(සුජිත් හේවාජුලිගේ )
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිවේදීන්, ගණකාධිකාරිවරුන්,සරසවි ආචාර්යවරුන්( ආචාර්ය, මහාචාර්ය) ඇතුළු විවිධ වෘත්තිකයන් හයදහසකට වැඩි පිරිසක් පසුගිය වසර තුනක පමණ කාලයේදී රට හැර ගොස්( බුද්ධි ගලනය) ඇතැයි වාර්තා අනුව පෙනී යන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
සේවක වැටුප් මත අධික බදු අය කිරීම හේතුවෙන් ඉදිරි කාලයේදී වෘත්තිකයන් තවත් විශාල වශයෙන් රට හැර යෑමේ අවදානමක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර පසුගිය වසරේ මුල් මාස නවය තුළ ලක්ෂ 8 කට ආසන්න පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ලක්ෂ 6ක පමණ පිරිසක් රට හැර ගොස් ඇති බව පැවසූ මන්ත්‍රීවරයා පසුගිය 2021 වර්ෂයේද ලක්ෂ 4 ක ට වැඩි පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබූ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකිකයන් රට රැකියා සඳහා යෑම සියයට 136 කින් ඉහළ ගොස් ඇතැයිද ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
ලක්ෂ තුනකට වැඩි පිරිසක් පසුගිය වසරේදී අධ්‍යාපනය සඳහා විදේශ විශ්වවිද්‍යාලයන්ට ගොස් ඇති බව පැවසූ මන්ත්‍රීවරයා මේ හේතුවෙන්ද විශාල මුදල් ප්‍රමාණයක් රටට අහිමිවූ බව අනාවරණය කළේය.
මේ ආකාරයට බුද්ධි ගලනය සිදුවීම රටේ ඉදිරි ගමනට විශාල බාධාවක් බවත් බුද්ධි ගලනය වැලැක්වීමට රජය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෘත්තිකයන් හයදාහක් රට හැර ගිහින්
වත්සි Sunday, 29 January 2023 01:13 PM
අන්තිම කුහක, ආත්මාර්ථකාමීන් වශයෙන් තමයි මොවුන් හැඳින්විය යුත්තේ... මොවුන් නොකියා කියන්නේ සාමාන්‍ය මිනිසුන් මත බදුබර පටවා මේ අයගේ සුඛෝපභෝගී ජීවිත පවත්වා ගෙන යෑම පහසු කිරීමට බදු නොගැසිය යුතු බව නෙවේද? සැබවින්ම එවැනි පිරිසක් රට හැර යෑම රටේ වාසනාවකි.
senaSunday, 29 January 2023 02:05 PM
ගන්න පඩියෙන් ජීවත් වෙන්න බැරි වුණාම පුළුවන් මිනිස්සු රට යනවා. අරාබි රටවල දුප්පත්ම කාන්තාවගේ ඉඳලා, ඉංජිනේරු දොස්තරලා ආදි හැමෝම කරන්නේ ඒකයි... ඔයාව කොහොමවත් බාරගන්නේ නැති නිසා ලංකාවේ ඉන්නවා වෙන්න පුළුවන්...
kamalSunday, 29 January 2023 03:06 PM
පුහු ආටෝපය නැතිව, ගන්න පඩියට සරිලන ජීවන රටාවක් තියාගත්තා නම් නරකද?
BamunuarachchiMonday, 30 January 2023 11:08 AM
kamal නියම කතාව කිව්වා මම එකට සැලියුට් කරනවා. ඩිස්ලික් දාලා තිබෙන්නේ පුහු ආටෝපයෙන් ජීවත්වෙන හැත්ත. ඔවුන් නිසයි වටිනා විදේශීය විනීමය වැය කරලා රටට තොරෝම්බෝල් බඩු ගෙනෙන්න වෙලා තිබෙන්නේ.
ajithSunday, 29 January 2023 05:47 PM
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිවේදීන්, ගණකාධිකාරිවරුන්, සරසවි ආචාර්යවරුන් (ආචාර්ය, මහාචාර්ය) ඇතුළු විවිධ වෘත්තිකයින් හයදහසකට වැඩි පිරිසක් පසුගිය වසර තුනක පමණ කාලයේදී රට හැර ගියද ඔවුන් ලෝකයේ වෙනත් රටවල සේවය කිරීමට ලංකාවේ සුදුසුකම් ප්‍රමාණවත් නොවේ. යුරෝපිය හෝ උතුරු ඇමෙරිකානු රටක විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා වසර ගණනාවක් සේවයේ නියුතු විය යුතුවේ. එසේ නොමැතිනම් එම රටවල අධ්‍යාපන තත්වයන්ට සමානවන ආකාරයට ඔවුන්ගේ සුදුසුකම් එම රටේදී ලබාගත යුතුවේ. උපයන විට අදායම් බදු ගෙවීමට සිදුවන අතර මහපාරේ බෝඩ් ලෑලි එල්ලගෙන බදු අඩුකරනා මෙන් කිසිවකු ඉල්ලා සිටින්නේ නැත.
