IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වෝඩ් පෙදෙසේදි සිසුවියට ගැසීයැයි අයිපීගේ වැඩ තහනම්

වොඩ් පෙදෙසේදී ඔක්තෝබර 29 වැනි දා පැවති උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසු විරෝධතාවයේ දී සශිනි සංදීපනී කුමාරසිංහ සිසුවියකට පහර දුන් බව කියන පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

ඔහු කිරුළපොන පොලිසියේ සේවය කරන බව දැනගන්නට ඇත.

මෙම උද්ඝෝෂණයේ දී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර ඇති නිලධාරීන් කවුරුන්ද යන්න හදුනාගෙන ඔවුන්ට විරුද්ධව විනයානුකූල පියවර ගන්නැයි මානව හිකිමකම් කොමිසම පසුගිය දා නිර්දේශ කළේය.

එම නිලධාරීන්ට නියෝග නිකුත් කළ නිලධාරීන් හා මේ ක්‍රියාවලිය අධීක්ෂණය කළ නිලධාරීන් කවුරුන්දැයි යන්න ද සොයා බලා විනයානුකූල පියවර ගන්නැයි කොමිසම නිර්දේශ කළේය.

web_PoliceIP201512101_1213088673_n



අදහස් (0)

වෝඩ් පෙදෙසේදි සිසුවියට ගැසීයැයි අයිපීගේ වැඩ තහනම්

තිලක්-ඩුබායි Thursday, 10 December 2015 05:01 PM

ඒකාධිපති යුගයේත්, යහපාලනයේත් වෙනස පේනවා නේද? යහපාලනය වෙනුවෙන් හඩ නඟපු අපිට හරිම සතුටුයි. (නි)

:       0       0

දිල්කි Friday, 11 December 2015 04:42 AM

පුද්ගලයාගෙන් පුද්ගලයට පෞරුෂත්වය, ආත්ම විශ්වාසය, ගතිගුණ ,පවුල් පරිසරය වෙනස්ය. නිල ඇදුම දා ගත් විට සමහරෙක් නිලය සමගම ගතිගුණ සමව බැබලෙත්. සමහරක් නිල ඇදුමෙන් රස්නය ගෙන බැබලෙත්. මහජනතාව තමුන් ඉදිරියට එන පොලිස් නිලධාරියාගේ හැසිරීම අනුව ඔවුන්ගේ පවුල් පරිසරය තේරුම් ගත යුතුව ඇත.(හේ)

:       0       0

විජයබාහු Thursday, 10 December 2015 05:13 PM

අනේ අපේ රටේ මිනිස්සු! මේ සිද්ධියේ දර්ශන පත්තරවල ගිය නිසයි මෙහෙමවත් වුණේ. අනිත් කට්ටිය ඔලු පලාගත්තේ එතකොට පාරේ ඇදගෙන වැටිලා වෙන්න ඇති. එතකොට ඒවට දඬුවම් කෝ? (නි)

:       0       0

සහන Friday, 11 December 2015 04:48 AM

ජයවික්‍රම සහ රාජාගේ කතාවලට මමත් එකඟයි. හැමදාම වුණා වගේ මෙතනදීත් උඩින් ඕඩර් දීපු අය හැංගිලා. පල්ලෙහා එකා පරිප්පුව කනවා.(හේ)

:       0       0

ප්‍රදීප් ද සිල්වා Thursday, 10 December 2015 05:10 PM

ශානිකා, ඔබ නිවැරදියි. ජලය උස් තැන් වලිනුත් ගැලිය යුතුයි. (නි)

:       0       0

සෑම් Friday, 11 December 2015 04:45 AM

එතකොට "වැටුන ළමයෙක් නැගිටෙව්වා මිසක් පහරදුන්නේ නැහැ " කියා වගකීමෙන් ප්‍රකාශ කරලා මහජනතාව නොමග යැවීමට උත්සාහ කරපු එක්කෙනා නොවෙයිද මේ කතාව කියන්නේ ?? (හේ)

:       0       0

ජීවන් කොඩිතුවක්කු Thursday, 10 December 2015 05:23 PM

මේ උසස් නිලධාරියා තමාගේම දරුවෙකුට නම් මේ වගේ පහරදෙයිද? (නි)

