IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වටරැක හිමි හු හඬ මැද්දේ යයි

මහා සංඝරත්නය හා මහජනතාවගේ විරෝධය මත මහියංගනයේදී අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ජාතික බළ සේනාවේ  නායක හා මහියංගන ප්‍රාදේශිය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියනට නොහැකි විය.

පොලිස් ආරක්ෂාව මැද ප්‍රාදේශිය සභාවට පස්සා දොරෙන් දිවු විජිත හිමි පැයකට පමණ පසුව  විරෝධතාකරුවන්ගේ හු හඬ මැද්දේ පොලිසිය මැදි කැරගෙන ආපසු ගියේය.අද ප්‍රාදේශිය සභා රැස්වීම වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවසර දුන්නේ නැත.

මහියංගන ප්‍රදේශයේ සංඝරත්නය හා පිරිස් මේ විරෝධතාව සංවිධානය කළ බව පෙනිණි.

 



අදහස් (0)

වටරැක හිමි හු හඬ මැද්දේ යයි

සුරේන් Tuesday, 22 April 2014 05:24 PM

අනේ! අපේ රට ගැන දුක හිතෙනවා. (නි)

:       0       0

ලක්මිණ Tuesday, 22 April 2014 04:41 PM

බුදු දහම වනසන අය ගැන තීරණයක් ගන්න කාලය හරි. (නි)

:       0       0

අමිළ Wednesday, 23 April 2014 07:00 AM

ධර්ම සංගායනාවක් තියන්න ඕනා. බුදු දහම විනාශ කරන්න දෙන්න හොඳ නැහැ.(නදී)

:       0       0

සුසන්ත Tuesday, 22 April 2014 04:54 PM

ආගම වෙනුවෙන් විවිධ සේනා ගැටුමේ... ආගම පිළිපැදීම අතුරේ... දිනූ සාමය වතුරේ... කාට කියන්නද මිතුරේ.... (නි)

:       0       0

සරණ Tuesday, 22 April 2014 05:00 PM

බෞද්ධයින් සහ සමහර සිංහල බෞද්ධයින් අතර පැහැදිලි වෙනසක් තිබෙන බව පෙනෙනවා. මගේ, අපේ කියමින් ඔවුන් ඇලී ඉන්නේ ආගමික සංකේත වෙත මිසක් බෞද්ධ දර්ශනය වෙත නොවන බව පැහැදිලියි (නි)

:       0       0

අමිල Tuesday, 22 April 2014 05:45 PM

ලංකාවෙ ඉන්න වැඩිදෙනෙකුට අද කාලයේ ඇත්ත තේරුම්ගන්න තරම් ශක්තියක් නැහැ (නි)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Wednesday, 23 April 2014 07:49 AM

ඔය සේනා වලට බැරිද ගොවීන්ගේ වී මිල වැඩි නොකර මෝල් හිමියන්ට ලාභ ලබාදෙන්න සහල් මිල වැඩි කරපු එකට විරුද්ධව හඬක් නගන්න. එහෙම කළොත් ඔය ඕනෑම සේනාවකට මීට වඩා ආගම් බේදයකින් තොරව ජනතා සහාය ලබා ගත්ත හැකි වේවි (නි)

:       0       0

චන්දන ගමගේ - මාතර Tuesday, 22 April 2014 05:56 PM

පාරාජිකාව ගැන අහලා නැද්ද? (නි)

:       0       0

නිශ්ශංක Tuesday, 22 April 2014 06:07 PM

ආර්. ප්‍රේමදාස මහතාගේ අගය මේ වෙලාවේ මට මතක් වුණා (නි)

:       0       0

යූ. Tuesday, 22 April 2014 05:32 PM

මම බුදුදහම දැනගත්තේ ලංකාවේ ඉපදුන නිසා. අද වෙනතෙක් බුදුදහම රැකගෙන අාවේ, අවස්ථානුකූලව, හොඳින් හෝ නරකින් අපේ බුද්ධ පුත්‍රයෝයි. බුදුදහම ඇත්ත නම් හොඳ කරන අය නැවත උපදිනවා. අනාගත දිනක අපි නැවත ඉපදුනොත්, එදාට ලංකාවේ බුදු දහම නොතිබුනොත් එදාට අපිත් සත්තු වගේ හැසිරෙයි. ආවේගශීලී වෙන්නේ නැතුව ටිකක් කල්පනාවෙන් වැඩ කරනවා නම් එයයි යුගයේ අවශ්‍යතාවය (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 22 April 2014 05:57 PM

මේ නිසා ගමක් දෙකට බෙදුනා. ගමේ පන්සල් දෙකක් වුණා. (නි)

:       0       0

ජයලත් Tuesday, 22 April 2014 06:03 PM

මොනවා වුණත් දැන් දැන් වෙන සිදුවීම් නම් එතරම් සුභ නැහැ (නි)

:       0       0

නෙවිල් Tuesday, 22 April 2014 06:22 PM

නිදහස් මතධාරියෙක් වීම තමයි මේ ලෝකයේ ජීවත්වෙන්න තිබෙන හොඳම විදිය (නි)

:       0       0

කුසුම් Tuesday, 22 April 2014 06:56 PM

එදා මෙදාතුර බෞද්ධයින් පුජනීයත්වයෙන් සැළකූ බෞද්ධ සිවුරට එල්ල වූ හු හඬත් දේශප්‍රේමීන්ගේ හද ගැහෙන රාවය බවට පත්වෙලා තිබෙන හැටි.අනේ කාලේ වනේ වාසේ කිව්වලු! (නි)

:       0       0

ජෙරාඩ් Tuesday, 22 April 2014 08:21 PM

මේ හිමි ඇත්තටම බුද්ධාගමේද? (දී)

:       0       0

හර්ෂණ Tuesday, 22 April 2014 08:23 PM

එල එල

:       0       0

ගජමන් Tuesday, 22 April 2014 09:17 PM

දාල තියෙන අදහස් වලට අනුව නම් සිංහල බෞද්ධයාත් බුදු දහමත් අනතුරේ කියල කාටවත් තේරුමක් නැහැ වගෙයි.එහෙම නැත්නම ගාණක් නැහැ වගෙයි.

