IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


වැඩිහිටියෝ කුමර ජීවිතයට යති

මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුහු සිය ගුරුවරුන්ට ගෞරව දැක්විමට පාසල් නිල ඇඳුමෙන් සැරසි පන්ති වලට ආහ. තරුණයෝ ද වයස අවුරුදු පනහ ඉක්මවූවෝ ද නිල ඇඳුමෙන් පන්තියට ආහ. ගුරුවරු ද එහි අවුත් පන්තියේදි සිදුවන සියඵ කටයුතු කළහ. .



අදහස් (0)

වැඩිහිටියෝ කුමර ජීවිතයට යති

සිල්වා Monday, 10 September 2012 05:26 AM

හරි අපූරු අත්දැකීමක්. ගුරුවරුන්ට මොනවා හිතෙන්න ඇද්ද? (නි)

:       0       0

අනුරාධ Monday, 10 September 2012 01:19 PM

විවේකයක් ලද විටදි අපි... දුව පැන ඇවිදිනවා.... තවත් වරක් මට පාසැල් යන්නට ලැබුනොත් මම යනවා... කවුරු කොහොම කිව්වත් සොඳුරු පාසැල් අතීතය යලි සිහිපත් කරන්නට මා වාසනාවන්ත විය. .(ස)

:       0       0

මනෝජ් විජේරත්න Tuesday, 11 September 2012 09:07 AM

කැම්බ්‍රියන් කෙනෙකු වීම ගැන ආඩම්බරයි..!! ඉතාම සතුටුදායක දිනයක් ගත කළා.. අපි මෙය සෑම වසරකම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා..!!(නු)

:       0       0

ලුම්බිණි Monday, 10 September 2012 06:25 AM

මෙහෙම ප්‍රදර්ශනයක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය ජීවිතයේදී අනුන්ට ගරුසරු ඇතුව, කරදරයක් නැතුව ජීවත් වන්න බලන්න. ඒ හොඳටම ඇති. එතකොට තමන් ඉගෙන ගත්ත විදුහලට ඉබේම ගරු කිරීමක් කෙරෙනවා. (නි)

:       0       0

අනුෂ්ක Tuesday, 11 September 2012 09:38 AM

මට හිතාගන්න බැහැ ඇයි මේ විදියට මිනිසුන් අදහස් දක්වලා තියෙන්නේ කියලා.. මේ ඊරිසියාවටයි..? දැං සෑම පාසලකම වාගේ නැවත පාසලට අංගයක් පවත්වනවා..!! ඒක ඉතාම උතුම් අංගයක්..(නු)

:       0       0

නදීෂානි Monday, 10 September 2012 06:46 AM

හොදයි. (නි)

:       0       0

සුරංජිත් Monday, 10 September 2012 07:08 AM

මේ වැඩෙන්ම පෙනෙනවා මෙයාලට කොච්චර ගුරු ගෞරවයක් තියෙනවද කියලා.(නි)

:       0       0

රංජිත් Monday, 10 September 2012 01:47 PM

මටත් මගේ පාසල් කාලය මතක් වුණා! පංතියේදි ගුරුවරු ළමා කාලයේ හොද නරක කියාදුන් විදියටම වටිනා දෙයක් කියා දුන්නානම් ගොඩක් වටිනවා. කොහොම වුනත් 1 හා 3 වන ඡායාරූපයන් කොල පාට බෝතලයක් දාගෙන, මේස් එකක් දිගට එකක් කොටට ඉන්න මෝඩචූන් කෑලි හරි නෑ. .(ස)

:       0       0

වරුණ Monday, 10 September 2012 07:32 AM

තමන් දෙයක් ලබාගත් තැනට කෘතගුණ සැළකීම ආශ්චර්යයක්. (නි)

:       0       0

හේරත් Tuesday, 11 September 2012 10:46 AM

වෙනසකට හොඳයි.. (ස)

:       0       0

වර්නන් Sunday, 09 September 2012 04:57 PM

නියමයි. (නි)

:       0       0

ඩී එෆ් Monday, 10 September 2012 07:34 PM

වැඩේ නම් නියමයි (දී)

:       0       0

ජයන්ත Sunday, 09 September 2012 05:13 PM

නියම විදියට තමන් ඉගෙන ගත් පාසලට ආදරය කරන ආදි සිසුවෝ පිරිසක්..(ස)