:       0       0

මනෝරි Friday, 11 December 2015 04:51 AM

වැටුන අයට ගහන්න කියල කවුරුවත් අණ දෙන්නේ නෑනේ. තම තමන්ගේ මොලයෙන් කල්පනා කරලා තීරණ ගන්න ඕන. වැටුන ගැහැණු ළමයෙකුට පොළකින් ගහනවද මොලයක් තියෙන කෙනෙක්. (ම)

:       0       0

චන්දික Friday, 11 December 2015 04:52 AM

කෙනෙකුගේ රැකියාව නැති වෙනකොට සතුටු වෙන මිනිස්සු ඉන්න රටක් මේක.අපි මෙම ප්‍රශ්නේදී මධ්‍යස්ථ වෙන්න ඕන.ළමයින් ඉගෙන ගන්න අාවනම් ඉගෙන ගන්නේ නැතිව පණ්ඩිත වැඩ කරන්න යනවා දැන් පේනවනේ ලැබෙන අහිතකර ප්‍රතිපල.(ම)

:       0       0

කරුණාරත්න Thursday, 10 December 2015 11:58 AM

ඉතා හොඳ තීරණයක් (නි)

:       0       0

සචිත් Thursday, 10 December 2015 05:58 PM

මෙතුමා ක්‍රියාත්මක කළේ ඉහළින් ආ නියෝගයක්ද කියලා කවුද දන්නේ... (නි)

:       0       0

පෙරේරා Thursday, 10 December 2015 11:58 AM

පොලිසියට එසේ සිවිල් ජනතාවට පහරදීමට බලයක් තිබෙනවද? (නි)

:       0       0

රමණි Friday, 11 December 2015 05:02 AM

හැමදෙනාම පොලිසියට බනිනවා. ඔය ළමයින්ව පාරට බස්සපු විප්ලවකාරයන්ට කවුරුත් මුකුත් කියන්නේ නැද්ද. ඇමතිලා කියන්නේ ප්‍රශ්නවලට විසඳුම් දීලා තිබෙද්දී මේ කලහකාරී වැඩ පටන්ගත්තේ කියලා. (ම)

:       0       0

මනෝරි Friday, 11 December 2015 05:06 AM

ළමයන්ට අසාධාරණක් වුනාම එයාලට විරුද්ධ වෙන්නේ නැතුව අපිද විරුද්ද වෙන්නේ (හේ)

:       0       0

චාමර Thursday, 10 December 2015 06:22 PM

අන්තිමට අසරණයා ගෙදර. සියල්ලෝ සතුටින් විසිර ගියහ. (නි)

:       0       0

අයිවන් Thursday, 10 December 2015 08:29 PM

ඇත්තටම එදා මොන හිතකින් එහෙම පහරදුන්නාද මන්දා? (නි)

:       0       0

ඉශාර Thursday, 10 December 2015 08:30 PM

මේ තීරණය අනෙක් අයටත් හොඳ පාඩමක් (නි)

:       0       0

උදාර Thursday, 10 December 2015 08:57 PM

මේ තීරණය ගැන අපි සතුටුයි (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 10 December 2015 09:47 PM

ඔය නිල ඇඳුම ගැළවෙන දවසට තේරෙයි කළ වැඩේ බරපතළකම (නි)

:       0       0

ඩඩ්ලි Thursday, 10 December 2015 09:52 PM

මොහු ආයෙත් පොලිස් දෙපාර්තමේන්තුවට ගන්න නම් එපා. (නි)

:       0       0

වසන්ජය Thursday, 10 December 2015 10:30 PM

මේ සිද්ධිය ලංකාදීපයේ ඡායාරූප බොහොමයක් සමඟ පළවුණා. එනිසා හැමෝගෙම ඇස් ඇරුණා. යට ගැහෙන්න තිබුන ක්‍රියාවක් හෙළිදරවු කළාට ලංකාදීපයේ මාධ්‍ය මෙහෙවරට ස්තුතියි! (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 11 December 2015 07:02 AM

සකුන්තලාගේ අදහස් සත්‍යයි.(ම)

:       0       0

ඉසුරන්දි Thursday, 10 December 2015 12:12 PM

කෙනෙකුට අකටයුත්තක් වෙනතුරු බලාඉන්නේ නැතුව මේවා නිවැරදි කරගන්න බලමු ඉදිරියේදීවත්. (නි)

:       0       0

නිර්මල Thursday, 10 December 2015 10:50 PM

වෙන රටක නම් අදාළ අමාත්‍යංශය භාර නිලධාරියා සිද්ධිය සිදුවූ දිනම ඉල්ලා අස්වෙනවා. (නි)

