IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වටරැක හිමිට දෙපා රැකවරණ

ජාතික බළ සේනාවේ නායක මහියංගන ප්‍රාදේශිය සභා මන්ත්‍රී වටරැක විජිතහිමියන්ට එරෙහි  මහියංගනයේදී  අද විරෝධතාවයත්  පැවැත්විණි.

පොලිස් ආරක්ෂාව සහිතව රැස්වීමට පැමිණී  විජිත හිමියනට එරෙහිව මහා සංඝරත්නය සමග දෙතුන් සියයක පිරිසක් ප්‍රාදේශිය සභාව ඉදිරිපිට වාඩි ලා සිටියහ.

ඔවුන් දුටු ගමන් විජිත හිමියෝ ඉක්මන් ගමනින් පිටුපස දොරෙන් ප්‍රාදේශිය සභාවට ඇතුළු වුහ.

ඡායාරූප සහ වීඩියෝ රංජිත් කරුණාවීර

 



අදහස් (0)

වටරැක හිමිට දෙපා රැකවරණ

සුමේධ Monday, 28 April 2014 07:05 PM

මේක කණගාටුදායක සිදුවීමක්. මේ වගේ දේවල් ඉතිහාසය තුළත් සිද්ධ වුණා. ඒ නිසා දැන් පළමුවෙන් කරන්න තියෙන්නේ ධර්ම සංගායනාවක් තියලා පිරිසිදු බෞද්ධ භික්ෂූන් තෝරාගෙන ඉතිරි අය සසුනෙන් නෙරපා අනාගතය සදහා පිරිසිදු බුදු දහම රැකගන්න භික්ෂූන් පිරිසක් දායාද කරදීම නොවේද? (නි)

:       0       0

සුමනනන්ද හිමි Tuesday, 22 April 2014 05:24 PM

ගොඩක් අයට අනාගතය ගැන හිතලා තීරණ ගන්න පුරුදු කරන්න කාලය හරි වගෙයි. (නි)

:       0       0

මනෝජ් Wednesday, 23 April 2014 06:52 AM

කට්ටියම ආනන්තරීය පාප කර්මය කරගන්නවා නේද? සංඝ බේධය ඇති කිරීම සෙල්ලමක් නෙවෙයි.(නදී)

:       0       0

කමල් Tuesday, 22 April 2014 04:42 PM

මේ කළ දේ සාධාරනයි කියලා කියන අයත් ඉන්නවනේ? (නි)

:       0       0

අරවින්ද Monday, 28 April 2014 12:38 PM

මනෝජ්, බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා ඉවරයි. දැන් එහෙම සිතක් නැහැ. සිතුවිලි උපදින්නේත් නැහැ (නි)

:       0       0

ජනක Wednesday, 23 April 2014 07:24 AM

අපේ අය රණ්ඩු වෙනවා. වැරදිකාරයෝ පැත්තක. ඒ අය හිනහා වෙනවා ඇති. (නි)

:       0       0

අසිත Tuesday, 22 April 2014 04:57 PM

මොනවා වුණත් මේත් හාමුදුරු කෙනෙක් නේද? (නි)

:       0       0

ශිවන්ක Wednesday, 23 April 2014 08:09 AM

වැරදිකරුවන්ට නිසි දඩුවම් දියයුතුයි (නි)

:       0       0

කමල් Tuesday, 22 April 2014 05:46 PM

මට නම් මේ දේ ටිකක් අපැහැදිලියි (නි)

:       0       0

අනිල් Tuesday, 22 April 2014 05:03 PM

මේ කරන්නේ බුද්ධ චීවරයට සුදුසු දෙයක්ද? (නි)

:       0       0

ටීඩී Wednesday, 23 April 2014 08:21 AM

ඇත්තටම මහා නායක හමුදුරුවරු මේ රටේ බුද්ධ ශාසනයේ දියුණුවට මොකද්ද කරන්නෙ? ඇයි වචනයක්වත් කියන්නෙ නැත්තේ? (නි)

:       0       0

කසුන් Tuesday, 22 April 2014 05:07 PM

මිනිස්සු මේ වගේ වෙන්න එකම හේතුව තමා නිවටකම වගේම අධික තෘෂ්ණාව (නි)

