IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


වැඩ කළ හැකි රණවිරුවන්ට රැකියා දෙන බව ජනපති කියයි.

වත්මන් රජය රණවිරුවන්ට නොසළකන බවට ඇතැමුන් විවිධ චෝදනා කළත් සියලූම රජයන්ට වඩා රණවිරුවන්ගේ සුබසාධනය හා ගෞරවය ආරක්ෂා කිරීමට වත්මන් රජය කැපවී සිටින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපති මේ බව පැවසුවේ තාක්ෂණ නිළධාරින් ලෙස බ`දවා ගත් විශ‍්‍රාමික රණවිරුවන් 50 දෙනකුට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරමිනි.වැඩ කළ හැකි වයසේ පසුවන විශ‍්‍රාමික රණවිරුවන් නැවතත් ජාතික සංවර්ධනය ස`දහා යොදා ගැනීමෙන්  ඔවුන්ගේ සුබසාධනය ද වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.

  ජාතික සංවර්ධනයට දායක කරගත හැකි විශ‍්‍රාමික රණවිරුවන්ගේ සංඛ්‍යාව 113,598 ක් පමණ වන බව ද ජනාධිපති කාර්යාලය ස`දහන් කරයි.



අදහස් (0)

වැඩ කළ හැකි රණවිරුවන්ට රැකියා දෙන බව ජනපති කියයි.

දහම් Wednesday, 12 October 2016 08:39 AM

අැයි අතුල ඔච්චර මෝඩ කතා ලියල මේ ඉඩකඩ නාස්ති කරන්නේ. රැකියා විරහිත තාක්ෂණ උගතුන් විශාල පිරිසක් සිටිද්දී මේ කළේ විගඩමක්. ඇයි හමුදාවේ විශ්‍රාමිකයෝ විතරක්. කොච්චර ඉන්නවද තාක්ෂණ රැකියා කරලා විශ්‍රාම ගත්තු. මේ තමන්ගේ හිත සනස ගන්න කළ වැඩ. (බ)

:       0       0

අමිල Tuesday, 11 October 2016 02:21 PM

හොඳ වැඩපිළිවෙලක් ජනපතිදුනි. (ර)

:       0       0

දහම් Tuesday, 11 October 2016 04:01 PM

දෙවි හාමුදුරුවනේ! කොච්චර නම් තරුණයෝ ඉන්නවද තාක්ෂණ පුහුණුව ලබපු, රස්සා නැතුව. මේ පෙන්ෂන් අයට නම් විශ්‍රාම වැටුපක් ලැබෙනවා. අර තරුණයෝ අතේ සතේ නැතුව අසහනයෙන්. ඒ එක්කෙනෙකුට රස්සාව දුන්නා නම් පවුලක්ම ගොඩ (නි)

:       0       0

රන්ජන් Tuesday, 11 October 2016 04:26 PM

දැන් කතා ඇති (නි)

:       0       0

ධම්ම Tuesday, 11 October 2016 05:35 PM

විශ්‍රාම ගිය අයට යන්න දෙන්න. ඉන්න අයගෙන් වැඩගන්න. ඒකනේ වෙන්න ඕනෑ. (නි)

:       0       0

අනිල් Tuesday, 11 October 2016 06:00 PM

අපි දැක්කා රැකියා දීලා තියනවා උතුරු පළාත්වල නම් කුඹුරු හාන්න, කාණු අස් කරන්න, කුණු අස්කරන්න, කඩ හදන්න, ඒවාට මේවට. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 11 October 2016 09:13 PM

දැනටම උතුරේ කඳවුරු ටික වහල ඉවරයි කියලා අපිට හිතෙනවා (නි)

:       0       0

අතුල Tuesday, 11 October 2016 09:46 PM

විශ්‍රාමිකයින් ගන්නවා වගේම රැකියා විරහිත තරුණ උපාධිධාරීන් ගැනත් බලන්න (නි)

:       0       0

චාමර Wednesday, 12 October 2016 01:09 AM

වැඩ කළහැකි හිඟාකන ජනතාවක් කොපමණ ඉන්නවද. ඒ ගැනත් හිතා බලන්න. බුදුදහම ප්‍රායෝගික කරලා දෙන්න. (නි)

:       0       0

ආර්. වික්‍රම Wednesday, 12 October 2016 01:37 AM

රණවිරුවෝ වටිනවා තමයි. හැබැයි එයාලට පෙන්ෂන් එකක් ලැබෙනවා. තරුණ, උගත් කීදෙනෙක් මහපාරේද රස්සා නැතුව? (නි)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 12 October 2016 01:44 AM

විශ්‍රාමිකයන්ට රස්සා දෙනවට වඩා, රැකියා නැති තරුණ උපාධිධාරයින්ට දෙන්න පුළුවන් නම් හොඳ නැද්ද? (නි)

