IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘වැට් සංශෝධනය නිසා රජය කාර්ය බහුලයි‘

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ව්‍යවස්ථාවේ සඳහන් නිසි කි‍්‍රයාපටිපාටියෙන් බැහැරව බවට ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළේය.කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු පණතක් හෝ කෙටුම්පතක් ඇමැතිවරයකු මාර්ගයෙන් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ යුතු බව කියා සිටි ශ්‍රෙෂ්ඨාධිකරණය, නමුත් මෙම අවස්ථාවේදී කැබිනට් මණ්ඩල අනුමැතියකින් තොරව වැට් බදු සංශෝධන පණත් කෙටුම්පත පාර්ලිමෙන්තුවට ඉදිරිපත්ව තිබෙන බව පෙන්වා දුන්නේය.

 

එසේ වුවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමෙන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ මෙම පණත් කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වීමෙන් පසු පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ බවය.අගමැතිවරයා මේ සම්බන්ධයෙන් සකස් කර තිබූ ලියැවිල්ලක් පරිශීලනය කිරීමට සන්ඬේ ටයිම්ස් වෙත අවස්ථාව හිමිවූ අතර එහි අප්‍රෙල් මස හතර වැනිදා පැවැති විශේෂ කැබිනට් මණ්ඩල හමුවක් පිළිබද කරුණු සඳහන් විය.වැට් බදු සංශෝධන පණත් කෙටුම්පත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීම මැයෙන් නම් කර තිබූ එම ලියැවිල්ලට අනුව මෙම පණත් කෙටුම්පත නීති කෙටුම්පත්වරයා මැදිහත්වීමෙන් සකස් කර 2016 ජූනි මස හය දාතමින් යුතු ලිපියකින් නීතිපතිවරයාගේ අවධානයට යොමුකර තිබේ.ව්‍යවස්ථාව උල්ලංඝණය නොවන ලෙස පණත් කෙටුම්පත සකස් කර ඇතැයි සහතික කර ගැනීමෙන් පසු එය ගැසට් කර පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර ඇත.නමුත් වරද වී ඇත්තේ එහි මෙම පණතට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි සදහන් නොවීමය.බරපතල ප‍්‍රතිවිපාක වලට මුහුණ දෙන්නට රජයට සිදුව ඇත්තේ මේ නිසාය.

 

වැට් බදු සංශෝධන පණත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබද විමසා බැලීමක් සිදුනොකළ බව පැහැදිලිව සඳහන් කළ ශ්‍රෙෂ්ඨාඡුධිකරණය එය පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමේදී නිසි කි‍්‍රයාපටිපාටිය අනුගමනය කර ඇත්දැයි පමණක් සොයා බැලූ බව ප‍්‍රකාශ කළේය.පණතක් සම්මත කර ගැනීමේදී ව්‍යවස්ථාවේ සදහන් කි‍්‍රයාපටිපාටියට අනුව මෙම අවස්ථාවේදී කටයුතු සිදුවී ඇත්දැයි අපහැදිලි වීම එයට හේතුව විය.

 

රජයේ එක්සත් ජාතික පක්ෂ පාර්ශවයට මෙය ලැජ්ජාවට කාරණයක්ම විය.දිවයිනේ විශිෂ්ටතම නීති විශාරදියින්ගේ ආශිර්වාදය ලැබී තිබියදී, එපමණක් නොව රටේ නීති පද්දතියෙන්ම සහය ලබාගැනීමේ අවස්ථාව තිබියදී, මෙවැනි සුලූ වරදක් සිදුවීමට ඉඩ හැර තිබීම එක්සත් ජාතික පක්ෂයට ඇත්තෙන්ම පසුතැවිල්ලට කාරණයකි.වැට් බදු සංශෝධනයට ප‍්‍රධානම හේතුව වූයේ මුලින් නිර්දේශ වූවාට වඩා වැඩි ණය මුදලක් ලබාගැනීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් පැනවූ කොන්දේසි වූ අතර, එම ණය මුදලේ ඊළග වාරිකය ශී‍්‍ර ලංකාවට හිමිවීම තීරණය වනු ඇත්තේ රජය දැනට පවතින ගැටලූකාරී තත්ත්වය සමනය කිරීමට ඉදිරිපත් කරන විසදුම මතය.අනාගත ප‍්‍රතිලාභ ගැන දුන් සහතික මත රජය සමග කටයුතු කිරීමට එකගවූ විදෙස් බැංකුද බලා සිටින්නේ රජයේ විසදුම ඉදිරිපත් වන තුරුය.කෙසේවුවත් පසුගිය රජයන් කිසිවක් ණය ලබාදීමේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල පැනවූ කොන්දේසි මතම රැුදී කටයුතු නොකළ බව සත්‍යයකි.එ අනුව බැලූ විට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිට දමා, පොරොන්දු ප‍්‍රකාරව කටයුතු කිරීමට නොහැකිවූ බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල හමුවේ කියා සිටීමට හැකි නම් එය එක්සත් ජාතික පෙරමුණු රජයට ආශිර්වාදයක්ම වනු ඇත.

