IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


වෙඩි තැබීම් වැඩි වෙලා : ආර්ථිකය පල්ලමේ

මේ අපරාධ රැල්ල මෙතෙක් කල් තිබුනේ නැහැ. ඒක මර්දනය කරන්න මේ අයට කිසිම උවමානාවක් නැහැ. මේව අපේ කාලෙ මර්ධනය කරල තිබුනෙ,දැන් හැම තැනම කුඩු පිරිල, අද මත් කුඩු බොහොම ලාබෙට තියෙනව ඒව ගම් වලටත් ඇවිල්ල, අපේ දරුවන්ට ලොකු ප්‍රශ්නයක් අද මේ විදියට සමාඡය පිරිහෙමින් තිබෙනව මෙහෙම ගියොත් ජනතාවට කිසිම නිදහසක් නැ ඒ අයට පමණයි නිදහස, අනික් අයට නිදහසක් නැ ඒ ගැන කනගාටුටවක් ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හතරලියද්දේදි පැවැසිය.

හතරලියද්ද තුම්පනේ කොලුගල රඡමහවිහාරස්ථානයේදි හිටපු ඡනපති වෙනුවෙන් කළගුණ සැලකිමේ හා ආශිර්වාද ජය පිරිත් දේශනයක් හා සාංඝික දානය අවසානයේදි මාධ්‍ය වේදින් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

අපරාද රැල්ල පටන් ගත්තෙ විරකැටියෙන් වීරකැටියෙ නාඳුනන වෙඩික්කරුවෙක් පුද්ගලයෙක් මරා දැම්ම ඊට පස්සෙ කොළඹ චමින්ද කියල කෙනෙකුට වෙඩි තිබ්බ ඊට පස්සෙ මාතර කෙනෙකුට රාඡගිරියෙදි වෙඩි තිබ්බ මිගමුවෙදි පොදුජන එක්සත් පෙරමුනේ පතාකයෙක් වෙඩි තියල මරා දාල අද උදේ තව කෙනෙකුට වෙඩි තියල තුවාල කර තියෙනව මේ රැල්ල රජය නැවැත්විය යුතුයි. මේ අපරාධ රැල්ල මෙතෙක් කල් තිබිච්ච නැති එකක්.

අවුරුද්දකට වැඩි කලක් පාලනය කර සංවර්ධනය සම්පුර්නයෙන්ම ඇන හිටලා ආර්ථිකය සම්පූර්නයෙන්ම කඩා වැටිච්ච වෙලාවක් මේක.ඡාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගැනිමට ඔවුන් දැමු සියලු කොන්දේසි වලට එකග වෙලා දැන් ණය ගන්නයි බලාපොරොත්තුව. හැබැයි ඇමතිවරු වගයක් කියනව ඇහුණ මම ණය අරගෙන තියනවලු කවුරුත් දන්නෙ නැතිලු. ඒක දැන් ලු හොයාගෙන යන්නෙ.පොත් පත් වලත් නැතිලු එහෙනම් මට කියන්න තියෙන්නෙ පොත් පත් වල නැත්තම් ඉතින් ගෙවන්නෙ නැතුව ඉන්න කියල. මිනිස්සු රැවැට්ටීමෙත් එක්තරා සිමාවක් තියෙනව එයින් එහාට රවටන්න පුළුවන් කමක් නැ ලෝකෙ ණය ගන්න ක්‍රමවේද තියෙනවා අයි.එම්.එෆ් අන්තර් ජාතික වාර්තාව බැලුවොත් ඒ අයම බොහොම පැහැදිලිව කියල තියෙනව මේක කළමනාකරනය කරගෙන ඉදිරියට යන එක විතරයි.

L-4(1)---Copy L-10---Copy L-11(1)---Copy

 



අදහස් (0)

වෙඩි තැබීම් වැඩි වෙලා : ආර්ථිකය පල්ලමේ

තිලක් Sunday, 06 March 2016 09:45 AM

මේ කතා අහන්න අපි මැරිලා ඉපදුනේ නැහැ.(හේ)

:       0       0

චමිලා Monday, 07 March 2016 02:51 AM

පන්සලට ගියත් හිතේ තියෙන්නේ තරහව (නි)

:       0       0

ප්‍රභාත් Sunday, 06 March 2016 09:43 AM

කොහොම හිටපු මනුස්සයෙක්ද? ප්‍රාදේශීය සභා රැස්වීමක තරම්වත් සෙනගක් අද මෙතුමාට නැහැ. මේක තමයි ලෝක ස්වාභාවය.(හේ)

