(අංජුල මහික වීරරත්න)
සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා තවදුරටත් සමගි ජනබලවේගයේ ඉන්නවාද? නැද්ද? යන කාරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ලංකාදීපයට පැවසූයේ විශේෂ සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් හෙට ආරාධනා ලැබී තිබෙන බවත් එම සාකච්ඡා වලින් පසු තීරණයක් ගන්නා බවත් ය.
ජනාධිපතිවරයා සමග කරන සාකච්ඡාවේදී වතු ජනතාවගේ පඩි වැඩිවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වන බව වඩිවේල් සුරේෂ් මහතා කීය.
නුවරඑළියේ මැයි දින රැළියකට සහභාගී වෙමින් වඩිවෙල් සුරේෂ් මහතා ඊයේ(1)පැවසූයේ "මගේ නායකයා යැයි කියන සජිත් ප්‍රේමදාස මහතා වතුකරයේ ජනතාව සිල්ලරට ගණන් ගත යුතු නැති බවත් සජිත් මීට පෙර දිනෙක පැවති මඩොල්සිම ජන රැලියට නොපැමිණි බවත් ය. ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා මඩොල්සිම ට පැමිණ වතුකරයේ ජනතාවගෙන් සමාව ඉල්ලුවේ නැතොත් ඔහු සමග කිසිම ගමනකට තමා නැතැයි වඩිවෙල් සුරේෂ් මහතා එහිදී සඳහන් කළේය.
එම මැයි දින රැළියේ දී වඩිවේල් සුරේෂ් මහතා ජනාධිපතිවරයා අමතමින් පැවසූයේ ජනාධිපතිවරයා කියූ දේ වතුකරයේ ජනතාව කර ඇති බවත් නමුත් වතුකරයේ පහසුකම් තවමත් දියුණු වී නැති බවත් ය. වතුකරයේ ජනතාවට රුපියල් 3250ක දෛනික වැටුපක් ලබා දෙන ලෙස හාම්පුතුන්ගේ සංගමයට නියෝග කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද වඩිවේල් සුරේෂ් මහතා එහිදී සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්ෂයකු බවත් පෝලිම් නැති කළ බවත් වඩිවේල් සුරේෂ් මහතා එහිදී සඳහන් කළේය.
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වඩිවේල් සුරේෂ් පිම්මකට සැරසෙයි
pga21 Wednesday, 03 May 2023 02:34 AM
වඩිවේල්.3250 ක්ම මොකද ? 3000 මදිද ?නියම රවුම් ගානක් ඉල්ලන්න එපැයි ඉල්ලන්නවත් වෙලා
Buddika Wednesday, 03 May 2023 05:58 AM
මුන් මුල ඉඳලම කලේ ජනතාවගේ චන්දෙන් ගත්ත මන්ත්‍රීකම වෙන්දේසි කරන එක .ඒ හැම තැනකම තිබ්බේ ජනතා අරමුණ නෙමෙයි පුද්ගලික ප්‍රතිලාභ .මේ මිනිහා රාජිත ,පවුසි , මේ ඔක්කොම තුට්ටු දෙකේ දේශපාලනයක් කරන්නේ
Bamunuarachchi Wednesday, 03 May 2023 07:07 AM
හැමතැනටම පැන පැන ඉන්නේ දෙමල නඩේත් අරගෙන පනිනවකෝ ඉන්දියාවට.
fairoosWednesday, 03 May 2023 01:15 PM
ඇයි ඔයාට අවුල්ද? ඔයාලා කොහෙන්ද ආවේ...?
BamunuarachchiWednesday, 03 May 2023 09:56 PM
ආබොල සිංහල අපි කොහෙන්වත් ආවේ නැහැ විජයන් කියන කල්ලතොනියා එන කොටත් අපි ලංකාවේ. දෙමල්ලු හම්බයෝ මෙරටට ආවේ ඉන්දියාවෙන් .ලංකාවට ආපු පලවෙනි කල්ලතොනියා තමයි විජයන්. ගම්බිරිස් හොයාගෙන තමයි හම්බසෙට් එක ලංකාවට ආවේ. මාළු අල්ලපු ඉන්දියන් කාරයෝ තමයි උතුරු වෙරල තිරයේ පදිංචි උනේ.