 

කතානායක කරූ ජයසූරිය මහතා පසුගිය අගහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමෙන්තුව ඉදිරියේ කියැවූයේය.එම තීන්දුව ප‍්‍රකාරව වැට් බද්ද හා දේශය ගොඩනැගීමේ බද්දට කළ සංශෝධනයන් බල රහිත කර තිබිණ.දෙසැම්බර් නව වැනිදා නඩුව නැවත කැදවීමට නියමිතය.

 

නීති කෙටුම්පත්වරයා සකස් කළ පණත් කෙටුම්පත නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීමෙන් පසු පාර්ලිමෙන්තුවට යොමුකර තිබේ.නමුත් මෙම කි‍්‍රයාවලියේදී එම පණත් කෙටුම්පත කැබිනට් අමාත්‍යවරුන් හමුවට ඉදිරිපත් කිරීමක් ගැන හෝ එයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමක් ගැන හෝ සදහන් වන පැහැදිලි සාක්කි ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී නොමැත.පණත් කෙටුම්පතක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය යුතු බව ව්‍යවස්ථාවේ 152 වැනි වගන්තියේ සදහන්ය.2016 ජූලි මස අට වැනිදා හැන්සාඞ් වාර්තාව සැළකිල්ලට ගතහොත් පාර්ලිමෙන්තුවේ ස්ථාවර නියෝග අනුව පණත් කෙටුම්පතක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට ප‍්‍රථමයෙන් ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන් කළ යුතු වුවත් වැට් බදු සංශෝධන පණත් කෙටුම්පත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ මුදල් ඇමැතිවරයා එසේ කිසිවක් සඳහන් කර නැත.රටේ බදු ගෙවන ජනතාව මත විශාල බරක් පැටවෙන හෙයින් මෙම පණතේ සදහන් බදු පැනවීමේ, ඇගයීම් කිරීමේ, හා එකතු කිරීමේ විධිවිධානයන් නැවත විමසුමට ලක් විය යුතුය.මහජන සංචිත ගැන සදහන් වන ව්‍යවස්ථාවේ 152 වැනි වගන්තිය ප‍්‍රකාරව මෙම පණත් කෙටුම්පත සකස් විය යුතු බව අපගේ මතයයි.

 

ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සදහන්ය.

 

අගහරුවාදා අමාත්‍ය මණ්ඩල හමුවේදී ද වැඩි අවධානයක් යොමුවූයේ මේ සම්බන්ධයෙන්ය.කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කළ අගමැති වික‍්‍රමසිංහ පාර්ලිමෙන්තුවේ උත්තරීතර භාවය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු සම්බන්ධයෙන් අදහස් පළ කළේය.එක් අවස්ථාවකදී හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතා පාර්ලිමෙන්තුවේ උත්තරීතරභාවය සළකා තීරණ ගත් බව ඔහු සිහිපත් කළේය.

 

කතානායක අනුර බණ්ඩාරනායකගේ සමයේ එවක ශ්‍රේෂ්ඨාධිකරණය, අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට පාර්ලිමෙන්තුව දියත් කර තිබූ සැළසුම් ව්‍යර්ථ කරමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබිණ.මෙයට පිටු 25 ක පිළිතුරක් සකස් කළ බණ්ඩාරනායක, එවැනි නියෝගයක් අනුව කටයුතු කිරීමට පාර්ලිමෙන්තුව බැදී නොමැති බවත්, ජනතාවට වගකිව යුතු වන්නේ පාර්ලිමෙන්තුව හෙයින් එය උත්තරීතර බවත් කියා සිටියේය.ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ගැටුමක් ඇතිවීම තම නියෝගය නිසා වැළැකෙන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 

අගමැතිවරයා ඉදිරිපත් කළ මෙම උදාහරණය, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොතකා පාර්ලිමෙන්තුවට කටයුතු කළ හැකියැයි කළ යෝජනාවක් හා සමවිය.මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡුා කැරිණ.තවත් යෝජනාවක් වූයේ නව සංශෝධන සහිතව පණත් කෙටුම්පත නැවත ඉදිරිපත් කිරීමය.කල්පනාභරිතව මෙයට පිළිතුරු දුන් අගමැති වික‍්‍රමසිංහ කියා සිටියේ ඒ සදහා සැළකිය යුතු කාලයක් ගතවනු ඇති බවය.ගැසට් කිරීමෙන් පසු, ජනමත විචාරණයකට යොමු කිරීමට සිදුවන හෙයින් සියලූ කටයුතු සම්පූර්ණ වීමට සති තුනක හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.නමුත් කැබිනට් මණ්ඩල ඇමැතිවරුන්ගේ වැඩි කැමැත්ත හිමිවූයේ නව සංශෝධන සහිතව පණත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ යෝජනාවටය.මේ හමුවේ අගමැතිවරයා තම කැබිනට් පති‍්‍රකාව ඉවත් කරගත්තේය.රජයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය සමග සාකච්ඡුා කර පණත් කෙටුම්පතට සිදුවිය යුතු සංශෝධන පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීමට අවසානයේ තීරණය විය.මේ සම්බන්ධයෙන් නිල නොවන මට්ටමින් දැනටමත් සාකච්ඡුා පැවැත්වෙමින් ඇත.දෙපාර්ශවය අතර මත භේදයට තුඩු දිය හැකි ඇතැම් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට අගමැති වික‍්‍රමසිංහගේ මැදිහත් වීම අපේක්ෂිතය.සිය චීන සංචාරය නිමවා දිවයිනට පැමිණීමෙන් පසු ඔහු මෙම කටයුතු වලට එක්වනු ඇත.

