IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


වාණිජමය පැත්තවත් නොසිතා නිර්මාණ එකතුවක් කළේ ක්‍ෂේත්‍රය තුළ යමක් කළ යුතු නිසයි

ප්‍රවීණ ගායන ශිල්පිනී නෙලූ අධිකාරී


2016-10-08-ent-166

Nelu live in Concert පසුගියදා (09දා) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය. වසර 15ක් තිස්සේ සිය නිර්මාණ ගොන්නත් රැගෙන කළ එළි කර නෙලූ අධිකාරී නම් වූ ගායන ශිල්පිනියගේ පළමු ඒක පුද්ගල ප්‍රසංගය ගැනයි අද කතාබහ.

 

මුලින්ම ප්‍රසංගය ගැන කතා කළොත්

2016-10-08-ent-164මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 15කට පස්සේ මගේම ඒක පුද්ගල ගී ප්‍රසංගය 'Nelu live in Concert' නමින් පසුගියදා (09 වැනිදා) පස්වරු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුවා. මෙහි විශේෂ කාරණා දෙකක් තිබුණා. එකක් තමයි මගේ සිවුවැනි සංයුක්ත තැටිය එළිදැක්වීම. එදිනම ළමා ගී සංයුක්ත තැටියක් හා ළමා ගීත පොතක් එළිදැක්වීමත් සිදුකරනු ලැබුවා. මේ විශේෂ කාරණා සියල්ලම තමයි 15 වැනි අවුරුද්දෙ මේ ප්‍රසංගය පවත්වෙන්න හේතු කාරණා වෙන්නෙ. මගේ සංයුක්ත තැටිය 'සරස වසන්තය' නමිනුත් ළමා සංයුක්ත තැටිය 'ඉරහඳතරු' වශයෙනුත් නම් කර තිබෙනවා.

 

ඇයි අවුරුදු 15ක් ගන්නෙ පළමු ඒක පුද්ගල ප්‍රසංගය පවත්වන්න

අපිට කිසියම් වූ දෙයක එකතුවක් තිබිය යුතුයි. එහිදී කාලයක් එකතු කරගත යුතුවූ බොහෝ දේවල් තිබෙනවා. සීඩී තැටියක් කළ පමණින් ප්‍රසංගයකට යා නොහැකියි. එයට සහ ක්ෂේත්‍රයට ඇවිත් ගුරුවරියක් විදියට මොනවා හෝ යමක් එකතු කළ යුතුයි. ළමා සංයුක්ත තැටියක් නිර්මාණය කරලා සමාජ මෙහෙවරකට දායක වීම මුල්කර ගිනිමින් ක්ෂේත්‍රය තුළ වටිනා යමක් සිදුකළ යුතුයි කියන අරමුණෙනුයි මෙම කටයුතු සිදුකරන්නෙ. එනිසා තමයි මෙපමණ කාලයක් ඒ සඳහා වැය කළේ. චිත්‍රපට ටෙලිනාට්‍ය ආදී ඉසව්වල හිතේ හැටියට මම නිර්මාණ කටයුතුවල යෙදුණ නිසා මගේ ප්‍රසංගයක් කරන්න තරම් දේවල් මං එකතු කරගෙන තිබෙනවා.

 

සංයුක්ත තැටියක් කරලා විකුණගන්න පුළුවන් ඉසව්වක් තිබේද?

වාණිජමය ඉසව්වක් ගැන බලාපොරොත්තුවක් නෑ. සංයුක්ත තැටි නොවිකිණෙන කාලෙක තමයි මම මේ ප්‍රසංගය පවත්වන්නෙ. මම මේ අභියෝගය භාර අරගෙන කරන්නෙ එය සුළුපටු කාර්යයක් නෙවෙයි. වාණිජමය පැත්ත ගැනවත් නොහිතා ඒ කැපවීම කළේ ක්ෂේත්‍රය තුළ යමක් කළයුතු නිසයි. ගීතයක් දෙකක් නිර්මාණය කර-කර ඉඳීම තුළ අපිට ගීත එකතුවක් කරන්න අපහසුයි. අද තියෙන වටපිටාව තුළ ගීත එකතුවක් කරන්න තරම් ශක්තියක් නෑ. ඒ සඳහා ඉල්ලුමක් හා මුදලක් නෑ. එවන් වටපිටාවක තමයි මම මේ වගේ ප්‍රසංගයක් කරන්නෙ. මගේ ප්‍රසංගයට පැමිණෙන සියලුදෙනාට වෙළෙඳ පොළට වඩා අඩු මුදලකට මෙම සංයුක්ත තැටිය ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. එය අපටත් කරන සහායෝගයක්. මෙම ප්‍රසංගය නරඹන්න ආවොත් මේ සියලුදේම දැක බලාගන්න පුළුවන්. මෙහි සංගීතය සපයන්නේ රෝහණ වීරසිංහයන් විසිනුයි. බන්දුල නානායක්කාරවසම් මහතා එකතු වෙනවා කතනයෙන්. චන්න විජේවර්ධනයන්ගේ නර්තනය හා විශේෂ යුග ගායනයට වික්ටර් රත්නායක, අමරසිරි පීරිස්, අමල් පෙරේරා, කීර්ති පැස්කුවල්, දයාන් විතාරණ, අතුල අධිකාරි, කපිල පූගල ආරච්චි යන අය සම්බන්ධ වෙනවා. මෙය විශේෂ ප්‍රසංගයක් වන බව මට විශ්වාසයි. එවන් විශ්වාසයකින් තමයි මේ ප්‍රසංගය සිදුකරන්නෙ.

