IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වැඩිහිටියන්ට පමණක් නම් මම රඟපාන්නෙ නෑ

2016-12-10-ent-15

පාට පාට සමනල්ලූන්

අල්ලන්නං මං

විලේ කැලේ මල් නෙලන්න

එන්න යන්න දැන්....

කුමාරි එලෙස මුමුණන්නීය. මේ කුමාරි හමුවන්නේ සුගත් සමරකෝන්ගේ අධ්‍යක්ෂණයෙන්, විශ්ව කුමාරගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වී මේ දිනවල තිරගත කෙරෙන අපේ කාලයේ ‘පටාචාරා’ චිත‍්‍රපටයෙනි. පටාචාරා චිත‍්‍රපටයේ කුමාරි ලෙස රඟපාන්නේ ”දුලානි අනුරාධා” රංගන ශිල්පිනියයි. සිනමා චරිතවලදී දුලානි බොහෝ විට හමුවන්නේ ඓතිහාසික කතා තේමා කරගත් නිර්මාණ සමගයි. ඉන් එහා වෙනත් චරිතවලට ඇය දායක නොවන්නේ ද? ඒ ගැන කියමින් දුලානි සඳැල්ල කතා බහ හැඩකළ විදියයි මේ.

 

දුලානි ඔබ රඟපෑම සඳහා රජ කතා විතර ද තෝර ගන්නේ?

2016-12-10-ent-12තෝරා ගැනීමක් නෙවෙයි. සිනමාවේ ආරාධනා ලැබෙන විදියට ඒවා බාරගන්නවා. අපේ රටේ සිනමාව කර්මාන්තයක් ලෙස ස්ථාපිත වී නැහැ. අපට අපගේ දක්ෂතා පෙන්නුම් කිරීමට මාධ්‍යයක් තිබිය යුතුයි. ඒ නිසා සියලූ අංශ වෙතින් ඉවත්ව සිටින්න බැහැ. සිනමාවට කොහොමටත් මම ආසයි. නමුත් මේ ප‍්‍රශ්නෙට උත්තරය ලෙස කිව්වොත් මගේ ශරීරයේ පෙනුම එක්ක බොහෝ වෙලාවට මාව ගලපාගන්නෙ මේ ඓතිහාසික තේමා රැුගත් කතාවලටයි.

 

ඒ නිසා ඔබ ඒකාකාරී වන බව හිතන්නෙ නැද්ද?

සමහර විට ඒකාකාරී වෙන්න පුළුවනි. ”අබා”ගෙන් පසුව මම දෙවැනියට රඟපෑවේ ”සංගිලි” චිත‍්‍රපටයේ. එහි ”ටේ‍්‍රලර්” එක විතරක් ලක්ෂ තුන පන්නලා නරඹලා තියෙනවා. එහි මම රඟපෑවේ වෙනස් චරිතයක්. අවාසනාවට තවම එය තිරගත වුණේ නැහැ. ඉන්පසුව ”පරාවර්ථන” චිත‍්‍රපටයේ රඟපෑවා. රජකතා, ඓතිහාසික කතා තරමට එය මිනිස්සු වැළඳ ගත්තෙ නැහැ.

 

සරල කතා තේමා රැුගත් වැඩි ආකර්ෂණයක් ගන්නා චිත‍්‍රපටයක හෝ පේ‍්‍රමණීය කතාවක පෙම්වතිය ලෙස රඟපාන්න ආසා නැද්ද?

රංගන ශිල්පිනියක ලෙස වෙනස් වෙනස් දේ කරන්න මටත් ආසාව තියෙනවා. නැතුවා නෙවෙයි.

 

වෘත්තියෙන් ගුරුවරියක නිසා ආදරණීය කතා කිරීම සහ එවැනි චරිත රඟපෑමට එය බාධාවක් ද?

කුමන හෝ විදියකට වැඩිහිටියන්ට පමණක් සීමාවූ දර්ශන ඇතුළත් නම්, සීමා විය යුතුම වෙනවා. අවංකවම එවැනි චරිත මම ප‍්‍රතික්ෂේප කළා. එහෙම කළේ ගුරු වෘත්තිය නිසාම නෙවෙයි. එහි නොසිටියත් එහෙම වේවි. අපේ සංස්කෘතියේ ආ ආකල්ප එක්ක අපේ අදහස් අනුව, අපිව මානසික බැඳීමකට නතුවෙලා තිබෙන්නෙ. ඒ බැමි කඩාගෙන යන්න මම අකමැතියි. ඒ හැරත් ඒ වටපිටාව හරහා එවැනි චරිත සඳහා සැහැල්ලූ වූ මානසිකත්වයක් නැහැ.