 

මේ අතරම නොවැම්බර් මස ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සදහා යෝජනා සකස් කිරීමේ කටයුතු වලද රජය නිරතව සිටී.බදු පදනම තවත් පුලූල් කරගැනීම රජයේ වුවමනාව වන අතර ඒ සම්බන්ධයෙන් වන නිර්දේශ වහ වහා අයවැය යෝජනාවලියට ඇතුළත් කරගැනීම එක්සත් ජාතික පක්ෂය උත්සාහයයි.නමුත් ඔවුනට බාධකයක් වී ඇත්තේ රජයේම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවයයි.වැට් බද්දේ ඇතැම් සංශෝධනයන්ට පවා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එකහෙළාම විරෝධය දක්වා ඇත.එයින් එකක් වන්නේ සිල්ලර වෙළදසැල් හිමියන් මත පැනවීමට නියමිත රුපියල් ලක්ෂ 10 ක බදු සීමාවයි.එනම් දිනකට රුපියල් 33, 300 ක මුදලක් බදු සදහා වෙන් කිරීමට ඔවුනට සිදුවේ.ඇතැම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් මෙන්ම, ඇමැතිවරුන්ද මෙම නිර්දේශයට දැඩිව විරෝධය දක්වා ඇති අතර වහාම වෙනසක් සිදු නොකළහොත් වැට් බදු සංශෝධන පණත් කෙටුම්පත පාර්ලිමෙන්තුවේ ඡුන්ද විමසීමට ලක් කෙරෙන අවස්ථාවේදී එයට සහය දීමෙන් වළකින බවට අවධාරණය කර තිබේ.පාර්ලිමෙන්තුවේ විවාදයක් පැවැත්වීමට සූදානම් කර තිබූ දිනයක මුලූ දිවයිනේම සිල්ලර වෙළදසැල් වසා දැමිීමට ගෙන තිබූ තීරණයක් වෙනස් කිරීමට පසුගිය සතියේ ජනපති මෛතී‍්‍රපාල සිරිසේනටම මැදිහත් වන්නට සිදුවිය.මෙවන් වාතාවරණයක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අබිබවා යමින් වැට් බදු පණත් කෙටුම්පත පාර්ලිමෙන්තුවේ සම්මත කරගන්නට තබා, එම පණත් කෙටුම්පතෙහි ඇති නිර්දේශයන්ට අනුමැතිය ලබාගැනීමට පවා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සහය ලබාගැනීම එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක්ව තිබේ.මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු වන විශේෂ ඇගයීම් අමාත්‍ය සරත් අමුණුගම මහතා, පක්ෂයේ මධ්‍යම කාරකසභාව නම් කරන ලද විශේෂ කමිටුවක් පණත් කෙටුම්පතට සිදුකළ යුතු නව සංශෝධන පිළිබදව සොයා බලමින් සිටින බව පැවසුවේය.වැට් බදු සංශෝධන අරබයා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට වෙනසක් අවැසි බව මෙයින් හොදින්ම පැහැදිලිය.

 

ආදායම් අය කරගැනීම මූලික කොට සකස් කර ඇති යෝජනා කි‍්‍රයාත්මක වීමේ ප‍්‍රමාදය සම්බන්ධයෙන් මුදල් ඇමැති රවී කරුණානායක මහතා අදහස් පලකළේය.නව අයවැය යෝජනා සදහන් වාර්තා 23 ක් ඔහු තම කැබිනට් මණ්ඩල සගයන් අතර බෙදා හැරියේය.සුරාබදු ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් වූ යෝජනා ඒවා අතරින් ප‍්‍රධාන විය.වැට් බද්දේ ආරම්භය ගැනද අදහස් දැක්වූ ඇමැතිවරයා 2002 අගෝස්තු මස පළමුවැනිදා සිට කි‍්‍රයාත්මකව ඇති වැට් බද්ද මුලින් සියයට 20 ක සාමාන්‍ය සහ සියයට 10 ක සහන ලෙස ප‍්‍රතිශයන් දෙකක් යටතේ හදුන්වාදී ඇති බවත්, 2004 වසරේදී එය සියයට 15 ක් දක්වා ඉහළ නංවා තිබෙන බවත් පැවසුවේය.2005 වසරේදී වැට් බදු අයකර ගැනීමේ ක‍්‍රමවේදය නැවත වෙනස් කර ඇති බව කියා සිටි ඔහු, එය කොටස් තුනක් යටතේ, එනම් සියයට 18 ක ප‍්‍රතිශතයක් සුඛෝපභෝගී මට්ටමින්ද, සියයට 15 ක් සාමාන්‍ය මට්ටමින්ද, සියයට 5 ක් ප‍්‍රාථමික මට්ටමින්ද, අය කරගෙන ඇති බව පැහැදිලි කළේය.

 

2009 සිය 2014 දක්වා සියයට 12 ක තනි වැට් බද්දක් අය කර ඇති බවත්, 2015 දී එය සියයට 11 ක් දක්වා පහත දමා ඇති බවත් මුදල් ඇමැතිවරයා කීවේය.