:       0       0

අසන්ක Monday, 10 September 2012 08:16 AM

මොනවද මේ වැඩ? (නි)

:       0       0

දුමින්ද Monday, 10 September 2012 08:21 AM

විකාරයක් වගේ.වෙන උපහාර දක්වන්න ක්‍රමයක් තිබුණෙම නැද්ද ?.(ස)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 09 September 2012 05:31 PM

ආදර්ශමත් වැඩක්...(ස)

:       0       0

නන්දරත්න Sunday, 09 September 2012 05:35 PM

අතීතය හරි සුන්දරයි...(ස)

:       0       0

දෙමෙල් Monday, 10 September 2012 08:13 PM

මේ වැඩේ අනිත් පාසල් වලටත් ආදර්ශයක් (දී)

:       0       0

අමල් Sunday, 09 September 2012 05:47 PM

මටත් මෙවන් සොදුරු අත්දැකීමක් විදගන්න වාසනාවක් තිබුණා නම්? (නි)

:       0       0

තරිඳු Monday, 10 September 2012 09:16 AM

පාසල් මාතාවට තමන්ගේ දරුවන් අවශ්‍ය වූ මොහොතක, ඇය වෙත පැමිණීම අපගේ යුතුකමකි. මෙම සොඳුරු මොහොතේ ඇයව දිරි ගැන්වීමට මාහටද වරමක් ලැබීම ගැන මාද ඉතාමත් සතුටු වෙමි..(ස)

:       0       0

හේමන්ත Sunday, 09 September 2012 06:17 PM

අලි බබලා, පිස්සු නැත්නම් හොඳයි.කෝලම් වල සීමාවක් තියෙන්න ඕන.ගුරුවරුන්ට ගෞරව කරන විදිය කලින් ඉගෙන ගෙන නැහැ වගේ. (ස)

:       0       0

මහේෂ් Monday, 10 September 2012 09:26 AM

නොදන්නා අය බොරුවට විවේඡනය කරන්න එපා (නි)

:       0       0

බෝප‍‍ගේ Sunday, 09 September 2012 06:17 PM

වැඩේනම් අගය කරනවා! ඒත් මෙයාලගේ හැසිරීම නම් විකට ඇදුම් තරගයක වගේ!.(ස)

:       0       0

බුද්ධිමා Monday, 10 September 2012 09:53 AM

ලුම්බිණි , ඔයාට මේවගේ අවස්ථාවක් ලැබුණානම් නොයා ඉන්නේ නෑ නේද ..? රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව ...! වේල්ස් කුමරෙක් වීම ගැන ආඩම්බරවෙමි ..! .(ස)

:       0       0

එලියන් Monday, 10 September 2012 03:18 PM

"මේක මෝඩ සතුටක් " කියල කොමෙන්ට් කරපුඔක්කොටම කියන්න තියෙන්නේ.... ඉස්කෝලේ ගියාට එක හදවතින් ගිහින් නෑ කියන එකයි.. ඔක්කොම ඉස්කෝලෙකට ආදරේ නැති පුද්ගලික පන්ති ගිහින් විභාගේ පාස් වෙලා ඉස්කෝලයක් කියල නාමයක්, ගුරුවරයෙක් ගේ මව් පිය හා සමාන පහස විඳපු නැති... පාසල් කාලේ කිසිම විදිහකට පාසල වෙනුවෙන් වැඩක් නොකරපු.. කිසිම සතුටක් ගත්තු නැති නිකමෝ ටිකක් කියලයි මට කියන්න තියෙන්නේ... (දී)

:       0       0

දියස් Monday, 10 September 2012 10:02 AM

ලුම්බිනි වැදගත් විදියට වැදගත් අදහසක් ඉදිරිපත් කිරීම ගැන ස්තූතියි. හාස්‍යජනක සිදුවීමක්. රැල්ලක් විදියට පැතිරිලා ගිහින් අපහාස උපහාස මැද වාෂ්ප වී යයි. ළමයින් වැඩිහිටි චරිතත් වැඩිහිටියන් ළමා චරිතත් මවාපෑම සමාජ විකෘතීන්ම තමයි. කාන්තා පක්ෂය මෙවැනි දෙයක් කළා නම් පුරුෂ පක්ෂය දක්වන ප්‍රතිචාරය කුමක් වෙයිද? .(ස)

