රියදුරු වන පාදුක්ක වටරැක පදිංචි ඩි සිරිනන්ද (49) නමැති තිදෙනෙකි.
දැරියගේ මව වූ 36 හැවිරිදි සචිනි සමරසේකර තුවාල ලබා ඇති අතර ඇය කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. ඇගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
තිරෝද රථය පාදුක්ක දෙස සිට ගොඩගම දෙසට ධාවනය වෙමින් සිටියදී ගොඩගම සිට පාදුක්ක දෙසට ධාවනය වූ ලොරි රථය තිරෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වටරැක අනතුරින් තුනක් මරුට
wijith Tuesday, 03 August 2021 04:15 PM
ත්‍රි රෝද නිසා රටේ ප්‍රශ්න හුඟාක් විසඳෙන පාටයි. ඒ නිසා වෙන්න ඇති මේ මාරාන්තික ත්‍රිරෝද මාරයා පාරෙන් ඉවත් නොකරන්නේ...
DarshanaTuesday, 03 August 2021 06:40 PM
නොදන්න මඟුල් කථා කරන්න එපා මහත්තයා. හරියට විඩීයෝ එක බලලා අදහසක් ඉදිරිපත් කරන්න. දුප්පත් මිනිහට යන්න එන්න තියෙන එකම වාහනය ත්‍රී රෝද රථය විතරයි... දන්න දෙයක් කතා කරන්න.
wijithTuesday, 03 August 2021 08:15 PM
අපි ළඟදීම මේ ත්‍රි රෝද මගමරුවාට විරුද්ධව පාරට බහිනවා. එනවද අපිත් එක්ක?
චින්තකWednesday, 04 August 2021 12:48 AM
මේක ඉතාමත්ම ශෝකජනක පුවතක්. පලමුවෙන්ම මියගිය සියලු දෙනාට නිවන් සුවත් බරපතළ තුවාල ලැබූ එම සොයුරියට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරමි. විජිත් මහතා ඔහුගේ අදහස් දැක්වීමට භාවිතා කල වචන සම්බන්දයෙන් මා එකග නොවුවත් අද රටේ සිදුවන රිය අනතුරු වලින් බහුතරයක් සිදුවන්නේ ත්‍රීරෝද රථ, පුද්ගලික බස් රථ හා යතුරු පැදි නිසා නොවන්නේද? මේ සිද්ධියේදී කිනම් පාර්ශ්වය අතින් වරද වූවාදැයි නොදනිමි. දුප්පතාගේ වුවත් පොහොසතාගේ වුවත් සැමට එක හා සමාන මාර්ග නීතියක් බල පැවැත්විය යුතු අතර සියල්ලන්ම එයට හිස නැමිය යුතුය. තමා තුල රිය ධාවනයේදී විනයක් හා හික්මීමක් තිබිය යුතුය. එසේ නොවුනහොත් තවත් මෙවන් අහින්සක ජීවිත අකාලයේ මිලින වීම වැලැක්විය නොහැක.
Rohana Tuesday, 03 August 2021 07:00 PM
ත්‍රී රෝද රථ පදවන බොහෝ දෙනා ඒවා පදවන්නේ මහපාර තමන්ට පමණක් අයිති දෙයක් කියල හිතාගෙන. අනතුරු වැඩිවීමට ප්‍රධාන හේතුව මේකයි.
nishantha Tuesday, 03 August 2021 09:30 PM
කිසිම ආරක්ෂාවක් නැති නිකං ටෙන්ට් රෙද්දකින් වටවුන වමෙනුත් දකුනෙනුත් නැතිව මැදින් එලවන පිටි පස්සක් පෙනෙන් නැති ඉස්සරහ එකාට විතරක් එලියට පැනගන්න හැකි යන්තං හැරවුනත් පෙරලෙන රටේ නූගතුන්ම බහුතරයක් කුලියට එලවන මේ කරුම මාරයා අපේ රටින් අතුගාල දානකන් දිනපතා මෙවන් අනතුරු මරණ තියේවි. ඉස්සර කා ටැක්සි කාලේ, වැදගත් මිනිස්සු මේ රස්සාව වගකීමකින් කලා.