 

බදු අයකරගැනීමට තිබෙන සීමාව පසුගිය වසරේ සැළකිය යුතු ලෙස වෙනස් වෙලා තිබෙනවා.එයයි 2016 වසරට සියයට 16 ක වැට් බදු ප‍්‍රතිශයතයක් හදුන්වාදෙන්න හේතුව කරුණානායක සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් පැවසුවේය.අගහරුවාදා පාර්ලිමෙන්තුව ඇමතූ ඔහු වැට් බදු පණත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළේ නිසි කි‍්‍රයාමාර්ග අනුගමනය කිරීමෙන් පසු බව අවධාරණය කළේය.

 

දුම්කොළ ආශ‍්‍රයෙන් සකස් කෙරෙන නිශ්පාදනයන් මත පැනවී තිබෙන බදු සම්බන්ධයෙන්ද පසුගිය අගහරුවාදා අමාත්‍ය මණ්ඩල හමුවේ අවධානය යොමුවිය.එහිදී අදහස් දැක්වූ සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම නිශ්පාදනයන් මත වඩා ත් ඉහළ බදු පැනවිය යුතු බව පැවසුවේය.නමුත් එයට එරෙහිව අදහස් දැක්වූ මුදල් ඇමැති කරුණානායක, එකවරම ඉහළ බද්දක් පැනවුවහොත් දැනට උපයා ගන්නා බදු ආදායමේ විශාල ලෙස පහත යනු ඇති බවත්, සිදුවිය යුත්තේ ක‍්‍රමානුකූලව බදු පැනවීම බවත්, පෙන්වා දුන්නේය.නැවත වරක් අදහස් දැක්වූ සේනාරත්න, දුම්කොළ නිශ්පාදන භාවිතය නිසා ජනතාවට මුහුණදෙන්නට සිදුවන සෞඛ්‍යය ගැටලූ වලට විසදුම් සෙවීමට රජයට විශාල පිරිවැයක් දැරීමට සිදුව තිබෙන බව පැවසුවේය.සෞඛ්‍යය අමාත්‍යංශයේ වාර්තා වලට අනුව ඖෂධ වලට අති විශාල මුදලක් වැය වෙමින් තිබෙන්නේයැයි සෞඛ්‍යය ඇමැතිවරයා කීවේය.දුම්කොළ නිශ්පාදන මත පැනවෙන බදු සහ සෞඛ්‍යය වියදම් සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡුා පැවැත්වීමට නියමිතය.

 

වැට් බදු සංශෝධන කි‍්‍රයාත්මක වීම ප‍්‍රමාද වීම නිසා ආදායම් එකතු කරගැනීම රජය හමුවේ තිබෙන බරපතල ගැටලූවකි.නමුත් එසේයැයි කියා නව යෝජනා සළකා බැලීමද, නව ව්‍යාපෘති ආරම්භ කිරීමද, රජය අතපසු කර නැත.මෙම ඇතැම් ව්‍යාපෘති රටේ අනාගතය පිළිබද මහා අපේක්ෂා දැනවීමේ සමත්ය.එයින් එකක් ලෙස කොළඹ හා තදාසන්න ප‍්‍රදේශ වල රථවාහන තදබදය අවම කිරීමට ජපාන ආර්ථික, වෙළද හා කර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍යංශය ඉදිරිපත් කර තිබෙන ව්‍යාපෘති යෝජනාවක් ගත හැකිය.මෙම අමාත්‍යංශය නියෝජනය කරමින් මෙරටට පැමිණි විශේෂ දුූත කණ්ඩායමක් පසුගියදා ආර්ථීක කටයුතු පිළිබද විශේෂ කැබිනට් කමිටුව හමුවූ අතර එහිදී ඔවුහු විශේෂ ණය පහසුකමක් ආධාරයෙන් ශී‍්‍ර ලංකාවේ නගරාසන්න රථවාහන තදබදයට විසදුමක් ලබාදිය හැකි ක‍්‍රමවේදයක් හදුන්වාදීමට කැමැත්ත පලකළෝය.ඒ සම්බන්ධයෙන් මොනෝ රේල් හා ලයිට් රේල් යන ප‍්‍රවාහන මාධ්‍ය දෙක වෙන් වෙන් වශයෙන් ගෙන විශේෂ පැහැදිලි කිරීමක යෙදුණු ඔවුහු, මොනෝරේල් ප‍්‍රවාහන ක‍්‍රමය හදුන්වාදීම සම්බන්ධයෙන් ශඛ්‍යතා පරීක්්ෂණයක් දැනටමත් පවත්වා අවසන් බවද, එම පරීක්ෂයේ ප‍්‍රතිඵල මෙන්ම, ප‍්‍රවාහන සදහා ගතවන කාලය, වියදම, සහ විශේෂ ණය පහසුකමේ ප‍්‍රතිපාදන අනුව කොළඹ රථවාහන තදබදයට ගැලපෙන හොදම විසදුම වන්නේ මොනෝරේල් ප‍්‍රවාහන ක‍්‍රමයක් බව පැවසුවෝය.