:       0       0

සජී Wednesday, 12 October 2016 02:06 AM

රණවිරුවන්ගේ හිත හදන්න වගෙයි නේද හදන්නේ? (නි)

:       0       0

කමල් Wednesday, 12 October 2016 02:09 AM

බිලියන 300ක් ආරක්ෂාවට වෙන්කරලා, පඩි දෙකකුත් දීලා ඔක්කොම අපිට ගෙවන්නද කියන්නේ. (නි)

:       0       0

සෙනරත් Wednesday, 12 October 2016 03:08 AM

දැන් අවුරුදු 2 ක් ඉවරවෙන්න යනවා. මොනවද කළේ? සංවර්ධනය ආපස්සට හරවපු එකද? චීන සමාගම් සමඟ කරගෙන ගිය සංවර්ධන වැඩ නවතාතබා නැවත වන්දිගෙවා පටන්ගැනිමද? (නි)

:       0       0

අතුල Wednesday, 12 October 2016 03:33 AM

මෙතැන අදහස් දාන සමහරුම මෙයාලට රැකියා දුන්නේ නැත්නම් ආණ්ඩුව රණවිරුවන්ගෙන් පළිගන්නවා කියලාත් කියන බව බොහොම පැහැදිලියි. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 12 October 2016 03:40 AM

කිලිනොච්චි යනවා කියලා මැදවච්චි ගියා කියලා, තොප්පිගල නිකම්ම නිකම් බිමක් කියලා එදා රණවිරුවන්ට නින්දා කරලා ඔවුන් අධෛර්යට පත්කරපු මිනිස්සුත් මේ ගොඩේ ඉන්න එකයි ලස්සන වැඩේ. සමහර දේශපාලකයින්ට ලැජ්ජාවක් නැතිවුණාට රටවැසියන්ට ඒක තියෙන බව ඔවුන් අමතක කරන්න නරකයි. (නි)

:       0       0

සුමිත් කුමාරසිරි Wednesday, 12 October 2016 03:51 AM

දිනූ යුද්ධයේ ප්‍රතිඵල ආරක්ෂා කරන්න (බ)

:       0       0

ප්‍රසාද් Wednesday, 12 October 2016 04:15 AM

රණවිරුවන් ගෙන් පළිගන්න විදිය බලන්න රිමාන්ඩ් බන්ධනාගාරයට යන්න (බ)

:       0       0

ඉසුරන්දි Wednesday, 12 October 2016 05:41 AM

රැකියා ලබාදීම ඉතා උතුම් කටයුත්තක්. නමුත් විශ්‍රාමික ආරක්ෂක අංශයේ සාමාජිකයන්ව රටේ ආරක්ෂක සේවාවන් සඳහා ආයතනයක් ස්ථාපිත කර එයට යොමුකළොත් කාලෝචිතයි යන්නයි මගෙනම් හැඟීම. (නි)

:       0       0

රුචී Tuesday, 11 October 2016 11:26 AM

කිවුවේ නම් හමුදාව වෙන වැඩ වලට යොදාගන්නේ නැහැ කියලා. ගොඨභය සැහෙන වැඩ කොටසක් කලා හමුදාව යොදාගෙන. (ර)

:       0       0

කමනි Wednesday, 12 October 2016 06:50 AM

අර පොත කියවල බලන්න. දැන් බලේ ඉන්න සමහර අය මේ යුද්ධය දිනන්න බැහැ කියල හමුදාපති ඉස්සරහ කියපු හැටි දැන ගත්ත හැකි. (බ)

:       0       0

සුසන්ත Wednesday, 12 October 2016 07:02 AM

එතකොට පහුගිය ටිකේ රණවිරුවෝ බන්ධනාගාර යැව්වේ එහෙ වැඩට වෙන්න ඇති (බ)

:       0       0

කොස්තා Tuesday, 11 October 2016 12:58 PM

ආණ්ඩුව හොඳ දෙයක් කලාම කස්ටිය සද්ද නැහැනේ... (ර)

:       0       0

සුසන්ත Wednesday, 12 October 2016 08:06 AM

ඉසුරන්දි, එහෙම කරපු එක තමයි පටු දේශපාලන පළිගැනීම් අනුව නඩු දමා වසා දැම්මේ! (හේ)

:       0       0

අතුල Wednesday, 12 October 2016 08:12 AM

ප්‍රසාද් ඔබ ඔය කියන රණවිරුවන්ගෙන් පලි ගන්න හැටි බලන්න මොන බන්ධනාගාරයටද යන්න ඕන?ඔබ ගියාද බලන්න? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 959 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1572 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 342 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1426 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1212 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site