අලුත් පරම්පරාව රිගින් ටෝන් කම්පැණි දාගෙන ආර්ථික කඩඉම් දිනාගන්නවා. නමුත් ප්‍රවීණයන් එම ඉසව් ජයග්‍රහණය කර නෑ.

තාම මම මූල්‍යමය වශයෙන් හිතල නිර්මාණ කරල නෑ. නමුත් අද වෙනකම් අපිට එහෙම ගෙවල නෑ. අපේ ගීතවලින් මුදල් ලබාගන්න අය ලබාගන්නවා ඇති. නමුත් අද වෙනකම් අපිට සල්ලි ලැබිල නෑ. අලුතෙන් කරන නිර්මාණවලත් මූල්‍යමය පරමාර්ථ කියල දෙයක් මා තුළ නෑ.

 

ඉදිරියේදී මොනවගේ දේවල්ද කරන්න ඉන්නෙ?

ප්‍රසංගවලට වෙනස් පැතිවලින් ඉල්ලීම් ලැබුණොත් අනිවාර්යයෙන්ම යනවා. ඊට අමතරව සංයුක්ත තැටි දෙක රසිකයන් අතට පත්කරන්න බලාපොරොත්තු වෙනවා. අලුත් ගීත නිර්මාණවලට දායක වෙන්න තිබෙනවා. ප්‍රසංගවලට සහභාගි වෙන්න තිබෙනවා. ගොඩක් කාර්ය බහුලයි. විදේශ සංචාරවලට සහභාගි වෙන්න තිබෙනවා.

 

නුතන ගීත රසිකත්වය ගැන ප්‍රවීණ ගායන ශිල්පිනියක් ලෙස ඔබේ අදහස කුමක්ද?

එය සාපේක්ෂයි. රසිකත්වය විවිධයි. එයට අපිට කිසිම දෙයක් කියන්න බෑ. අපේ සහ මාධ්‍ය වගකීම තමයි ඉහළ රසිකත්වයක් නිර්මාණය කිරීම. එතනින් එහාට වගකීමක් ගන්න අමාරුයි.

 

වර්තමානය තුළ නිර්මාණ රසිකත්වය මොටවෙලා තිබෙනවද?

නෑ. එහෙම කියන්න බෑ. එහෙමනම් මේ තරම් ගෘහස්ථ ප්‍රසංග පැවැත් වෙන්නෙ නෑනෙ. අපි හිතන්නැති විදියට ගෘහස්ථ ප්‍රසංගවලට විශාල ඉල්ලුමක් තිබෙනවා. රසිකත්වයට අවශ්‍ය සැපයුමක් තිබෙන්න අවශ්‍යයි. එහෙම නැත්තම් ගෘහස්ථ ප්‍රසංග සියල්ල ඉවත්වෙලා එළිමහන් ප්‍රසංග විතරක් තියෙන්න පුළුවන්නෙ. ගෘහස්ථ ප්‍රසංග ඉල්ලුම් ලබනවාය කියන්නෙ අපේ රසිකත්වය එලෙසම තිබෙනවාය යන්නයි. රසිකත්වය ඉහළ නැංවීමේ වගකීම තමයි අපිට සහ මාධ්‍යවලට තිබෙන්නෙ.

 

තරුණ පරම්පරාවෙ අද වෙනකොට බිහිවෙන ගීත මොන වගේ හැඩයක්ද ගන්නෙ?

අලුත් පරම්පරාවෙ දක්ෂ ගායකයො ඉන්නවා. නමුත් වෙලා තිබෙන්නෙ අද ගීත නිර්මාණය වෙන්නෙ මූල්‍ය පරමාර්ථවලට නෙ. රිගින් ටෝන්වලට හදන ගීතවල ගුණාත්මක බව අඩංගු වෙන්නෙ නෑ. ඔවුන් බලන්නෙ මූල්‍ය පරමාර්ථයට ගොනු කරන්නෙ කියනෙක පමණයි. එහිදී අපි බලාපොරොත්තු වෙන නිර්මාණ සියයට සියයක්ම ඔවුන්ගෙන් නිර්මාණය වෙන්නෙ නෑ වෙන්න පුළුවන්.

 

ඔවුන් කියන කාරණය තමයි අපි හදන්න ලෑස්තියි. රසිකයො අහන්නෙ නෑ කියල?

ඕක ඉතින් අපිට පොඩි වෙලාවකින් කියන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මම කියන්නෙ අපි පුළුවන් හොඳම දේ තිළිණ කරන්න වග බලාගන්න පුළුවන් නම් හැමපැත්තෙන්ම ගුණාත්මක නිර්මාණයක් බිහිකිරීම තමයි වැදගත් වෙන්නෙ. ඔය කාරණය ඔළුවට ගත්තොත් හරි.

 

සටහන - ඉඳුනිල් සින්දු

 

2016-10-08-ent-165



අදහස් (0)

වාණිජමය පැත්තවත් නොසිතා නිර්මාණ එකතුවක් කළේ ක්‍ෂේත්‍රය තුළ යමක් කළ යුතු නිසයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 686 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1357 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 297 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1250 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site