 

ලයිට් රේල් පද්දතියක් හදුන්වාදීමට පෙර ඒ සම්බන්ධයෙන් ශඛ්‍යතා පරීක්ෂණයක් සිදුකළ යුතුය.ශී‍්‍ර ලංකා රජයේ අනුමැතිය හිමිවේ නම් එම ශඛ්‍යතා පරීක්ෂණයද සිදුකිරීමට කැමැති බව මෙම ජපාන දුූත පිරිස කීවෝය.මේ සම්බන්ධයෙන් නිසි අධ්‍යනයක් සිදුකර ලයිට් රේල් ප‍්‍රවාහන ක‍්‍රමයක් ඇතිකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනෙනු ඇත.වසර හතරක් ගතවීමට මත්තෙන් මෙම කටයුතු සිදුවන අතර, ව්‍යාපෘතිය පිළිබද ශඛ්‍යතා අධ්‍යනය වසරක කාලයක් ඇතුළත අවසන් කිරීමට නියමිතය.ඒ සදහා අන්තර්ජාතික සහෝගීතාව සදහා වන ජපාන ඒජන්සිය (ජයිකා* ආධාර ලබාදෙනු ඇත.ඉඩම් පවරා ගැනීම සහ අදාළ ගෙවීම් කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීමට තීරණය විය. යැයි මෙම හමුව සම්බන්ධයෙන් සකස් කර තිබෙන වාර්තාවේ සදහන්ය.

 

රජය හා පෞද්ගලික අංශය එක්ව ගොඩනගාගන්නා සමාගමක් යටතේ ස්වදේශීය ගුවන් ගමන් සදහා වෙනම ගුවන්සේවයක් ආරම්භ කිරීම, ඉදිරිපත්ව තිබෙන තවත් ව්‍යාපෘති යෝජනාවකි.මේ සම්බන්ධයෙන් තවත් වැඩිදුර තොරතුරු අනාවරණයව නැතත්, දිවයින පුරා පිහිටි ප‍්‍රාදේශීය ගුවන් තොටුපළ අලූත්වැඩියා කිරීමට රජය කටයුතු කරමින් සිටිනු දැකගත හැකිය.මේ අතර විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කරමින් විදේශයන්හි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාල වල සේවය කරමින් සිටින නිලධරයින්ට ඔවුන්ගේ සේවා කාලය අවසානයේ බදු රහිතව රථවාහන මිලයට ගැනීමේ වරප‍්‍රසාදය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.විවිධ උත්සව, රැුස්වීම් හා වෙනත් වැදගත් අවස්ථා සදහා සහභාගී වීමට එම නිලධරයින්ට පෞද්ගලික ප‍්‍රවාහන මාධ්‍යය භාවිතා කිරීමට සිදුව තිබෙන බවද විදේශ ඇමැතිවරයා පැවසුවේය.

 

පසුගිය සිකුරාදා, සීඑච්ඊසී පොර්ට් සිිටි කලම්බෝ සමාගම, මෙගාපොලිස් අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය ති‍්‍ර පාර්ශවික ගිවිසුමකට අත්සන් කළේය.මේ අනුව වරාය නගර ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට එම සමාගමට සහ ව්‍යාපෘතියේ දේශීය හවුල්කරුවන්ට දැන් නීතිමය අවසරය හිමිය.

 

ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වීම ප‍්‍රමාදවීම නිසා සිදුවූ අලාභයට ගෙවීමක් ලෙස වරාය නගරයෙන් හෙක්ටයාර දෙකක වැඩි බිම් කොටසක් ලබාදෙන ලෙස මුල් අවස්ථාවේදී කළ ඉල්ලීම, මෙම ති‍්‍ර පාර්ශවික ගිවිසුමෙන් ඉවත් කරගැනීමට ඉදිකිරීම් සමාගම කටයුතු කර තිබිණ.ඔවුන් එසේ කර ඇත්තේ ජනපති සිරිසේන කළ ඉල්ලීමකට අනුවය.

 

වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය - වෙළද ගැටලූ යැයි අගමැති වික‍්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පති‍්‍රකාවක මෙලෙස සදහන්ය.

 

ති‍්‍රපාර්ශවික ගිවිසුම අත්සන් කළ හා සමගම කොළඹ ජාත්‍යන්තර වෙළද මධ්‍යස්ථානය ලෙස විශේෂ වෙළද මධ්‍යස්ථානයක් ඉදිකරනු වස් ඉදිකිරීම් කටයුතු භාර සමාගම ශී‍්‍ර ලංකා රජය හා සාකච්ඡුා ආරම්භ කරනු ඇත.අත්පත් කරගන්නා පළමු බිම් කොටස් මත, එම වෙළද මධ්‍යස්ථානය ඉදිකිරීමට ඇති හැකියාව සොයා බැලීම එම සාකච්ඡුා වල ප‍්‍රධාන අරමුණයි.මෙයට අමතරව අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීම, ශඛ්‍යතා අධ්‍යනයක් සිදුකිරීම ආදිය සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡුා වලදී අවධානය යොමුවිය යුතුය.අත්පත් කරගන්නා බිම් කොටස් මත මෙම වෙළද මධ්‍යස්ථානය ඉදිකරනු වස් එකගතාවක් ඇතිකර ගත් වහාම මෙම කරුණු සැළකිල්ලට ගත යුතුය.