:       0       0

විමල් Tuesday, 22 April 2014 05:08 PM

ලෝකයේ නියම සාක්ෂිය හෘද සාක්ෂිය බව මෙයින් පැහැදිලි වෙනවා (නි)

:       0       0

සේරම් Wednesday, 23 April 2014 08:36 AM

කරුණාකර මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් උතුම් බුදුරදුන් ගාවා නොගන්න (නි)

:       0       0

ලාරා Tuesday, 22 April 2014 06:04 PM

මෙම දිවීම මම අනුමත නොකරමි (නි)

:       0       0

බුද්ධික Tuesday, 22 April 2014 05:21 PM

මේක සිංහල බෞද්ධ රට.ඒක රකින්නේ නැතුව අපි ඉඳලා වැඩක් තිබෙනවද? (නි)

:       0       0

ගුණරත්න Monday, 28 April 2014 03:02 AM

"බුදු හිමි ජේසු හිමි නබි හිමි වැද පුදමු දැ ගොත් කුල නොදුටු උන් බන පිළිපදිමු වැදී බන මැදින් මුනි බන තෝරා අසමු වැදී බන දෙසන සග ගණ උව පිටු දකිමු" (නදී)

:       0       0

රුචිර - සෞදි Tuesday, 22 April 2014 05:31 PM

මහා නායක හිමිවරුනි, වහා සංඝ සම්මේලනයක් පවත්වා, විනය නීති පනවා අසංවර භික්ෂූන් ශාසනයෙන් පලවා හරිනු මැනවි ....!!! (නි)

:       0       0

නන්දන් Wednesday, 23 April 2014 11:00 PM

ඇවිද්ද පය දහස් වටි. කකුල් දෙකම දෙදාහක් වටි (දී)

:       0       0

රොහාන් Tuesday, 22 April 2014 05:40 PM

මෙතන ඉන්න ගොඩක් අය හිතාගෙන ඉන්න විදිය වැරදියි. ගරු සෝම හාමුදුරුවන් පවා මේ දේවල් ගැන කියලා තිබුනා. ශාසනය බේරගන්න කවුරු හෝ ඉදිරිපත් වෙන්න ඕනෑ. ඒක ගිහිද පැවිදිද කියන ඒක නෙමෙයි ප්‍රශ්නය. මෙතන අදහස් දක්වන ගොඩක් අය ඉන්නේ පිටරට. ලංකාවේ නියම තත්ත්වය දන්නේ නැහැ. (නි)

:       0       0

සුමනසිරි Tuesday, 22 April 2014 06:31 PM

පිහිටක් නැති, සරණක් නැති, සතුටක් නැති, මුහුණක් ඇති... මේ සසර දනව්වේ... අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, බුදු හාමුදුරුවනේ....... (නි)

:       0       0

රුචිර සෞදි Tuesday, 22 April 2014 06:36 PM

මෙයට පාදක බහුතරයකට ක්‍රිකට් මැච් එකකදී ලංකාව ඉන්දියාව හැර ඕනෑම රටකට පැරදුනාට කම් නැත. ඒ තරම් ඉන්දියාව නම් රට අප්‍රියය. නමුත් බුදුන් වහන්සේ ඉන්දියාවේ බවත්, ලංකාවට බුදුදහම පැමිණියේ ඉන්දියාවෙන් බවත් හිතාමතාම අමතක කර, මෙය අපේ දෙයක් කරගෙන හමාරය. නමුත් සියලු ලෝ වැසියන්ට අයත් නිර්මල බුදුදහමෙන් ඔවුන් අපේ කරගත් බුදුදහමේ සිත, කය, වචනය නම් තුන්දොර සමනයෙන් තොර එකක් වීම ඉතාමත් අභාග්‍යසම්පන්නය. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 22 April 2014 06:15 PM

කරන දේවල් වල හැටියට දුවමින් තමයි ඉන්න වෙන්නේ (ස)

:       0       0

ලංකා Tuesday, 22 April 2014 07:03 PM

ගොඩක් අය උනන්දු වෙන්නේ පත්තර වල බුදුපිළිම පළකරන එක නවත්වන්න. හුඟ දෙනෙකුට ඒක තමයි රටේ බුද්ධාගමට තිබෙන ලොකුම තර්ජනය. පිටරට වල ඉන්නකොට තමා තේරෙන්නේ අපේ වැරදි. ලංකාවේ ඉන්නකොට ඒකෙන් පිට කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