 

කෙසේ හෝ මෙවැනි චරිතවලට සාපේක්ෂව ඔබ මොනවගේ චරිතයක් ද?

සාමාන්‍ය ගැහැනියක්. ස්වභාවය අනුව තරහා යන වෙලාවට තරහා යන, දුකේදි දුක්වන, ආදරයේදී ආදරය වන, ඒ සියලූ හැඟීම් එක්ක ගලා යන සාමාන්‍ය ජීවිතයක් මටත් තියෙන්නෙ.

 

ඒ ජීවිතයේදී ඔබට පුළුවන් දේ, බැරි දේ මොනවද කියලා ඇහුවොත්?

නිතරම උයන්න, පිහන්න, ගේ අස්පස් කරන්න කැමති නැහැ. නිරන්තරයෙන් ඒ දේ කරනවාට වඩා මට හිතුණොත් කරන්න කැමති කෙනෙක්. නමුත් නිතිපතා එවැනි දේ කරන ගෘහණියන් ගැන මම ආඩම්බර වෙනවා. ඒ විදියට නියැලෙන්න ඇයට හොඳ මානසික ශක්තියක් තියෙන්න ඕනෑ.

 

කසාදයක් කරගත්ත දවසට ඔබට උයන්න බැරි වුණොත් කොහොම වේවි ද?

මගේ වෘත්තිය සහ කලාවේ මම කරන කියන සියල්ල ගැන වැටහීමක් ඇති කෙනෙක් නම්, එයා එතකොට මාව තේරුම් ගනීවි. ස්වාමිපුරුෂයාට ඒ අවබෝධය තිබීම වැදගත්.

 

දුලානි හැඩට වැඩට ඉන්න ආසයි ද?

ඔව් ආසයි. හැබැයි වෙනම ආකෘතියක් කියලා රාමුවක් නැහැ. අවශ්‍ය වෙලාවට, මට සැහැල්ලූව දැනෙන විදියට විලාසිතා ගලපා ගන්න වගේම හැඩවෙන්න ආසයි. ගුරු වෘත්තිය හැර රංගන ශිල්පිනියක ලෙස විවිධ අවස්ථාවලට යා යුතුයි. එවිට ඒ විදියට හැඩවෙන්නත් ඕනෑ. ඒකට මම ආසයි.

 

දැන් අපි මේ ”පටාචාරා” (කුමාරි) ගැන සහ ඒ චිත‍්‍රපටය ගැන කතා කරමු?

අපි කියවලා තියෙන අහලා තියෙන පටාචාරාම තමයි. ඒ සිද්ධාන්තය අරගෙන වර්තමානයට ගැලපෙන විදියට සම්බන්ධ කරලා තියෙනවා. චිත‍්‍රපටය නැරඹීමෙන් එහි වෙනස හෝ පේ‍්‍රක්ෂකයාට දැනෙන දේ වින්දනය කළ හැකියි.

 

දුලානි ඇයි ටෙලිනාට්‍යවල රඟපාන්නෙ බොහොම කලාතුරකින් නේද?

මේ අවුරුද්ද පුරාම වගේ විකාශය වූ ”චක‍්‍ර” නාට්‍යයේ රඟපෑවා. ඇත්තටම මේ තියෙන රැුල්ල එක්ක ටෙලිනාට්‍ය ගොඩාක් බදාගන්න මම කැමති නැහැ. මගේ පාසල් කටයුතුත් අතරේ තෝරාගත් නිර්මාණාත්මක ගුණයෙන් යුතු එකක දෙකක රඟපානවා.

 

මොකක්ද ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ තියෙන රැල්ල?

මට පෙනෙන විදියට එකම තේමා යටතේ තමයි නිර්මාණ හැදෙන්නෙ. ඒ නිසා මතක රසයක්වත් ඇතිවන්නෙ නැහැ. නරඹා රසවිඳිය හැකි මට්ටමක් නැති තරම්.

නිතරම ඉස්සර ටෙලි ගැන කතා වන්නෙ ඒ නිසයි. ඕනෑවට එපාවට ඇටවූ නාට්‍යය නෙවෙයි. ඒවා ඒ නිසා ඕනෑම කාලයකට රස විඳිය හැකි නිර්මාණ වුණා.

 

හැඩගැන්වීම් ධනුෂ්ක කුමාර : (Salon Shimmer)

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 

2016-12-10-ent-14
2016-12-10-ent-13
2016-12-10-ent-11



අදහස් (0)

වැඩිහිටියන්ට පමණක් නම් මම රඟපාන්නෙ නෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 37 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 106 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 92 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 73 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 293 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 63 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1333 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site