IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


වෙඩි පහරින් ඇත් පැටවා මරුට

 (ඉන්දික අරුණ කුමාර සහ රුමේෂ් එම්.වීරසේකර  )

මොරගහකන්ද ජලාශයට ආසන්නව ගිරිතලේ - ඇළහැර අභයභූමියේ සැරිසරමින් සිටි  ඇත් පැටවකු දඩයක්කරුවෙකුගේ   වෙඩි පහර කිහිපයකින් මියගොස් ඇතැයි  ඇළහැර වනජීවී කාර්යාලය සඳහන් කරයි.

මොරගහකන්ද - කළුගග මාර්ගයේ ජලාශයට කිලෝමීටර් දෙකක් පමණ ආසන්නයේ  මාර්ගය අසළ  මියගොස් සිටියදී මෙම ඇත් පැටියා හමු වූ බව ඇළහැර අඩවි ආරක්ෂක කාර්‍යාලය සඳහන් කළේය.

වෙඩි පහරවලට ලක්ව මියගොස් ඇත්තේ අවුරුදු 6-8 ක් පමණ වයසැති ඇත් උස අඩි 6ක් පමණ වන කුඩා ඇත්  පැටියෙකු  බවත්  එම ඇත් පැටවාගේ හිසට වෙඩි පහර 08ක් පමණ තබා ඇති බවට  තහවුරු වී ඇති බවත් ඇලහැර අඩවි වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් කියයි.

(ඡායාරූපය -රුමේෂ් වීරසේකර)



අදහස් (3)

වෙඩි පහරින් ඇත් පැටවා මරුට

Lakrani Thursday, 05 September 2024 08:54 AM

අවුරුද්දක් ඇතුළත හෝ උපරිමයෙන් අවුරුදු හතක් ඇතුලත ඔය ප්‍රදේශයේ අකුණුවැදීම නිසා කෙනෙක් හෝ කීප දෙනෙක් මියයාවි. විමසිල්ලෙන් බැලුවොත් ස්වභාව ධර්මයාගේ දඩුවමක් බලන්න පුළුවන් වේවි

:       1       3

නිහඬ ඔවුන් වෙනුවෙන් හඬ නගමු Thursday, 05 September 2024 10:14 AM

ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ රටේ නිතිය හරියටම ක්‍රියාත්මක විය යුතුයි. මේ වගේ අහිංසක වන සතුන් නිරපරාදේ මේ වගේ කාලකන්නි වැඩ නිසා ජීවිතය නැති කරගන්නේ. අපේ රටට තියන කොච්චර දුර්ලභ වන සම්පතක් ද මේක. මේ වගේ අලි පැටව් මිනිස්සු වගේ ලක්ෂ ගණන් වලින් බෝ වෙන්නේ නැහැ. ඉතාම කලාතුරකින් . මාලිමා රජයක් යටතේ වන සම්පත ආරක්ෂා කර ගැනීමට නිසි වැඩ පිළිවෙලක් බලාපරොත්තු වෙමි. මේ පුවත පළකරාට ලංකාදීප පුවත් පතට ස්තුතියි.

:       0       9

shantha Thursday, 05 September 2024 05:03 PM

වෙඩි තියපු අධමයාට හෙන 7ක්ම වැදීයන්...!!!

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොර සහනාධාරයේ පමාවක් ඇතැයි පිළිගන්නවා
2024 නොවැම්බර් මස 27 11 0

ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.


’’අමුල්’’ සහල් කිලෝ 17,925ක් විනාශ කරන්න නියෝග
2024 නොවැම්බර් මස 27 50 0

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක


අ‘පුරේ ගමක් යටවේ
2024 නොවැම්බර් මස 27 617 1

පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය


සුළි කුණාටු අවදානමක්?
2024 නොවැම්බර් මස 27 788 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම


පීඩාවට පත් ජනතාව ළඟටම ගිහින් සහන දෙන්න
2024 නොවැම්බර් මස 27 459 0

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය


ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි අයෙකු බේරාගැනේ
2024 නොවැම්බර් මස 27 639 0

එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site