IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


වෙඩි තැබීමේ නාටකයට සයිටම් හිටපු ප්‍රධාන විධායක රිමාන්ඩ්

(තරිඳු ජයවර්ධන )

සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි වෛද්‍ය සමිර සේනාරත්න  මහතා මේ මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වරයා අද පස්වරුවේදී නියෝග කළේය.

ව්‍යාජ පැමිණිල්ක් කිරීම, පොලිසියට ව්‍යාජ ප්‍රකාශයක් දීම සහ කුමන්ත්‍රණය යන චෝදනා යටතේ ද, ගිනි අවි ආඥා පනතට යටතේ ද ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අද පෙරවරුවේ අදාළ චෝදනා කියා දී සේනාරත්න මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

වෛද්‍ය සමීර සේනාරත්න  මහතා ගමන්ගත් මෝටර් රථයට ඉකුත්  2017 වසරේ පෙබරවාරි  හය වැනිදා  සයිටම් ආයතනය ආසන්නයේදි වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර  එය  හිතා මතාම සැලසුම් සහගව සිදුකරන ලද සිදධියක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර කඩුවෙල නාගරික මන්ත්‍රී ලක්මාල් විලත්ගමුව මහතා අත්අඩංගුවට ගෙන තිබිණි.

 මෙම සිද්ධියට යොදා ගත් බව කියන ගිනි අවි දෙකක් ද රහස් පොලිස් භාරයට ගෙන ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

 

 



අදහස් (14)

වෙඩි තැබීමේ නාටකයට සයිටම් හිටපු ප්‍රධාන විධායක රිමාන්ඩ්

Chanak Los angeles Saturday, 09 June 2018 03:45 PM

නීතිය දුර්වලයි කියා පෑමට මෙය හොඳ නිදසුනක්.. නැතිනම් මොවුන්ට මේ සෙල්ලම් දමන්න බැහැ.

:       311       351

ජගත් ලියනගේ Sunday, 10 June 2018 01:08 AM

නීතිය නවනවා නේ. ඒක නිසා තමයි ඔය වගේ සිද්ධ ඇති වෙන්නේ . අපේ පොලිසියේ අති දක්ෂ අය ඉන්නවා , ඒක මම අත් දැකීමෙන් දන්නවා , නමුත් ඒ ගොල්ලන්ට දේශපාලන කාරයෝ , එහෙම නැත්තං බල පුළුවන් කාරයෝ ඇවිල්ල නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැහැ .

:       0       5

NuwanSunday, 10 June 2018 03:35 AM

ඒක මෙතැනදී ඇත්තක් වෙලා නෑ

:       1       6

faizer Saturday, 09 June 2018 05:12 PM

කලකම් පලදේ...කියන්නේ මේවාට තමා

:       0       0

ඉරාන් Saturday, 09 June 2018 06:08 PM

මෙච්චර වංචාවක් කරලත් අවුරුදු එකහමාරක් ගියා නීතිය ක්‍රියාත්මක වෙන්න පටන්ගන්න විතරක්......සයිටම් නම් ඉතින් වංචාවක්ම තමයි..

:       11       40

ජගත් ලියනගේ Sunday, 10 June 2018 01:03 AM

අපිට නං ඔය සිද්ධිය වෙච්ච දවස් වලම තේරුණා ඕක හොඳ නාටකයක් තමයි කියල .

:       0       18

nihal Sunday, 10 June 2018 02:17 AM

කට්ටියම කෛරාටිකලා වගේ නේද _?

:       0       13

ප්‍රීති Sunday, 10 June 2018 03:13 AM

මාෆියා කල්ලිය සමඟ එකඟ වූ කාරණාවට මේ අත්අඩංගුවට ගැනීමත් ඇතුළත්ද?

:       2       39

Rasi Sunday, 10 June 2018 03:52 AM

පොදු ජනයා වරදක් කළ විගස පැමිණෙන දඬුවම් සමහර උත්තමයන්ට පැමිණෙන්නේ තැපෑලෙන්.

:       0       19

buddika Sunday, 10 June 2018 04:18 AM

සයිටම් කියන්නේ හොදම නාටකයක් තමයි, අවු 9ක් තිස්සේ සයිටම් සිසුනුත් රැවැට්ටුව. මුළු රටේම අධ්‍යාපන පද්දතියම විනාශ කල දුෂිත දේශපාලකයෝ සහ පාලනාධිකාරිය,

:       7       61

සතයපාල Sunday, 10 June 2018 05:45 AM

මේක තනිකරම ගේමක් කියන එක මුල ඉදලම පැහැදිලියි. වැඩේ මෙච්චර ඇදුනේ මේක යට ගහන්න හරි වරද බාර ගන්න කුලිකාරයෙක් හරි හොයා ගන්න වෙන්න ඇති. හරියට කටුගෙයි කඩුවට කන් ගැට්ටෙක් ආවා වගේ. ඒ සියල්ල අසාර්ථක උනාට පස්සේ නඩුව ඉස්සරහට ගේන්න ඇති.

:       0       37

Sena Sunday, 10 June 2018 06:27 AM

මගඩි නාට්‍ය පරාදයි. අරම්භයේ සිටම වංචාව ....කෝ මේ සයිටම් තමා හොදම වෛද්‍ය වීද්‍යාලය කියපු ටික...

:       0       36

sigithi Sunday, 10 June 2018 06:55 AM

මේවා එතරම ගණන් ගන්න එපා.......මේවා රගපෑම් පමණයි...........හෙට සුවසේ ගෙදර යාවි .

:       0       12

sb Sunday, 10 June 2018 08:05 AM

මේ පුද්ගලයා ට වෛද්‍ය කියා ඇමතීම වැරදියි.. ඔහු ට ලංකාවේ වෛද්‍යවරයෙක් ලෙස වැඩ කිරීමට කිසිම සුදුසුකමක් හෝ නිත්‍යානුකුල ලියාපදිංචියක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 13 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 93 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 199 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 157 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 112 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාවට අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 206 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 575 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site