IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වටරැක හිමි සිව් වැනි සික පදය කැඩුවැයි නඩු?

මහියංගන ප්‍රාදේශිය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ මහ ලේකම් වටරැක විජිත හිමියන් පොලීසියට අසත්‍ය ප්‍රකාශ දුන්නැයි උසාවියට වාර්තා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  කියයි.

ඒ හිමියන්  අත පය බැඳ  දැමු ආකාරයෙන් පසුගිය දා බොල්ගොඩ ගඟ අසල දමා ගොස් තිබිණි.

විජිත හිමියන්ගේ ජනනේද්‍රීයේ චර්මය  නියපොතු කපනයකින්  කපා ඇති බවට  වෛද්‍ය වාර්තා වලින් කියැවෙන්නේ යැයි ද දැනගන්නට ඇත.

එම පදෙසේ සෙසු සුළු සීරීම් වැනි තුවාල ද එක්කෝ ඒ හිමියන් විසින්ම කර ගන්නට ඇතැයිද එසේ නැතිනම් වෙනත් කෙනකු ලවා කරවා ගන්නට ඇතැයි ද කියැවෙන තොරතුරු ගැන තව දුරටත් සොයා බලන බව මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ඒ හිමියන් සොයා ගන්නා විට මත් පැන් ගඳ වහනය වු බව ද පොලිස් වාර්තාවේ සඳහන් විය.



අදහස් (0)

වටරැක හිමි සිව් වැනි සික පදය කැඩුවැයි නඩු?

ගැමුණු Sunday, 22 June 2014 08:39 PM

ඒ සේනාවටත් මත් පැන් චෝදනා. මේ සේනාවටත් මත් පැන් චෝදනා. (නදී)

:       0       0

මහරගම සෝමරත්න Sunday, 22 June 2014 08:41 PM

තමාම ගස් බැදෙන රටක් නේ මේ (නදී)

:       0       0

සිංහ Sunday, 22 June 2014 08:47 PM

අසාමි, දියුණු ලෝකෙක නොදියුණු ජන කොටසක් අපේ රටට රිංගා ගෙන රට කන්න හදනවා. එ්කයි මේ සේරම. ලංකාතිලක ඔයා හරියට හරි. ඇයි අපේ මිනිස්සු මෙච්චර මෝඩ? (නදී)

:       0       0

වජිර Sunday, 22 June 2014 08:54 PM

මහනාහිමිවරු නිශ්ශබ්දව සිටීම අදහාගත නොහැකියි? මොහු වහාම සාසනයෙන් නෙරපා සාසනයට කරනු ලබන නින්දා වලක්වා ගත යුතුය. (නදී)

:       0       0

සජාන් Sunday, 22 June 2014 09:00 PM

දැන් ලංකාවේ බොරුකාරයෝයි වංචා කාරයොයි හැමතැනම. ඒ හින්ද මමත් ඒ ගොල්ලොන්ටම එකතුවෙනවා. එහෙම නැතුව දැන් කාලේ ජීවත්වෙන්න බැහැ. ඔක්කොම ගේම් කාරයෝ. (නදී)

:       0       0

සිරා Sunday, 22 June 2014 09:02 PM

දී කිරට බලල්ලුත් සාක්කිලු. අසාම් මහත්තය​,රිස්වි මහත්තය ඕකට තමයි කියන්නෙ ඇදගෙන නානව කියලා​ .නොතේරෙනවා නම් අසාද් සාලි මහත්තයගෙන් අහල බලන්න. ඔයාලට කළින් එයා ඇදගෙන නෑවේ (නදී)..

:       0       0

නිශාන්ත Sunday, 22 June 2014 09:03 PM

අධි වේගේ රාළහාමි කාරෙක ගිනි තියා ගෙන. වටරැක හාමුදුරුවෝ කපා ගෙන. ඉස්සරහට තව මොනවා කියයිද. සාමය සමගිය හැම ජාතියක් සමගම තියා ගමු කීවහම ලැබුණු තෑගී. රටට බුදු සරණයි මේ වගේ පාඨකයෝ ඉන්න කොට (නදී)

:       0       0

ශාන්ති Sunday, 22 June 2014 09:07 PM

මොනවද මේ අපිට අහන්ඩ දකින්ඩ ලැබෙන්නේ (නදී)

:       0       0

සාම Sunday, 22 June 2014 09:18 PM

මතු පරපුරට දෙන ආදර්ශයද මේ හාමුදුරුවනේ ? (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 23 June 2014 10:01 AM

මෙහෙම යද්දී බුද්ධ ශාසනය පිරිහිලාම යාවි නේද? (නදී)

:       0       0

සිරී Sunday, 22 June 2014 09:24 PM

බුදුරජාණන් වහන්සේ ඉදිරියේ චිංචි මානවිකාව දරමිටියක් බඩේ බැඳගෙන බොරු කළා. ඒත් බුදුන්වහන්සේ ඇත්ත එලිවෙන තුරු ඉවසා සිටියා. අපිත් එලෙස බලා ඉඳිමු. කාලය විසින් සේරම විසදේවි. මේ තමයි බුදුදහමේ ඇත්ත. (නදී)