:       0       0

රණතුංග Sunday, 06 March 2016 09:57 AM

මේ දේවල් අහලා ඇත්තටම හිනා යනවා.(හේ)

:       0       0

පාලිත Sunday, 06 March 2016 10:03 AM

ඔබතුමාගේ කාලේ සිද්ධ වෙච්ච වැරැදි පෙනුනේ නැද්ද ඒ කාලේ.(හේ)

:       0       0

සරත් Monday, 07 March 2016 10:45 AM

සිංහල ජාතියට විතරක් නොවේ හැමෝට එකම නායකයා ඔබ තුමා මහින්දට ජය වේවා (හේ)

:       0       0

ජයන්ත Sunday, 06 March 2016 10:05 AM

අප්පෝ කියලා වැඩක් නෑ.ගිය කාලේ නිසා තමයි මේ අපරාධ වැඩිවෙලා තියෙන්නේ.(හේ)

:       0       0

සෑම් Sunday, 06 March 2016 10:20 AM

ගිය කාලේ ප්‍රතිඵල තමයි මේ.(හේ)

:       0       0

සිතුම් Monday, 07 March 2016 11:05 AM

දැන් අපේ රටේ ජනතාව අහුවෙන්නේ නෑ.(හේ)

:       0       0

ආසිරි Monday, 07 March 2016 11:14 AM

දැන් මොනවද මන්දා කියන්නේ.(හේ)

:       0       0

රුවන් Sunday, 06 March 2016 10:23 AM

පසුගිය කලේනම් මැරුණ ගණන හොයාගන්න බැරිවෙන්න සුත්තර තිබනා සුදු වැන් වල පිහිටෙන් (හේ)

:       0       0

රුවන් Sunday, 06 March 2016 10:17 AM

දැන් ඔය කතා විශ්වාස කරන්න කවුරුත් දැන් නෑ.(හේ)

:       0       0

සමන් Sunday, 06 March 2016 10:46 AM

මෙතුමා මොකුත්ම දන්නෙ නැතුව ඇති. (නි)

:       0       0

නිමල් Monday, 07 March 2016 04:33 AM

මොකුත්ම වෙන් නැති රටේ වෙන එකම දේ මහින්ද මහත්මයට බනින එක පමණි . (ර)

:       0       0

රාජන් Monday, 07 March 2016 04:35 AM

ඇත්තටම කියනවනම් මහින්ද මහත්තයාගේ කාලේ මේ වගේ පාතාලේ වෙඩි තියාගත්තේ නෑනේ...(හේ)

:       0       0

අලගියවන්න Sunday, 06 March 2016 10:54 AM

අනේ මගේ කට .......! (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 06 March 2016 10:47 AM

මේ කියවන්නේ කවුද? අපරාධ රෝපණය කරලා වර්ධනය කළ අය. අපි නොදන්නා "තාජුඩීන්ලා" කීයක් මැරුනාද කවුද දන්නේ? (නි)

:       0       0

අප්පුහාමි Sunday, 06 March 2016 10:47 AM

මුට්ටිය කොහාට අල්ලන්නද කියලා අපි මෙහෙ තවම හිතනවා. අනේ මන්දා! (නි)

:       0       0

මුණසිංහ Sunday, 06 March 2016 11:00 AM

මේ අයට අමතකද මහින්දගේ කාලේ පාතාලය මර්දනය වුණ හැටි. සේරම රට පැන්නා. දැන් ඇවිල්ලා නිදහසේ වැඩ පටන් අරන්. 2009 ට කලින් මෙයාලා ලංකාවේද ජීවත්වුණේ? තව මාස 3-4 කින් තරු පෙනේවි බඩු මිලත් තව වැඩි වෙනකොට. පාතාලය වර්ධනය වෙනවා. ආර්ථිකය වැටෙනවා. (නි)

:       0       0

ඉන්දික Monday, 07 March 2016 11:29 AM

පාතාලය අායෙමත් හිස ඔසවනවා. (හේ)

:       0       0

සෞදි සරත් Sunday, 06 March 2016 11:02 AM

දැන් තමා රට නියමෙට විනාශ වෙන්නේ. පේනවා නේද ඇත්ත තිත්ත වෙනවා. මොනවා කරන්නද? (නි)