ඩයස් Tuesday, 22 April 2014 06:30 PM

විනය සංගායනාවක් අවැසියි. මහා නායක හාමුදුරුවන්ට මේ තත්වය නිවැරදි කල හැකියි. රජය විල්පත්තුව පමණක් නොව අපේ වන ජීවින් බේරා ගැනීමට ඉදිරිපත් විය යුතුයි. මේ සියලුම ප්‍රස්න වලට හේතුව රටේ නීතියක් නැති කමයි. (නදී)

:       0       0

සුරංග Tuesday, 22 April 2014 06:37 PM

සුද්දෙක් බුදු හාමුදුරුවන්ගේ පච්චයක් කොටන් අවොත් රටට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ ආපහු අරිනවා.(නදී)

:       0       0

වින්සන්ට් Tuesday, 22 April 2014 06:44 PM

බෞද්ධ දර්මය මග යන ගරුතර භික්සුන්වහන්සේලාට නම් දේශපාලන ප්‍රශ්න,මුදල්,ජාතිබේද,ආගම්බේද ප්‍රශ්න, උද්ගොසන,අරගල,සහ බලය පිළිබද ප්‍රශ්න ඇතිවිය නොහැකිය.(නදී)

:       0       0

හුසේන් Tuesday, 22 April 2014 06:52 PM

එක්තරා සංවිධානයක් පිරිසක් එකතුකරගෙන අද මේ ක්‍රියාව කරන බව ඊයෙම මේ ස්වාමින් වහන්සේ ජනමාද්ධ්‍යට ප්‍රකාශයක් කර තිබ්බා නේද? (නදී)

:       0       0

කුලතුංග Tuesday, 29 April 2014 12:56 PM

අපි මේ වැඩේ විසදන්න නීතියට බාර දෙමු (දී)

:       0       0

සුදු මැණිකේ Tuesday, 22 April 2014 06:56 PM

දර්ම සංඝායනාවක් පවත්වමුද? (නදී)

:       0       0

සුමන Tuesday, 22 April 2014 07:44 PM

අපි නම් ඔය කාගේ කාගෙත් හැටි දන්නවා (නි)

:       0       0

නිමල්කා Thursday, 24 April 2014 03:26 AM

කුමාරලා වගේ අය කොහොම අයද කියලා හිතාගන්න අමාරුයි (නි)

:       0       0

හේමා Tuesday, 22 April 2014 08:03 PM

තාම ගොඩක් අය දුවන්න පටන්ගත්තා විතරයි (නි)

:       0       0

සිංහ Tuesday, 22 April 2014 07:19 PM

කොහොමත් අන්තිමේදී දෙපා වල පිහිට තමයි, වැඩිදෙනෙකුට තියෙන්නේ (නි)

:       0       0

මර්සි ලංකා Tuesday, 22 April 2014 07:33 PM

අන්තවාදය සහ ආගම් වාදය නැති කරමු.(නදී)

:       0       0

දහම් Sunday, 27 April 2014 12:53 PM

ලොව උතුම් මානව හිතවාදී දර්ශනයකට ගරහන අය (දී)

:       0       0

මර්සි ලංකා Tuesday, 22 April 2014 08:19 PM

අන්තවාදය සහ ආගම් වාදය ( ජාති වාදය සහ ආගම බේදය ) ලෝකයේ කුමන රටක් උනත් එම රටවල යුද්දයක් ඇතිවීමට සහ රට බෙදීමට කරුණක්. ලෝකයේ බොහෝ අතීතයේ සහ දැනටම සිදුවන දේවල් දැක්කම සනාථ වනවා.(නදී)

:       0       0

නිහාල් Wednesday, 23 April 2014 11:06 AM

කොට ත්‍රස්තවාදීන් ඉන්නකොට දිඹුලාගල හිමියන් විතරයි හිටියේ. (නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 22 April 2014 11:40 AM

කලබල ඇති කරන එක, කඩාකප්පල් කරන එක, ඉතාම පහසු දෙයක්. අමාරු දෙය තමයි සාමය ඇති කරන එක. පුදුමය බුදු දහමේ කියන දෙය කියන අයටම අමතක වීම. (ස)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Wednesday, 23 April 2014 10:24 AM