:       0       0

සිටැන්ලි Monday, 23 June 2014 10:12 AM

ඇස් හොදින් ඇරලා කන් හොදින් යොමු කරලා බලපල්ලා. බොරු රගපෑමක් කරලා (දැනට ප්‍රචාරය වන ආකාරයට) හැමෝම මුලාකලා කියන්නෙත් ස්වාමීන්වහෙන්සේ කෙනෙක්. මෙම සිද්දියට මුල් උනාය කියා දෝෂාරෝපණය එන්නෙත් බොදුබල සේනාවේ ස්වාමීන්වහන්සේලාට. වෙනත් ආගමක අය සමග වුන ගැටලුවක කෙරවල් දෙකම ස්වාමීන්වහන්සේලා අත. මේවා නිවැරදි කලයුත්තේ කවුද - කොහොමද දන්නා කෙනෙක් වේනම් අදහස් දක්වන්න (නදී)

:       0       0

මොහාන් Monday, 23 June 2014 04:16 PM

අපි බලමු හාමුදුරුවන්ගේ කට උත්තරය තමන් කරන කුසල් අකුසල් තමන් සමගයි (දී)

:       0       0

ශාන සෞදි Sunday, 22 June 2014 09:39 PM

දැන්වත් ඉතින් බුදු දහමට නිගා නොකර තීරණයක් ගත්තොත් හොඳයි (නි)

:       0       0

කමල් Monday, 23 June 2014 04:29 PM

අපි හැමෝම ලංකා තිලක් ට කෑගහන්න ඉඩදී බලා ඉඳිමු . (දී)

:       0       0

ලංකා තිලක් Monday, 23 June 2014 10:38 AM

කළු සුද්දෝ කිව්වම කට්ටියකට මෙච්චර ඩෝන් යන්නේ මොකද? හැමෝම කළු සුද්දෝ නෙමෙයි. මේ රටට ආදරය කරන මේ රට ගැන හිතන මේ රටේ වෙන දේ ගැන අවබෝධයක් තියෙන වැඩි පිරිසක් පිටරටවල් වල ඉන්නවා. ඒ අතර ඉතින් මේ රටට අපහාස කරන්න අවමන් කරන්න බලාගෙන ඉන්න මේ රටට හෙන ඉල්ලන කළු සුද්දොත් ඉන්නවා. ඒක මේ තීරෙ බැලුවාම ඕන කෙනෙකුට තේරෙනවා. (නදී)

:       0       0

විදුර Sunday, 22 June 2014 10:07 PM

හාමුදුරුවොත් මෙහෙම කරද්දී සාමාන්‍ය මිනිසුන් ගැන කවර කතාද? (නි)

:       0       0

නදුන් Monday, 23 June 2014 04:44 PM

ඉවසන්න .............. කාලයට ඉඩදෙන්න ........... සත්‍යය දැනගන්න ලෙබෙයි .. ඉක්මනින්ම .... (දී)

:       0       0

ජගත් පතිරණ Monday, 23 June 2014 10:50 AM

මම හිතුවේ වාසුදේවට වඩා වැඩි අය ලංකාවේ නෑ කියලා මට වැරදිලා (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 22 June 2014 10:11 PM

බොරදියේ මාළුබාන්න ගියාම ගැඹුර පෙනෙන්නේ නැහැ. දියේ ගිලුනොත් ගිලුනමයි (නි)

:       0       0

හේමක Monday, 23 June 2014 10:53 AM

ඔක්කොටම කලින් සොයාගන්න ලංකා තිලක් රටේ ඇතුලෙම ඉඳන් රට ට වින කරන උදවිය කවුද කියලා . ඊට පස්සේ පිටරරවලට ඇඟිලි දික් කරන්න. (නදී)

:       0       0

යාපා Monday, 23 June 2014 04:54 PM

වරදක් කර ඇතිනම් නිතිය පමණමයි ඇත්තේ (දී)

:       0       0

ඉම්රාන් Monday, 23 June 2014 11:55 PM

හාමුදුරුවරුත් මෙහෙම කරද්දී සාමාන්‍ය මිනිසුන් ගැන මොන කතාද? (නි)

:       0       0

යහම්පත් Sunday, 22 June 2014 10:19 PM

මේවා අහද්දී මට නම් පිස්සු වගෙයි (නි)

:       0       0

චන්දන Monday, 23 June 2014 11:02 AM

ලංකා තිලක් තාම දන්නේ නැහැ රටට හෙන පාත් කරපු කළු සුද්දෝ ඉන්නේ ලංකාව ඇතුලේමයි කියලා. (නදී)

:       0       0

චන්න Monday, 23 June 2014 04:57 PM

පුවතේ හිමියන් කඩා ඇත්තේ හතර වන සිල් පදය කියමුකෝ. අපේ ලංකා තිලක් උන්නැහේ කියව කියව දඟලන්නේ පස් වන සිල් පදය කඩා ගෙන ද කොහෙද ! (දී)

:       0       0

මනෝජ්-සාජා Sunday, 22 June 2014 11:15 PM

චීවරය දාගත් පමණින් හාමුදුරු කෙනෙක් වෙන්න බැහැ (නි)