:       0       0

සුනිල් Monday, 07 March 2016 11:30 AM

ආර්ථිකය පල්ලමට වැටිලා තියෙන්නේ යම් කිසි හේතුවක් නිසානේ ඒ හේතුව ඔබතුමා දන්නවා ඇතිනේ.(හේ)

:       0       0

මර්වින් Sunday, 06 March 2016 11:09 AM

ඔබතුමා කියනදේකට අපි එකඟයි (නි)

:       0       0

වින්සන්ට් Sunday, 06 March 2016 11:16 AM

ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ට බලයට එන්න පන්සල අවශ්‍ය වගේම පන්සලටද දේශපාලකයන්ගේ පසුපස යාමේ අවශ්‍යතාවයක් පවතිනු ඇත. කුමන හේතුවක් නිසා හෝ ජනතාවක් ප්‍රතික්ෂේප කළ පුද්ගලයකු නැවත ඉස්මතු කිරීමට ආගමික ආයතනයක් උත්සාහ කිරීමේදී, කිසියම් ජනතාවකට ඒ පිළිබදව ද්වේශයක් ඇති නොවන්නේද? ඒ මඟින් ජනතාවක් ධර්මයෙහි පිහිටුවීමට ආගමික ආයතනයකට හැකිවන්නේද? (නි)

:       0       0

රේණුක Sunday, 06 March 2016 11:22 AM

හිතේ වෛරය තියාගෙන කතා කරන්නේ කියලා ලෝකයම අද දන්නවා. දැන් බලන්නේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේත් එල්ලෙන්න මාන බලනවා වගේ වැඩක්. කළ වැරදි පව් වලට වන්දි ගෙවන්න වෙනවා වෙනවාමයි (නි)

:       0       0

ආලෝකා Monday, 07 March 2016 11:47 AM

මිනිස්සු පන්සල් යන්නේ පින්කරන්න. සමහරු පන්සල් වගේ සාංඝික දේපල තමාගේ පෞද්ගලික වාසියට පාවිච්චි කරනවා.දන්නවාද විපාක? දන්නවනම් හිතන්නෙවත් නැහැ ඒවා කරන්න.(හේ)

:       0       0

ධම්මික Sunday, 06 March 2016 11:53 AM

ඒ කාලේ ගෙනා කුඩු එතනෝල් තමයි දැන් බෙදන්නේ. නැතුව කුඩු කම්හල් ලංකාවේ තියෙනවද? මෙයාලගේ කාලේ හිටපු හොරු ටික නැත්තම් හොඳට රට කරගෙන යන්න තිබුණා. ඔන්න රතන හිමි නම් හොඳ වැඩක් පටන් අරගෙන තියෙනවා දැක්කා, වස විස නැති ආහාර නිෂ්පාදනය ගැන. (නි)

:       0       0

සරත් Monday, 07 March 2016 06:22 AM

අපට අමතක වෙලා රට තිබ්බ විදිහ. අපේ අයට බොහොම ඉක්මනින් අමතක වෙන බව ප්‍රබාකරන් කිව්වා. (ර)

:       0       0

තිලක් Sunday, 06 March 2016 12:06 PM

ඒ කාලේ කන්ටේනර් වලින්නේ කුඩු ගෙන්නුවේ (නි)

:       0       0

සුනිල් Monday, 07 March 2016 12:09 PM

ආර්ථික පල්ලමට වැටුනේ මහජනයා මුලා කරලා පාතාලයට රට අරන් දුන් නිසා (බ)

:       0       0

නිශාදි Sunday, 06 March 2016 12:13 PM

ඔබතුමා අවුරුදු 10 කට පස්සේ ලංකාවට ඇවිල්ලා වගෙයි. (නි)

:       0       0

සුනිල් සෞදි Monday, 07 March 2016 06:37 AM

ඔබ තුමාට දිවි හිමියෙන් අපි ඔබ තුමා සමගය. (ර)

:       0       0

බීනු Sunday, 06 March 2016 12:33 PM

අනේ අම්මපා කොහොමද මේවා කියන්නේ?

