IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


වැඩ කරන කාලය වැඩි කර දවසක් අඩු කරන්න යෝජනා

(අජන්ත කුමාර අගලකඩ)

ඩොලර් හිඟයත් සමඟ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ ,රටේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉකුත් අඟහරුවාදා පැවති විශේෂ කැබිනට් රැස්වීමේ දී මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් එම යෝජනාවලිය රජයට ඉදිරිපත් කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය බැංකු දෙකෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තවදුරටත් ණය ලබා දුනහොත් ,බැංකු දෙක කඩා වැටීම වළක්වා ගැනීම අසීරු වන බැවින්,එම බැංකු දෙකෙන් සංස්ථාවට ණය දීම වහාම නවත්වන්නැයි ද මහ බැංකුව යෝජනා කර ඇත.

ඛනිජ තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු දෙකට ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් කෝටි පනස් හය දාහක් පමණ (ඇමරිකානු ඩොලර් මිලියන 2800 ක්) වන බව වාර්තා වේ.

මේ තත්වය හමුවේ සංස්ථාවට තවදුරටත් ණය ලබාදුනහොත් බැංකු දෙක කඩා වැටී ආර්ථිකය බරපතල අර්බුදයකට ඇද වැටීමට ඉඩ ඇති බැවින්, වහාම විකල්ප ක්‍රියාමාර්ග වලට යායුතු බවට ද මහබැංකුව යෝජනා කර තිබේ .

තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් ලබන පාඩුව අවම කර ගැනීම සඳහා ඉන්ධන මිල සැලකිය යුතු ගණනකින් වැඩි කිරීමට ද මහ බැංකුව රජයට යෝජනා කර ඇත .

සතියේ වැඩ කරන දින ගණන හතරට අඩුකර, පැය ගණන වැඩි කරන ලෙසට මහ බැංකුව යෝජනා කර තිබේ . ඒ අනුව ආයතනවල කටයුතු උදේ හතයි තිහට ආරම්භ කර, පස්වරු පහයි තිහ දක්වා පවත්වාගෙන යන ලෙසට එමගින් යෝජනා කර තිබේ . ආයතන තුළ සිට වැඩ කරන සේවකයන්ට උදේ 9.00 සිට හවස 3.00 දක්වා වැඩ කර ,නිවෙස්වලට කලින් යාමේ අවස්ථාව සලසා දිය යුතු බවට ද මහ බැංකුව යෝජනා කර තිබේ .

පෞද්ගලික වාහන භාවිතය අධෛර්යමත් කර ,පොදු ප්‍රවාහනයට යොමු කරන ලෙසද මහ බැංකුව ඉල්ලා ඇත . මේ අතර ,ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් සහ ඉන්ධන පරිහරණය අරපිරිමැස්මෙන් කළ යුතු බවට ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ගෙන යන ලෙසද මහ බැංකුව ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ සඳහන් වේ .

 



අදහස් (28)

වැඩ කරන කාලය වැඩි කර දවසක් අඩු කරන්න යෝජනා

සිල්වා Saturday, 26 February 2022 04:51 PM

නිවසේ වැඩ කිරීම වැඩිදියුණු කිරීමද කළහැකියි.

:       4       57

RaveendraSaturday, 26 February 2022 09:04 PM

මෙය ඉතාමත්ම කාලෝචිත යෝජනාවක්.. තමන් උපන් රටට අවංකව සේවය කරන සේවකයින් සිටින රටකට... අවාසනාවට මෙය අපේ රටට නම් කොහෙත්ම ගැලපෙන යෝජනාවක් නොවන බව අප තරයේ විශ්වාස කරන්නෙමු. මක්නිසාද යත් "මහ එකාගේ සිට පොඩිම පොඩි එකා" දක්වා රජයේ සේවකයින් පිං පඩි ලබාගැනීමේ ඔස්තාර්ලාය. වැඩ නොකිරීමට දහසක් හේතුකාරණා කීමට අති දක්ෂයෝය.

