IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


වැඩි කළ 10,000ම බද්දට වැයවෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රජයේ සේවකයන්ට අයවැයෙන් දුන් රුපියල් 10000 ම වැය වන්නේ වැඩි කරන ලද බදු ගෙවීමට සහ වැඩි කළ ආහාර මිලදී ගැනීමට බව ජාතික ජනබලවේගයේ පත් කළ මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

ඒ අනුව පඩිය වැඩි කිරීමෙන් රජයේ සේවකයන්ට කිසිම ප්‍රතිලාභයක් අත් නොවන බවද අමරසූරිය මහත්මිය කීවාය.  

"මේ විප්ලවීය අය බව ආණ්ඩු පාර්ශවය කියනවා.මෙහි සුරංගනා කථා හැර කිසිම  විප්ලවීය බවක්  නම් පේන්නේ නෑ.

දැන් අයවැය යෝජනාවලට පෙර පාපොච්චාරණයක් කරන්න පුරුදු වෙලා තිබෙනවා.දශක ගණනාවක වැරදි පෙන්වා දෙමින් වැරදි නිවැරදි කළ යුතු බවට 2023 වසරේ දීත් කිව්වා.මේ අලුත් බව මොකක්ද කියන එක ප්‍රහේලිකාවක්.

රට අර්බුදයට මුහුණදීම සඳහා ගෙන තිබෙන අලුත් යෝජනා මොනවාද කියා කිසිසේත් පැහැදිලි නැහැ.

අයවැය පරතරය මග හැරීම සඳහා  තිබෙන සම්පත් විකිණීම, බදු අය කිරීම, හැරෙන්න වෙන කිසිම යෝජනාවක් ඉදිරිපත් කර නැහැ"



අදහස් (18)

වැඩි කළ 10,000ම බද්දට වැයවෙයි

සමන් Tuesday, 14 November 2023 01:13 PM

හරිනි, 1971 ඉදල රටේ පාලන බලය ගන්නවත් උපායක් නොදන්න ඔයාල මේ රට හදනව කියන්නේ තවත් විහිළුවක්.. ඔයාල දන්නවා මිනීමරන්න, බස් ගිනිතියන්න, ට්‍රාන්ස්පෝමර් පුපුරවන්න....දන්නැත්නම අන්රයියගෙනුයි ටිල්වින් අංකල්ගෙනුයි අහන්නකො.....

:       105       48

Prabha Tuesday, 14 November 2023 02:11 PM

දුකට කියන කතා...!

:       0       1

අරවින්ද මොනරවිල Tuesday, 14 November 2023 02:42 PM

බටලන්ද වදකාගාරයේ O.I.C මහත්තයාගෙන් දැන ගන්න පුළුවන් ධර්ම චක්‍රය දාන්න, කටු කම්බි අරින විදිහ පරලා, ඇණ ගහන ක්‍රමය ටයර් සෑයේ ආදාහන කරන විදහ. ගංගා ඇලදොලවල පාකරලා යවන විදිහ නැද්ද අයියා.

:       19       29

නලින්Tuesday, 14 November 2023 03:16 PM

මේ පිරිමි මිසී" සමන් ද?. පිරිමි මිසී සමන්ගෙ වචන සෙට් එකම තමයි මේ තියෙන්නෙ.

:       1       0

Lakmal Wednesday, 15 November 2023 07:39 AM

ඔබ තුමාගෙ ලොන්ඩරියෙ මහින්දගෙ, රනිල්ගෙ රෙදි අපුල්ලනව නේද? 71/88 ගැන කතා කරන අයට අපේ මිනිස්සු අමු අමුවේ මරල දමපු කරුණට- පිල්ලෙට ඇමතිකම්, පක්ෂ සභාපතිකම් දුන්නු අය ගැන මතක නෑ..

:       2       0

Aravinda Monarawila Tuesday, 14 November 2023 01:42 PM

පිනාගේ සුරංගනා කතාවලට රැවටෙන්නේ නැති රවටන්න බැරි පිරිස ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු

:       43       82

මැක්ස් Tuesday, 14 November 2023 02:37 PM

දැන් ඉන්නේ හාල්පාරු, මිනීමරුවන්ට කත් අදින මොනරවිලලා වුණාට ඉස්සර නම් හිටියේ රට, ජාතිය, ආගම වෙනුවෙන් සුද්දන්ට එරෙහිව අභීතව සටන් වැදුණු කැප්පෙටිපොල මොනරවිලලා...

:       0       1

Bamunuarachchi Tuesday, 14 November 2023 04:41 PM

පිනාගේ කොහොම වෙතත් ජෙප්පගේ කථා වලට රැවටුනොත් තවත් සැරයක් තුන්ඩු කෑල්ලෙන් තමයි රට පාලනය වෙන්නේ. ජෙප්පන්ට රට දෙනවා තියා ජෙප්පෝ ඉන්න බස් එකකටවත් ගොඩවෙන්න එපා. උදේට ජෙප්පෙක් මුලිච්චි උනොත් දවසම මුස්පේන්තුයි. මොකද උන් අතමිට තිබෙන එකා දිහා බලන්නේ ඊර්ෂාවෙන්, ක්‍රෝධයෙන් වෛරයෙන්

:       0       2

ajith Tuesday, 14 November 2023 02:38 PM

විවේචනය පැත්තක තබා, ප්‍රායෝගික විකල්ප, විසඳුම් ඉදිරිපත් කළා නම් නේද හොඳ?

