IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වෙඩි තියන්න බැරිවුනත් තුවක්කුවෙන් වැඩ පෙන්නයි

ඇමරිකානු ජාතික යුවලක් විස්කොන්සින්  පෙදෙසේ නිවාඩුවක් ගතකරමින් සිටියදී සැමියාට එල්ල වූ හදිසි වලස් ප්‍රහාරයකින් ඔහු  බේරා ගැනීමට බිරිදට හැකි විය.

මිදුලේදී වලහා සමග සැමියා පොරබදමින් සිටියදී බිරිද ගෙට දුවගොස් තුවක්කුව එළියට ගත්තාය. 

එහෙත් තුවක්කුවට පතුරම් දැමීමටත් ඉන් වෙඩි තැබීමටත් ඇයට නොහැකි නිසා  තුවක්කුව දෑතින් අල්ලාගත් ඇය වලහාගේ හිසට වැරෙන්  පහරක් එල්ල කළාය.

එම පහරත් සමග වලස් ග්‍රහණය බුරුල් වීමත් සමගම සැමියා සහ බිරිද ගෙට දුවගොස් දොර වසාගත් අතර වලහාද ඔවුන් පසුපස විත් ස්තෝප්පුවට වී රැක සිටියේය.

පසුව ලේ ගලන තුවාල සහිතව සිටි සැමියා ජනේලයෙන් වලහාට වෙඩි තබා මරා දැම්මේය.

ඉන්පසු බිරිද සැමියාව රෝහලට ගෙන ගිය අතර සැමියා දැන් කියන්නේ මින්පසු බිරිදටත් වෙඩි තැබීමට පුහුණු කරන බවයි.

 

 

 



අදහස් (0)

වෙඩි තියන්න බැරිවුනත් තුවක්කුවෙන් වැඩ පෙන්නයි

චාමිකා Sunday, 19 May 2013 12:03 PM

රුවන් හරි. ඔක්කොගෙම කයිවාරු තමාට දෙයන් වෙනකම් තමයි. වලහ ඉස්තෝප්පුවේ රැකගෙන ඉන්නවා නම් ලේ ගිහින් මැරෙනකම් ඉන්නද? කුහක මිනිස්සු. (නි)

:       0       0

සඳරුවන් Saturday, 18 May 2013 08:15 PM

වෙඩි තියන්න පුරුදු කරාට කමක් නෑ අර අනෙක් ඇමෙරිකානු යුවල වගේ දරුවෝ 16 ක් නම් හදන්ඩ එපා. (අ)

:       0       0

සුනිල් වෙරෝනා Saturday, 18 May 2013 08:17 PM

ඔය වැඩේට ඉතින් මොනවටද තුවක්කුවක් හොද පොල්ලකින් පාරක් දුන්නනම් හරි නේ .(අ)

:       0       0

හේරත් Saturday, 18 May 2013 08:42 PM

ඔන්න මලයෝ බඩු. හැඳි මිටේ නෙවෙයි, තුවක්කු මිටේ දිග. වලහට වුණත් එක පාරයි. කාලා වරෙන්කො ගෙට. (නි)

:       0       0

රන්ගශනී Saturday, 18 May 2013 08:49 PM

විස්වාස කරන්න බැරි වුණත් වීර ක්‍රියාවක්. (නි)

:       0       0

රංජනී Saturday, 18 May 2013 08:49 PM

භයානක වැඩක් ගෑනු අයට පුරුදු කරන එකනම්. (නි)

:       0       0

මලක Saturday, 18 May 2013 08:57 PM

බේරුනාට පස්සේ මැරුවේ ඇයි? (නි)

:       0       0

ගාමිණී -සිරි Saturday, 18 May 2013 09:35 PM

පන බේරාගත්ත එක වෙනම වැඩක්! වඳ වේගෙන යන සත්ව විශේෂයක් නිසා, වලහාට වෙඩිතබා මැරූ චෝදනාවට අපේ රටේ වනජීවී නිලදාරීන් නම් උසාවියට දාලා දඩත් ගහලා (නි)

:       0       0

ගාමිණී-සිරි Saturday, 18 May 2013 09:48 PM

වලහා මීය කඩන්නේ උඩ බලාගෙන. කඩන,කඩන මී වද පහත ඉන්නේ වැලහින්න කියලා හිතාගෙන ,පහතට දික්කරනවලු. මෙය බලාගෙන ඉන්න වැද්දා/මිනිසා ,මී වද අරන් මාරුවෙනවලු. බැරිවෙලාවත් රණ්ඩුවට ආවා නම් යටිබඩ කැසුවා නම්, කිති නිසා වලහට දුවන්ට රට මදිලු. සුද්දා දන්නේ නැතුව ඇති වලහගේ කිති නිලය... (නි)