 

අගමැතිවරයාට අනුව මෙම ති‍්‍රපාර්ශවික ගිවිසුමේ සංශෝධනට ලක්වනු ඇති තවත් කරුණක් වනු ඇත්තේ යෝජිත ඉඩම් කලමණාකරන සමාගම පිළිබද තිබෙන සදහන් කිරීම්ය.වරාය නගරයේ පොදු ස්ථාන සංවර්ධනය කිරීම, නඩත්තු කිරීම ආදී වගකීම් පැවරෙන්නේද මේ සමාගමටය.මෙහි සම්පූර්ණ හිමිකාරීත්වය ශී‍්‍ර ලංකා රජයට ලබාගැනීමට නියමිතය.ඉඩම් කලමණාකරන සමාගම ආදායම් උපයන තත්ත්වයට පත්වන තෙක් එය පවත්වාගත යුත්තේ රජයේ මුදල් යෙදවීමෙන් බව පෙන්වා දී ඇති අගමැතිවරයා ඒ සදහා ශී‍්‍ර ලංකා රජය යෝජනා කරන තවත් පාර්ශවයකට එක්විය හැකි බවද සදහන් කර ඇත.මේ සම්බන්ධයෙන් ඉදිකිරීම් සමාගම හා සාකච්ඡුා පවත්වන ලෙස මෙගාපොලිස් අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇති බව පවසන අගමැතිවරයා, මුදල් යෙදවීමේ කටයුතු සදහා කොළඹ මහ නගර සභාව එක් කරගැනීමට තිබෙන අවස්ථා ගැනද අවධානය යොමුකළ යුතු බව කියා ඇත.රජයට හා ඉදිකිරීම් සමාගම යන දෙපාර්ශවයම මෙම කරුණු සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණි පසු ගිවිසුමට අදාළ සංශෝධනයන් සිදුකෙරෙන බව ඔහු පවසා තිබේ.

 

ති‍්‍රපාර්ශවික ගිවිසුම අනුව අවශ්‍යශ සියලූ බලපත් හා වාර්තා ලබාගැනීමේ වගකීම පැවරී ඇත්තේ ශී‍්‍ර ලංකා රජයටය.මේ අතරට පාරිසරික අධ්‍යන වාර්තාව ලබාගැනීමද ඇතුළත්ය.ඉදිකිරීම් සිදුවන අතරතුරදී මෙම බලපත‍්‍රයක හෝ වාර්තාවක ගැටලූවක් මතුවී අලාභ සිදුවුවහොත් රජය මැදිහත්ව එම අලාභ පියවිය යුතුය.මෙම බලපත් හා වාර්තා සපයා ගැනීම ඉදිකිරීම් සමාගමේ වගකීම විය යුතු බවට නීතිපතිවරයා මුලින් නිර්දේශ කළ අතර, නමුත් සමාගම එය ප‍්‍රතික්ෂේප කළේය.ඉදිකිරීම් සමාගම හා රජය අතර ඇතිවූ එකගතාවයකින් පසු අවසානයේ රජය බලපත‍්‍ර හා වාර්තා සපයා ගැනීමේ වගකීම භාර ගත්තේය.එම කටයුතු සදහා අවශ්‍ය ආධාර ලබාදෙන බව ඉදිකිරීම් සමාගම පවසා තිබෙන අතර, කිසිදු අවදානමකට මුහුණ නොදෙන බවත්, සියලූ වගකීම් රජය, මෙගාපොලිස් සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය දැරිය යුතුව තිබෙන බවත්, වැඩිදුරටත් කියා ඇත.

 

හෙක්ටයාර 269 ක ප‍්‍රදේශයක් නාගරික සංවර්ධන පණත ප‍්‍රකාරව සංවර්ධනය සදහා වන කලාපයක් ලෙස වෙන් කෙරෙනු ඇත.ජල ප‍්‍රදේශ වලට සහ වරාය දකුණ දියකඩන ප‍්‍රදේශයට ඇතුල්වීම සදහා අවසරය ලබාගත යුත්තේ ශී‍්‍ර ලංකා වරාය අධිකාරියෙන් වන හෙයින් මෙගාපොලිස් අමාත්‍යංශයේ හා වරාය අධිකාරියේ ලේකම්වරුන් මැදිහත්ව ඒ සදහා විශේෂ යාන්ත‍්‍රණයක් සකස් කිරීමට නියමිතය.ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය ති‍්‍ර පාර්ශවික ගිවිසුමේ කොටස්කරුවෙක් නොවීම මෙයට හේතුවයි.ශී‍්‍ර ලංකා රජය ගිවිසුම් ප‍්‍රකාරව කටයුතු කිරීමේදී ඇතැම් අවස්ථාවල ශී‍්‍ර ලංකා වරාය අධිකාරියට ලැබිය යුතු ගෙවීම් නියාමනය කෙරෙන අභ්‍යන්තර යාන්ත‍්‍රණයක් සකස් කිරීමටද අවධානය යොමුව තිබේ.

 

සිව්දින නිල සංචාරයක් සදහා අගමැතිවරයා පසුගිය සිකුරාදා චීනය බලා පිටත්ව ගියේය.සංවර්ධන ව්‍යාපෘති සහ බැංකු කටයුතු පිළිබද සොයාබැලීම ඔහුගේ සංචාරයේ අරමුණයි.අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද චීනයේ සංචාරයක යෙදීමට සැළසුම් කර තිබේ.