:       0       0

උදාර Monday, 10 September 2012 10:03 AM

කවුරු කොහොම මෙම ක්‍රියාව විවේචනය කලත් මම ඊයේ දිනයේ විඳපු ඒ අත්දැකීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි. වේල්ස් කුමරෙක් වීම ගැන ආඩම්බර වෙමි ..!.(ස)

:       0       0

සිසිර Sunday, 09 September 2012 06:46 PM

පාසල් දිවිය ඉතා සොදුරු මතකයක්. හොද වැඩක් මේක. (නි)

:       0       0

ජයන්ත Monday, 10 September 2012 10:10 AM

බහු රෑ කොලම්..... !! .(ස)

:       0       0

හංසි Monday, 10 September 2012 10:03 AM

මටත් මගේ පාසල් කලේ මතක් වුණා...(ස)

:       0       0

බ්ම්සර Monday, 10 September 2012 10:09 AM

නියම දවසක්.(නදී)

:       0       0

ලක්ෂ්මි Monday, 10 September 2012 10:16 AM

අනිත් පාසල්වලටත් රැල්ල හමාගෙන යයි. .(ස)

:       0       0

ජනක Sunday, 09 September 2012 07:00 PM

මටත් ආයේ යන්න තිබුණනම්...............(ස)

:       0       0

නුවන් Monday, 10 September 2012 10:21 AM

ඉතාමත් අගය කල යුතු වැඩක්. තමන් ඉගෙන ගත්ත පාසලට කලගුණ සැලකීම. .(ස)

:       0       0

රොහාන් Sunday, 09 September 2012 07:31 PM

ෂා... නියම වැඩ. (නි)

:       0       0

ෂේන් Monday, 10 September 2012 10:18 PM

මම හිතුවේ නැහැ මේ පාසලෙන් මෙහෙම කට්ටියක් රටට දායාද කරලා ඇති කියලා. (නි)

:       0       0

කාංචක Monday, 10 September 2012 10:20 PM

මමත් ආසයි ආයෙත් පාසල් යන්න..!!

:       0       0

ජනක Sunday, 09 September 2012 07:32 PM

මටත් යන්න තිබුණානම්? (නි)

:       0       0

වැලිමහර නන්දසෝම Monday, 10 September 2012 10:25 PM

අනේ රටට ගිය කලක්..!!(නු)

:       0       0

ජගත් Sunday, 09 September 2012 08:04 PM

මාත් ආදි ශිෂ්‍යයෙක්. දැක්කහම ආසයි. මට ඇස් වලට කදුලු ආවා. (නි)

:       0       0

සරත් Monday, 10 September 2012 10:45 AM

පරණ යාළුවොත් නැවත හමුවෙන්න ඇති (නි)

:       0       0

හර්ෂණ Sunday, 09 September 2012 08:12 PM

අනේ ඇත්තමයි මේක තමයි කාලෙකින් දැකපු ආසහිතෙන නිවුස් එකක්..අර කොට කලිසම් කට්ටිය තමයි නියම.ආපහු මටත් මෙහෙම යන්න තිබුණානම්....වේ‍ල්ස් කුමර හිතවතාණෙනි මෙය හොඳ ආදර්ශයක්.තර්ස්ටන් ආදි ‍සිසුවෝ එක්ක එකතු වෙලා මේ වගේ දවසක් යොදා ගන්න ආසයි මටත් . .(ස)

:       0       0

කාංචනා Monday, 10 September 2012 03:58 PM

අනේ මටත් ආසයි ආයෙමත් ඉස්කෝලේ එක දවසක් හරි යන්න. මගේ ගුරුවරු මගේ යාළුවෝ එක්ක පැය කිහිපයක් සතුටින් ගතකරන්න තිබුණා නම් කියලා හිතෙනවා. තවමත් මගේ ළග උ/පෙළ කරපු කාලේ ඇදපු ගවුම් 02 ක් තියෙනවා. මේ කටයුත්තෙහි සංවිධායක මණ්ඩලයට බොහොම තුති . අපිව ආයෙත් සුන්දර අතීතයට රැගෙන ගියාට .(ස)

:       0       0

මංගල Sunday, 09 September 2012 08:44 PM

මේක ලස්සන වැඩක්, අනිත් පාසල් වලත් මෙහෙම කරානම් අපිටත් මොහොතකට හරි අතීතයට ගිහින් එන්න තිබුණා...(ස)