Mo77Monday, 30 January 2023 07:28 AM
ඔය ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල සිටින ආචාර්යවරු මහාචාර්යවරු කියාගන්නා අයට පිටරට විශ්ව විද්‍යාලයක වැඩ කිරීමට තරම් සුදුසුකම් නෑ. ඊට හේතුව වන්නේ ඔවුන් කිසිම පරීක්ෂණ පත්‍ර එකා ලෝකයේ ඉහළ මට්ටමේ journal වල පළ කරල නෑ. මෙම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කියාගන්නා අය ඉගැන්වීමට ඇත්තේ ඉතාම සුළු පැය ගණනක් පමණයි. අනෙකුත් කාලය දී ඇත්තේ ඔවුන්ගේ පරීක්ෂණ පත්‍රිකා පළකිරීම සඳහා. ඒ කියන මහාචාර්යවරුන් ආචාර්යවරුන් රටට බරකි. ඔව් මූලික වැටුප ලක්ෂ තුන හමාර පහත් අතර වනවා. ඊට අමතරව ඉගැන්වීම් පැය ගණනක් සඳහා, පශ්චාත් උපාධි ගැන්වීමටත් පශ්චාත් උපාධි සිසුන් අධීක්ෂණය ටත් ඔවුන්ගේ නිබන්ධන රීක්ෂණ වලටත් ප්‍රශ්න පද සැකසීමටත් ඒවා පරීක්ෂා කිරීමටත් විභාගයට සහභාගි වීමටත් වෙනමම ගෙවීම් කරනවා. ඔවුන් මීට අමතරව තම තමන්ගේ ව්‍යාපාර කරගෙන යනවා.
chamaraSunday, 29 January 2023 06:43 PM
ටැක්ස් ගහන එක නෙමෙයි මිත්‍රයා ප්‍රශ්නේ එකතු කරන ටැක්ස් වියදම් කරන විදියයි ප්‍රශ්නේ කොහේටවත් බාර ගන්නැති ඔයාලා වගේ කුහක ජිවිත නෙමෙයි ඒ මිනිස්සු වටිනා කමක් තියෙන මිනිස්සු එයාල ලෝකේ කොහේ හරි තමුන්ගේ ජිවිතේ හොයාගෙන යයි ඔයාල මෙහෙ උන්ට බැන බැන මේ ඉන්න නාකි උරන්ට චන්දෙ දී ගෙන ඉඳියි
නිමේෂ් Sunday, 29 January 2023 07:28 PM
ඉගෙන ගත්ත මිනිස්සු අමාරුවෙන් විභාග පස් කරේ කවදාහරි හොඳ රැකියාවක් කරලා සැප විඳින්න මිසක් බයියෝන්ගේ සාටක හොරු ටික කරපු ගොන් වැඩ නිසා දුක්විඳින්න නෙමෙයි , මේ අලුත් බදු ගහන්නේ IMF එකෙන් ගන්න ණය ටික අපහු ගෙවන්න පුළුවන් වෙන්න මිසක් වෙන දියුණු රටවල වගේ අපේ ප්‍රවාහන , සවුක්ය , අද්යාපන සේවයන් .....තවත් දියුණු කරන්න වගේ වැඩ වලට නෙමෙයි
saliya Sunday, 29 January 2023 01:22 PM
කපන බදු ප්‍රමාණය නම් වැඩිය. නමුත් බොහෝ දෙනාට ටැක්ස් ෆයිල් නැත. උගත් මිත්‍රයන්ට බදු ගෙවීම ඇගෙන් ඇටයක් යනවා සේය. බදු ප්‍රමාණය අඩු කර, ආදායම් බදු ගන්න. ගෙවන්න බැරි නම් බදු නොකපන රටකට යාවි...
