ශ්‍රී ලංකාවේ ජීවත් වන වතුකරයේ තරුණයන් කණ්ඩායමක් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුභපැතුම් එක්කරමින් "ඔබ දිනුවත් පැරදුණත් සැමදා අපි ඔබ ළඟයි"තේමාවෙන් සිංහල දමිළ භාෂාවලින් යුත් ගීතයක් නිර්මාණය කර ඇත.
දික්ඔය, දරවල වත්තේ පහළ කොටසේ ජෝෂප් ප්‍රදීප් (අවු. 23) සිංහල සහ දමිළ භාෂාවෙන් ගීතය නිර්මාණය කර තනුව සහ සංගීතයද ඔහු විසින් නිර්මාණය කර ඇත. එම ගීතයට ඔහු සමග ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන එම ප්‍රදේශයේම වසන්ත මෝගන් කන්දිවාල්, බෙනඩික් හර්ෂ මධුසංඛ, ජෝෂප් ප්‍රසාන්, මාර්ක් ලියෝ, ගනේෂන් තියගරාජ්, අලගසාම් ජයසිහරන් යන අයද සම්බන්ධ කර ගනිමින් මෙම ගීතය සංයුක්ත තැටියක් ලෙස එළිදක්වා ඇත.
ඒ සඳහා බොහෝ පිරිසකගෙන් එකතු කර ගත් මුදලින් රුපියල් ලක්ෂයක පමණ වියදමක් දරමින් තේ වතු ආශ්‍රිතව ජීවත් වන වතුකරයේ කුඩා ළමයින් හා වතු කම්කරුවන් ගීතයේ දර්ශන සඳහා දායක කරගෙන ඇති අතර, එම ගීතය වතුකරයේම රූගත කර ඇත.
දැඩි කැපවීමක් කර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කළ මෙම ගීතය ශ්‍රී ලංකා කණ්ඩායමට පිළිගැන්වීමට අවස්ථාවක් නොලද බව පවසන එහි නිර්මාණකරුවන් පවසන්නේ, අන්තර්ජාලයට මුදාහැර ඇති එම ගීතය අසා ශ්‍රී ලංකා කණ්ඩායම එය පිළිගන්නේ නම් එය තමන්ට සතුටට කරුණක් බවයි.
ඡායාරූප / සටහන - හැටන් රංජිත් රාජපක්ෂ
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වතුකරයෙන් ක්‍රිකට් කණ්ඩායමට ගීතයක්