:       0       0

අහිංසා Sunday, 22 June 2014 11:16 PM

“මේ රටේ මිනිස්සු - නිතරම නටනනේ පිස්සු“ කියලා ගීතයක් මම අහලා තිබෙනවා. මේ හාමුදුරුවන්ගේ කතාවේ ඇත්ත නැත්ත ඔබවත් මමවත් හරියට දන්නේ නැහැ.අපි කාලයට ඉඩදී බලාගෙන ඉඳිමු. (නි)

:       0       0

ලක්ෂපාන Sunday, 22 June 2014 11:29 PM

රුවන්, තමන්, තම දෙමවුපියන් ඉපදුන රටට හිතේ තිබෙන කුහකකමට බනින්න එපා.අපේ රට ලෝකයේ තිබෙන උතුම්ම රට. (නි)

:       0       0

රසික Monday, 23 June 2014 11:52 AM

මේ සත්‍ය රටට හෙලිකල යුතුමයි. බෞද්ධයන්ගේ ඉවසීම ඉතාමත් ඉහළය. එහෙම කියල ඕනවට වැඩියෙන් ඉවසීම පරික්ෂා කරන්න හදන්න එපා. ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා. අපේ සඟ සාසනය රැකගනිමු. (නදී)

:       0       0

ෆෛරූස් Sunday, 22 June 2014 11:39 PM

ලංකාවේ පොලිසියට ජය වේවා! (නි)

:       0       0

රමේෂ් නිලංග Monday, 23 June 2014 11:56 AM

මහන වෙන්නේ ජීවිතේ දුකය දැකපු අය. ඒත් මේ කරන දේවල් වලට සංසාරේ හැමදාම දුක තමයි (නදී)

:       0       0

මහිම් Monday, 23 June 2014 12:01 PM

කවුරු හරි කාට කාටත් වෙන අසාදාරණකම් පැහැදිලි කරනවද? (නදී)

:       0       0

රුවන්ති Sunday, 22 June 2014 11:58 PM

අසාම් මහත්තයාටයි ,රිස්වි මහත්තයාටයි හාමුදුරුවෝ ගැන දුක හිතිලා වගෙයි (නි)

:       0       0

ගිහාන් Monday, 23 June 2014 12:01 AM

කරගත්තා වූ කුසල කර්මයට දායක වුණ අනෙක් ඇත්තන්ගේ වතගොතත් දැනගන්න ලැබුණා නම් හොඳයි (නි)

:       0       0

විතාන Monday, 23 June 2014 06:04 PM

ඇයි හාමුදුරුවනේ මෙහෙම කළේ? (නි)

:       0       0

ගයාන් Monday, 23 June 2014 12:26 PM

මොකට දේශපාලනේට ආවද මන්දා. හාමුදුරුවන්ට දේශපාලනය තහනම් කරන්න. (නදී)

:       0       0

චන්දන Monday, 23 June 2014 06:13 PM

කොහොම මේවා කරගන්නවද මන්දා? (නි)

:       0       0

අමිත් Monday, 23 June 2014 12:27 PM

රුවන් මේ රටේ කෙනෙක් වෙන්න බෑ. (නදී)

:       0       0

ප්‍රනීත් Monday, 23 June 2014 12:54 AM

මේක පුදුම වැඩක්නෙ බලනකොට (නි)

:       0       0

ආශා Monday, 23 June 2014 12:30 PM

අනේ මෙහෙමත් දේවල්. අපේ පොලිසියේ මහත්වරුන්ටත් වෙන වැඩ නැත්නම් හොඳයි මේ උන්නාන්සේගේ මේ හැංගිමුත්තන් අල්ල අල්ල ඉන්න. (නදී)

:       0       0

පහන්දී Monday, 23 June 2014 06:23 PM

කවුද මේ ලංකා තිලක්? මට දැන් හිතෙනවා ඔයත් පිටරටක සේවය කරන ගමන් කළු සුද්දන් කියලා ඔයා ඔයාටම බැන ගන්නවා කියලා (නි)

:       0       0

රොෂාන් Monday, 23 June 2014 01:19 AM

මම මාගේ මිතුරන් සමඟත් මේ ගැන කතා කළා (නි)

:       0       0

සුමනසිරි Monday, 23 June 2014 01:51 AM

බලමුකෝ වෙන දේ (නි)

:       0       0

සිල්වා Monday, 23 June 2014 01:51 AM

ඇත්ත මොකක්ද කියලා හිතාගන්න බැහැ. (නි)

:       0       0

ලලීන්ද්‍ර Monday, 23 June 2014 12:45 PM

සමෘද්ධි නිලධාරියා තමන්ම ගස් බැඳ ගන්නවා. හාමුදුරුවෝ තමන්ම ගහගන්නවා (නදී)

:       0       0

සමාධි Monday, 23 June 2014 12:51 PM

සහෝදරයාම පොලිසියට කියලා තියෙනවා එයාට බල කරලාම මේ වැඩේ කරන්න කියලා හාමුදුරුවෝ කියපු නිසා කරේ කියලා. ඒකම ඇතිනේ මේ උන්නාන්සේගේ තියෙන පහත් නිවට ගතිය තේරුම් ගන්න (නදී)

