IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වඩුවාට වද දුන් පොලිසිය හිරේ

වතුර මෝටරයක් සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් මොණරාගල මැදගම සේනාපතියේ ආබාධිත වඩු කාර්මිකයකු  අමානුෂික වද හිංසාවලට ලක් කළ මැදගම හිටපු පොලිස් ස්ථානාධිපති නිශාන්ත රාජපක්ෂ ඇතුළු පස් දෙනකුට මොණරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එච් කුලතුංග මහතා සිරදඬුවම් සහ දඩ නියම කළේය.

රුපියල් තුන් ලක්ෂයක වන්දියක් අබාධිත වඩු කාර්මිකයාට ගෙවන ලෙස ද නියෝග කැරිණි.

හිටපු උප පොලිස් පරීක්ෂක නිශාන්ත රාජපක්ෂ, පොලිස් කොස්තාපල් ඒ එම් රත්නසිරි, පොලිස් ආරක්ෂක සහායකයන් වන ඩී එම් ගාමිණී කුමාර, ඒ එම් රුවන් කුමාර, ආර් ඩී එම් අජිත් ප්‍රේමතිලක වැරදිකරුවෝ වූහ.

සිවිල් ආරක්ෂක සහාය එච් එම් නිලංක දර්ශන නිදහස් විය.

උප පොලිස් පරීක්ෂකට වසර 15කට අත්හිටවූ දෑ අවුරුදු සිර දඩුවමක් ද, දෙවැනි විත්තිකරුට මාස හතරක අත්හිටවූ සිර දඩුවමක් ද නියම කළ අතර තුන් වැනි හා පස් වැනි විත්තිකරුවනට අවුරුදු හත බැගින් සිරදඩුවම් නියම කැරිණි.

විත්තිකරුවනට නියම කළ දඩය රුපියල් 250000කි.



අදහස් (0)

වඩුවාට වද දුන් පොලිසිය හිරේ

තුසිත Friday, 17 October 2014 09:06 AM

ඇත්තටම අගය කරන තීන්දුවක් අද කාලයේ අසරණයට කිසිම පිළිසරණක් නැහැ (නදී)

:       0       0

ජයනි Thursday, 16 October 2014 11:51 PM

නීතිය අකුරටම ක්‍රියාත්මක කළ නියම තීන්දුවක් (නි)

:       0       0

සෝමරත්න Friday, 17 October 2014 12:12 AM

වැරදි කරන අනෙක් අයටත් ළඟදීම දඬුවම් ලැබෙයි. (නි)

:       0       0

ටෙනිසන් Friday, 17 October 2014 12:13 AM

බට්ටිට ගහපු පොලිස් නිලධාරියා මතක්වුණා මට (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 17 October 2014 12:14 AM

පොලිසිය පිළිබඳ ජනතාවගේ ගෞරවය නැතිවෙලා බොහොම කල් (නි)

:       0       0

උපාලි Friday, 17 October 2014 12:16 AM

විනිසුරුතුමන්ලා ඔන්න ඔහොම යුක්තිය පසිඳලනකොට සාමාන්‍ය අපිට අධිකරණය කෙරෙහි වඩ වඩාත් ගෞරවයක් ඇතිවෙනවා (නි)

:       0       0

සිරිමෙවන් Friday, 17 October 2014 12:29 AM

පොලීසිය නීතියට උඩින් සිටි කාලය ඉවරයි වගේ. ඊයේ නඩු තීන්දුව හා මේ නඩු තීන්දුව ලොකු වෙනසක් කරාවි. (නි)

:       0       0

ප්‍රසංග Friday, 17 October 2014 12:54 AM

පොලිසිය ජනතාවට ගරුකරන්න ඕනෑ. සියලුදෙනා නීතියට ගරුකරන්න ඕනෑ. ජනතාව වුණත් පොලිසිය වුණත් නීතියට යටත්. මේ වගේ නඩු තීන්දු ඉතාමත් ඉවහල් වෙනවා, ලංකාවේ කීර්ති නාමය ලෝකයට ගෙනයන්න. (නි)

:       0       0

කමණි Friday, 17 October 2014 01:00 AM

කාට වුණත් නීතිය පොදුයි (නි)

:       0       0

බෙනට් Friday, 17 October 2014 01:03 AM

යුක්තිගරුක තීරණයක් ලබාදුන් ඔබතුමාට සියලු රටවැසියන්ගේ ගෞරවය! (නි)

