(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
සංවිධානාත්මක අපරාධකරුවන්ට පුද්ගල ඝාතන සඳහා සොරාගත් යතුරු පැදි සපයන පුද්ගලයකු මෝදර බෝලවිස්ටා වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
විවිධ අපරාධවලට යෙදවූ බව කියන යතුරු පැදි 3 ක් සහ එහි ලිපි ලේඛන සැකකරු සන්තකයේ තිබී පොලිස් බාරයට ගෙන ඇත.
අවිස්සාවේල්ල ගලපිටමඩ ප්‍රදේශයේදී පුද්ගලයකු ඉකුත් ජූලි මස 14 වෙනි දින ටී 56 ගීනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට වෙඩික්කරුවන් සඳහා යතුරු පැදිය ලබාදී තිබුණේ මෙම සැකකරු බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
එම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන සැකකරුවන් දෙදෙනාගෙන් ඒ පිලිබද තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව සැකකරු පදිංචි නිවස පරික්ෂා කිරීමේදී නිවස තුල තිබී මෙම යතුරුපැදි සොයාගත් බව පොලිසිය කියයි.
සොයාගත් එම යතුරු පැදි සීදුව මැලිසිරිපුර හා යාපනය ප්‍රදේශවලින් සොරා ගත් ඒවා බවත් ඒවාට ව්‍යාජ ලිපි ලේඛන සකසා අපරාධ සඳහා යොදවා ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අරලියගහ මන්දිරය ට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම පෙරේදා (11) සිදු කළේය.
පුත්තලම් දිස්ත්‍රික්කයෙන් 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා පත්‍ර වල හිටපු කැබිනට් ඇමති,රාජ්‍ය ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙ
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වෙඩික්කරුවන්ට යතුරු පැදි දුන් අය මාට්ටු