IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


’වැඩියෙන් කෑ ගහන්නේ වැඩියෙන්ම බය වෙච්ච අයයි’

(අංජුල මහික වීරරත්න)

දැන් ආණ්ඩුවට විරුද්ධව වැඩියෙන් කෑගහන්නේ වැඩිපුරම බය වී සිටින අය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෙලිඅත්තේදී පැවසීය.

ආන්දෝලනයට තුඩු දුන් නඩු විශාල ප්‍රමාණයක් මැයි මාසයේදී පැවරෙනු ඇතැයි ද ජනාධිපතිවරයා කීය.

මෙය කලබලයට කරන වැඩක් නොවන බව කී ජනාධිපතිවරයා ඉතා ශක්තිමත් ලෙස නඩු ගොනුකර නඩුව විභාග කිරීමෙන් පසුව වැරදිකරුවන් හිරේ දමන බව ද සඳහන් කළේය.

මේ වෙනකොට හිටපු ඇමතිලා තුනක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව ඇතැයි කී ජනාධිපතිවරයා තව ටිකක් කල් ගතවෙන විට ඔවුන්ට පාර්ලිමේන්තුව එහේ රැස්වෙන්න පුළුවන් වේවි යැයි කීය.

ජනාධිපතිවරයා මේ බව කීවේ  පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ පළමු රැලිය බෙලිඅත්තේ දී අද අමතමිනි.

" රට බංකොලොත් කරපු අය ඇවිත් ආපහු ආණ්ඩු හදනවාලු.කාටත් හීන දකින්න පුළුවන්.ඒවා හීනම විතරයි.කවදාවත් යථාර්ථයක් බවට පත්වෙන්නේ නෑ.

තව වසර තුනක් හතරක් යන විට කලාපයේ අඩුම විදුලි බිල තිබෙන රට බවට ලංකාව පත් කරනවා.අප පළාත් පාලන ආයතනවල බහුතර බලයක් ලබා ගත යුතුයි යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.



අදහස් (8)

’වැඩියෙන් කෑ ගහන්නේ වැඩියෙන්ම බය වෙච්ච අයයි’

Nihal Saturday, 29 March 2025 08:58 PM

කලින් අය අධි සැප වලටම විශාල මුදලක් විනාශ කිරීමත් රටේ ආර්ථිකය බින්දුවට වැටෙන්න ප්‍රධාන හේතුවක්, මිනිස්සුන්ට තිත්ත වෙලා හිටියේ ඕවා දශක ගණනාවක්ම දැකලා ,ඉස්සර ඇමති යනකොට පරිවාර රථවල එකක සුදු පාට අත් මේසයක් දාලා අපේ වාහනේ අයින් කරගන්න බෙරිහන් දෙන පුද්ගලයා නොදකින්න ලැබීම ඇති මට දීපු ඡන්දය ගැන සතුටු වෙන්න, සමහර වෙලාවට මිනිස්සුත් යට කරගෙන ඒ ගිය වේගයට ඔවුන්නනේ සංවර්ධනය වෙලා තියෙන්නේ

:       111       68

Mohan Mangala Mapa Sunday, 30 March 2025 07:03 AM

මහත්මයාණනි ඔබට මේ රට කරන්න බැරි නම් වෙන මොකෙකුටවත් බෑ

:       2       1

upasena Sunday, 30 March 2025 08:23 AM

ජනාධිපතිතුමා වැඩියෙන් කෑගහනවා වාගේ මට හිතෙවා.

:       16       56

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Sunday, 30 March 2025 09:48 AM

හි හි !, මේ මම වගේ අය, පාර්ලිමේන්තුවට ඇවිත් , අය-වැය චන්දය විමසන දවසේ මරුවිකල්ලෙන් වගේ , අත කලසම් සාක්කුවේ දාගෙන, බෝල අතගාමින් පච විද්දේ ! - තඹුත්තේගම අනුර

:       13       52

සිල්වා Sunday, 30 March 2025 03:28 PM

බැටරිය බැහැල. සද්දෙ අඩුවෙලා.

:       0       4

Lalith Monday, 31 March 2025 01:41 AM

ඉතින් ඇයි ඔයා ඔච්චර කෑගහන්නේ

:       0       5

ජාලිය පෙරේරා Monday, 31 March 2025 06:59 AM

වෑඩ වෑරි පච කුමාර මාර චන්ඩියෙක් වෙලා….

:       0       5

Jamal Tuesday, 01 April 2025 01:43 AM

මොහාන් ඔයා වෙන හරක් පට්ටියකට යන්ඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සජබ පක්ෂ සංවත්සරය හෙට
2025 අප්‍රේල් මස 02 215 0

සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.


ඉන්දියාව සමඟ ද්විපාර්ශික ගිවිසුම් තබන්න රජය සූදානමින්
2025 අප්‍රේල් මස 02 241 0

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ


සිමෙන්ති කුඩු කලවම් කරලා හිස කෙස් වර්ණක හදලා
2025 අප්‍රේල් මස 02 465 0

සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.


පෙට්‍රල් බෝම්බයෙන් දරුවා මිය සිද්ධියට දෙන්නෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 02 584 1

කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ


දළදා මාලිගාවෙන් මියන්මාරයට කෝටි එකහමාරක්
2025 අප්‍රේල් මස 02 682 0

භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි


රුධිර ප්‍රතිකාර බේතක් ඉන්දියාවෙන් ගනී
2025 අප්‍රේල් මස 02 329 2

හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site