(අංජුල මහික වීරරත්න)
වත්කම් බැරකම් පනත අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයින් වාර්ෂිකව සිය වත්කම් බැරකම් ප්‍රකාශ කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතුව ඇති නමුත් මේ වන තෙක් කිසිදු වෘත්තීය සමිති නායකයෙක් එලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය .
ඒ අනුව ඔවුන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා සදහන් කළේය.
වත්කම් බැරකම් පනත අනුව සියලුම වෘත්තීය සමිති නායකයින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතුව තිබෙන බවද ඒත් මේ දක්වා කිසිදු වෘත්තීය සමිති නායකයෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට රජයේ සේවකයින් ආයතන සංග්‍රහයෙන් බැදී සිටින බවද වෘත්තීය සමිතිවලට නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ සඳහන් වන බවද අමාත්‍යවරයා කීය.
වෘත්තීය සමිතිවල අවුරුදු විස්සක් තිහක් වැඩ කරපු අය එක දවසක්වත් තමන්ගේ රස්සාව කර නැතැයි කී ඇමතිවරයා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිතිවලට පුද්ගලයින් පත් කර අවුරුදු විස්සක් රාජකාරී නොකර ඉන්න වැටුප් ගෙවන එක හරිද කියා ජනතාව තීරණය කළ යුතු බවද මනූෂ නානායක්කාර මහතා පැවසීය.
රාජ්‍ය ව්‍යාපාර නඩත්තු කරන්නේ ජනතාවගේ බදු වලින් බවද ඒවා ඇතුලේ සාමුහික ගිවිසුම් ගසා පාඩු ලබමින් සිටියදීත් මිලියන ගණනින් අතිකාල ගන්න අවස්ථාව ලබාදීම සාධාරණදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෘත්තීය සමිති නායකයන්ගෙන් වත්කම් බැරකම් ඉල්ලයි
ajith Tuesday, 04 April 2023 05:49 PM
අවුරුදු විස්සක් රාජකාරී නොකර ඉන්න කණ්ඩායමකට වැටුප් ගෙවන එක හරිද කියා ජනතාව වැඩිකාලයක් යන්න පෙර තීරණය කරාවි. වෘත්තීය සමිති සහ නායකයින් නියෝජනය කරනු ලබන්නේ දේශපාලන කණ්ඩායම් වේ...
හෆීස් Tuesday, 04 April 2023 08:27 PM
පිරිමි මිසීගෙන්ම පටංගමුද