:       0       0

සුබසිංහ Monday, 23 June 2014 02:02 AM

මොනවට තමන්වම මෙහෙම තුවාල කරගත්තද? (නි)

:       0       0

තරිඳු Monday, 23 June 2014 12:55 PM

ලංකා තිලක කට අැරිය ගමන් බල්ලෝ රෑනක් බුරා ගෙන පැන්නා. සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතා කරන හැමෝටම විරුද්ධ වෙන්නේ කව්ද ද කියලා අපි දන්නවා. (නදී)

:       0       0

සිරිබිරිස් Monday, 23 June 2014 02:14 AM

පිල්ලේ නෝනා මේවා දන්නවද දන්නෙ නැහැ (නි)

:       0       0

සෝමවංශ Monday, 23 June 2014 02:16 AM

වැඩේ හරි ගියේ නැහැ නේද? (නි)

:       0       0

චමිලා Monday, 23 June 2014 02:31 AM

මොනවද මේ දේවල් කරලා බලාපොරොත්තු වෙන්නේ? (නි)

:       0       0

චාන්දනී Monday, 23 June 2014 02:31 AM

මෙහෙම දේවල් වලින් හොඳ නැත්තේ අපේ ශාසනයටමයි කියලා ඇයි හිතන්න බැරි? (නි)

:       0       0

වජිර Monday, 23 June 2014 03:02 AM

චීවරයට නිගාකරන්න නම් එපා (නි)

:       0       0

සේනක Monday, 23 June 2014 03:48 AM

ලංකා තිලක්, මතක තියාගන්න, ලංකාවේ බොහොමයක් බලවතුන්ගේ දරුවන් පිටරටවල ඉගෙනගෙනයි මෙහේ පදිංචිවෙලා ඉන්නේ. සමහරුන්ට ද්විත්ව පුරුවැසියභාවය තිබෙනවා. ඒ නිසා ඔය කළු සුද්දන්ගේ නිර්වචනය ඔබටම පාරා වළල්ලක් වේවි. (නි)

:       0       0

ගුණවර්ධන Monday, 23 June 2014 03:56 AM

ලංකා තිලක්, එතකොට නයිට් රේස් ලංකාවට ගෙනාවේ ඔබ කියන අය වෙන්න ඇති නේද? කැසිනෝ කියන්නේ දේශීය ක්‍රීඩාවක් වෙන්න ඇති නේද ? (නි)

:       0       0

ලංකා තිලක් Monday, 23 June 2014 01:27 PM

මේ සිදුවීම මුළු ලෝකේ පුරාම ගියා. කට්ට්ය යැව්වා. ආගමික සමගිය වෙනුවෙන් කතා කල පෙනී හිටපු ස්වාමින් වහන්සේ කෙනෙකුට බෞද්ධ අන්ත වාදීන් අමානුෂික විදියට පහර දීල ඔහුව සුන්නත් කරවල කියලා. දැන් ඒ ප්‍රචාරේ ගිහින් ඉවරයි. ඒ ප්‍රචාරයට වගේ ප්‍රචාරයක් මේ සිදුවීමේ සත්‍යට ලැබේවි කියල හිතනවද. මේ සත්‍යය ලෝකේ පුර යාවි කියල හිතනවද? ඒක එහෙම වෙන්නේ නැහැ. හාමදුරුවෝ තමන්ගේ කොන්ත්‍රාත් එක කලා. එ්කෙන් අවනම්බු වින්දේ මේ රටේ සිංහල බෞද්ධ මිනිස්සු. මේ බරපතල ක්‍රියාවට බරපතල දඩුවමක් මේ හාමදුරුවන්ට ලැබේවි කියල හිතනවා. උනු හානිය ඒකෙන් අද්දන්න බැරි උනත්. (නදී)

:       0       0

හර්ෂ Monday, 23 June 2014 04:04 AM

ලංකා තිලක්, පිටරට අයට බනින්න පෙර පිටරට ගිහින් ඉගෙනගෙන විත් ලංකාවේ කරලියට පැමිණි උදවිය ගැන කතා කරන්න (නි)

:       0       0

දිසානායක Monday, 23 June 2014 04:43 AM

දැන් මට මුකුත් මතක නැහැ කියලා කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රියාන් Monday, 23 June 2014 05:25 AM

ඇයි මෙහෙම කරන්නේ? (නි)

:       0       0

චන්දන ගමගේ - මාතර Monday, 23 June 2014 05:30 AM

මේ සිදුවීම විතරක් නොවෙයි, පසුගිය හැම සිදුවීමක්ම දිහා බලනකොට “24 පැය“ කියන ඇමරිකන් ටෙලි චිත්‍ර‍පටිය මතක් වෙනවා. (නි)

:       0       0

උමේෂ් Monday, 23 June 2014 07:39 PM

මේවා බලලා අපිට අනෙක් රටවල් හිනාවෙනවා ඇති (නි)