:       0       0

ලක්මාල් Monday, 07 March 2016 12:27 PM

අපරාධ සිදුවෙනවා වැඩියි වගේ නේද?(හේ)

:       0       0

සෞදි සරත් Sunday, 06 March 2016 12:45 PM

ඔය තරමට අපහාස කරන්න එපා අපේ රට ජාතිය බේරාදුන් නායකයාට (නි)

:       0       0

මිලානෝ Sunday, 06 March 2016 01:35 PM

හිටපු තුමනි දැන් සුදු වෑනුත් තියනවය? (බ)

:       0       0

ගලබඩ Sunday, 06 March 2016 01:59 PM

මාධ්‍යවේදීන් මහ මග වෙඩි කනවද දැන්? මිනිස්සු අතුරුදහන් වෙනවද දැන්? ක්‍රීඩකයෝ වාහන තුල පිච්චේනවද දැන්? කන්ගැට්ටෝ කටුගෙවල් කඩලා කඩු හොරකම් කරනවද දැන්?(බ)

:       0       0

ඩී.උපුල් Sunday, 06 March 2016 02:07 PM

ඉස්සර දවසක මීගමුවේ කුඩු අල්ලන්න පොලිසිය ගිය වෙලාවේ ඔබතුමත් මැදිහත් වුනාලු නේද? අපිට ඕව අමතක නැහැ මැතිතුමෝ.(බ)

:       0       0

මාලන් Sunday, 06 March 2016 02:09 PM

මොකෝ මේ සුදු වෑන් එකක් වත් හීනෙන් දැකලද? (බ)

:       0       0

චතුරි Sunday, 06 March 2016 03:38 PM

මහින්දට පාතාලය බාරදුන්නා නම් හොඳයි. (නි)

:       0       0

සුනිල් Monday, 07 March 2016 08:20 AM

මෙය හිතාගෙන ඇත්තේ අපි ඉපදුනේ ජනවාරි 8 ට පස්සේ කියලා වෙන්න ඇති. (හේ)

:       0       0

අන්වර් Sunday, 06 March 2016 05:52 PM

හිටපු කාලේ කළේම මොන වගේ වැඩද කියලා කියන්න අවශ්‍ය නැහැනේ. දැන් බයිලා කියවනවා (නි)

:       0       0

විද්‍යා Sunday, 06 March 2016 06:44 PM

අර පසුගිය ආණ්ඩුවේ ඇමතිවරයෙක් අහිංසක මිනිසෙකු ගහක බැඳපු වෙලාවේ හරියට නීතිය ක්‍රියාත්මක කළා නම් මෙහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

වින්සන්ට් Monday, 07 March 2016 08:48 AM

දිවි හිමියෙන් දේශපාලකයන් පුදන මෝඩයෝ රටේ සිටිනකම් රටක් ගොඩ නැගෙන්නේද යන්න සිතා ගත නොහැකිය.(හේ)

:       0       0

නන්දලාල් Sunday, 06 March 2016 07:50 PM

"මිනිස්සු රැවටීමේත් එක්තරා සීමාවක් තියෙනවා" සම්පුර්ණ ඇත්ත කතාවක් කාලෙකට පස්සේ කිවුවේ. මහින්ද මහත්තයෝ, එ්ක කිවුවට ඔයාගේ කටේ රත්තරන් ටිකක් දානවා මගේ අතේ තිබුණා නම්. ඔය කියන සීමාව තිබුන නිසානේ මැතිවරණ දෙකකින් අපි යහපාලන ආණ්ඩුවක් පිහිටුවලා තියෙන්නේ. දැන් ඔක්කොම බය වෙලා ඉන්නේ ...... (නි)

:       0       0

අසාද් Sunday, 06 March 2016 08:22 AM

සහතික ඇත්ත.ඒ කාලේ තනි පවුලක් කළ අපරාධ දැන් රට පුරා වෙනවා. මේවට සම්බන්ධ අය ළඟදීම කටවල් අරියි. (නි)

:       0       0

නන්දලාල් Sunday, 06 March 2016 07:57 PM

එතුමා දැන් කියන්නේ “අනේ ඉක්මනට මාව ජනපති හැටියට යළිත් පත්කරලා මේ වැඩ ටික හරිගස්සා ගන්න මට උදව් වෙන්න“ කියලා වෙන්න ඇති. (නි)

:       0       0

දීප්ති Sunday, 06 March 2016 09:07 PM

අපි දැන් මොනවා කියලා කරන්නද? (නි)

:       0       0

රුවන් Sunday, 06 March 2016 08:49 AM

අනේ අපි නොදැන්නවැයි.(හේ)

:       0       0

රිෂාන් Sunday, 06 March 2016 08:50 AM

මහත්මයා අපරාධ වැඩිවෙන්නේ මිනිස්සුන්ගේ අධ්‍යාත්මය පිරිහී තිබෙන නිසා, මිනිසුන්ගේ නුගත්කම, ඉරිසියාව, ක්‍රෝධය අද වැඩිවෙලා, (හේ)