මේවා දකින අන්‍ය ආගම්වල උදවිය අපිට හිනාවෙනවා ඇති. ජනාධිපතිතුමනි මෙයට පියවරක් ගන්න. මෙහෙම ගියොත් අපේ රටේ පවතින්නාවූ නිර්මල බුද්ධාගම තව අවුරුදු දෙක තුනකින්ම විනාස වෙලා යාවි. (නදී)

:       0       0

සමන් Wednesday, 23 April 2014 10:25 AM

සිවුර දාගෙන මෙවැනි වැඩ කරන කට්ටියට වෙනම නමක් දැම්ම නම් හොඳයි. (ස)

:       0       0

තිලිනි ජයසිංහ Friday, 25 April 2014 10:21 PM

බුදු හාමුදුරුවෝ නාලාගිරි ඇතාව මෙල්ල කරපු විදිය වටරැක හිමිට අමතක වෙන්න ඇති මෙහෙම දිව්වේ!!! පුහුණු කරන්නේ බුදු බණද වෙන මොනවා හරි බණක්ද මන්ද... (දී)

:       0       0

දයා අලහකෝන් Tuesday, 22 April 2014 11:56 AM

මේ අයත් බුද්ධ පුත්‍රයින්මද? (ස)

:       0       0

කුමාරි Tuesday, 22 April 2014 11:24 AM

මේ කරන ක්‍රියාවන් නිසා නිකන් සතර අපා ගත වෙනවා. (ස)

:       0       0

මනෝජ් Sunday, 27 April 2014 06:36 PM

බුදුහාමුදුරුවන් මොනවා හිතනවා ඇත්ද, නායක ස්වාමින් වහන්සේලා පැහැදිලි කල යුතුය.(නදී)

:       0       0

මායා Tuesday, 22 April 2014 12:11 PM

බුදු දහම ඉන්දියාවෙන් රැගෙන ආ බවත්, ලෝකයටම සැමට අයත් බවත් මතක තියාගන්න ඕනෑ. හැමදෙයක්ම සඳහා බුදුදහමේ පිළිතුරු ඇති බවත් ඔය ඇත්තෝ දැන ගත යුතුයි. (ස)

:       0       0

දමයන්ත Tuesday, 22 April 2014 11:28 AM

ලැජ්ජාව සිංහල බෞද්ධ අපි හැම දෙනාටම. (ස)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 22 April 2014 12:20 PM

සසර දුක දැක මහන දම් පුරන්න පැවිදි වුණ භික්ෂුන් අන්තිමේදී අලජ්ජි වජ්ජින් වී බුද්ධාගම වැනසීම නතර කිරීමට කාලය පැමිණ තිබේ. මේ පිළිබඳව කතිකාවතක් නොකරන්නේ මන්ද.? (ස)

:       0       0

නිලන්ති Tuesday, 22 April 2014 11:40 AM

පිහිටක් නැති සරණක් නැති. සතුටක් නැති මුහුණක් ඇති. මේ සසර දනව්වේ. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ....(ස)

:       0       0

ඩී.සී Tuesday, 22 April 2014 09:40 PM

ධර්ම සංගායනාවකට කාලය හරි වගේ (අ)

:       0       0

කොස්වත්ත Tuesday, 22 April 2014 11:40 AM

මේ කරන ක්‍රියාවන් නිසා ලෝකයටම අපි නිකම්ම පිස්සන් වෙනවා. (ස)

:       0       0

හේමන්ත Tuesday, 22 April 2014 11:43 AM

කය පමණක් මහණ කළ නිවන් මග ආවරණය කරන ධර්මතා විමුක්තිය සේ වැළදගත් තණ්හා මාන්න දිට්ඨී කරපින්නාගත් මේ අය බුදුන් කී දේ අහන, කළ දේ කරන, නිවන් මග සොයායන අතර, අනුන්ද එතරකරවන කල්‍යාණ මිත්‍රයින්ද? භික්ෂුව යන්නට ඇති අරුත කීම? (ස)

:       0       0

චතුර Wednesday, 23 April 2014 11:11 AM

මෙහෙම දුවන්න හේතුව මොකක්ද? තමන්ගේ හදවත දන්නවා ඇති හේතුව.(නදී)

:       0       0

ෆැන්සි පෙරේරා Tuesday, 22 April 2014 11:49 AM

උඩ බලා කෙල ගසා ගැනීම. බුද්ධිමත්ව සිතා බලන්න. නහී වේරේණ වේරාණි. (ස)