:       0       0

චානි Monday, 23 June 2014 05:39 AM

ලංකා තිලක්ට පිටරට ඉන්න ලාංකිකයන් ගාවානොගෙන කිසිම අදහසක් ලියන්න බැහැ වගේ. ඔබ ඔය කියන තරම් භූමි පුත්‍රයෙක් නම් පිටරට ඉන්න අපේ උදවියටත් ආදර්ශයක් වෙන්න පෙන්නන්නකො හෙළ ගතිය (නි)

:       0       0

උපාලි Monday, 23 June 2014 07:39 PM

හාමුදුරුවොත් සිල් පද කඩන්න පටන් අරගෙනද? (නි)

:       0       0

අනුර Sunday, 22 June 2014 06:17 PM

බුදුදහමේ හැටියට කර්මය පලදෙනවාමයි (නදී)

:       0       0

කෝලිත Monday, 23 June 2014 05:53 AM

මේවා කරලා අපේ ශාසනයට නිගාකරන්න එපා (නි)

:       0       0

තබුක් සිල්වා Sunday, 22 June 2014 06:22 PM

කව්ද දන්නේ මේ හිමියන්ට බලෙන් පෙව්වද කියා (නදී)

:       0       0

ඩිලාන් Monday, 23 June 2014 05:55 AM

ලංකා තිලක් ,සියල්ලටම පෙර පිටරට ඉන්න ලාංකිකයන්ට පරිභව කරන එක නවත්තන්න. මේ පුවතින් දැක්වෙන්නේ ලංකාවේ ඉන්න උදවියගේ වැඩ කටයුතුනේ! පිටරට ඉන්න සිංහල බොදු උදවිය ලංකාවේ ඉන්න සමහරුන්ට වඩා හොඳින් ආගමානුකුලව ජීවත් වෙනවා. (නි)

:       0       0

පතිරණ Monday, 23 June 2014 07:56 PM

ඇයි ආගම දහමට මෙහෙම නිගා කරන්නේ? (නි)

:       0       0

ජයාන් Monday, 23 June 2014 06:02 AM

ලංකා තිලක්ට රිදී ඇති තරම පෙනෙනවා (නි)

:       0       0

සේනක Monday, 23 June 2014 06:07 AM

බෞද්ධ අපේ රටට මෙහෙම දේවල් වලින් ඇතිවන්නේ නිගාවක් නොවේද? (නි)

:       0       0

ජෙහාන් Monday, 23 June 2014 06:11 AM

කලිසම් කමිස ඇඳි කළු සුද්දන් පොදිය ... කර ඇත්තේලු සිංහල සිරිතට හදිය... පෙන්වන්න නම් තිලකේ ඔබෙ හෙළ ගතිය... කුඹුරට අඳින ඇඳුමින් සැරසිය යුතුය .. (නි)

:       0       0

සිරා Sunday, 22 June 2014 06:30 PM

මත්පැන් මේ චීවර ධාරියාට සුපුරුදු බව අපි නම් දැන ගත්තේ පාන්දර ජාමෙ කොහෙද ගිහින් එනකොට බයවෙලා ගස් උඩ රැය පහන් කරපු දවසෙමයි.(නදී)

:       0       0

රුවන් Sunday, 22 June 2014 06:32 PM

බලෙන් පොවලා වැඩෙත් කරලා අන්තිමට හාමුදුරුවොම වැරදි කාරය කරනවා. මේක තමයි ලංකාවේ හැටි. (නදී)

:       0       0

සුජිත් නිව්යෝර්ක් Sunday, 22 June 2014 06:34 PM

කොහොමද වටරැක විජිතගේ කෛරාටික ක්‍රියාව? (නදී)

:       0       0

අසාමි Sunday, 22 June 2014 06:36 PM

අපේ රටේ පොලිසිය මේ වට කාගේවත් උවමනාවට ස්ටේට්මන්ට් දෙනවද? මේ රට යන අත නම් සුභදායක නැහැ. හරිම දුකක් දැනෙනවා අපි මේ තරම් දියුණු ලෝකයක නොදියුණ ජන කොටසක් ලෙස ආපස්සට යනවා දකිනකොට.(නදී)

:       0       0

විශ්ව Monday, 23 June 2014 06:25 AM

මත්පැන් මිනිසා අවුල් කරනවා (නි)

:       0       0

ඩි සිල්වා Sunday, 22 June 2014 06:36 PM

කොහොමද රඟපෑම. දැන් මෙයා වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලපු අයගෙ තරම රටටම පේනව නේද? (නදී)

:       0       0

රන්ජිත් Monday, 23 June 2014 02:58 PM

ලංකා තිලක්, ඔයා බුරන්නේ නැතිව ටිකක් බලාගෙන ඉන්නකෝ. තාම අපි දන්නේ මේ කතාවේ එක පැත්තයි. (නදී)

:       0       0

රාජා ලංඩන් Sunday, 22 June 2014 06:38 PM

බුද්ධාගම සාසනය විනාශ කරනවා විතරක් නෙවේ, මේ වැන්නන් ආගම කෙරෙහි සිංහල ජාතියේ තියෙන හැගීම් එක්කත් විහිලුවට ලක්කරනවා. මේවට එරෙහිව කටයුතු කරන්න අපේ මහා නායක හාමුදුරුවන්ට හැකියාවක් බලයක් ශක්තියක් නැද්ද? අනේ බුදු හාමුදුරුවනේ නැවතත් වඩින්න මගේ මව් බිමට.(නදී)