:       0       0

කෝසල Sunday, 06 March 2016 11:08 PM

ඔබ කියන්නේ ඇත්ත මහින්ද මහත්තයෝ (නි)

:       0       0

මනෝජ් Sunday, 06 March 2016 11:31 PM

එතුමාට විශේෂ පුටුවක්... අනේ කාලේ වනේ වාසේ. (නි)

:       0       0

නිල්හාන් Sunday, 06 March 2016 11:25 PM

ඔබේ කාලයේ අවනීතිය රජකරවූ ඔබට සහ ඔබ වටේ සිටිය සියලුම දෙනාට අපරාධ සම්බන්ධයෙන් කතාකිරීමට කිසිම අයිතියක් නැත. කෝටිගණන් මුදල් හොරකම් කරලා, ආර්ථික ප්‍රශ්න ඇතිකළේ ඔබය. සංවර්ධනය මුවාවෙන් රට කොල්ලකෑවේ ඔබය. (නි)

:       0       0

මහේෂ් Sunday, 06 March 2016 09:07 AM

කිසි වෙනසක් නම් වෙලා නෑ තාම.(හේ)

:       0       0

සමන් Sunday, 06 March 2016 08:59 AM

ළඟදිම මේ පාතලය නතර කරනවා.(හේ)

:       0       0

කැනඩා දිසා Sunday, 06 March 2016 11:54 PM

ඒ පැත්තට ගිහිල්ලා ඕවා කිව්වට කමක් නැහැ (නි)

:       0       0

බන්දුල Monday, 07 March 2016 12:06 AM

මොනවා කතා කරනවද ඒ කාලේ ගැන නම්? (නි)

:       0       0

දීපාල් Sunday, 06 March 2016 09:06 AM

කවුද ඕවා විස්වාස කරන්නේ.(හේ)

:       0       0

නිහාල් Sunday, 06 March 2016 09:16 AM

කවුරු කවුරු මේ දේවල් වලට වැරදියි.(හේ)

:       0       0

උපාලි Sunday, 06 March 2016 09:09 AM

"මිනිස්සු රැවටීමේත් එක්තරා සීමාවක් තියෙනවා" - අම්මපා සම්පුර්ණ ඇත්ත. අපි නම් ඒක හොඳට තේරුම් අරගෙන ඉන්නේ. (නි)

:       0       0

සමන් Monday, 07 March 2016 01:38 AM

මහින්ද මහත්තයෝ, ඔබ තමයි රට බේරගන්න ඉන්න පුද්ගලයා. නමුත් බලයට ආවහම ආපසු පළිගන්න යන්න එපා. රට ගොඩනඟන්න. අපි ඔබට තමයි (නි)

:       0       0

ටෙෂාන් Monday, 07 March 2016 01:51 AM

එහෙම තමයි ඉතින්. තාම අවුරුද්දනේ ගතවුණේ (නි)

:       0       0

සරත් Sunday, 06 March 2016 09:31 AM

අපේ ජනාධිපතිට ජය වේවා! ඔන්න නියම නායකයෝ (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 06 March 2016 09:32 AM

ඔබතුමා නම් පාතාලය ගැන කතාකරනවා. සමහරු නම් වගේ වගක් නැතුව ඉන්නවා. (නි)

:       0       0

චන්දි Monday, 07 March 2016 09:59 AM

කටෙන්ද මේවා කීවේ. (බ)

:       0       0

රන්ජනී Monday, 07 March 2016 01:56 AM

ඔය කියන ඒවා බරපතළව ගන්න එපා. (නි)

:       0       0

ශාන්ත Monday, 07 March 2016 02:07 AM

ඒ කාලේ ඉතින් සියලු පාතාල වැඩ කළේ කවුද කියලා අමුතුවෙන් අපි කියන්න අවශ්‍ය නැහැනේ (නි)

:       0       0

ප්‍රසාද් Monday, 07 March 2016 10:09 AM

හිතල මතල හොයල බලල අපේ කාලේ මෝඩ තාලේ කුලියාපිටියෙ බයියන් හට ඕව කියාපන්. (බ)

:       0       0

විජේරත්න Sunday, 06 March 2016 09:33 AM

"මිනිස්සු රැවැට්ටීමත් එක්තරා සිමාවක් තියෙනවා එයින් එහාට රවටන්න පුළුවන් කමක් නැ" - (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 48 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1887 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2239 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2934 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1294 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 277 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site