:       1       19

nimalSunday, 27 February 2022 08:23 AM

ඔව් කරන්ට් එක ඔයාගේ බාප්ප දෙනවා නම්...!

:       2       7

ගජමිතුරු Saturday, 26 February 2022 05:18 PM

මොකක්ද මේ හතයි තිහේ සිට පහයි තිහ කියන්නෙ. කාටද ඒක අදාල වෙන්නේ කියන්න? දෙවනුව ආයතන තුළ සිට වැඩකරන අයට පෙරවරු නවය සිට තුන දක්වා කියනවා. මේ දෙකම අදාල වෙන්නේ කාර්යාල තුළ සිටින අයට පමණයි. ක්ෂේත්‍ර රාජකාරි කරන අයට සතියකට දින එකයි කාර්යාලයට එන්න තියෙන්නේ.. ගුරුවරු කොහොමද වැඩිපුර වැඩ කරන්නේ? එහෙම කළාම දරුවන්ට අභ්‍යාස කිරීම් ආදියට වෙලාවක් කොයින්ද? දරුවන්ට ඇතිවන වෙහෙස නිසා දරුවන් රෝගීන් වෙන්න පුළුවන්.. මෙය ක්‍රියාත්මක වුණොත් එය පූර්වාදර්ශයක් නොවේවා... (මට මතක් වෙන්නේම නාඩගම්කාරයෝ නාට්‍යයේ කුකුළා මුදලාලිගේ සහ මල්ලිගේ නම)

:       11       38

රොෂාන් Saturday, 26 February 2022 05:37 PM

බස්රථ කොටකොට යාම සහ හෝල්ට් වල පැය ගණන් නවත්තගෙන ඉන්න එක තහනම් කරන්න...

:       1       89

de silva Saturday, 26 February 2022 05:56 PM

කරුණාකර විදේශ ශ්‍රමිකයා, දේශීය කර්මාන්ත කරුවා හම්බකර බැංකු හරහා ලංකාවට එවන ඩොලර්වලට වෙලඳපලේ තියෙන නියමිත මිල ගෙවන්න. එවිට ඔවුන් පෙර පරිදි බැංකු හරහා ඩොලර් රටට එවාවි. එහෙම වුණාම මේ ඩොලර් ප්‍රශ්නය එක මාසෙන් විසඳෙනවා. දැන් රටේ ගෑස් සහ වෙනත් අමුද්‍රව්‍ය වල මිල දෙගුණයක්, හැම දේකම පාලන මිල ඉවත්කරලා, කර්මාන්ත කරුවාගේ වියදම් දෙගුණ වෙලා තිබෙන අවස්ථාවේ බොහෝ දෙනෙක් ව්‍යාපාරවලින් ඉවත් වෙලා. BMW වාහන වල ඩිකියේ දමාගෙන පාරවල් අසල බත්පැකට්, පොල් සහ පලතුරු විකුණනවා.. ඩොලර්වලට පමණක් පාලන මිලක් දමාගෙන හිටියොත් උන්ඩියල්කාරයා පොහොසත් වෙනවා. රට බංකොළොත් වෙනවා. අපේ ඇමැතිලා කිහිප දෙනෙකුත් මේ උණ්ඩියල් ජාවාරම් වලට සම්බන්ධයි.

:       1       187

Bamunuarachchi Saturday, 26 February 2022 06:05 PM

ඒක කෙරෙන වැඩක් නොවෙයි, කැන්ටිමේ ඉන්න කාලය වැඩිවෙයි. කෙරෙන වැඩ ප්‍රමාණය ඉහළ යන්නේ නැහැ. ක්ෂේත්‍රයේ වැඩකරන මිනිස්සු මොකද කරන්නේ? නිවාඩු දවසට වැඩ යොදා ගනී. අතිකාල ගන්න බලාගෙන.... අපි නොදන්නා රජයේ සේවකයෝ.

