පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වැට් පනත වැඩි ඡන්ද දෙවැනි වර කියවීමේ විවාදයේ දී වැඩි ඡන්ද 66කින් සම්මත විය.
වැට් පනතට පක්ෂව ඡන්ද 112ක් හිමිවුණු අතර විරුද්ධව ඡන්ද 46ක් හිමිවිය.
මන්ත්‍රීවරුන් 65 දෙනකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි අතර ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඡන්දය දීමට පැමිණ සිටියේ නැත.
ජනතා විමුක්ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
භාණ්ඩ හා සේවා 81ක් වැට් බද්දෙන් නිදහස් බව කී මුදල් ඇමැති රවී කරුණානායක එම භාණ්ඩ හා සේවා ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
වැට් පනත තෙවැනි වර කියවීමේ විවාදයේ දී මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් සභාවේ නොසිටි අතර එම ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 53කින් එය සම්මත විය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වැට් පනත වැඩි ඡන්ද 66කින් සම්මතයි
වික්ටර් Wednesday, 26 October 2016 07:39 PM
රජය ලැබූ වැට් ජය නව රජයේ පරාජයේ පළමු පියවරයි. (නි)
බණ්ඩාර Wednesday, 26 October 2016 08:44 PM
අපිට නම් වැට් අලුත් දෙයක් නොවේ. අපි හැමදාම වැට් ගෙව්වා (නි)
ප්‍රනාන්දු Wednesday, 26 October 2016 11:32 PM
60% ශ්‍රී ලාංකිකයිනි, ඔබට සතුටූයිද දැන්? (නි)
පහන් Thursday, 27 October 2016 12:57 AM
වැරදුනා කියන්නේ ඕකට තමා. වැරදුනේ ජනතාවට. ආයෙත් ඡන්දෙකින් දිනන්න නම් බැහැ. පරාජය නියතයි (නි)
ඉසුරන්දි Thursday, 27 October 2016 04:42 AM
දේශපාලකයා හැමදාමත් දිනුම්. දුප්පත් අපි තමයි පරාද. රටේ බහුතරයක් රට ගැන නොසිතා පක්ෂ පාට දිහා උඩ බලාගෙන කතිර ගැසීමෙන් තමයි මේ ඔක්කොම වින්නැහිය. (බ)
සම්පත් පතිරණ Thursday, 27 October 2016 04:58 AM
දැන් නම් 2/3 නෑ වගේ (බ)
ප්‍රසාද් Thursday, 27 October 2016 04:59 AM
අගමැති මොලයක් නොවෙයි (බ)
රජින්ද Thursday, 27 October 2016 05:24 AM
මෙතන මහින්දට බනින කට්ටිය නිසා වැට් එක ගැන අදහස් දැක්වීමක් නැහැ. එක එක්කෙනාගේ කොන්ත්‍රාත් වලට ප්‍රධාන කාරණාව ඉස්මතු නොකර වෙනත් කාරණා මතු කිරීම පහත් වැඩක් නේද? (බ)
චමිල් Wednesday, 26 October 2016 01:57 PM
මහින්ද මහත්තය ඇත්තටම දන්නවා වැට් එක ඕන බව. නැතුව රජයක් ගෙනියන්න බැහැ. එතුමා ඉතට එකඟව පැමිණ නැහැ (අ)
ඉම්රාන් Thursday, 27 October 2016 05:35 AM
දේශපාලකයන්ට මහත්තුරු කියන තරම් උන් මහත්තුරු නම් නෙවෙයි මුන් ඔක්කොම මැරෙනකම්ම ගිලින්නේ මහජන මුදල් වලින් , මුන්ට කෝටියක් කියන්නේ රුපියලක් වගේ. මුන් තරම් කාලකන්නි ජාතියක් ලෝකේ නැහැ. බොරුවට එක එකාට කඩේ යන්නේ නැතිව හරි දේට හරි කියපල්ලා වැරදි දේට වැරදි කියපල්ලා කොඳු ඇතිව වහල්ලු නොවී.(බ)
ධම්ම Wednesday, 26 October 2016 02:04 PM
ජයවේවා ! (අ)
ෂෙහාන් Thursday, 27 October 2016 05:56 AM
මහින්දගේ කාලේ ටැක්ස් තිබ්බේ නැද්ද? නිකන් දෙන්නේ ටැක්ස් ගහලා තමයි. (බ)
රොමේෂ් Wednesday, 26 October 2016 02:13 PM
මේවගේ ජනතා විරෝධී පනතකට විරෝධය දක්වන්න තරම් කොන්දක් නැතිනම් ඔව්න් ජනතා නියෝජිතයෝ නෙමෙයි. තමන්ගේ වාසියට පමණක් මන්ත්‍රීකම් දරන නිකන්ම නිකන් මන්ත්‍රීවරු පමණයි. (අ)
ජගත් ලියනගේ Wednesday, 26 October 2016 02:30 PM