Mo77 Sunday, 29 January 2023 01:26 PM
කිසිම මූලාශ්‍රයක් නැතුව දත්ත ඉදිරිපත් කිරීම හිතලුමත කතා කිරීමකි. මේ වගේ ඔලමොට්ටල ජනතාව විසින් පාර්ලිමේන්තුවට යැවීම රටට කරුමයකි.
සිල්වා Sunday, 29 January 2023 02:02 PM
ඔය කියන සියලු දෙනා ලංකාව හැර ගිහින් පදිංචි වන රටවලත් ඔවුන්ට බදු පැහැර හැරීම හෝ නොගෙවා ඉඳීම කිසිසේත් කළ නොහැකිය. එමනිසා බදු අය කිරීම පමණක් රට හැර යන්න හෙතුවක් යයි පිළිගත නොහැකියි. මැදපෙරදිග රටවල පවා දැන් බදු අය කිරීම සිදුකරයි.
චන්දන Sunday, 29 January 2023 05:45 PM
ඇත්ත... වෙනත් රටවලත් බදු අය කරනවා. ඒත් ලංකාවේ වගේ නැහැ. ලක්ෂ 20 ආදායමෙන් ලක්ෂ 5ක් විතර බදු ගන්නවා. ඒත් ලක්ෂ 10ක් විතර ඉතිරි වෙනවා... ශුද්ධ වශයෙන්... ඒ නිසා තමයි ලංකාව හැරලා ඒ රටවලට යන්නේ....
wickyMonday, 30 January 2023 08:51 AM
මෙතන ප්රශ්නය තියෙන්නෙ බදු ගෙවිම නොව, ගෙවන බදු වලින් සිදුවන්නෙ කුමක්ද, කියනදෙ කිසිම පැහැදිලි බවක් නැ. දවල් රැ නිදි වරාගෙන වැඩ කරල හොයාගන්න මුදලෙන් බදු ගෙවල, ඊට අමතරව ගන්න හැම සේවාවකටමත් තවත් බදු ගෙවල, අන්තිමට ගමනක් යන්න පෙට්‍රොල් ගහගන්න විදියක් නැ. ඊට පස්සෙ කරන වැඩ ටික කරගන්න කරන්ට් එක නැ. කපනවා කියනවා, නැ කියනවා. දෙපැත්ත ඇද ඇද ඉන්නවා. වැඩට යන්න පොදු ප්‍රවාහන සේවයට ගියොත්, එකක් හරියට නැ. රජයෙ කාර්යාලයකට වැඩක් කරගන්න ගියොත් එයාලගෙ රැස්පට්. ඊට අමතරව, එක විනාඩි පහක වැඩකට දවසක් දෙකක් රස්තියාදු වෙන්න ඔනි, එක්කො එයාලට පගාව දෙන්න ඔනි... ( මෙ බදු ගෙවලත් ) මැති ඇමතිල ඇතුලු ඉහල රාජ්‍ය නිළදාරින් අති සුපොගබොගි ජීවිත, මෙ සේරම ගෙවන බදු මුදල් වලින් තමයි නඩත්තු වෙන්නෙ. නමුත් බදු ගෙවන මිනිස්සුන්ට කිසිම දෙයක් නැ, ගත්තු ණය ගෙවාගන්න විදියක් නැ, ඔය කියන මිනිස්සු වාහන අරගෙන තියෙන්නෙත් ණයට, මෙ කරපු වැඩෙන් වෙලා තියෙන්නෙ එවා ගෙවාගන්නවත් මිනිස්සුන්ට විදියක් නැති වෙල 60% බලල ණය දුනට දැන් තියෙන පොලි එක්ක 60% තිය 40% උනත් ගෙවන්න විදියක් නැ මිනිසුන්ට. මිනිස්සු තමන්ගෙ වැඩි වන පඩිය, කරන වැඩ එක්ක අමාරුවෙන් තමයි ගැට
sugath Sunday, 29 January 2023 02:29 PM
බදු හින්දා රටදාලා යන අය හිතාගෙන ඇති පිට රටවල බදු ගෙවන්නේ නැහැ කියලා.. බටහිර රටවල මිනිසුන් බදුගෙවන හැටි ගිහින් බලන්න. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, සමෘද්ධි දීමනා නොමිලේ ලැබෙන්නේ නැහැ. රටේ මිනිසුන් ඒ පහසුකම් සඳහා බදු ගෙවන්ට පුරුදුවිය යුතුයි.
samanMonday, 30 January 2023 12:57 PM
ඔව් බදු ගහනවා, බදු ගහන රටවල තියන පහසුකම් බලන්න. මෙහෙ බදුගහලා කරන්නේ රාජ්‍ය සේවයේ ගෙවලයින්ට පඩි ගෙවන එකයි, දේශපාලකයින් කන එකයි. ඔවුන්ට දෙන්න මොකට බදු ගෙවනවාද?