:       0       0

හෂාන්ත Friday, 17 October 2014 01:07 AM

විනිසුරුතුමාට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

යටගම Friday, 17 October 2014 01:14 AM

පොලිසිය වුණත් තමන්ගේ තරම දැනගෙන කටයුතු කළොත් හොඳයි (නි)

:       0       0

ටියුඩර් Friday, 17 October 2014 01:33 AM

පොලිසියට හොඳ පාඩමක් මේක (නි)

:       0       0

බෙනට් Friday, 17 October 2014 12:35 PM

අර බෙන්ගාල බොක්කේ එකපාර කැළඹිලි වෙනවා වගේ මේ ටිකේ පොලිසියෙයි අධිකරණයෙයි පොඩි හැප්පිල්ලක් තියෙනවා වගේ (අ)

:       0       0

ජයනි Friday, 17 October 2014 01:43 AM

දැන් මේ ආබාධිතයාට කරගෙන ගිය රැකියාවත් කරගන්න බැරි තත්ත්වයකට පත්වෙලා ඇති. (නි)

:       0       0

විරාජ් Friday, 17 October 2014 01:57 AM

පොලිසියට මතක හිටින දඬුවමක්. පොලිසිය හිතන්නේ නිල ඇඳුම ඇඟට දාගත්තහම ඒගොල්ලෝ තමයි මිනිස්සු කියලා. කීදාහක් නම් අසරණ මිනිසුන්ට හිංසා පීඩා කරනවද? (නි)

:       0       0

චන්දිම Friday, 17 October 2014 02:04 AM

මදැයි! දැන් රාළහාමිලාගේ රස්සාව, පෙන්ෂන් වලට මොනවා වෙයිද මන්දා! (නි)

:       0       0

රෝහණ‍ Friday, 17 October 2014 02:09 AM

බට්ටිට ගහපු පොලිස් නිලධාරියාට නම් නැවත රස්සාව දීලාලු නේද? (නි)

:       0       0

පුෂ්පකුමාර Saturday, 18 October 2014 04:47 AM

පොලිස් රාළහාමිලාගේ යැපෙන්නන්ට දැන් මොකද වෙන්නේ? (නි)

:       0       0

ටුආන් Friday, 17 October 2014 02:18 AM

අපේ රට යහපත් මාවතකට ඇතුළුවේගෙන එනවා වගේ කියලා මට දැනෙනවා (නි)

:       0       0

චමින්ද Friday, 17 October 2014 02:25 AM

හොඳ නඩු තීන්ඩුවක් (නි)

:       0       0

අනුරශාන්ත Friday, 17 October 2014 02:42 AM

ඇත්තටම මේ තීන්දුව අගය කළයුතුයි. හරිම හොඳයි. නමුත් ඔය වගේ දේවල් තව තවත් පොලිස් ස්ථානවල වෙන්න පුළුවන් (නි)

:       0       0

ටි‍රෝන් Friday, 17 October 2014 02:42 AM

ගෞරවනීය අධිකරණයට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

පවන් Saturday, 18 October 2014 05:30 AM

මේවා කාට කියන්නද? (නි)

:       0       0

රොකී Friday, 17 October 2014 02:12 PM

මේ ප්‍රවෘත්තිය කියෙව්වාම මාර සතුටක් සකල සරුවාන්ගෙටම දැනුනා. කාකි සූට් එක දාගත්තාම හුඟක් මින්නිස්සු අමනුස්සයෝ වෙනවා. පොලීසිය ජනතාවගේ හතුරන් හැටියට රාජකාරි කරනවා නම් ඒ ගොල්ලන්ගෙන් වැඩක් නැහැනේ. (නදී)

:       0       0

ජයන්ත Friday, 17 October 2014 03:11 AM

විනිසුරුතුමනි, ඔබ දීර්ඝායු ලැබී මගේ රටේ අපරාධ වලට හා දුෂණ වලට මෙවැනි තීරණ දීමට තවත් ධෛර්යය හා ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ජයතුංග Friday, 17 October 2014 03:23 AM

මහජනතාවගේ මුදලින් යැපෙන පොලිසිය ජනතාවට මෙවැනි අමානුෂික වධහිංසා කිරිම ඉතාමත් නිහීන ක්‍රියාවකි (නි)