:       0       0

අතුල Monday, 23 June 2014 03:00 PM

මේ නාටකයේ මුල් කොටස තමයි ගස් නැගපු පොටෝ එක (නදී)

:       0       0

රිස්වි Sunday, 22 June 2014 06:39 PM

ගොරක දඩමස් කරන දඩමස් ගොරක කරන ශ්‍රී ලංකා පොලිසිය රටටම වාසනාවක්.(නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 22 June 2014 06:40 PM

එදාපාර මේ මොන අපබ්බ්‍රන්සයක්ද ගජන් අයියේ. (නදී)

:       0       0

සමන්ති Sunday, 22 June 2014 06:42 PM

මේ අනුව බලනකොට බුද්දසාසන අමාත්‍යංශයෙන් හාමුදුරුවන්ගේ අනන්‍යතාව හොයන්න වෙයිද ? (නදී)

:       0       0

නාගොඩ හේමපාල Sunday, 22 June 2014 06:42 PM

මේවා දකින කොට සංසාරේ එපා වෙනවා. (නදී)

:       0       0

අශෝක බංඩාර Sunday, 22 June 2014 06:46 PM

බුද්ධාගමටත් රටටත් අපකීර්තියක් කලේ (නදී)

:       0       0

රොමේෂ් Monday, 23 June 2014 07:30 AM

ලංකා තිලක්, ඔබට ලොකු හීනමානයක් තියෙනවා කරුනාකරලා බෙහෙත් ගන්න. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 23 June 2014 07:46 AM

කෝ මේ වටරැක හාමදුරුවන් වෙනුවෙන් හොටු පෙර පෙරා අඩපු දායකයෝ ටික. අපේ ඩුබායි තිලක් එහෙම.(නදී)

:       0       0

ලංකා තිලක් Monday, 23 June 2014 07:49 AM

නිශාන්ත මහත්තයෝ, අන්න පොලිසියේ වැන් එකයි වටරැක හාමදුරුවන්ගේ සහෝදරයයි ඉන්නවා. පුලුවන්නම් ගිහින් සාමය සමගිය හැම ආගමකම තියාගන්න වටරැක හිමි කල විරෝධාර පරිත්‍යාගයේ කතා පුවත විස්තර ඇතුව අහගන්න. බොරදියේ මාළු බාන්න ගියාම ගැඹුර පේන්නේ නැහැ. දියේ ගිලුනොත් ගිලුනමයි. හාමදුරුවෝ ගිලිලා ඉවරයි. අර පොලිස් රාළහාමිත් ලගදීම ගිලෙයි. නිශාන්ත ගිලෙන්න කලින් ගොඩ ඉන්න මාළු බෑම පැත්තක තියලා. (නදී)

:       0       0

මිහිරංග Monday, 23 June 2014 03:18 PM

භ්‍රම දණ්ඩනය දෙන්න ඕනේ (දී)

:       0       0

ප්‍රවීන් Sunday, 22 June 2014 07:07 PM

ඕක රගපෑමක් බව මම කීවා. තවත් සුබද්‍ර කෙනෙක් ? (නදී)

:       0       0

රජින්ද Sunday, 22 June 2014 07:07 PM

දැන්වත් සියලු ථෙරවාදී රටවල් එක්කරගෙන සංඝ සම්මේලනයක් තබා ලෝකෙම භික්ෂුන් වහන්සේලාට තම තමන්ගේ සීලය රැකගැනීමටත් අන්‍යාගමිකකරණයෙන් රටවල් විනාශ වීම වැලක්වීමටත් වහාම පියවර ගැනීමට මහානායක හිමිවරුන්ට නැණ පහල වේවා.! (නදී)

:       0       0

අමිත Sunday, 22 June 2014 07:13 PM

වටරැක විජිත හිමි වැන්නන් වහා සාසනයෙන් ඉවත්කරන්න (නදී)

:       0       0

සෙන්සා Monday, 23 June 2014 08:19 AM

මෙි වගේ චරිත ඔලුව උස්සාගෙන එන විටම නවත්තන්න රජයේ අමාත්‍යාංශයන්ට හැකියාවක් තිබිය යුතුයි. නැත්නම් මුලු රටටම මෙි කරන හානිය සුලුපටු එකක් නෙවෙි. (නදී)

:       0       0

බන්දු Sunday, 22 June 2014 07:14 PM

මම නම් ඕක හිතුවා. එ්ත් කියන්ඩ බයේ හිටියේ. ඔය ඔප්පු වෙලා තියෙන්නේ යස රඟට. අනේ අනිච්චන්, කනේ කඩුක්කන්.(නදී)