ඊළඟ ඡන්දෙදි අපි ඕවට පිළිතුරු දෙන්නන් . මහින්ද කරපු ඒවාට තමයි එයත් පැරදුනේ .(අ)
වින්සන්ට් Wednesday, 26 October 2016 02:38 PM
ඔබට සතුටුයි ද දැන්? (අ)
වින්සන්ට් Thursday, 27 October 2016 06:31 AM
චමිල් මහතාණෙනි, හිතට එකඟව වැඩ කරන දේශපාලකයන් ගැන ඔබේ නම් කිරීම කොහොමවත් නිවැරදි වන්නේ නැත. අවංක දේශපාලකයන් සමඟ අපට ගමනක් නැත්තේ, ජනතාවගේ මේ තේරුම් නොගැනීම බොහෝදුරට හේතු වන්නකි. යහපාලකයන් කිවත්, මල්වට්ටි අරගෙන පන්සල් ගානේ වටවන්දනාවේ ගියත් දේශපාලකයන් බොහෝදුරට අවංක වන්නේ නැත. (බ)
බුද්ධික Wednesday, 26 October 2016 02:47 PM
ඩීල් කාරයන කවුද කියල හොදට පේනවනේ. විශ්වාශ බංග ගේද්දී පාර්ලිමේන්තුවේ නෑ, අය වැය ගැන එළියේ කැගැහුවට පාර්ලිමේන්තුවේ වචනයක් කතා කරේ නෑ. ආණ්ඩු විරෝධී නම් ආණ්ඩුවට විරුද්දව ඡන්දය දෙන්න එන්න තිබ්බනේ. මහින්ද මහත්තය වක්‍රව සහය දීල තියෙන්නේ. බලමුකෝ (අ)
පීරිස් Wednesday, 26 October 2016 03:03 PM
මහින්ද හිටියා නම් ඕක මෙලහකටත් සියයට 20 කරලා. කිසි කෙනෙක් කට හොල්ලන්නෙ නැහැ එහෙම වුනානම්.(අ)
ජයන්ත Wednesday, 26 October 2016 03:16 PM
ජනතා විමුක්ති පෙරමුණ හැරුණාම අනිත් ඔක්කොම මන්ත්‍රීන් කරන්නේ රඟ පෑමක්. මාධ්‍ය සාකච්ඡාවල, රැස්වීම්වල ඝෝෂා නැගුවට වැඩක් නෑ, නීති හදන, තීරණ ගන්න තැන හඬ නගන්නේ නැත්තම්. බහුතරය අඩුම තරමේ සහභාගි වෙලාවත් නෑ. (අ)
සංජීව Wednesday, 26 October 2016 03:29 PM
අදහස් පලකල හැමදෙනාම පරාදයි.රණ්ඩු නොකර ඔක්කොම හෙට ඉදල වැට් ගෙවන්න ලෑස්ති වෙන්න. (අ)
අමරදාස Wednesday, 26 October 2016 03:31 PM
මන්ත්‍රී වරුන්ට තීරු බදු රහිත සැප වාහන. වංචා කරපු සල්ලි වලට අපේ දුප්පත් මිනිහට වැට් බදු.. දිට්ඨ ධම්ම වේදනීය කර්මයෙන් ඔවුන්ට සාප වේවා. (අ)
සෑම් Wednesday, 26 October 2016 04:05 PM
දැන් මහින්ද හිටියා නම් ඕක පාර්ලිමේන්තුවේ පරදිනවද? සමහරු එජාපෙට කඩේ යන ගමන් නිකන් බොරු රඟපෑම් කරනවා. (අ)
මිනිපෙ Wednesday, 26 October 2016 04:09 PM
මන්ත්‍රීවරුන් 65 මහජන සේවය පිණිස රාජකාරියට නොපැනිම ගැන නිදහසට කරුණු ඉදිරිපත් කරුණු මැනවි. (අ)
ඩයනා Wednesday, 26 October 2016 04:16 PM
දැන් මහින්ද ගැන කතා කරල වැඩක් නැහැනේ. එයා හොඳ නැති නිසානෙ කට්ටිය මේ අය පත් කර ගත්තෙ. දැන් ඉතින් ඔක්කොමල්ලම විඳවපල්ල. (අ)
අරවින්ද Wednesday, 26 October 2016 04:20 PM
අයියෝ මෙහෙමත් විකාර වැඩ (නි)
අර්ජුන Wednesday, 26 October 2016 04:20 PM
අයියෝ බන්දුල මන්ත්‍රීතුමා ඔබගේ පොල් ගැහීම! (නි)
ජගත් ලියනගේ Wednesday, 26 October 2016 04:51 PM
උනුත් එකයි, මුනුත් එකයි කියලා තමයි කියන්න වෙන්නේ (නි)
ජනහිත Wednesday, 26 October 2016 04:55 PM
2020 ගමට එන්න එපා. ඒ වගේම ආයේ ඔතෙන්ට යවන්න මිනිස්සු ලෑස්ති නැහැ. මේ අවුරුදු 3 හොඳින් සැපෙන් ඉන්න. ජනතාවට දෙවියන්ගේම පිහිටයි. (නි)
ඩිල්ෂාන් Wednesday, 26 October 2016 05:23 PM
කොහොමත් ඕක ඔහොම වෙනවා කියලා හැමෝම දන්නවනේ (නි)
නිශාන්ත Wednesday, 26 October 2016 05:22 PM
වැට් බද්ද දැන් ශාපයක් වෙලා රටට! (නි)
කුමාර මහර Wednesday, 26 October 2016 06:10 PM
ගෙනෙන හැම පනතක්ම ඔහොම තමයි. හරි හෝ වැරදි හැම එකටම අත උස්සලා සම්මත කරගන්නවා. අන්තිමේදි මහජනතාව තමයි එ්වට වන්දි ගෙවන්නෙ (නි)