:       0       0

චරිත් Monday, 10 September 2012 11:11 AM

මේකේ මෝඩ දෙයක් කියා කමෙන්ට් දාපු අය ගෑනනම් අපිට මාර දුකයි, මට හිතෙන්නේනම් ඉස්කොලයක් පෑත්තට ගිහින් නෑතිව ඈති. ඒකයි සුන්දර පරන ඒ කාලේ මතකයන් නෑත්තේ. මේ වගේ දෙයක් දෑක්කමත් අනික් පෑත්තටම කතාකරන්නේ එක්කෝ නූගත් කමට......නියම වෑඩක් මේක. අලුතෙන් ආව විදුහල්පති තුමාට අපේ ඉස්කෝලේ ආපහු එදා තිබුන තතවයට ගන්න හෑකිවේවායි කියල ප්‍රාර්තනා කරනවා. ආදිශිශය සංගම්වල ඉන්න හොරුන්ටයි, සංවර්ධන සමිතියේ හොරුන්ටයි අහු වෙන්නේ නෑතිව එයාලා විනාශ කල අපේ හෑමදෙයක්ම ගොඩගන්නට හෑකිවෙන්න කියලත් ප්‍රාර්තනා කරන්වා...(ස)

:       0       0

මාලික Monday, 10 September 2012 11:15 AM

මෙය වැරදියට වටහා ගත යුතු නැත. වේල්ස් කුමාර විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයට වසර සියයක් සැපිරීම නිමිත්තෙන් මෙන්ම පාසල් සංවර්ධනය වෙනුවෙන් මෙම විදුහලේ දැනට සිටින විදුහල්පතිවරයා විසින් සංවිධානය කරන ලද උදාර කටයුත්තකි. මෙය ආදී ශිෂ්‍යන්ට සිය පාසල් සාමය නැවත සිහිකර දීමට, සතුටක් ලබාදීමට සමත් විය. මෙම කර්තව්‍ය දෙස කුහක ලෙස නොසිතන්න..(ස)

:       0       0

රුවන් Sunday, 09 September 2012 09:05 PM

හරිම ආසයි. මටත් යන්න ඇත්නම්? (නි)

:       0       0

ධනංජය Monday, 10 September 2012 11:30 PM

ස්තූතියි විදුහල්පතිතුමනි. ඇස් වලට කදුලු ආවා. (නි)

:       0       0

වේල්ස් Monday, 10 September 2012 11:35 AM

අපි සාමාන්‍ය පෙළ වෙනකල් කොට කලිසම් තමයි ඇන්දේ (නි)

:       0       0

සමරසිංහ Monday, 10 September 2012 11:44 AM

දරුවන් නැති නිවසක් කොතරම් පාළුද? (නි)

:       0       0

රුවන් Monday, 10 September 2012 11:44 AM

මේකෙ වැරදියට වටහා ගන්න දෙයක් නෑ. පාසල් ඇදුම තමාට රිසි පරිදියි. ගොඩක් අය සුදු කමිස සමඟ දිග කලිසම් ඇදගෙනයි පැමිණියේ. එයාලට විදගන්න පුලුවන් විදියට විදගත්තෙ. '' සුලගේ ලෙළෙනා මල් සේ දඟ පා අප පාසල් ගිය කාලයේ...'' ඒක මෙහෙම වෙනස් වුනා ඊයේ! '' යාලුවො එහි ඇත, ගුරුදෙව් එහි ඇත.. ඊයේ වු වෙනසක අරුමේ!!! '' .(ස)

:       0       0

ජයරාජ් Monday, 10 September 2012 11:40 AM

තවත් වරක් පාසල් යන්න ලැබුණොත් කොපමණ අගනේද? (නි)

:       0       0

ප්‍රිමේෂි Sunday, 09 September 2012 10:11 PM

මේ මොන කෝළමක්ද? (නි)

:       0       0

බුද්ධික Monday, 10 September 2012 04:55 PM

මේ වැඩේනම් නියම වැඩක් තමයි. අපි කොච්චර වයසට ගියත් අයෙත් ඉස්කෝලේ යන්න හිතෙනවා (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 10 September 2012 11:41 AM

කොතරම් සුන්දරද? (නි)

:       0       0

නිශ්ශංක Sunday, 09 September 2012 10:13 PM

අනේ හරි ෂෝක්. මට හරි ආසයි. (නි)