:       0       0

සුසිල් Saturday, 18 May 2013 10:04 PM

ඇමරිකාවේ කාට හරි ලොකු වාතයක් ගියත් අනික් රටවල මුලින්ම දාන්නේ ඕක. (නි)

:       0       0

අරුණ Saturday, 18 May 2013 10:13 PM

මාලා වගේ බිම බුදියගත්තා නම් ඉවරනේ. අනේ පවු අහිංසක වලහා (නි)

:       0       0

සමන් Sunday, 19 May 2013 02:12 PM

වෙඩි තියන්න දන්නෙ නැති නිසානෙ වලහගෙ ඔලුවට ගහලා සැමියාව බේරගත්තෙ. වෙඩි තියන්න පුළුවන්කම තිබුණ නම් මෙලහකට සැමියා පරලොව. ගෑණු උදවිය කලබල වුණහම හැසිරෙන විදිය දැකලා ඇතිනෙ. (නි)

:       0       0

පහන් Sunday, 19 May 2013 01:19 AM

අපේ අර අහවල් දේශපාලකතුමා ගමනක් යනකොට වලස්සු දෙන්නෙක් ඉස්සරහට එනවලු. මෙතුමාව දැකපු එක වලහෙක් මැරුනා වගේ නිදාගත්තලු .අනික් වලහා දුවල ගිහිල්ල ගහකට නැග්ගලු. (නි)

:       0       0

ගමගේ Sunday, 19 May 2013 01:25 AM

නියම වැඩ

:       0       0

රජින්ද Sunday, 19 May 2013 01:43 AM

වලසගෙන් බේරිලා ආවා නම් අහවල් දේකටද ඌව මරන්නේ? මේ සත්තු ඉන්න පළාත් වලට චාරිකා කරනවා නම් මෙවන් දේවල්ද සාමාන්‍ය සිදුවීම් විය යුතුය. පව් ඒ අසරණ සතා. හරියට ලංකාවේ අලින්ගේ වනාන්තර මිනිහා අල්ලාගෙන අන්තිමට අලියා ගෙවල් කැඩුවයි කියලා ඒ සතාව මරනවා වගේ වැඩක්නේ මේකත්. (නි)

:       0       0

චන්ද්‍ර Sunday, 19 May 2013 02:26 AM

ලංකාවේදී නම් මම අහලා තියෙනවා ඔය වෙලාවට වලහට කරන්න ඕනෑ වැඩක්. වලහා අත වන වනා අඬ ගහනවලු, මිනිහා දුවනකොටත්. (නි)

:       0       0

උපාලි Sunday, 19 May 2013 02:48 AM

ඉස්සෙල්ලම බලන්න ඕනෑ තුවක්කුවට බලපත්‍රයක් තියෙනවද කියලා. ඊළඟට වලහා මැරීම සත්ව ආරක්ෂක පනතේ හැටියට වරදක් නෙමෙයිද කියලා. අපි නං එහෙමයි. (නි)

:       0       0

සමන්ත Sunday, 19 May 2013 02:35 PM

බිරිද ‍වලහ කෙසේවෙතත් මහත්තයට නම් වෙඩි තියයි (නි)

:       0       0

ලලිත් Sunday, 19 May 2013 07:29 AM

කට්ටියගේ ප්‍රතිචාර හරියට ලංකාවේ වුණා වගේ නේ. (නි)

:       0       0

දයා අළහකෝන් Sunday, 19 May 2013 09:26 AM

අපේ රටේ ගැහැණු නම් රෙදි කඩා‍ගෙන, මරලතෝනි දීගෙන ගේ වටේ දුවනවා ඇරෙන්න ඔහොම දෙයක් කරයිද? (නි)

:       0       0

පහන් Sunday, 19 May 2013 09:40 AM

සහතික ඇත්ත දයා. අනික වෙඩිතියන්න දැනගෙන හිටපු නැතිඑක හොදා. වෙඩි තිබ්බා නම් අනිවාර්යයෙන් මිනිහට වදින්නේ (නි)

:       0       0

සරසි Sunday, 19 May 2013 10:03 AM

දයා හරියට හරි, මනුස්සයෙක් රවලා බැලුවත් රැට ඇවිල්ලා මරණ කාලේ වලහා ගැන මොන කතාද? (නි)

:       0       0

තිසු Sunday, 19 May 2013 10:53 AM

රජින්ද්‍ර, ඔයාගේ කතාව සහතික ඇත්ත. මටත් හිතුනේ ඒ දේම තමයි ... (නි)

:       0       0

රුවන් Sunday, 19 May 2013 11:30 AM

මෙතන මාර සත්ව අවිහිංසාවාදියෝ ටිකක්නේ ඉන්නේ. තමාව මරන්න හදලා තුවාල වුණා නම් ඔය කව්රු වුණත් කරන්නේ ඔය ටිකම තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 121 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 502 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 101 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 527 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 328 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 947 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38162 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site