(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වැල්ලේ සුරංගගේ සහෝදරයා ඉලක්ක කරගෙන කොටහේන ඉබ්බගෙ වත්ත හන්දිය ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීම ඉලක්කය වැරදී යාමෙන් ඔහුගේ දිවි බේරී ඇතැයි කොටහේන පොලීසිය කියයි
කොටහේන රොක් හවුස් ප්‍රදේශයේ පදිංචි ගමගේ සනත් රුවන් නැමැති වැල්ලේ සුරංග ගේ සහෝදරයා බිරිඳ සමග පහරදීමක් සම්බන්ධයෙන් වූ නඩුවකට පෙනී සිටීම සඳහා අලුත් කඩේ අංක හය අධිකරණ වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි
ඉබ්බගේ වත්ත හන්දිය ප්‍රදේශයේදී වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් වම් පසින් ත්‍රී රෝද රථයට ඉස්සර කර නවතා එයින් බැස ආ පුද්ගලයකු ටී 56 ගිනි අවිය එල්ල කිරීමත් සමඟම ත්‍රීරෝද රථ රියදුරු ත්‍රිරෝද රථය අත්හැර දමා පලා යාමත් සමගම එහි පිටුපස ගමන්ගත් වැල්ලේ සුරංග ගේ සහෝදරයා ද ත්‍රිරෝද රථයෙන් පිටතට පැන දිව යාමත් සමග වෙඩික්කරු අත දරා සිටි ටී 56 ගිනි අවියෙන් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත
වෙඩි ප්‍රහාර එම ස්ථානයේ බිමට සහ තාප්පයකට වැදී ඇති අතර හිස් පතරොම් කොපු හතරක් එම ස්ථානයේ තිබී සොයාගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය
කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩි ජේ ආර් එස් නිශාන්ත කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් පි ලිහිනිය කුල මහතා පරීක්ෂණ පවත්වයි
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෙඩික්කරුගේ ඉලක්කය කොටහේනේදී වරදියි