:       0       0

ප්‍රවීන් Tuesday, 22 April 2014 11:49 AM

මහියංගන කියන්නේ හොද බෞද්ධයන් ඉන්න පළාතක්. මං හිතුවා ඔහොම වෙයි කියලා. (ස)

:       0       0

සරත් බණ්ඩාර Tuesday, 22 April 2014 11:53 AM

ඇයි මෙච්චර බය. (ස)

:       0       0

නිශා Tuesday, 22 April 2014 11:57 AM

නිතරම මේ වගේ සිද්ධි දකින කොට මිනිස්සු කලකිරෙන එක අහන්ඩ දෙයක්ද?? (ස)

:       0       0

බිමල් Tuesday, 22 April 2014 11:59 AM

කොසොල් රජතුමාගේ සිහින ලංකාවෙන් සැබෑ වේගෙන එනවා. (දිල්)

:       0       0

සනත් Tuesday, 22 April 2014 12:07 PM

කරන ක්‍රියාවන් තමයි ඕනම කෙනෙක් හොඳයිද නරකයිද කියන්න පුළුවන්. (ස)

:       0       0

භානු Tuesday, 22 April 2014 12:52 PM

මේ ආරවුල් වලට මැදිවෙලා ලංකාවෙන් භාගයක්ම සංඝ භේදය කියන ආනන්තරිය පාප කර්මයට අහුවෙලා නවතීවි. ලෝකයාට බෞද්ධකම කියන්නේ ප්‍රචණ්ඩත්වය කියලා වැරදි අර්ථකතන සපයන්න ඉඩ නොතබා ඕන බල වේගයක් හදා ගත්තට කමක් නැහැ. (ස)

:       0       0

රත්නසිරි Tuesday, 22 April 2014 12:11 PM

ජාතියේ අවාසනාවක මහත. (ස)

:       0       0

ශාන්ත Tuesday, 22 April 2014 12:19 PM

මේවට අන්තවාදී බෞද්දයන් කියාගන්න අයත් වගකිවයුතුය (මුදී)

:       0       0

මිනුක Tuesday, 22 April 2014 09:57 PM

මේ හාමුදුරුවොත් අර මොනරා වගේ පිල් විහිදුවාට වැඩක් නැහැ නේ (දී)

:       0       0

නස්රුදින් නිසාම්ඩීන් Wednesday, 23 April 2014 12:04 PM

කුරිරු ත්‍රස්තවාදී යුද්ධය පවතින සමයේ පන්සල්, පල්ලි, වලට ගැහුවා. ත්‍රස්තවාදී නැති කරන්නට එතැනදී කව්රුත් එකතු වුනා. ජාති බේදයක් තිබුනේ නැහැ. දැන් මේ කොටවන්නයි යන්නේ. ත්‍රස්තවාදීන් අපිට හිනාවෙනවා ඇති.(නදී)

:       0       0

තුෂාරිකා Tuesday, 22 April 2014 12:27 PM

යොමා බුදු නෙත කුළුණිනෙ. වඩිනු මැන නිදුකාණනේ.(ස)

:       0       0

තාරුක Tuesday, 22 April 2014 10:58 PM

මෙහෙම වෙලා මදි මේ කරන අපරාධ වලට........(දී)

:       0       0

එම් .ආර්. Tuesday, 22 April 2014 10:17 PM

මේ වගේඅ යට අවසානයේ දෙපා වල පිහිටත් නැහැ (දී)

:       0       0

ප.ර. Tuesday, 22 April 2014 11:04 PM

වටරැක විජිත හාමුදුරුවෝ ප්‍රාදේශීය සභා කාර්යාලයට වැඩ්ඩ වැඩිල්ලක් පිස්සු හැදෙනවා, ඉල්ලන් කෑවනම් විදවන්නයි වෙන්නේ, ගිනි කෑවනම් ඉතින් අගුරු තමයි පිට කරන්න වෙන්නේ. (දී)

:       0       0

ලාල් සුරන්ජිත් Tuesday, 22 April 2014 01:40 PM

ඉතාම කණගාටු දායක දැකීමක්. ඇයි මේ වෛරය. ඔබ දිහා මුළු ලොවම බලා සිටිනවා. උතුම් මහා නාහිමියන් මෙයට වහා මැදිහත් වෙන්න. නැතහොත් මුළු ලොවම ඉදිරියේ ලංකාවේ ඉන්න අපේ බෞද්ද ජනතාවට ලොකු අවමානයක් වැඩි කල් නොගොස් විඳින්න වෙනවා.(නදී)