 

වැට් බදු සංශෝධන කි‍්‍රයාත්මක වීම අත්හිටුවා තිබීම හමුවේ රජයට සිදුවෙමින් තිබෙන අලාභය දිනෙන් දිනම ඉහළ යමින් ඇත.බදු සංශෝධන අත්හිටුවීම නිසා පෙර මාස වල වැඩිපුර අයකරගත් මුදල් නැවත ලබාගත හැකිදැයි පැනයක් ජනතාව අතරින් මතුව ඇත.එසේ ගෙවූ ඇතැම් මුදල් දැන් ලබාගැනීමට හැකියාවක් නැතත්, සන්නිවේදන ආදී ක්ෂේත‍්‍රයක් සැළකුවහොත් වැඩිපුර ගෙවූ මුදල් ලබාගැනීමට හෝ ඉදිරි බිල්පත් වලින් එම මුදල් වලට සරිලන සහනයක් ලබාගැනීමේ අවස්ථාවක් ජනතාවට ඇත.මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සිටින්නේ වැට් බදු සංශෝධන යෝජනා තවදුරටත් සොයා බැලිය යුතුයැයිද, නව සංශෝධන සිදුකළ යුතුයැයිද යන මතයේය.ඉදිරිපත් වන යෝජනා වලට දෙපාර්ශවයම එකගවීමද වැදගත් වන අතර එසේ නොවුවහොත් අපහසුතාවට පත්වන්නේ රජයමය.මේ හමුවේ, ආරම්භ කර ඇති විසල් ව්‍යාපෘති වල ප‍්‍රතිලාභ ජනතාවට ලැබෙන්නේ කවදාදැයි ඇත්තේ සැකයකි.ජනතාව ඉවසා සිටීවිද? රජය හමුවේ ඇති ප‍්‍රබලම පැනය එයයි.

 

 

 

යාපනය සමග ඇති ඓතිහාසික ඇමරිකා සබදතා තර කරන්නට ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව එක්වෙයි.

 

අතුල් කෙෂාප්

 

ශී‍්‍ර ලංකාවේ ඇමරිකා තානාපති

 

යාපනයට මුල්ම වරට ඇමරිකා මිෂනාරිවරුන් පැමිණියේ 1813 දීය.ගරු සැමුවෙල් නෙවෙල්, තෙල්ලිපලෙයි හි පළමු ඇමරිකා පාසල ඉදිකළ අතර පසුව සිය ගණනින් පාසල් හා වෛද්‍ය මධ්‍යස්ථාන යාපනයේ ඉදි කැරිණ.ඒවායින් සහන සැළසුනේ ශී‍්‍ර ලංකාවේ උතුරුකරයේ විසූ ජනතාවටය.මෙම ගැඹුරු සබදතාවයට තවත් දිගුවක් එක් කරමින් ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ ඔපරේෂන් පැසිෆික් ඒන්ජල් ව්‍යාපෘතිය පිළිගැනීමට යාපනය සැරසෙන්නීය.යාපනය හා යාබද පෙදෙස් වල පිහිටි පාසල් නවීකරණය කිරීම, ජනතාවට වෛද්‍ය සේවා ලබාදීම, මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

 

මෙම සතියේ මම යාපනයට යන්නෙමි.එය මට සතුට දනවන හැගීමකි.එහිදී මම පැසිෆික් ඒන්ජල් මෙහෙයුම හා සම්බන්ධ නිලධරයින්, සිවිල් සමාජ කි‍්‍රයාකාරීන්, දේශපාලන නායකයින්, මාධ්‍ය හා වෙනත් බොහෝ දෙනා හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටින්නෙමි.ශී‍්‍ර ලංකාවේ අනාගතය වෙනුවෙන් ඇමරිකාව කැපවී සිටින බව අවධාරණය කළ යුතුය.2015 ජනවාරි මස පැවති ජනපතිවරණයත් සමග සිදුවූ බල පෙරළිය, ඇමරිකාව සමග නව, ශක්තිමත් සබදතා ගොඩනගා ගැනීමට ශී‍්‍ර ලංකාවට මාර්ගය විවර කර දුන්නේය.ඒකාධිපතිත්වයට තැන දී, ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරමින් සිටි පාලනයක් අවසන් කර යහපාලනයට, සංහිදියාවට තැන දෙන නව පාලනයක් රටේ ස්ථාපිත කිරීමට ශී‍්‍ර ලංකා ජනතාව කටයුතු කළෝය.වත්මන් රජය රටේ දේශපාලනයේ හා ආර්ථික කටයුතු වල අනාගතය යහපත් කිරීමට දැනටමත් පියවර රැුසක් ගෙන අවසන්ය.ශී‍්‍ර ලංකාවේ බහුවාර්ගික ජනතාව සමග ඔවුන් හොද සබදතා ගොඩනගාගනිමින්ද සිටින්නේය.මෙය හදුනාගෙන සිටින ඇමරිකාව මෙන්ම අන්තර්ජාතික ප‍්‍රජාවද සිටින්නේ ශී‍්‍ර ලංකාව සමග වඩ වඩාත් සබදතා ඇති කරගනිමින්ය.

