IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වැඩිහිටි දිනේ ජල්තර කතට ජල්තර වැඩක්

පිළියන්ද ජල්තර දෙදරු මවක (67) අද වැඩිහිටි දිනයේ පුටුවක ගැට ගසා කටේ රෙදි පාංකඩ ඔබා පිස්සන්කොටුවට භාර දීමට සැරසෙද්දී ඇය අලුයම තුනට පමණ ගෙදරින් පැන ගොස් පිළියන්දල පොලිසියට සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කළාය.

ධනවත් කතක වන ඇයගේ ප්‍රාණ භුක්තිය ලියවා ගැනීමට උත්සාහ කළ පිරිසක් ඊට ඇය නොකැමති වූ විට ඇය පුටුවේ තබා බැඳ ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් කීප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

එම කාන්තාව බැඳ දැමීමට යොද ගත් බව කියන ලණුද, කටේ එබූ රෙදි පාංකඩද  රැගෙන ආ බව පොලිසිය කියයි.

DSC05255 pizap.com14121546337071

DSC05266



අදහස් (0)

වැඩිහිටි දිනේ ජල්තර කතට ජල්තර වැඩක්

සත්‍යපාල Wednesday, 01 October 2014 12:25 PM

වැඩිහිටි දිනයේදී තම මවට සළකන හොඳම විදිය මේ දරුවෝ කල්පනා කරන්න ඇති. ඊට පස්සේ ආ හොඳම අදහස වෙන්න ඇති මවගේ දේපොළ ටික ලියාගෙන ඒවායින් නිදහස් කරලා සැනසිල්ලේ ඉන්න දෙන එක. ඒක ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා තමයි මේ අකරතැබ්බය වෙන්න ඇත්තේ. මේ දරුවෝ ගැන කවුරුවත් වැරදියට හිතන්න එපා ! (නි)

:       0       0

ධම්ම Wednesday, 01 October 2014 12:50 PM

මා දන්නා ධනවත් පවුලක එක් දරුවෙක් පවුලේ බුදලය ලියාගත්තේ පියාගේ මලසිරුරෙන් ඇඟිලි අත්සන අරගෙන.(අ)

:       0       0

ලකී දොඩන්ගොඩ Wednesday, 01 October 2014 01:03 PM

ශ්‍රී ලංකාවේ වෙන අසිරිමත් සිද්දීන් මේවා(අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 01 October 2014 02:07 PM

මනුස්සකම බල්ලට ගිය සමාජයක් මේක ! හැමෝම බලන්නේ කාගේ හරි බෙල්ල කාලා තමන් සතුටින් ඉන්න , ප්‍රශ්නේ කොච්චර කාලෙකටද කියල මේ මිනිසුන්ට නොතේරෙන එකයි අවුල . මිනිසුනේ ඉපදුන වගේම අපි මැරෙනවා මේ ඉන්න ටිකට අනුන්ට දුක් ගින්දරක් නොදී සතුටින් ජිවත් වෙමු , සතුට කියන්නේ සල්ලි නෙවෙයි සල්ලි නැතුව බොහොම සතුටින් ජිවත් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. (අ)

:       0       0

කුමාර් Wednesday, 01 October 2014 02:55 PM

මේක තමයි අපේ ධර්මද්වීපය! (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 01 October 2014 03:02 PM

පිටබැද්දර ජයාගෙ කතාවම තමයි මමත් කියන්නේ. (නි)

:       0       0

සංජීව Wednesday, 01 October 2014 03:03 PM

පිටබැද්දර ජයා එහෙම කියන්නේ මොකද දන්නෙ නැහැ. එයත් සල්ලි පස්සෙන් යනවා ඇති (නි)

:       0       0

නලීන් Wednesday, 01 October 2014 03:51 PM

බූදලේ ලියාගන්න කලින් ඔහොම නම්, ලියා ගන්න පුළුවන් වුණා නම් මේ මෑණියන්ගේ ඉරණම ගැන හිතාගන්නවත් බැහැ. (නි)

:       0       0

සමරේ(ගාල්ල) Wednesday, 01 October 2014 04:42 PM

අම්මාට තාත්තාට හොඳට සළකන්න. දානමාන පිංකම් වලට යොමුකරවන්න. ලෙඩවුණාම කාටවත් අතනොපා බේත් ටික අරගෙන දෙන්න. තමන්ගෙ දරුවන්ට අධ්‍යපනය, පෝෂණය සළසා දෙන්න. අසරණ දරුවෙකුට පොත් ටිකක් අරගෙන දෙන්න. තව කොයිතරම් දේවල් තියෙනවද? සල්ලි වලින් සතුටුවෙන්න පුලුවන්. වැරැද්ද තියෙන්නෙ සල්ලි නෙමෙයි, එය උපයන සහ වියදම් කරන විදියයි. (නි)

:       0       0

සුනෙත් Wednesday, 01 October 2014 05:25 PM

රාළහාමිට නම් හරි සතුටුයි ව‍ගේ! (නි)

:       0       0

ගුණසිරි Wednesday, 01 October 2014 05:40 PM

මම දන්නා, දරුවන් හොඳින් සිටින තැනක අම්මාව දමා තිබෙන්නේ වැහි පිනි බාන මඩුවක (නි)

:       0       0

අමාලි Wednesday, 01 October 2014 08:22 PM

අපෝ! මේවා අහස පොළොව නුහුලන අපරාධ. මේ අම්මාගේ පෙර පින් බලෙන් පිස්සන් කොටුවට යන්න වුණේ නැහැ. අනුන්ගේ මුදල් වලට, දේපල වලට ලොල්වෙන සමාජය දැන් දැන් වැඩිවෙලා. සාරධර්ම පිරිහිලා ගිහින. මුළු මහත් මිනිස් සමාජයට කරුණාව දයාව ඇතිවේවා! (නි)