:       7       43

සකල ගුරුSaturday, 26 February 2022 06:57 PM

ක්ෂේත්‍රයේ නිලධාරින්ට කොහෙද හලෝ අතිකාල ගෙවන්න. එහෙම ගෙවනවා නම් වැරදියි. ඔවුන්ට හිමිවන්නේ ගමන්වියදම් පමණයි. ඒකටත් ඉදිරි වැඩ සටහන් ඉදිරිපත් කරලා අනුමත වෙලා තියෙන්න ඕනෑ. නමුත් රියදුරන් නම් පඩි පහක් ගන්නවා කියලා හරිම ප්‍රසිද්ධ කියමනක් තියෙනවා...

:       3       15

BamunuarachchiSaturday, 26 February 2022 08:03 PM

විදුලි බල මණ්ඩලයේ සේවකයෝ සෙනසුරාදාට අලුත්වැඩියා කටයුතු කරන්නේ පිනටද? ජලප්‍රවාහන මණ්ඩලයේ සේවකයින් සෙනසුරාදාට අලුත් වැඩියා කටයුතු කරන්නේ පිනටද? හදිසි අලුත්වැඩියාවක් ආවොත් දවස් තුනක් බලා ඉන්නද අලුත්වැඩියා නොකර? අපි විදුලිබලය, වතුර නැතුව ඉන්නද මේ ගොයියෝ වැඩට එනකන්? ඔහෙට අතිකාලා නොලැබෙනවා ඇති. ඒක වෙනම කතාවක්...!

:       15       15

සකල ගුරු Saturday, 26 February 2022 09:41 PM

විදුලි බල මණ්ඩලය කියන්නෙත් මොනවගේ එකක්ද කියලා දැන් කාලයේ විදුලිය විසංධි කිරීමට කටයුතු කිරීමෙන් පේනවා. ජල මණ්ඩලයේ එහෙම කරනබව දිනපතා පුවත්පත් බලනවිට පේනවා. මම කිව්වේ රාජ්‍ය අංශවල කටයුතු මිස සංස්ථා හා මණ්ඩල ගැන නොවෙයි. ඒවායේ ඉන්නේ රටට වඩා බඩට තැනක් දෙන අය කිවයුතුද?

:       0       5

uk ran Saturday, 26 February 2022 06:18 PM

කළොත් කරන්නේ හරක් වැඩක්ම තමයි. රටම විනාශ කරන්න හදන්නේ මෙයා..

:       5       49

පැරකුම්Saturday, 26 February 2022 09:17 PM

අපි මොනවා කිව්වත් ලොක්කා මෙයා කියන දේ ඉස්මුදුනෙන් පිළිගන්නවා. බලන්න බොරුද කියලා...?

:       0       5

චන්දන Sunday, 27 February 2022 06:27 AM

බොහෝ රටවල් සෘතු භේදය අනුව වැඩ කරන වේලාව වෙනස් කරනවා. ඔරලෝසු කටු පස්සට, ඉස්සරහට ගැනීමත් එක ක්‍රමයක්... ළිං පතුලේ ඉඳලා ප්‍රශ්න දිහා බලන්න බැහැ. මේ යෝජනාව හොඳයි. විවිධ රටවල අත්දැකීම් තියෙන අය මෙය අනුමත කරනවා. වර්ක් ඇට් හෝම් ක්‍රමයත් මේ සමගම ක්‍රියාත්මක කරන්න...

:       0       4

wwww Saturday, 26 February 2022 06:29 PM

ඩොලර් තත්වය වැඩිවෙනකන් රට ලොක්ඩවුන් කරන්න.

:       4       38

Sugath Saturday, 26 February 2022 07:08 PM

ආවෙ නම් වැඩකරන විරුවා කියාගෙන.. අන්තිමට කෙරුවේ වැඩි කරපු එක විතරයි. දැන් අන්තිමට වැඩකරන දවසත් අඩු කරන්න යන්නේ... දැන් සැපයි. කිරිබත් කමු.