 

දැන් වඩ වඩාත් ඇමරිකා සංචාරකයින් ශී‍්‍ර ලංකාවට පැමිණෙමින් සිටින බව ඔබ වටහාගෙන ඇතුවාට සැක නැත.එය එදා ශී‍්‍ර ලංකාවට පැමිණි ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී දුන් පොරොන්දුවක ප‍්‍රතිඵලයකි.

 

වසර ගණනක දුක් විදීම සහ පීඩනය අවසන් වුනු, සාමයෙන් හා සෞභාග්‍යයෙන් සළකුණු වුනු, ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සහ දීප්තිමත් අනාගතයක් ඇති කිරීම වෙනුවෙන් ඇමරිකාව ඔබ සමග නැගී සිටිනවා යැයි ඔහු පැවසුවේය.ශී‍්‍ර ලංකාවට වැඩි වැඩියෙන් පැමිණෙමින් සිටින ඇමරිකා සංචාරකයින්ගෙන් සංකේතවත් වන්නේ අන්තර්ජාතික සබදතා, ආර්ථික සංවර්ධනය, සංවර්ධන සහය, යුදමය වෘත්තිකත්වය වැනි ක්ෂේත‍්‍ර රැුසක් පදනම් කොට ශී‍්‍ර ලංකාවට සහය දැක්වීමට ඇමරිකාව ඉදිරිපත්ව සිටින බවය.

 

දශක තුනක් පුරා අදුරේ ගෙවූ ඒ බිහිසුණු කාලයද, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී රජයන්ද, අප කිසිවකුට අමතක නැත.

 

එදා සහ අද තත්ත්වය සන්සන්දනය කර බලන්න.සිවිල් සමාජ කණ්ඩායම් සකි‍්‍රීය ලෙසම කි‍්‍රයාත්මකය.තීන්දු හා තීරණ ගැනීම සම්බන්ධයෙන් රජය සකස් කර තිබෙන කාර්ය බලකා වල වැදගත් පුද්ගලයෝ ඔවුහුය.පැහැරගැනීමට ලක්වේයැයි මාධ්‍යවේදීන් බිය විය යුතු නැත.අතුරුදන් වෙනුවෙන් වෙනම කාර්යාලයක් පිහිටුවීමට ශී‍්‍ර ලංකා රජය ගත් තීරණයද, එය පාර්ලිමෙන්තුවේ සම්මත වීමද, අතුරුදන්ව සිටින්නන්ගේ අයිතීන් හා ඔවුගේ පවුල් වල සාමාජිකයින්ගේ අවශ්‍යතාවන් සැළකීමේදී ඉතාම වැදගත්ය.

 

ජනතාව ඉදිරිපත් කළ ඉල්ලීම් අනුව අවශ්‍ය උපාංග සහ සංවර්ධන කටයුතු සිදුකිරීමට ඔපරේෆන් පැසිෆික් ඒන්ජල්, ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සමග අත්වැල් බැදගෙන කටයුතු කරනු ඇත.මෙය ශී‍්‍ර ලංකාව සමග දිගටම කටයුතු කිරීමට ඇමරිකා එක්සත් ජනපදය කැපවී සිටින බව පෙන්වා දෙන වැඩසටහන් ගණනාවක් අතුරින් එකක් පමණකි.අපට ඔබ පසුකර යාමට වුවමනාවක් නැත.අපිට අවැසි ඔබත් සමගම මේ ගමන යන්නටය.ශී‍්‍ර ලංකාවේ සියලූ ජනතාව සමග සබදතා තර කරගන්නටය.ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කළායින් පසු එතෙක් නොතිබුණු අන්තර්ජාතික සහය ශී‍්‍ර ලංකාවට දැන් ලැබී ඇත.ශී‍්‍ර ලංකාවේ ජනතාව සම්බන්ධයෙන් අප සියලූම දෙනාට ඇත්තේ එකම දැක්මක් වීම එයට හේතුවයි.අතිශයින් කලබලකාරී, නොසන්සුන්කාරී ලෝකයක, සාමය, සංහිදියාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සෞභාග්‍යය රජයන දිදුළන රටක් බවට පත්වීමට ශී‍්‍ර ලංකාවට හැකියාව ඇත.අපේ දැක්ම එයයි.

 



අදහස් (0)

‘වැට් සංශෝධනය නිසා රජය කාර්ය බහුලයි‘

අජිත් කරුණාරත්න Sunday, 14 August 2016 02:53 PM

මගේ අදහස නම් ආනයනය කරන භාණ්ඩවලට නියම කරන සියලු බදු වරාය තුළදීම අය කරගෙන අවසන් කරන එක සුදුසුය යන්නයි. වරායෙන් පිට කළාට පසු කිසිම බද්දක් පනවන්න අවශ්‍ය වන්නේ නැහැ,එවිට බදු මිල එක එක විධියට අඩු වැඩි වන්නේත් නැහැ. (බ)

:       0       0

ධම්ම Sunday, 14 August 2016 09:02 AM

මේ දේශපාලන ඔස්තාර්ලා යයි කියා ගන්නා අය ඔය පනත නිසි පිළිවෙලට ඉදිරිපත් කරන්නවත් දන්නේ නැද්ද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 528 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 649 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 364 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 253 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1059 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 897 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site