:       0       0

ටෙනිසන් Monday, 23 June 2014 08:33 AM

අහිංසා කියන්නා වගේ හුගක් අය වැට පැනලා. කොහොම උනත් කවුරුත් දැනගත යුතු දෙයක් තිබෙනවා. ශ්‍රීලංකා පොලීසියේ බුද්දි අංශය ලෝකයේ දියුණුම රටවල් හා කරටකර ඉන්නවා. එ් නිසා එය සැහැල්ලුවට පත් කරන්න එපා. නමුත් අපේ පොලිසිය දේශපාලන අවීචියට වැටී ඇති නිසා සියල්ල කණපිට පෙරලෙනවා. ඒ ගැන නම් ඉතාම කනගටුයි. (නදී)

:       0       0

නිමල් ලලිතා Monday, 23 June 2014 08:38 AM

සිංහලකම, සිංහල අයිතිය සහ බොදු අයිතිය ගැන කතා කරන්නන්ට දොස් පවරන මහත්වරුනි. අපිට දොස් පැවරීමට පෙර මේ රටේ සිදු වෙන සිංහල බෞද්ධ විරෝධී වැඩ ගැන සොයා බලන්න.(නදී)

:       0       0

සිල්වා Sunday, 22 June 2014 07:26 PM

සුබද්‍ර ගේ අබද්‍ර වචන (නදී)

:       0       0

අන්දරමාන Monday, 23 June 2014 03:28 PM

ලංකා තිලක්..... සත්‍ය පිළිගන්න මිනිස්සු කැමති නැ ඒකට හේතුවක් හිතාගන්නත් බැ (දී)

:       0       0

වීරක්කොඩි ද සිල්වා Monday, 23 June 2014 09:20 PM

කොහොම වුණත් ලෝකය හිනස්සන වැඩ මේවා.... (නි)

:       0       0

හේමන්ත Sunday, 22 June 2014 07:31 PM

අපි දැන්වත් සංගායනාවක් කරොත් හොඳයි (නදී)

:       0       0

බන්දුල​ Sunday, 22 June 2014 07:31 PM

පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා නේද කියලා තියෙන්නේ. එහෙනම් ඇත්ත වෙන්න ඇති. (නදී)

:       0       0

සමන්ත Monday, 23 June 2014 08:40 AM

ලංකා තිලක්, පිටරටකින් ඔබේ ස්ථිර පදිංචි විසා අයදුම් පත ප්‍රතික්ෂේප වුනා වද්ද? ලංකාවේ වෙන ඕනෑම සිද්ධියකට ඔබ පිටරට ගිය ලාංකිකයන් අල්ල ගන්නවා. දැන් මේ රටේ සිද්ධ වෙන කලබල පිටරටින් ඇවිල්ල කරපු දේවල් ද ? ටිකක් සිහි බුද්ධියෙන් කතා කරන්න. (නදී)

:       0       0

වජිරා Sunday, 22 June 2014 07:36 PM

මෙවැන්නන් සිවුරු පොරවා සිටීමට සුදුසු කෙනෙක් නොවේ. වහාම සාසනයෙන් නෙරපා හල යුතුයි. (නදී)

:       0       0

ලංකා තිලක් Sunday, 22 June 2014 07:37 PM

මේ ඇතිවුණු ගැටුමින් පසු සහ පෙර සිදු වුනු සියලු ක්‍රියාදාමයන් නිරීක්ෂණය කරද්දී ඉතාමත් දැඩි අන්තවාදී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව අපිටනම් හොදින්ම පැහැදිලියි. මේ සිදුවීම වුනු හැටියේම මම කිව්වා මේක ටෙලි ඩ්‍රාමා එකක් එක කොටසක් කියලා. මේ හාමදුරුවෝ නළුවෙක් කියල අපි දන්නේ ගොඩක් කලින් ඉදලා. සියල්ලන්ගේම අරමුණ බොදු බල සේනාව වල දැමීම. නමුත් එ්ක හිතන තරම් පහසු වෙන්නේ නැහැ. සිංහලය වෙනුවෙන් බෞද්ධයා වෙනුවෙන් කතා කරන්නත් කවුරු හරි ඉන්නවා කියල දැන් මේ රටේම උපන් බිමේම අසරණ වුනු සිංහලයින්ට බෞද්ධයින්ට දැනිල තියෙන්නේ පිට රටවල කළු සුද්දන්ට නොදැනුනාට... මේ බලවේගය තව නොබෝ කාලෙකින් භාරතීය ජනතා පකෂය වගේ මේ රටේ පාලන බලයත් අතට ගන්නවා. ඒක ඉර හද වගේ විශ්වාසයි.(නදී)

:       0       0

පතිරණ රන්දුන් Sunday, 22 June 2014 07:38 PM

ඔන්න සරියා නීතිය ක්‍රියාත්මක කරන්න ඕන තැන.(නදී)

:       0       0

රකිත් Monday, 23 June 2014 08:55 AM

මත් පැන් ගඳ වහනය වූ බව විතරද පොලිස් වාර්තාවේ තියෙන්නේ. අර බැලුන් පරීක්ෂාවක් එහෙම කරේ නැද්ද ඇත්තටම පානය කරලද කියලා බලන්න. සිව්වන ශික්ෂා පදය කෙසේ වෙතත් පස්වන ශික්ෂා පදයනම් කඩ කරන චීවරධාරීන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින බවයි පෙනෙන්නේ. (දී)