:       0       0

දිනේෂ් Thursday, 10 December 2015 11:56 PM

වැරදි වැඩ කළ අයට දඬුවම් දීම හොඳයි. නමුත් මෙතන වතුර ගිහින් තිබෙන්නේ මිටි තැනින් පමණයි. ඔහුට සිසුන්ට ගැසීම සඳහා අණදුන් උසස් නිලධාරීන්ට දඬුවම් නැද්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 10 December 2015 12:24 PM

අන්න හොඳයි! (නි)

:       0       0

රංග Friday, 11 December 2015 08:02 AM

මේ දවසේ මහා රෝහලේ සැත්කම් කල් ගියා, දැන් මේ ඉගෙන ගන්න ළමයින් කැමතිද තමන්ගේ උද්ඝෝෂණ නිසා පාර අවහිර වී බාධා වුන ලෙඩෙක් තමන්ට නඩු දානවාට ? පොලිසියට බැනලා විතරක් මදි. සිසුන්ටත් වගකීමෙන් හැසිරෙන්න උගන්වන්න ඕන. (බ)

:       0       0

විජිත් Thursday, 10 December 2015 12:23 PM

ඔය නිල ඇඳුම මහා පුදුම ඇඳුමක්. ඕක ඇඟට දාගත් ගමන් මහා පුදුම හයියක් ගාම්භීර ගතියක් ඇඟට එන්නේ එයාලගේ. (නි)

:       0       0

තුසිත ගලහිටියාව Friday, 11 December 2015 12:22 AM

ජලය පහත් තැනින් ගලායයි. (නි)

:       0       0

වීරකෝන් Friday, 11 December 2015 12:59 AM

සිසු සටනට ජයවේවා! (නි)

:       0       0

බුද්ධික Thursday, 10 December 2015 12:36 PM

ලංකාවේ කාලෙකින් ගොඩක් හොඳ දෙයක් කරලා. මම ඉන්නේ පිටරටක වුණත් මේ තීරණය ගත් සැමට ස්තුතිය පළකරමි! (නි)

:       0       0

විජිත් Friday, 11 December 2015 01:46 AM

මෙයාට අණදුන් ලොක්කෝ නිදහස්. මේ පොඩ්ඩා ගස්. මෙහෙම දෙයකදී ප්‍රශ්නයට ගෑවුණ ඔක්කොටම දඬුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

චානක Friday, 11 December 2015 01:59 AM

යහපාලනයට පින් සිද්ධවෙන්න දැන් රටේ නීතිය ටික ටික හැදෙනවා වගේ (නි)

:       0       0

උපාලි Thursday, 10 December 2015 01:12 PM

වහලුන් වශයෙන් නැතුව මිනිසුන් වශයෙන් ජීවත්වෙන්න කැමති මිනිසුන්ට නම් ඉතාම හොඳ ප්‍රවණතාවක්. (නි)

:       0       0

දසනායක Friday, 11 December 2015 02:30 AM

එදා මේ සිසුවියට ගහපු පින්තූරය දැක්කහම අපි යහපාලනයට කතිරය ගහලා ආයෙත් වතාවක් රැවටුනාද කියලා හිතුනා. ඒත් මේ පුවත අහලා අද මට පොඩි සතුටක් දැනුනා. ඔහොම යමු (නි)

:       0       0

දුමින්ද Friday, 11 December 2015 02:27 AM

ලොකු පොඩි සැමට එකම නීතිය නොවේද? (නි)

:       0       0

මහේෂ් Thursday, 10 December 2015 01:29 PM

යහපාලනය කිවුවේ මෙන්න මේ දේට. කාලයක් ගියාම මිනිසුන්ට තේරේවි මේ දේවල් වල වටිනාකම. එතෙක් යහපාලනයට සමච්චල් කරාවී (නි)

:       0       0

සකුන්තලා Friday, 11 December 2015 02:57 AM

මෙයාට දඬුවම් ලැබීම හොඳ දෙයක්. එහෙත් පරීක්ෂණය පැවැත්වෙන තුරු සේවය අත්හිටුවීමක් සිදුවීම පමණයි නේද සිදුවෙලා තියෙන්නේ. මේ සිද්ධියේදී ප්‍රසිද්ධියේ ජනතාවට බොරු කිව්ව අයට එරෙහිව රජය පියවරක් ගතයුතුයි. රජයේ සේවකයකු තම ඉහළ නිලධාරීන් හරහා සහ විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා හරහා ජනතාවට වගකිවයුතුයි. (නි)