:       0       0

නිරාන් Friday, 17 October 2014 03:28 AM

මහා නියඟයෙන් පසුව වැටුන පොද වැස්සක් වගෙයි. විනිසුරුතුමාට මගේ ගෞරවය! (නි)

:       0       0

කුමාරි Friday, 17 October 2014 03:45 AM

නීතිය සාධාරනව ඉටුවීම ගැන මහජනයාගේ ප්‍රණාමය! පොලිසියේ ඉන්න මේ වගේ අය නිසා මුළු පොලිසියම අපහාසයට ලක්වෙනවා. (නි)

:       0       0

රොබින් Friday, 17 October 2014 03:52 AM

අධිකරණ තීන්දුවට ගරුකරමි (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 17 October 2014 03:58 AM

සාමාන්‍ය ජනතාව වෙනදාට වඩා තමන්ගේ අයිතිවාසිකම් මොනවාදැයි දැන සිටීම හොඳයි. චූදිතය‍ා අසුනොවුණු තැන පවුලේ කෙනෙකු පොලිසියේ රඳවා තබා ගැනීම කොහෙත්ම සිදුනොවිය යුතුයි. එමෙන්ම සැකකරුවෙකු ඔහු එය කළේ නැහැයි කියනවා නම්, එය ඔප්පු කිරීමට සාධක නැත්නම්, ඔහු ශාරීරික වදහිංසාවන්ට පමුණුවා බලහත්කාරයෙන් වරද පැටවීම සිදුනොවිය යුතුයි. ශිෂ්ට සමාජයක එය සිදුනොවිය යුතුයි. තමන්ගේ සීමාවන් සහ යුතුකම් මොනවාදැයි මතක් කිරීමට දුන් අධිකරණයේ තීන්දුව අගය කරමි. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Friday, 17 October 2014 04:06 AM

පොලිසියක් තියෙන්නේ නීතිය රකින්න මිස නීතිය කඩන්න නොවේ. මෙවැනි ක්‍රියා තුලින් ජනතාවට පොලිසිය කෙරෙහි ඇතිවන්නේ අප්‍රසාදයක්. (ස)

:       0       0

සම්පත් Friday, 17 October 2014 03:57 PM

විනිසුරු දිනේවා ! (නදී)

:       0       0

අරුණ Thursday, 16 October 2014 03:36 PM

නියම තීන්දුවක් (අ)

:       0       0

පී.කේ Friday, 17 October 2014 06:03 PM

පළාත්සභා මැති ඇමති ගොල්ලන්ටත් මේ වාගේ නීතිය ක්‍රියාත්මක කරන්නට ධෛරිය ශක්තිය අපේ විනිසුරුවන්ට ලැබේවා... ජයවේවා (අ)

:       0       0

හේමප්‍රිය Friday, 17 October 2014 05:37 AM

විනිසුරු තීරණය ඉතා නිවැරදි සතුටු විය හැකි තින්දුවක් . පොලිසිය ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ . දරුණු අපරාද කරන අයට තියන නිතිය අහිංසක ජනතාවට පාවිච්චි කරනවා . එකට එක කතා කිරීම , අප නිවැරදි බව පෙන්වාදීම , පොලිසියේ වැරැද්ද පෙන්වාදීම , පොලිසිය ගණන් නොගෙන කතා කිරීම යන කරුණු වලදී පොලිසිය විසින් සාමාන්‍ය ජනතාව අපරාද නිතිය යොදාගෙන පිඩාවට පත්කරිම සාමාන්‍ය සිරිත . මේවට වගකියන්න ඕන උසස් පොලිස් නිලදාරීන් හා අදාල අමාත්‍යාංශ නිලදාරීන් තමා . (ස)

:       0       0

සුමේද Thursday, 16 October 2014 04:34 PM

තීන්දුව ඉතාමත් අගය කරනවා.(හේ)

:       0       0

තිලක් Thursday, 16 October 2014 04:48 PM

මේ වගේ දේවල් වලින් පොලිසිය පිලිබඳ ජනතාවගේ ගෞරවයට නැති වෙනවා.(හේ)

:       0       0

ප්‍රසන්න Friday, 17 October 2014 06:07 AM

පොලිස් බලො. (ස)

