IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘වැට් බදු වැඩිවීම සඳුදා සිට‘

භාණ්ඩ කිහියකට සඳුදා (2) සිට වැට් බද්ධ වැඩිවීමක් සිදුවන බවත් අධ්‍යාපනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි වැට් බදු වැඩිවීමක් සිදු නොවන බවත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

දුරකථන සඳහා සුළු වශයෙන් බදු වැඩිවීමක් සිදුවන බවත් ඇමැතිවරයා කීය.

‘මේක ඇත්තටම දූෂණ බද්දක්. ගිය ආණ්ඩුව ගත් ණය දූෂණ නිසා ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ඕනෑ.‘ යැයි ද ඇමැතිවරයා කීවේය.

ඒ අනුව වර්තමානයේ පවතින බදු අයවන සැපයුම මත බදු අනුපාතය 11% සිට 15% දක්වා ඉහළ දැමේ. විදුලි සංදේශ සේවා, විදුලි සංදේශ ක්ෂේත්‍රය සඳහා යොදා ගැනෙන යන්ත්‍රෝපකරණ සහ අධිතාක්ෂණික උපකරණ, තඹ කම්බි, දේශීය විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම මගින් නිකුත් කරනු බලපත්‍ර, සෞඛ්‍ය සේවා සැපයීම, මැයි 2න් පසු අනුමත වන නිවාස සඳහා වන විශේෂ ව්‍යාපෘති හැර අනෙකුත් විශේෂ ව්‍යාපෘති සඳහා භාණ්ඩ හා සේවා සැපයීම යන සේවාවන්ගේ බදු නිදහස ඉවත් කෙරේ.

VAT-Excempted-Goods-and-Services-(1)-1 VAT-Excempted-Goods-and-Services-(1)-2 VAT-Excempted-Goods-and-Services-(1)-3



අදහස් (0)

‘වැට් බදු වැඩිවීම සඳුදා සිට‘

චන්න ප්‍රසන්න Monday, 02 May 2016 05:05 AM

මෙල්බන් සිරිවර්දනයි ලක්මාලුයි හොඳට හොයල බලන්න මම කියුවදේ මොකක්ද කියල. (ර)

:       0       0

චින්තක Sunday, 01 May 2016 05:22 PM

රවී ඇමතිතුමාගේ මැයි දින තෑග්ග ජනතාවට පිරිනැමූ වගයි (නි)

:       0       0

කරුණාපාල Sunday, 01 May 2016 05:24 PM

අපිට සතුටුයිනේ දැන්.... (නි)

:       0       0

ජගත් Monday, 02 May 2016 06:25 AM

දැන් ජනතාව අසරණයි.(හේ)

:       0       0

තිලක් Monday, 02 May 2016 06:35 AM

පුද්ගලික පාසල් සහ රෝහල් නිසා ආණ්ඩුවට වියදම් අඩුවෙනවා. ඒවාට යන අයත් ආණ්ඩුවේ ඒවාට අවොත් ඒවටත් ආණ්ඩුව වියදම් කරන්න ඕනනේ.(හේ)

:       0       0

තිලක් Monday, 02 May 2016 06:36 AM

පුද්ගලික පාසල් සහ රෝහල් නිසා ආණ්ඩුවට වියදම් අඩුවෙනවා. ඒවාට යන අයත් ආණ්ඩුවේ ඒවාට අවොත් ඒවටත් ආණ්ඩුව වියදම් කරන්න ඕනනේ.මේ ටික මේ හරක්ට තේරෙන්නේ නැහැ.(හේ)

:       0       0

චන්න ප්‍රසන්න Sunday, 01 May 2016 07:51 PM

රජයේ අධ්‍යාපනයට සම්බන්ධ සියලු අංශ වලින් වැට් බද්ද නිදහස් කර ජාත්‍යන්තර පාසල් වලට බද්ද පැනවීම හොඳ දෙයක්. ජාත්‍යන්තර පාසලකට දරුවන් යවන්න පුළුවන් දෙමාපියන්ට පුළුවන්කමක් තිබිය යුතුයි වැට් බද්ද ගෙවන්න. රජයේ රෝහල් සියලු අංශ වලින් වැට් බද්ද නිදහස්කොට එය පුද්ගලික අංශයට පැනවීමත් හොඳ දෙයක්. ඊට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකින් බද්ද නිදහස්කොට යම් යම් දේවල් මත වැට් බද්ද ඉහළ නැංවීමද කළයුතුයි. බදු පැනවීම තුළින් ජනතාවට යම් පීඩනයකට මුහුණදෙන්න සිදුවුවත් එය රටේ දියුණුව උදෙසා මහජනතාව වන අපගේ යුතුකමක් වේ. (නි)

:       0       0

ආර්. වික්‍රම Monday, 02 May 2016 01:27 AM

මහත්තයෝ, නිකන් බොරු කියන්න එපා. බැරිකම වහගන්න කියන කතන්දර ඕවා. ජනතාවට දෙන මේ වද වලට ඔයාලට සැනසීමෙන් ඉන්න පුලුවන්ද? (නි)

:       0       0

විල්ප්‍රඩ් සිරිවර්ධන මෙල්බන් Monday, 02 May 2016 01:56 AM

චන්න ප්‍රසන්න දන්නා දෙයක් නැහැ. ආණ්ඩුවේ තියා පෞද්ගලික අංශයෙවත් වැට් තිබුනේ නැහැ. අනෙක වැට් හැම කෙනෙකුම ගෙවියයුතු වක්‍ර බද්දක් (නි)

:       0       0

ලක්මාල් Monday, 02 May 2016 02:27 AM

චන්න ප්‍රසන්න මහත්තයෝ, මෝඩකම ලෝකෙටම පෙන්වන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 63 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 119 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 135 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 139 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 61 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1874 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 864 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site