IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


වෙඩික්කරුට සහය දුන් පාතාලයා මාස 5කට පසු අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන මාරිමුත්තු ගනේශ් රාජා නොහොත් මන්න කන්නා නමැත්තාට වෙඩි තබා ඝාතනය  කිරීම සඳහා  වෙඩික්කරු  යතුරුපැදියෙන් රැගෙන ආ අපරාධ කල්ලි සාමාජිකයා මාස පහකට පසු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

මෙසේ අත්අඩංගුවට ගත් නාවුර් මිරාන් මිලාන් නොහොත් සුදු නැමැති  සැකකරු සන්තකයේ  තිබී හොරයින් මත්කුඩු ගෑම් 2 මිලිගෑම් 932 ක් හා යතුරු පැදියද  පොලිස් බාරයට ගෙන ඇත.2022 නොවැම්බර් මස 19 වැනි දින ග්‍රෑන්ඩ්පාස්  නවගම්පුර දි සිදු කළ මෙම වෙඩි තැබීමෙන් මන්න කන්නාගේ හිසට බරපතළ තුවාල සිදුවිය. සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ  බුද්ධි  නිලධාරීන්ට ලද තොරතුරකට අනුව   මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සංවිධානාත්මක අපරාධ කරුවකු හා  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඉන්දියාවේ දී අත්අඩංගුවට පත්ව සිරගතව සිටින පලනි රිමෝශන්  නැමැත්තාගේ කොන්ත්‍රාත්තුවක් මත  වෙඩික්කරු රැගෙන පැමිණි බවත් ඔහු නොහඳුනන බවත් අනාවරණය කළ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බව  පොලීසිය කියයි.

 



අදහස් (0)

වෙඩික්කරුට සහය දුන් පාතාලයා මාස 5කට පසු අල්ලයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 598 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 564 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 429 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 616 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 2546 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 364 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27201 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 18965 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 652 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site