:       0       0

පෙරේරා Friday, 17 October 2014 07:12 PM

මහාධිකරණ විනිසුරු ගිහාන් එච්. කුලතුංග මහතා ඉතා බුද්ධිමත් උත්තමයෙක් (නි)

:       0       0

බණ්ඩාර සරත් Thursday, 16 October 2014 05:37 PM

මෙවැනි විනිසුරුවරුන් ශ්‍රී ලංකාවේ සිටීම ආඩම්බරයක්. නීතිය යුක්තිය ගරුකරන, ලොකුකම, නිලධාරීකම නොසළකා අහිංසකයන් වෙනුවෙන් පෙනීසිටින මෙවන් නිලධාරීන් අගය කරමි. මෙවැනි තීන්දු වලින් අනෙකුත් මෙවැනි අසාධාරන පොලිස් නිලධාරින්ද පාඩමක් ඉගෙනගනීවි (නි)

:       0       0

සරත් Friday, 17 October 2014 06:35 AM

තීන්දුව දුන් මහේස්ත්‍රාත්තුමාට ජය වේවා.(හේ)

:       0       0

නිහාල් Friday, 17 October 2014 06:38 AM

ලෝකයේ හැම පොලිසියක්ම ඔහොම තමයි.(හේ)

:       0       0

නිහාල් විතානගේ Thursday, 16 October 2014 05:52 PM

මේ වෙනකොට පොලිසි වලින් අහිංසක මිනිස්සු සියදහස් ගානකට මොනතරම් අසාධාරණ වෙලා ඇද්ද? (නි)

:       0       0

තිළිණ Thursday, 16 October 2014 06:19 PM

සාමාන්‍ය පුරවැසියාටත් දැන් අධිකරණය ඉදිරියේ වසන්තය උදාවීම ගැන ඉතාම සතුටුයි (නි)

:       0       0

ඇන්ටන් Thursday, 16 October 2014 06:48 PM

මට ගොඩක් සතුටුයි මේ තීන්දුව ගැන (නි)

:       0       0

චමින්ද Friday, 17 October 2014 06:57 AM

හරිම හොද විනිසුරු තීරණයක් .(හේ)

:       0       0

සමන් Friday, 17 October 2014 06:58 AM

මේක ගැන වෙනස් අදහසක් තියෙන්නේ. මේවගේ සිදුවීම් වල දෙපැත්තක් තියනවා.(හේ)

:       0       0

මැක්ෂි ලියනාරච්චි Friday, 17 October 2014 09:08 PM

මෝටරේට මොතද උනේ. ලොක්කා හොඳ මරිසිකාරයෙක්. පත්තරේ තියෙන වාර්ථාවක් දැකලා ඇඹරෙන්න එපා. ලොක්කගේ ගම කොහෙද? දැන් ඉන්නේ කොහෙද? (නදී)

:       0       0

යහම්පත් Friday, 17 October 2014 07:42 AM

අධිකරණයේ ගෞරවය සහ නඩු අසන විනිසුරුවරු වරුන්ගේ ගෞරවය මෙවෙනි තීන්දු වලින් සහතික වනවා , මෙම විනිසුරුට මගේ හද පත්ලෙන් ප්‍රණාමය. (ස)

:       0       0

අනීෂා Thursday, 16 October 2014 08:11 PM

පොලිසිය දැන්වත් පාඩමක් ඉගෙනගන්නවා නම් හොඳයි (නි)

:       0       0

අමිල Thursday, 16 October 2014 08:46 PM

ලංකාවේ මේ වගේ පුවතක් අසන්න ලැබීමමත් මට හරිම සතුටක් (නි)

:       0       0

චානක Thursday, 16 October 2014 08:49 PM

මට නම් මේ දුන් දඬුවමත් මදි වගෙයි. දියුණු රටවල අසාධාරනයක් සිදුවූ කෙනෙකුට විශාල වශයෙන් වන්දි අයකරගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමය අපේ රටේ ක්‍රියාත්මක වුණොත් අවනීතිය ඉස්මතුවීම නවතිනවා.මට සතුටුයි මේ විදියට ඉදිරියටත් මේ දේ ක්‍රියාත්මක වෙනවා නම් (නි)

:       0       0

රුවන් Sunday, 19 October 2014 03:07 AM

හැමෝටම එකම විදිහට නීතිය ක්‍රියාතමක කරපු එක ගැන සතුටුයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1684 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 273 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4601 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 480 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 637 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2213 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site