:       0       0

රුවන් Friday, 11 December 2015 03:01 AM

බලන්නකෝ අර වැටිලා සිටි සිසුවිය නැගිටවන්න ගිය අපේ පොලිස් පරීක්ෂකතුමාට වුණ දේ. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා වගේනේ. පොලිස් පරීක්ෂකතුමා ඒ ළමයාගේ ඇඟට අතවත් තියෙන්නේ නැතුව නැගිටවන්නයි හැදුවේ. බලන්නකෝ වුණ වැඩේ. (නි)

:       0       0

එරන්ද Friday, 11 December 2015 03:09 AM

"මිටි තැනින් යයි වතුර ගලා" කියන්නා වගේ පොලිස් පොඩ්ඩන්ට දඬුවම්, ලොක්කන්ට උසස්වීම්. මේකෙදි පොලිසියට ආවේගශීලීව අණදුන්නා කියන අය බලයෙන් පහවුණු දවසකවත් උසාවියට ගෙන්නමු නේද? (නි)

:       0       0

පතිරණ Thursday, 10 December 2015 01:54 PM

අනේ හොඳයි ඒක නම්. (නි)

:       0       0

සකුන්තලා Friday, 11 December 2015 03:20 AM

මේ ප්‍රශ්නයේදී වැඩියෙන්ම මහජන අවධානය යොමුවීමට හේතුකාරක වූයේ පුවත්පතේ පළවුණ ඡායාරූපයන්ය. ඒ පිළිබඳව ඔබ පුවත්පතට හා ඡායාරූප ශිල්පියාට අපගේ ප්‍රණාමය! එත් අපේ පොලිසිය තමුන්ගේ වැරදි හදා ගන්නවා වෙනුවට මෙම ඡායාරූප ලබාගත් ශිල්පියාට එරෙහිව ප්‍රශ්නයක් ඇතිකිරීමට කටයුතු කරන්න පුලුවන්. ප්‍රවේශම් වන්න. ඔබ වැනි නිර්භීත ඡායාරූප ශිල්පීන් රටට අවශ්‍යයි (නි)

:       0       0

ප්‍රසංක Friday, 11 December 2015 03:23 AM

එතකොට ගහන්න අණදීපු අයගේ වැඩ? (නි)

:       0       0

බෙනට් Thursday, 10 December 2015 02:05 PM

ටික දවසකින් කවුරුවත් දන්නෙම නැතුව පස්සේ දොරෙන් ඇතුල් වෙලා වෙන පොලිසියක වැඩ කරයි .. ඕව හරියටම වෙනවද කියල බලන්න ඕන (බ)

:       0       0

බෙනට් Thursday, 10 December 2015 02:07 PM

ඒ අයිපීට ළමයි නැතුව ඇති .. ඉන්නවා නම් දෙවි පිහිටයි .. මෙලහකට ළමයින්ගේ මස් ටික බැටන් පොල්ලේ ඇති ..(බ)

:       0       0

දහම් Thursday, 10 December 2015 02:12 PM

ඉස්සර යූ එන් පී ආණ්ඩුව තියෙද්දී විවියන් ගුණවර්ධනට ගහපු පොලිස් නිලධාරියා උසාවියෙන් වැරදිකාරයා වුනාම වන්දියත් ආණ්ඩුවෙන් ගෙවල මිනිහට උසස් වීමකුත් දුන්න. ඒ අනුව මෙය ඉතා හොඳ වෙනසක්. (බ)

:       0       0

දයා නන්දසිරි Thursday, 10 December 2015 02:09 PM

බොහොම හොඳයි (බ)

:       0       0

ශාන් Thursday, 10 December 2015 02:31 PM

වැඩ තහනම් කරලා විතරක් මදි මගේ හිතට නම් (නි)

:       0       0

රංග Thursday, 10 December 2015 02:38 PM

ජයවේවා මේ තීරණයට! (නි)

:       0       0

නවින් Thursday, 10 December 2015 02:55 PM

මහේෂ් මහත්තයාගේ කතාව හරියටම හරි (නි)

:       0       0

ජයවික්‍රම Friday, 11 December 2015 04:08 AM

ඉහළින් ඕඩරය ලැබෙන්න ඇති පහරදීල හරි විරෝධතාවය විසුරුවන්න. ඒ ගැනත් මානවහිමිකම් කොමිසමේ අවධානය යොමු වුණොත් තමයි හොද (ම)