:       0       0

සුගත් බණ්ඩාර Wednesday, 01 October 2014 09:50 PM

ලංකාවේ අද වෙනකොට වෙනදේවල් දැක්කහම ලංකාවේ ඉන්නේ මිනිස්සුද කියලත් හිතෙනවා. සමහරවිට ධර්මද්වීපයකට යන පාර ඔහොමද දන්නෙත් නැහැනේ! එහෙමනම් ඉතින් අනේ සාදු සාදු ඉන්න මිනිසුන්ට! (නි)

:       0       0

රොකී Wednesday, 01 October 2014 10:29 PM

ඔන්න සදහම් දේශය! අසිරිමත් බෞද්ධ දේශය. පෝය නිවාඩු 15යි, බෞද්ධ ටීවී නාලිකා 2යි, බෞද්ධ ගුවන් විදුලි නාලිකා 2යි, 80% ජනයා බෞද්ධ, මිනිස්සු පන්සල් ගිහින් මල් 40,0000 පුජා කරනවා. මේවා කරලා හරියන්නේ නැහැ. මිනිසුන්ගේ හිත පිරිසුදු වෙන්න ඕනෑ (නි)

:       0       0

චමින්ද Friday, 03 October 2014 11:18 PM

දැන් හැමතැනම වෙන්නේ ජල්තර වැඩම තමයි (නි)

:       0       0

ලක්මාල් Friday, 03 October 2014 04:57 AM

සත්‍යපාලගේ අදහස් අනුව ඔහු ඒ වගේම වැඩක් තම දෙමාපියන්ට කර ඇති බව පෙනේ. නීතිය ක්‍රියාත්මක කරන්න මොවුන්ට උපරිමයෙන්ම. (නි)

:       0       0

ආශා Thursday, 02 October 2014 12:41 AM

ආශ්චර්යවත් ලංකාවනේ! (නි)

:       0       0

හෂාන් Friday, 03 October 2014 05:36 AM

පවු අහිංසක කාන්තාව! (නි)

:       0       0

මහේෂ්‍ Thursday, 02 October 2014 01:23 AM

අනේ මෙහෙමත් වැඩ! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 02 October 2014 01:50 AM

මම දන්නා පවුලක වැඩිමහල් දියණිය තමන්ගේ මව වියපත්ව ඔත්පලව එකතැන් වූ පසු එම මව තම නැගණියගේ නිවසට භාර දී ,නැවත එම නිවසට නොපැමින තම වැඩ කටයුතු පහසුවෙන් කරගෙන යාමේ අදහසින් එම නැගණියට අභූත චෝදනාකොට තරහක් ඇතිකරගෙන අපුරුවට මඟහැර සිටිනවා.මෙය අපේ ගමේ බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශනයට ලක්වූ කාරණාවකි.මෙම සිද්ධියේ ලොකු දුව විශ්‍රාමික ගුරුවරියකි. ඇය මෙම ප්‍රදේශයේ "සමථ මණ්ඩලයේ" සාමාජිකාවක්ද වන්නීය. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 02 October 2014 03:09 AM

ඉතින් අජිත්, සමථ මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඇයව නෙරපා දාන්න බැරිද? (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 02 October 2014 12:03 PM

මෙන්න මේ වගේ වැඩ කරන අයවත් එක්කරගෙන යන්නකෝ තව හංගපු පාන්කඩ ,ලණු එහෙම තියෙනවද හොයන්න (නි)

:       0       0

සමන්ත Thursday, 02 October 2014 03:19 AM

මමත් දන්නා කියන පුතෙක්යි ලේලි කෙනෙකුයි එකතුවෙලා අම්මා ලෙඩ ඇ‍ඳේ ඉන්නකොට බලෙන් ඉඩකඩම් ලියාගත්තා. ඒ දුකට ඒ අම්මා මැරුණා. තාත්තාත් මේ ගැනම කල්පනා කරකර ඉඳලා අන්තිමට වාහනයකට යටවෙලා මියගියා.ඔන්න ඕකයි අද තත්වය! (නි)

:       0       0

යාපා Thursday, 02 October 2014 03:19 AM

බුදුදහමට රටට අදහස් වලින් ගරහන්න එපා රොනී (නි)

:       0       0

ඉදුනිල් Sunday, 19 October 2014 12:05 AM

කණගාටු හිතුණා මේ පුවත දුටුවිට (නි)

:       0       0

කපිල Thursday, 02 October 2014 03:42 AM

ජල්තර වැඩක්ම තමයි මේක නම් (නි)

:       0       0

සමීම් Thursday, 02 October 2014 03:44 AM

මෙයට බුදු දහමවත් වෙනත් ආගමකටවත් රටටවත් දොස් කියලා වැඩක් නැහැ. අද මිනිසුන්ගේ හිත්වල සාරධර්ම පිරිහිලා. කුසල් අකුසල් හඳුනන්නේ නැහැ.ඒකයි හේතුව (නි)

:       0       0

රන්ජිත් Thursday, 02 October 2014 04:11 AM

රොනී, මේ මවගේ ළමුන් කවදාවත් ඔය කියන වැඩ කරලා නැහැ. බෞද්ධ රටේ හිටියට බෞද්ධ විදිහට හැසිරිලා නැහැ. ඒක නිසා තමා මවු කෙනෙකුට සළකන්න දන්නේ නැත්තේ. (නි)

:       0       0

ශෂීමා Thursday, 02 October 2014 04:27 AM

පිටබැද්දර ජයාට ප්‍රශංසාව මෙන්ම රෝකිට ටිකක් පිස්සු වගේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 50 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 57 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 173 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 33 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 273 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 214 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38139 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25100 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site