IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වැඩබලන මහේස්ත්‍රාත්වරියට එරෙහිව කොමිසමෙන් විමර්ශනයක්

(මනෝප්‍රිය ගුණසේකර)

මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිවාඩු ලබාගත් අවස්ථාවේදී වැඩ බැලීමට පත් කළ මහෙස්ත්‍රාත්වරිය කොළඹ ප්‍රසිද්ධතම පෞද්ගලික රෝහලකට වාසි සහගත වන අන්දමින් කටයුතු කර වෘත්තීය විෂමාචාරයක් කර ඇද්ද? යන්න සම්බන්ධයෙන් සෙවීමට අධිකරණ සේවා කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

කොළඹ ප්‍රසිද්ධතම පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකුගෙන් වැඩියෙන් මුදල් අය කිරීමේ සිද්ධියේදී වැඩබලන මහේස්ත්‍රාත්වරිය එක් පාර්ශවයකට අගතිදායක වන අන්දමින් කටයුතු කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි මෙම සිද්ධියෙන් අගතියට පත් වු බව කියන සනත් අතුකෝරල මහතා කළ පැමිණීල්ලකට අනුව අධිකරණ සේවා කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයිද වාර්තාවේ.

කොළඹ ප්‍රසිද්ධතම පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකුගෙන් වැඩියෙන් මුදල් අය කිරීමේ සිද්ධියක් පිළිබඳව ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාළ පෞද්ගලික රෝහලට සහ එහි අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව චෝදනා 11ක් යටතේ පවරා තිබු නඩුව ජනවාරී 23 වැනිදා කැඳවීමට මාළිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියම කර තිබියදී ඊට දින කිහිපයකට පෙර ජනවාරී 17 වැනිදා නීතීඥ ධනුෂ්ක වීරසිංහ මහතාගේ මෝෂමකට අනුව මාළිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය හමුවේ කැඳවා ඇති බවත් එදින මාළිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රත්වරිය නිවාඩු ලබාගෙන සිටි දිනයක් බවත් අධිකරණ සේවා කොමිසමට පැමිණීලි ලැබී ඇති අතර එදින අදාළ පෞද්ගලික රෝහල වෙනුවෙන් බලයලත් නිලධාරීවරයකු වශයෙන් කැලුම් ගිමේන්ත්‍ර ජයසුරිය නමැත්තා පෙනී සිටිමින් අධ්‍යක්‍ෂවරුන් වෙනුවෙන් වරද පිළිගෙනන ඇති බවත් එම පැමිණීල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

පැමිණීල්ල ඉදිරිපත් කළ ජාතික ඖෂධ නියාමන අධිකාරිය හෝ අගතියට පත් පාර්ශවය අධිකරණයේ පෙනී නොසිටි අවස්ථාවේ පෞද්ගලික රෝහල වෙනුවෙන් වරද පිළිගත් විත්තිකරුට රුපියල් 25000/-ක දඩයක් නියම කරමින් වැඩබලන මහේස්ත්‍රාත්වරිය නඩු කටයුතු අවසන් කර ඇතත් වැඩබලන මහේස්ත්‍රාත්වරිය ඖෂධ නියාමන අධිකාරී පනත අනුව කටයුතු කර නැති බවත් ඇගේ දඬුවම් නියෝගය සම්පුර්ණයෙන්ම දෝෂ සහගත බවත් අධිකරණ සේවා කොමිසමට පැමිණීලි කරන සනත් අතුකෝරල මහතා එදින වැඩබලන මහේස්ත්‍රාත්වරිය වශයෙන් කටයුතු කළ හිමාලි ඒකනායක මහත්මිය හා අදාළ පෞද්ගලික රෝහල වෙනුවෙන් මෝෂම ඉදිරිපත් කළ නීතීඥ ධනුෂ්ක වීරසිංහ මහතා එකම නීතීඥ කණ්ඩායමක සාමාජිකයන් වශයෙන් කටයතු කරන අය බවටද පැමිණීලි කර ඇත.

 



අදහස් (5)

වැඩබලන මහේස්ත්‍රාත්වරියට එරෙහිව කොමිසමෙන් විමර්ශනයක්

Lalla Monday, 11 March 2024 09:15 AM

ඉගෙනගත්ත එකාල කරන දහජරා වැඩ නූගත් අපිට වඩා කැතයි නේද? මහබැංකුවේ අප්පොල කලේත් ඒකම නේද.කැතයි හොඳේ කියල හිත හදාගෙන ඉන්න වෙනව නේද?

:       1       83

VithanaMonday, 11 March 2024 09:36 AM

ඉගෙනගත්තු අය තමයි රට පුරාම බැංකු කඩලා රත්තරන් සේප්පු පිටින් උස්සන් ගියෙත්.

:       2       54

නිමන්ත Monday, 11 March 2024 12:00 PM

මෙවැනි පක්ෂග්‍රාහීව කටයුතු කරන විනිසුරුවරුන්ට එරෙහිව දඬුවම් ලබාදීමේ/සේවයෙන් පහ කිරීමේ ක්‍රමයක් තිබිය යුතුයි.

:       0       38

Samantha Monday, 11 March 2024 01:36 PM

නිමන්ත, රන්ජන් හිරේගියේ මොනවා කියලද? ඔහුගේ ප්‍රජා අයිතිය තවමත් නැහැ නේද?

:       0       2

Prabha Monday, 11 March 2024 01:48 PM

සියලු දෙනාගේ නම් ඇතත් රෝහලේ නම...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site