IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


වැට් එකෙන් මැතිසබේ බත්පතටත් ’’ෂොට්’’ එකක්

(සුජිත් හේවාජුලිගේ )

වැට් බදු සමග ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මෙන්ම සේවක සේවිකාවන්ට කෑම බීම සඳහා යන වියදමද දෙගුණයකින් පමණ වැඩිවීඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ හේතුවෙන් එම පිරිස් සඳහා ආහාර සැපයීම  අද  බරපතළ අභියෝගයක්වී ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තුවේ කෑම බීම වෙනුවෙන් රජය අතිවිශාල මුදලක් දැරුවත් මන්ත්‍රීවරුන්ගෙන් සහ සේවකයන්ගෙන් ඒ සඳහා මාසිකව අය කර ගනු ලබන්නේ ඉතාම අඩු මුදලක් බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සේවකයකුගෙන් ආහාර සඳහා මාසයටම  අය කෙරෙන්නේ   රුපියල් 1000 ක් වැනි කුඩා මුදලක් බව පැවසේ.

ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ ආහාර වේල් යම් යම් සීමා කිරීම් වලට ලක් කර ඇත.අධික වියදම සැලකිල්ලට ගෙන   තවදුරටත් සීමා කිරීම්  අවශ්‍යව ඇතැයි එහි  නිලධාරියෙක් පැවසීය

මේ අතර මේ දිනවල වෙළෙඳපොළේ  එළවළු මිල ගණන් ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇති හෙයින් පාර්ලිමේන්තුවට එළවළු සපයා ගැනීමද බරපතළ ගැටලුවක්වී ඇතැයි වාර්තාවේ.

මේ තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ ආහාර වේල් සඳහා දෙන එළවළු වර්ග ප්‍රමාණද මේ දිනවල යම් ප්‍රමාණයකට   අඩු කර ඇත.

මේ අතර කලින් කලට භාණ්ඩ මිල ඉහළ යෑම සැලකිල්ලට ගෙන ඊට මුහුණ දීම සඳහා  පාර්ලිමේන්තුවට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙනස් කර ඇතැයි එහි නිලධාරීහු සඳහන් කරති.

කෙසේ නමුත් වියදම අධික වුවත්  සියල්ල කළමනාකරණය කරමින්ආහාර සැපයීම දැඩි අසීරුවෙන් වුවත් කරගෙන යන බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.



අදහස් (6)

වැට් එකෙන් මැතිසබේ බත්පතටත් ’’ෂොට්’’ එකක්

NAMAL Saturday, 13 January 2024 11:15 AM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා...!

:       3       44

පැරකුම් Saturday, 13 January 2024 11:17 AM

අනේ අපේ බදු සල්ලි වලින් මොවුන් සැප විඳින හැටි... මේවා කවදා ඉවරයක් වේවිද? ඡන්දේ ඉල්ලන කිසිම දේශපාලුවෙක් මේවා ගැන කතා කරන්නේ නෑ. වරෙල්ලකෝ මේ පාර ඡන්දෙ ඉල්ලගෙන...!

:       2       43

Nisha Saturday, 13 January 2024 11:57 AM

දුකයි, අනේ අමාරුවෙන් හරි කන්න දෙන්න...

:       2       30

Aruna Saturday, 13 January 2024 01:16 PM

ඕකට හොඳම විසඳුම ඔය අයට ගැලපෙන ආහාර වේලක් දෙන එකට අඩු වියදමින් කරන්න පුළුවන් පුන්නක්කු දුන්නානම්...!

:       2       21

Bamunuarachchi Saturday, 13 January 2024 07:09 PM

ඕක මහා බරපතල ප්‍රශ්නයක්ද? දවසක් කන්න යන වියදමින් මාසයක් කන්න දෙන්න බැහැ. ඒ නිසා අයකරන මුදල වැඩි කරන්න. දවසක කෑම බීම සඳහා අයකරන ගාස්තුව රු 500 වත් කරන්න. ගාන වැඩියි කියන අය ගෙදරින් කෑම ගෙනෙන්න. මේ 225 රටට මහා බරක්. මිනිස්සු මේ 225 කිඹුලා කාපිය කියන එක හරිම සාධාරණයි. 225 කන්නේ අපිව...!

:       0       16

Mia khalifa Sunday, 14 January 2024 01:18 PM

පාරෙ ඉන්න හිඟන්නෝ වත් කෑමට ඔච්චර කෙළ හලන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 312 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 732 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 253 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 123 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 427 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1246 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site