:       0       0

වරුණ Friday, 11 December 2015 04:09 AM

පොලිසියේ ලයිසන් චන්ඩි දැන් නිශ්ශබ්ද වෙයි (ම)

:       0       0

මොහ‍ොට්ටාල Thursday, 10 December 2015 02:53 PM

ඉතාම හොඳ තීරණයක් (නි)

:       0       0

නවින් Thursday, 10 December 2015 03:00 PM

සන්ධාන ආණ්ඩුව තියනකොට දහම් මහත්තයා ලංකාවේ නෙමෙයි වෙන්න ඇති ඉන්න ඇත්තේ. (නි)

:       0       0

රාජා Friday, 11 December 2015 04:10 AM

ගහපු පොලිස් පරිෂකගේ පැත්ත ගන්නවා නෙවෙයි ඒත් ඔහුගේ ජායාරූප බලමින් අපි හැමෝම ඔහුට ගරහනවා නමුත් ඔහුට අණ දීපු අයගේ ජායාරුපත් නැහැ අපි ඔවුන් කවුද දන්නෙත් නැහැ. ගොඩ දෙනෙක්ගේ වරදකට හැමෝම එකතුවෙලා එකෙක්ට ගහනවා. මේකත් එක්තරා අතක වියරු මානසිකත්වයක් නේද. (ම)

:       0       0

රෝමන් Friday, 11 December 2015 04:22 AM

කව්රු කව්රුත් පොලිසිය ගැනත් හිතුවනම් හොඳයි (බ)

:       0       0

නලින් Friday, 11 December 2015 04:22 AM

ශානිකා හරි, නීතියට අනුව උසාවියකදී බොරු කියල ඔප්පුවොනොත් මොකද වෙන්නේ? යහපාලනය සම්පුර්ණ වෙන්න ඒ ටිකත් වෙන්න ඕනේ (බ)

:       0       0

ප්‍රියාන් Thursday, 10 December 2015 03:16 PM

එතකොට ගහන්න අණදීපු අයගේ වැඩ..?? (නි)

:       0       0

ප්‍රදීප් ද සිල්වා Thursday, 10 December 2015 03:41 PM

පොලීසිය මුලින්ම කළ යුතුව තිබුනේ මේ දෙයයි... එසේ වුවානම්...පොලිස් දෙපාර්තමේන්තුවට සිදු වු අපකීර්තිය... නැතිකරගෙන නැව් ගණන් ජනතාවට බොරු දෙසා බාමින් දෙපාර්තමේන්තුවේ කීර්තිය රැකගන්නට දැරෑ අසාර්ථක උත්සාහය අවශ්‍ය නොවනු ඇත... (බ)

:       0       0

ශානිකා Thursday, 10 December 2015 04:00 PM

එතකොට මෙයා වැටුණු සිසුවියට නැගිටින්න උදව් කළා කියල නේද නීතිඥයෙකුත් වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා කිව්වේ . උදව් කළ කෙනාට මෙහෙම වුනේ මොකද ? නැත්නම් ප්‍රකාශක තුමා බොරු කිව්වද ? බොරු කිව්වනම් බොරු කාරයට දඬුවම් නැතිද ? (බ)

:       0       0

සුනිල් ගිකියනගේ Thursday, 10 December 2015 04:17 PM

මේ පරීක්ෂණය ඉතා ඉක්මනට වෙන බව පැහැදිලියි. ලංකාවේ පොලිසියේ අයත් නීතියට යටත් බව දැන්වත් තේරුම් ගැනීම වැදගත්. තමන් කරන්නේ රාජකාරියක්ය යන්නත් එය නිතියට අනුව කළ යුතුය යන්නත් තේරුම් නොගැනීම නිසයි මෙහෙම වෙන්නේ. (බ)

:       0       0

රතන Thursday, 10 December 2015 04:27 PM

තවත් දරු පවුලකට බඩගින්නේ ඉන්න සිද්ධ වුණා නේද ඒකට කැමතිද (බ)

:       0       0

ගුණවර්ධන Thursday, 10 December 2015 04:54 PM

සිසුන්ට සාධාරණයක් ඉටුවීම ගැන සතුටුයි අපිට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 618 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4126 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2549 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 242 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1320 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1436 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27692 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23556 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 401 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site