:       0       0

කේ.ඩී.එම්. ධර්මපාල Tuesday, 22 April 2014 09:24 PM

කෝට්ටේ යුගයේ බුද්ධ දත්ත කෙරලයන්ට අත්පොත් තිබ්බ නුවර යුගයේ සෙනරත් රජු සිව්රු ඇරලා පරපුර 1815 දක්වා ගෙනගිය ද වටරැක හිමිට නම් බැරිවෙයි (අ)

:       0       0

සමන් Tuesday, 22 April 2014 09:31 PM

ලංකාව ගැන දහම ගැන ලෝකයාට හොද ආදර්ශයක් ලබා දී අවසන් හෙට යු ටියුබ් වලින් ලෝකයා දැනගනු ඇත (අ)

:       0       0

දයා අලහකෝන් Tuesday, 22 April 2014 12:39 PM

'සසර චේතනා' නම් වූ චිත්‍රපටියේ 'ෂෙල්ටන් පෙරේරා' ගයන බුදුනේ ..බුදු පියාණනේ .. කියන මනරම් ගීතය මට මැවී පෙනෙනවා. (ස)

:       0       0

චමින්ද සම්පත් Tuesday, 22 April 2014 12:53 PM

මේ වැනි දේ නිසා තමයි නිර්මල බුදු දහම වැනසෙන්නේ.. (ස)

:       0       0

නිරෝෂන් රසික සමරජිව Tuesday, 22 April 2014 01:11 PM

ශාසනය ඉක්මනින්ම පිරිසිදු කළ යුතුයි. (ස)

:       0       0

ලංකාතිලක Wednesday, 23 April 2014 12:22 PM

විරුද්ධ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැතිවෙලා. භික්ෂුන් වහන්සේලා නරක විදියට හැසිරෙන කාලයක්. බෞද්ධයන් භික්ෂුන්ට හූ කීම, අඩත්තේට්ටම් කිරීම බෞද්ධයකු හැටියට අනුමත කිරීමට නොහැකිය. (ස)

:       0       0

කුමාරි Tuesday, 22 April 2014 02:16 PM

ධර්ම සංගායනාවක් පැවැත්විය යුතු කාලය ඇවිත්. (ස)

:       0       0

සියනි Wednesday, 23 April 2014 12:18 AM

රටේ ජීවනාලිය බුදු දහමයි. නමුත් අද රට වෙනුවෙන් යැයි කියා බුද්ධාගම පහත් තත්වයට දැමීම නොකළ යුතුය. ධර්මය දේශනා කරන හිමිවරුන්ට දේශපාලනය කිරීමට අවශ්‍ය නම් සසුනෙන් සමුගත යුතුව ඇත. ආදී කාලයේ සසුන්ගතවූ ස්වාමීන්වහන්සේලා ජීවිතය පරදුවට තබා රට ආරක්ෂා කලේ බුද්ධාගමත් රැක ගනිමින්.(නදී)

:       0       0

ජූඩ් Tuesday, 22 April 2014 02:56 PM

මටත් අර මොහිදීන් බෙග් මහතා ගායනා කළ බුද්ධං සරණං ගච්චාමි ගීතය මතක් වෙනවා. (ස)

:       0       0

සදුනි Tuesday, 22 April 2014 02:59 PM

කුමාරි ..ඔයා හරි. බෞද්ධයෝ විදියට අපිට මේ සේනා දෙක ගැනම තියෙන්නේ ලැජ්ජාවක්. (ස)

:       0       0

රණා Wednesday, 23 April 2014 05:57 AM

වසර පන්සීයක් බටහිර යටත් විජිතයක් වී, ඉන් වසර දෙසීයක් සසුනක් නොමැතිවත් බුදු දහම රැකුණා.ඒ ආගම හරියට තේරුම් ගැනීම තුලින්.හරියට ආගම තේරුම් ගත්තොත් මොන බලවේගයකටවත් කලබල වන්න දෙයක් නැහැ.මේ විගඩම් තුලින් පෙනී යන්නේ තමන්ගේ හිස් බව ලොවට පෙන්වීමයි. මේවා අනුමත කරන්නෝ සමුහයද එවැන්නෝය. (නි)

:       0       0

ධර්මපාල Tuesday, 22 April 2014 04:19 PM

අපි නම් ලැබෙන දෙයක කාලා , වෙන දෙයක් බලාගෙන ඔහේ ඉන්නවා. සමහර ප්‍රතිපත්ති නිසා මේ වෙනකොට ජාතියම, රටම වැනසිලා අවසන්. වැරදි කරන අයව පෙන්නලා දෙන්න ඕනෑ. (නි)

:       0       0

බිමල් Tuesday, 22 April 2014 04:28 PM

අනේ මන්ද‍ා, මොනවා ලියනවද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

මරික්කාර් Tuesday, 22 April 2014 04:31 PM

මම නම් කියන්නේ අපේ එක් ඇමතිතුමෙක් මේ දේවල් සම්බන්ධව දරන අදහස සියයට සීයක්ම හරි කියලයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 240 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5743 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1197 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 358 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2132 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2077 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site