:       0       0

භද්‍ර Tuesday, 22 April 2014 01:02 PM

ඡන්දය දීපු අයම නේද අද මෙහෙම මැරතන් දුවන්නේ.(නදී)

:       0       0

ධම්ම Tuesday, 22 April 2014 01:04 PM

"සබ්බේ තසන්ති දණ්ඩස්ස..සබ්බේ හායන්ති මච්චුනෝ.."

:       0       0

කුසුම් Tuesday, 22 April 2014 01:07 PM

කුරිරු ත්‍රස්තවාදී යුද්ධය පවතින සමයේ පන්සල්, පල්ලි, කෝවිල් වලට ගැහුවා. නමුත් එතන තිබුනේ ආගම් වාදය නම් නෙමේ, විශේෂයෙන් සිංහල ඇතුළු අනෙකුත් ජාතීන්ට එරෙහිව කල ජාතිවාදය මුසුවූ ත්‍රස්තවාදයක් පමණයි. එතැනදී ඔවුන් සිංහල, මුස්ලිම් ජාතිකයින්ට පමණක් නොවේ, බුද්ධිමත් දෙමල ජාතීන්ටත් එරෙහි වූවා. අපේ වාසනාවට එදා බුද්ධාගමට තර්ජනයක් හෝ ශාසනයේ පිරිහීමක් හෝ තිබුනේ නැහැ. (නදී)

:       0       0

අසෝකා Tuesday, 22 April 2014 01:53 PM

තව ටික කාලයක් යනකොට මොනවා වෙයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

කුමාර Wednesday, 23 April 2014 12:30 PM

ජාතිය පවා දුන්නට මෙහෙම වෙලා මදි (අ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 26 April 2014 07:01 AM

ශාසන ශෝධනය හා දුසිල්වත් මහනුන් ඉවත් කිරීම සඳහා ශාසන අධිකරණ නොපවත්වන්නේ මක් නිසාද යන්න ඒ ඒ නිකාය භාර නායක ස්වාමින් වහන්සේලා පැහැදිලි කල යුතු වේ. (නදී)

:       0       0

චන්ද්‍ර Tuesday, 22 April 2014 02:30 PM

මොකද මෙහෙම දුවන්නේ,? (ස)

:       0       0

මදු Tuesday, 22 April 2014 01:50 PM

බුද්ධ චීවරයට අගෞරව කරන්න එපා . (ස)

:       0       0

නිමල් කැනඩාව Tuesday, 22 April 2014 01:53 PM

බුදුන් කාලෙත් මේ වගේ අය හිටියා. (ස)

:       0       0

තාරක Tuesday, 22 April 2014 02:42 PM

යස පාඩම. (ස)

:       0       0

චමින්ද ජයනාත් Tuesday, 22 April 2014 02:48 PM

මෙහෙම ගියොත් අවසානෙට බුදු දහම කියල දෙයක් ලංකාවෙ නැතිවෙයි. (ස)

:       0       0

අසංග Tuesday, 22 April 2014 02:05 PM

මම මේ දෙය කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. (ස)

:       0       0

සදුනි Tuesday, 22 April 2014 02:57 PM

බුදුන් වදාළ මඟ වැඩියා නම් මේ කරදර මොකුත්ම නැහැනේ අපේ හාමුදුරුවනේ. (ස)

:       0       0

විජේ Tuesday, 22 April 2014 03:08 PM

මේ උන්නාන්සේ වැරදිවෙන්න පුළුවන් නමුත් භික්ෂුවකට හිරිහැරකිරීම අනුමතකල නොහැක (දිල්)

:       0       0

නිශාර්ඩ් Tuesday, 22 April 2014 03:10 PM

සමාජයට ආදර්ශයක් දිය යුතු පක්ෂය දැඩි හික්මීමක් සහ විනයක් ඇතුව කටයුතු කළොත් තමා හොඳ යහපත් සමාජයක් නිර්මාණය කරන්ට හැකි වන්නේ (දිල්)