:       5       151

සමින්ද Saturday, 26 February 2022 07:09 PM

වැඩ තවත් අල කරන්නේ නැතිව ඩොලර් එක 300ට යවන්න. ඩොලර් උපයන්නේ නැති එක නෙවෙයි තියෙන ප්‍රශ්නේ. අඩු ගාණක් ගෙවන නිසා රට ඇතුළට ඩොලර් එවන්නේ නැතිව පිටරට ගිණුම්වල තියාගෙන ඉන්න එක. මෙහෙම ගියොත් ඉස්සරහට ලයිට්, ගෑස්, තෙල් විතරක් නෙවෙයි අපනයන අංශයත් කඩාගෙන වැටෙනවා. රටම කඩාගෙන වැටුණත් රුපියලට වැටෙන්න දෙන්නේ නැහැ කියන බාලාංශ මානසිකත්වයෙන් අයින් වෙන්න.

:       1       157

Bamunuarachchi Saturday, 26 February 2022 07:12 PM

මරේමරු... නරකද සුමානෙට පැය 24ම දවස් දෙකක් වැඩකර දවස් 5 නිවාඩු දුන්නාම. එතකොට විදේශ රටවල් සමග වැඩ කරන රජයේ ආයතන අතිකාල ලබාගෙන වැඩ කරාවී. රටට හෙන 7 නොවෙයි 14 වදීවි.

:       6       28

anuraSunday, 27 February 2022 08:32 AM

වැඩ කළයුතු කාලය දැන් වෙනස් කළ යුත්තේ දිනකට පැය 24 ගණනේ දින 7ම වැඩ කිරීමයි. එසේ නැතිව දැනට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමට නොහැක. එසේත් නැත්නම් අහවලාගේ උපන්දිනය වෙනුවෙන් කියා දෙන නිවාඩු ඉවත් කළ යුතුයි. ලංකාවේ ආගම් වර්ග දෙතුන් සීයක් තිබුණේ නම් මුළු අවුරුද්දෙන් දින දෙතුන් සීයක් නිවාඩු වීමට ඉඩ තිබිණි. කිසිම ශ්‍රාස්තෘන් වහන්සේ නමක් එතුමන්ලාගේ උපන්දිනය නිවාඩු දිනයක් කරන්නැයි කියා ඇතැයි මම නොසිතමි...

:       3       5

Jagath Saturday, 26 February 2022 08:52 PM

කිසිම ගොම්බ යෝජනාවක් මේ වෙලාවේ කරන්න එපා. නුඹලා මේ දක්වා කරපු ගොබ්බ යෝජනා සියල්ලම පට්ට අසාර්ථකයි. නිකං ආතල් දෙන්නේ නැතුව ඉක්මණට මැතිවරණයක් කියන්න කියන්න....

:       2       12

indika Saturday, 26 February 2022 09:18 PM

පොදු ප්‍රවාහන සේවය මුදලාලිලාට සහ මාෆියා කාරයින්ට කුඩු, පාතාල කාරයින්ට නිසා තමයි අද ගොඩක් ප්‍රශ්න.. මේක හොඳට තිබුණා නම් අද මිනිස්සු තමන්ගේ වාහන තියලා පොදු ප්‍රවාහනේ පාවිච්චි කරනවා.. මිනිස්සුන්ට පොදු ප්‍රවාහනේ එපා වුනේ මග දිගට කොටකොට යාමත්, කරච්චල් සංගීත නිසාත්, කොන්දොස්තර සහ රියැදුරන්ගේ පහත් හැසිරීම් නිසාත්, අනවශ්‍ය විදිහට මගින් අනතුරේ දමමින් පාරේ යන නිසාත් කියන එක තමා ඇත්ත... මොන මනුස්සයාද හවසට වැඩ ඇරිලා බස් එකේ නැග්ගාම ඉහළ කියපු දේවල් අත් විඳවිඳ බස්වල යන්න කැමති..? ඒකයි මිනිස්සු බයික් කට්ටක් හරි ගන්නේ...