Don perea Sunday, 29 January 2023 02:51 PM
රටේ කවදත් හිටිය ගොන් රැළට මාර චාන්ස් එක...
kamal pushpakumara Sunday, 29 January 2023 03:26 PM
ඕස්ට්‍රේලියාවේ ඉන්න විශේෂඥ වෛද්යවරයෙක්තමන්ගේ වැටුපෙන් 40% ක් පමණ බදු වශයෙන් ගෙවනවා. මැදපෙරදිග හැරෙන්නට අනිත් හැම රටක්ම සේවකයන්ගෙන් බදු අයකරනවා.
samanSunday, 29 January 2023 05:30 PM
ඇත්ත. ජපානය, ඩෙන්මාර්ක්, ස්වීඩනය වැනි රටවල බදු මීටත් ඉහලයි. ලංකාවේ වෘත්තිකයන් කියා ගන්නා උදවිය හැමදාම දුප්පතුන් ගෙවන බදු වලින් යැපෙන උදවිය.
PnSunday, 29 January 2023 06:36 PM
Consultan doctor වැටුප ගැන idea එකක් තියෙනවද. Australia ටැක්ස් එකෙන් පස්සේත් වැටුප ර1.5 million to 75million. හරි වැටුපක් ලැබෙනවානම් tax කොහොම උනත් එකයි.
නිමේෂ් Sunday, 29 January 2023 10:59 PM
ඕස්ට්‍රේලියාවේ ,ඇමරිකාවේ ,කැනඩාවේ වගේ ධනවත් රට වලත් බදු ගහනව තමයි එත් එම රටවල තියන තත්වය වර්තමාන ලංකාවේ තියන තත්වයට වඩා හාත්පසින්ම වෙනස් කියලා තේරුම් ගන්න ඉසේල්ලම . අන්ත්ර්ජලයේ තිබෙන දත්ත අනුව එම රටවල එක පවුලක උපයන මාසික අදායමෙන් කෑමට යන්නේ 6 - 7 % අතර ප්‍රමානයක් පමණයි , එත් වර්තමාන ලනක්වේ උත්දමනය නිසා ඇතිවී තිබෙන තත්ත්වය ( පාර්ලිමේන්තු මත්රිවරියකගේ දැනුවත් කිරීමකට අනුව) නගරබද කුඩා පවුලක මාසික වියදම් රුපියල් ලක්ෂයකට වඩා වැඩි , එයින් 75% වඩා වැයවෙන්නේ ආහාර සපයා ගැනීමට .
Nuwan Sunday, 29 January 2023 03:39 PM
දුප්පත් අයට කොහොමත් එකයි. කෝටිපතියන්ගේ වත්කමෙන් භාගයක් හැඳිගෑවිලා ගියත් ඉතුරු භාගේ හොඳටම ඇති ජීවත් වෙන්න. මේ වෘත්තිකයින් අධ්‍යාපනයට පින්සිද්ද වෙන්න ගොඩගිය දුප්පත් දෙමාපියන්ගේ ළමයි. සැප විඳින්න ගත්තා විතරයි. ඉතින් කොහොම ඉවසන්නද? කොහොම වුණත් මේ වෘත්තිකයින්ගෙන් රටට වැඩක් වුණාද? හිටියා කියලා රට වෙනුවෙන් කරපු දෙයක් වේද? ඔය බුද්ධි ගලනය හැමදාම තිබුණා.
prageeth Sunday, 29 January 2023 04:23 PM
ලංකාවේ මිනිසුන් අඩු බදු වරප්‍රසාදයක් ලෙස සලකය් , නමුත් බදු නැතුව ලන්ලාවේ අදික නොමිලේ සපයන සේවාවන් පවත්වා ගැනීමට එක්කෝ රටින් නය ගැනීමට සිදුවේ. නයගනිමට නොහැකි උවිට බදු වැඩිකිරීමටත් , වියදම් අඩු කීරී මටත් සිදුවේ, නැතහොත් සල්ලි අච්චු ගැසීමට සිදුවේ . මේ සියලු දේ ලෙහෙසි විසදුම් නොවේ . රටින් යන්නවුන් විසාල බදු බටහිර රටවල ගෙවිය යුතුය, සාමාන්‍යයෙන් 25-45% සම්පුර්ණ අදායමෙන් , නමුත් එමගින් එම රටවල් හොඳ සමාජ සේවාවක් ද සපයය්. ලංකාවෙන් යන යට එතරම් ලහෙසියන් බටහිර ටරවල අදික පඩි ගැනිඒමට නොහැක, ඔවුන් නැවතත් මුලසිට පටන් ගත යුතුය, නමුත් අවසානයේ ඔවුන් ට අඩු පිඩනයකින් ජීවත් වියහැකි අදාමයක් ඔවුන්ට ලැබේ .