:       0       1

abaran Tuesday, 14 November 2023 03:39 PM

අනේ හරිනි ඔයගේ මොලේ ඔය තරම්ම ටිකිරියි කියල අපි හිතුවේ නැහැ . වැටුප් වැඩිකරන්න වෙන්නේ භාණ්ඩ වල මිල ඉහල යන නිසා බව ඔයා දන්නේ නැතිද? නැත නම් මොකටද වැටුප් වැඩි කරන්නේ. අනික නිකං ගැලරිය පිනවන කතා කියන්න එපා හලෝ. බදු නැතිව මොන කෙන්ගෙඩින්ද හැම මගුලම නිකන් දෙන්නේ කියල ඔයාගේ ටිකිරි මොලේ තව ටිකක් මෝරනකොට තේරේවි .

:       0       2

බිමල් Tuesday, 14 November 2023 03:58 PM

ඇයි දැන් මුලු ලංකාවටම බදු ගෙවන්නේ ආන්ඩුවේ සේවකයන් විතරද? පුද්ගලික අංශයේ මිනිස්සු පණ යනකන් වැඩ කර කර බදු ගෙවනවා. දාහක් නෙමෙයි සත දහයක් වැඩි කරන්න හොද නැහැ. වැඩක් කරගන්න ආණ්ඩුවේ කාර්‍යාලයකට ගියොත් හරිනිට උන්දැලා වෙනුවෙන් කට ඇරිය එකට ලැජ්ජා හිතේවි. හැම සේවකයෙක්ම පැයට ඈනුම් දහදාහක් යවනවා.

:       0       0

Athula k Tuesday, 14 November 2023 04:15 PM

රජයේ සේවකයින්ට රුපියල් 10000 හරි තියෙනවා... සාමාන්‍ය මිනිස්සුන්ට...?

:       0       1

Bamunuarachchi Tuesday, 14 November 2023 04:33 PM

ජෙප්පෝ බලයට ආවොත් බදු නැති කරනවාද? පඩි වැඩිකරනවාද? පඩි වැඩිකර රටේ ලක්ෂ දහයක පමණ රජයේ සේවකයින්ට සහන සලසන්න රටේ සෙසු ජනතාවට බදු ගැසීම සාධාරණද? පඩි වැඩි උනාම එකටත් එක්ක බදු ගෙවන්න ඕනේ. ඉයුරෝ 500 මාසික වැටුප් වැඩිවීමක් ලැබිලා 260 ම බදු වලට කැපුනා ඔන්න ඔහොමයි අයර්ලන්තේ බදු ගැහිල්ල. කැනඩාවේ Federal රජයට බදු ගෙවලා provincial රජයත් ඒ හා සමාන බද්දක් ගෙවනවා. ඔන්න ඔහොමයි අපි බදු ගෙවන්නේ. මිනිරන් ග්‍රැෆයින් කළාමත් බදු ගෙවන්න වෙනවා.

:       0       2

නිකං කන්න Tuesday, 14 November 2023 05:05 PM

මොණර ඔයකියන බලවේගයට කඩේ යන්නෙ නිකං කන්න බලං ඉන්න ඔයා වගේ පිනාල කණ්ඩායමක් තමයි.

:       0       4

shanthini Tuesday, 14 November 2023 07:11 PM

ජාතික ජන බලවේගයට ජයවේවා !!!

:       5       0

Bamunuarachchi Wednesday, 15 November 2023 03:57 PM

ජෙප්පෝ කියන්න දන්නේ මාලිමාවට ජයවේවා කියලා විතරයි. ඊට වඩා දෙයක් ඒ් අය දන්නේ නැහැ.

:       0       1

Roshan Tuesday, 14 November 2023 08:53 PM

මොනවා හරි වැඩි කරනවා නම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරලා කියලා කියවනවා. වැඩි කරාම වැඩි කරා කියලා කෑ ගහනවා. මොවුන් නම් මහ දෙපිටකාට්ටු පිරිසක්. JVP එක කරපු හරිය 1990ට පස්සේ ඉපදුණු අය දන්නේ නෑ... LTTE එකට වැඩි හානියක් JVP එක මේ රටට කරා... ඒක නිසාම තමයි මොවුන් පක්ෂයේ නමයි ලකුණු දෙකම වෙනස් කළා...

:       0       2

Suren Wednesday, 15 November 2023 06:06 AM

හරිනි ඔයා ඕලෙවල් ගණන් ෆේල්ද? අපි දන්නා ගණිතය අනුව නම් මෙම වැටුප් වැඩිකිරීමට පෙර රු 89500 ක වැටුපක් ලබපු රජයේ සේවකයෙක් අදාළ වැඩි කිරීමෙන් පසු රු 99500 ක වැටුපක් ගන්නවා . නමුත් එයාගේ වැටුප රු ලක්ෂයට වැඩි නිසා බදු ගෙවන්න වෙන්නේ නැහැ .අති විශාල රජයේ සේවකයින් පිරිසක්ම ඉන්නේ මෙන්න මේ ඛාණ්ඩයේ . ඔයාගේ අවබෝධයේ තරම් ගැන අපිට හරි පුදුමයි . බලන් යනකොට ඔයත් අර ටෙලිපෝනයේ වට්ටි අම්ම වගේනේ . අපරාදේ ඔයාගේ ආචාර්ය උපාධිය

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 64 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 57 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 308 0

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 829 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 512 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 548 2

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39609 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25773 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 407 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site