:       0       0

හේරත් Monday, 23 June 2014 03:32 PM

බොරු කීම පවක් දන්නේ නැද්ද (දී)

:       0       0

ලංකා Monday, 23 June 2014 09:00 AM

මේවා අපේ රටේ සිදු වියයුතු දේවල් නෙමෙයි (දී)

:       0       0

අන්දරමාන Sunday, 22 June 2014 07:42 PM

තමන්ම බැඳගෙන, ගහගෙන, කපාගෙන, වටරැක හිමියන් බොරුවක් කරානම් ඔය හිමිනමට මෙතෙක් කල් අනුකම්පා කරපු සියලු දෙනාට සත්‍ය අවබෝද වේවි. සාසනයෙනුත් නෙරපා හරින්න ඕනි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 23 June 2014 09:04 AM

කළු සුද්දෝ කිව්වම කට්ටියකට මෙච්චර ඩොන් යන්නේ මොකද? හැමෝම කළු සුද්දෝ නෙමෙයි..මේ රටට ආදරය කරන මේ රට ගැන හිතන මේ රටේ වෙන දේ ගැන අවබෝධයක් තියෙන වැඩි පිරිසක් පිටරටවල් වල ඉන්නවා..ඒ අතර ඉතින් මේ රටට අපහාස කරන්න අවමන් කරන්න බලාගෙන ඉන්න මේ රටට් හෙන ඉල්ලන කළු සුද්දොත් ඉන්නවා..ඒක මේ තිරේ බැලුවාම ඕන කෙනෙකුට තේරෙනවා...කට්ටිය මොකටද අහක යන තොප්පි දාගන්නේ..මේ අපි වගේ ඉන්නකෝ..තොප්පිය හරිනම් ඉතින් කරන්න දේකුත් නැහැ..කේන්ති යන එක සාධාරණයි. (දී)

:       0       0

අමර Monday, 23 June 2014 09:32 PM

අනේ සාදු! (නි)

:       0       0

අරවින්ද Sunday, 22 June 2014 07:48 PM

මේ වගේ ශ්‍රමනයන් සාසනයෙන් ඉවත් කරන්න කෙනෙක් නැද්ද? අධිකරණ සංඝනායක ස්වාමින්වන්සේලා මොකද කරන්නේ. මහනායක ස්වාමින්වහන්සේලට බලයක් නැද්ද? (නදී)

:       0       0

දිනේෂ් Monday, 23 June 2014 03:42 PM

තරිඳු, සිංහල බෞද්ධ කම ගැන කතා කරන්න කලින් ලංකා තිලක් ට සභාවක ශීලාචාර විදියට කතා කරන්න ඉගෙන ගන්න කියන්න. තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ගිහින් බජාර් එකේ චන්ඩියා වගේ හැසිරෙන්නේ . මෙතන බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී තිබෙන්නේ ඔහුගේ මතය නෙවෙයි නොහොබිනා කතා විලාසය සහ අනුන්ගේ මතය නොඉවසීම. (දී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 22 June 2014 08:10 PM

සියල්ල හෙළි වී අවසානයි. වටරැක හිමිගේ සහෝදරයා සිදු වුනු දේ පාපොච්චාරණයක් කරලා.(නදී)

:       0       0

මනෝජ්-සාජා Sunday, 22 June 2014 08:24 PM

සිරාගෙන් සිරා කතාවක්.(නදී)

:       0       0

ඇසළ Sunday, 22 June 2014 08:31 PM

නියපොතු කපනයකින් ලේසි නැහැ ඔය වැඩේ කරගන්න. හොද දැලි පිහියක් හරි උන පතුරු දෙකක් අරගත්තා නම් තනිවම හරි කර ගන්න තිබුනා. බුදු දහමට ගිය කලක් (නදී)

:       0       0

ඉන්දික Monday, 23 June 2014 09:28 AM

ඇත්තටම 5 වන ධර්ම සංගායනාව කරන්න දැන් කලේ හරි. මහනායක මහුදුරුවරුනේ දැන්වත් මේ ගැන කතා කරන්න.(අ)

:       0       0

අශෝක Monday, 23 June 2014 03:49 PM

ලංකා තිලක්, මේ හිමි නම් වරදක් කළා නම් ඔහුට ස්වභාව ධර්මයෙන් හරි ඊට පිළිතුරක් ලැබේවි. ඊට වඩා හරිම අප්‍රසන්නයි මේ පාඨකසභාව තුල ඔබේ හැසිරීම . ශිෂ්ට විදියට අදහස් ඉදිරිපත් කරන්න දන්නෙම නැද්ද ? කවුරුන් හෝ හෙලා තලා තමන්ගේ පුද්ගලික කෝන්තරයක් පිරිමසාගන්නවා වගේ ඔබේ වාග් මාලාව ! මම මෙතන නිතරම ලියන කෙනෙකුත් නෙවෙයි . බැරිම තැනයි මේ ලියන්නේ . (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 8 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 156 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 536 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2881 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1497 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24719 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site