:       0       0

බුද්ධිමා Wednesday, 12 September 2012 07:37 AM

වැරදි හොයන කට්ටිය වෙතයි. ඔයාලගේ පරණ ගුරුවරුන්ව ඔයාලා ගෙවල් වලට ගිහින් හම්බවෙනවද නිකමටවත්? මේ කාර්යබහුල ජීවිතයේ ගුරුවරුන්ට උපහාර දක්වන්න හොදම අවස්ථාවක්. නැවත අතීතයේ සොදුරු මතකයන් වෙත යන්න හොද අවස්ථාවක්. හොද වැඩක් කළහම කැපිල්ල එනවනේ, ඉතින් කමක් නැහැ. කුමරුවනි , පැහැදිලි අනාගතයක් පේනවා, පැහැදිලි දියුණුවක් පේනවා අපිට. ඔහොම යන්. (නි)

:       0       0

මුස්ත Monday, 10 September 2012 05:11 PM

නියම වැඩක් (දී)

:       0       0

චතුරංග Monday, 10 September 2012 11:54 AM

තවත් වරක් මට පාසල් යන්ට ලැබුණොත් මාත් යනවා...(ස)

:       0       0

දමිත් Tuesday, 11 September 2012 01:31 PM

මේකට විරුද්ධව අදහස් දක්වපු අය පාසල් ගිහිං තියෙන්නේ අකලටද? නැත්නම් විභාග පාස් වෙලා තමන්ගේ වැඩ ටික කරගන්න විතරක් වෙන්න ඇති.. අපි අවුරුදු ගානකට පස්සෙ පාසලට ගියේ හරිම ආසාවෙන්.. අනික මේ ඡායාරූප වලට වඩා ගොඩක් දෙයක් තිබුණා එතන. අනික අපි එකතුවුනේ අපේ පාසල හදන්න සල්ලි හොයාගන්න. පාසල් දවසක නම් ගුරුවරුන්ට වැටුප නිසා කියන්න පුළුවං.. නමුත් එදා නිවාඩු දවසේ එයාලා ආවෙ අපට තියෙන ආදරේට සහ පාසලට තියෙන ආදරේටයි.. මේක විහිළුවක් වගේ උනාට එතනට ආපු සියළු දෙනාට ඇහෙන් කදුලක් නැගුනා.. විදුහල්පති තුමනි අපි ඔබ සමගයි..!(නු)

:       0       0

සේනානායක Sunday, 09 September 2012 11:13 PM

පිස්සුද? (නි)

:       0       0

ඉන්දික Sunday, 09 September 2012 11:23 PM

නියමයි. අපිටත් යන්න හිතෙනවා. (නි)

:       0       0

2004 Monday, 10 September 2012 05:35 PM

අය්යෝ සල්ලි. වෙනවිදිහකට උපහාරය කරලා ඔය රෙදි දුෂ්කර පළාතක නැති බැරි පාසල් සිසුන්ට දුන්න නම් කොච්චර හොඳ ද ? එහම නැත්නම් ඔය විදුහලේම අඩුපාඩු සකස් කලානම් හෝ ගුරු මණ්ඩලයට පොදුවේ අවශ්‍ය දෙයක් ලබා දුන්නම් ? අනික ඔය විදිහට උපන් රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලයටත් උපහාර දක්වන්න අදහසක් ඒවිද ? (දී)

:       0       0

ලොරන්ස් Monday, 10 September 2012 12:21 PM

මට හරි කණගාටුයි (අ)

:       0       0

බණ්ඩාර Monday, 10 September 2012 12:37 PM

අපි හැමෝම ආසයි ආයෙත් පාසල් ජීවිතේට යන්න, මොහොතකට හරි. ගුරුවරුන්ට ගරුකරන ගමන්ම එම අත්දැකීම ලැබෙනවා නම් කවුද අකමැති? මේක දිහා කුහක හිතින් බලන්නේ නැතිව හොඳ හිතකින් බැලුවොත් මෙය අගය කළ යුතු නව කටයුත්තකි. ඊළඟ ආදිශිෂ්‍ය හමුවත් මෙහෙම කරන්න. (නි)

:       0       0

සුසිර Monday, 10 September 2012 06:08 PM

ඉස්කෝල කලේ මතක් වෙනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 512 1

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 526 0

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්
2024 ඔක්තෝබර් මස 11 249 0

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන


නිල නිවසක් පිටුපස මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 11 334 0

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොල


කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
2024 ඔක්තෝබර් මස 11 826 0

උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 259 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39917 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25910 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 168 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1284 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site