Lal Sunday, 29 January 2023 05:13 PM
යථාර්ථය නම් බදු ගැටළුවක් නොවේ. ඔවුන්ට ඔවුන්ගේ දරුවන්ට අනාගතයක් නොමැති නිසා ඔවුන් වෙනත් රටකට යාමට උත්සාහ කරති
fairoos Sunday, 29 January 2023 05:24 PM
මේ කාලකන්නි දේශපාලකයන් රටට කරපු විනාශයේ තරම .මුන්ට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ
Peduru Sunday, 29 January 2023 06:59 PM
ලංකාවේ උගත්තු මිස බුද්ධිමත්තු නෑ
සමුර්ධිකා Monday, 30 January 2023 06:16 AM
ඉතින් ශෝක් නේ මොකද අඩු ආදායම් ලාභීන්ට රැකියා දීමට සමුර්ධි දීමට රටේ නිෂ්පාදනය කලහැකි දේශීය දේවල් ආනයනය කිරීමට ලොක්කො කෑමට ගන්නා සහල් වර්ග පළතුරු වර්ග ආනයනය කිරීමට කොපමණ ඩොලර් ඕනද.මෙහෙම කට්ටිය ගියාම ඩොලර් ගොඩක් ලැබෙනවා නේ එතකොට පාලකයො විදෙස් සංචාර කරාවි බෙහෙත් ගන්න විදෙස් ගතවේවි පවුල් පිටින් සිංගප්පූරුවෙ ෂොපින් යාවි ඕන ඕන හැටියට වාහන ගෙන්වීම කරලා පස්සට වාහනයයි අතට පයට වාහන තියාගෙන පෙළපාලියේ ගමන් කරාවි ගෑනිට මිනිහට පමණක් නොව බල්ලට බළලටත් රජයේ වාහන පාවිච්චියට ගනීවි සව්භාග්‍ය ලෝකයට පෙන්වාවි විදෙස් ණය අරගෙන රට තව තවත් ණය බරට දමාවි කාටද ආඩම්බර නේද
Bamunuarachchi Monday, 30 January 2023 11:04 AM
පිටරට ගියේ කාලකන්නි දේශපාලුවන් නිසානම් ඒක සාධාරණයි. බදු නැතිව ජීවත් වෙන්නයි රට ගිහිල්ලා තිබෙන්නේ? රිටන් ටිකට් අරන් ගියානම් තමයි හොඳ. ඩොලර් 8000 වටුප ගන්න මට අතට ලැබෙන්නේ 5600යි ඊට අමතරව GST , වතුර, විදුලි, ගෑස්,හෙලත් ඉන්සුවරන්ස්, ගෙවන්න ඕනේ. එන්න එන්න මල්ලිලා ලංකාවෙන් පෝෂණය වෙලා අද්යාපනය අරගෙන පිටරටවල දියුණුවට වැඩ කරමු පිට රටවල බදු ගෙවමු.
saman Monday, 30 January 2023 01:01 PM
ඔය නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු නිසා බදු ගහන්න ඕනේ කියන අපතයින්ට කියන්න තියෙන්නේ, එහෙනම් බදු ගහන්න ඔනේ ඉගෙන ගත්ත නැති අයට. අවුරුදු 12ක් ඉස්කොලේ නිකන් ඉගෙනගෙන බදුත් නොගෙවා නිකන් කන්න බලන් ඉන්න සෙට් එකට තමයි බදු ගහන්න ඕනෑ. ඉගෙන ගත්තු මිනිස්සු ඔයාලාට වඩා අවුරුදු 4ක් වැඩියෙන් ඉගෙන ගෙන තියෙන්නේ... එයාලා පඩියෙන් බදු ගෙවනවා. නිකන් ඉගෙන ගත්තු කෙනා හැමදා නිකන් කනවා..