:       0       0

කුසුම් Tuesday, 22 April 2014 03:55 PM

බුදුනේ, ජේසුනේ, නබිනායක තුමනි, නොමිනුසුන් හට මිනිසත්කම දුන මැනවි. මිනිසුන් හට ප්‍රඥාව දුන මැනවි. ප්‍රඥාවන්තයින් සිංහාසනාරූඩ කල මැනවි. බැටළු වෙසින් එන ව්‍යග්‍රයින් හඳුනා දුන මැනවි. නරුමයින්ට කල කම් පල දුන මැනවි. (නදී)

:       0       0

දිලිප් Tuesday, 22 April 2014 03:13 PM

බුදුහාමුදුරුවනේ වඩිනු මැන.(නදී)

:       0       0

රොහාන් කේ.එස්.ඒ Tuesday, 22 April 2014 03:58 PM

මෙහෙම ගියොත් බුදු දහමට මොකද වෙන්නේ.(නදී)

:       0       0

මංජු Tuesday, 22 April 2014 03:29 PM

අනුන්ට නිවන් මග කියා දෙන්න යන මේ අයට කවදා නිවන් දකින්න පුලුවන් වෙයිද? (ස)

:       0       0

නවින් Tuesday, 22 April 2014 03:34 PM

මොකක්ද මේ අපිට වෙන්න යන්නෙ. මේවට කතා කරන්න කව්‍රුරුත් නැද්ද? (නදී)

:       0       0

ලලිත් Wednesday, 23 April 2014 06:36 AM

දැන් අර පච්චයක් කොටාගෙන සුද්දියක් ආපු එකෙන් විතරද බුදුදහමට අපහාස වෙන්නේ.(නදී)

:       0       0

ධර්මපාල Tuesday, 22 April 2014 04:57 PM

නිවන් දකින්න කලින් රට රැක ගන්න ඕනේ. (ස)

:       0       0

ලලනි Tuesday, 22 April 2014 05:03 PM

මම ලංකාවේ හිටියා නම් දන්නවා කරන දේ... (නි)

:       0       0

තිස්ස Tuesday, 22 April 2014 04:20 PM

අනේ දෙයියනේ! (නි)

:       0       0

එරා Tuesday, 22 April 2014 04:27 PM

බුද්ධ පුත්‍රයන් වහන්සේලා යනු තථාගත ධර්මය සරණ කොටගත්, තථාගත ධර්මය තම ජීවිතය කොටගත්, තථාගතයන් වහන්සේගේ වචනේටම තම සිත පුරුදු කරන , වහ වහා මේ ජීවිත කාලය තුළදීම උතුම් නිර්වාණය පසක් කරගන්න ජීවිතය කැප කළ උතුමන්ය. යමෙක් කහ සිවුරක් දරා ගත් පමණින් පන්සලක ජිවත් වූ පමණින් ඒ බුද්ධ පුත්‍රයෙක් නොවේ. අපි දක්ෂ වෙන්න ඕනෑ වතුරෙන් කිරි වෙන් කරගන්නාක් මෙන් අසත්පුරුෂයන්ගෙන් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලාව වෙන් කරගන්න. තථාගත ධර්මය තුල පැහැදිලිව පෙන්වලා තියෙනවා අසත්පුරුෂයන්ට මේ ජීවිතය තුලදීත් ඉන් පසුවත් වෙන දේ. (නි)

:       0       0

ධර්මපාල Tuesday, 22 April 2014 05:13 PM

මේවායේ අදහස් ලියන අයගේ මොළය ගැන අපට හිතාගන්න පුළුවන්. ඉතිහාසයක් දන්නේ නැහැ. රටේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ... (නි)

:       0       0

රජින්ද Tuesday, 22 April 2014 04:31 PM

කොහෙද මේ කලබලයෙන් දුවන්නේ? මට නම් චීවරය ගැන දුකකුත් හිතෙනවා. (නි)

:       0       0

ධර්මපාල Tuesday, 22 April 2014 04:37 PM

පළාතේ මහා සඟරුවන එකතුව මේ ගැන නිවැරදි තීරණයක් ගන්න ඕනෑ. පොදු භික්ෂු මහා සඟරුවනට නිගා දෙන අය සදාකාලිකව අසරණ කරන්න ඕනෑ. එතකොට ඔවුන් සසරදිත් අසරණ වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 103 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5401 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1171 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 354 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2118 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2055 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site