:       0       8

සිරා Saturday, 26 February 2022 10:54 PM

අනේ නන්දසේන මහත්තයෝ, ඔය මූසලකම තවත් හෙනයක් වෙන්නට නොදී ඇමරිකාවට ගිහින් ඉන්න.. මේ රට විනාශ නොකර යන්න හිටපු දිහාටම... කරුමයට අපිත් පලි දැන්..!

:       2       9

Ile Saturday, 26 February 2022 11:04 PM

මේ මොකක්ද "ආයතන තුළ සිට වැඩ කරන සේවකයන්"...!

:       0       3

Perera Saturday, 26 February 2022 11:28 PM

බල්ලගෙ වැඩේ බූරුවා කරනවා වගේ...

:       0       5

Kumara Sunday, 27 February 2022 03:05 AM

ඉස්සෙල්ලාම ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් නවත්වන්න. ඔය අතන මෙතන නිරීක්ෂණ චාරිකා නවත්තලා දැම්මා නම් කොයිතරම් ඉන්ධන ඉතුරු වෙනවද? වාහන කීයක් ඔය එක තැනකට එනවාද කියලා බලන්න...

:       1       8

Prasanna Sunday, 27 February 2022 05:34 AM

සංචාරකයන්ගෙන් ඩොලර් පිටරට ඉන්න ඇමතිලාගේ නැයින්ගේ ගිණුමට දගෙන ලංකාවට ගියාම අච්චු ගහන රුපියල් දුන්නාම, කබ්රාල් කොහොම කිව්වත් ලංකාවට ඩොලර් නියම ලෙසට නොලැබෙනු ඇත. මෙය රාජපක්ෂ සමාගම නොදන්නවා විය නොහැක. මෙය සංවිධානාත්මක මංකොල්ලයකි.

:       0       6

anura Sunday, 27 February 2022 08:09 AM

ඔබතුමාගේ යෝජනාව ඉතාම කාළෝචිතයි. මෙයට තවත් ඌණ පූරණයක් එකතු කිරීමට කැමැත්තෙමි. එනම් මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් සිස්ටම් තවත් ප්‍රචලිත කිරීමට රජයට යෝජනා කරන ලෙසයි. සාම්ප්‍රදායික චින්තනයට හැඩ ගැහුණු ශ්‍රී ලාංකීය සමාජයේ බොහෝ දෙනෙක් මෙයට විරුද්ධ විය හැකිය. නමුත් යතාර්ථයට මුහුණ දිය යුතුයි. මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් සිස්ටම් 2020ට පෙර ලංකාවේ බොහෝ දෙනෙකු අසා නොතිබ්බත්, කෝවිඩ් වසංගතයක් සමග එය අනිවාර්ය විය. එහි අඩුපාඩු ඇතත් පැවැති ප්‍රශ්නවලට විකල්පය වූයේ එයයි. හරියාකාරව එය ක්‍රියාත්මක කළහොත් අවාසිවලට වඩා වාසි විශාල සංඛ්‍යාවක් ඇත. කලකට පෙර ලයිට් බිල්, වතුර බිල් ගෙවීමට දවසෙන් අඩක් පෝලිමේ සිටි යුගයක් තිබිණි. නමුත් දැන් එය පරිගණක ආශ්‍රිතව බොහෝ දෙනෙක් කරන නිසා කාලය, ශ්‍රමය හා මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි වේ. හණමිටි කාරයින්ගෙන් ශ්‍රී ලංකාව බේරාගෙන විද්‍යාවෙන් ලැබෙන වාසි උපරිමයෙන් භාවිතා කිරීමට සමාජය හුරුවිය යුතුයි.

:       2       6

fairoos Sunday, 27 February 2022 02:00 PM

කබ්‍රාල්ට විකාර...!

:       1       7

Mangala Sunday, 27 February 2022 03:17 PM

රජයේ සේවකයෝ බහුතරයක් බොරු කරන්නේ... එමනිසා වැඩ කන වෙලාව නෙමෙයි, හරියට වැඩ කරන්න කිව්වා නම් හරි...!

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 98 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 117 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 552 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 612 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 536 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1682 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 529 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site