IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘වත්මන් ආණ්ඩුව ශක්තිමත් ගමනක් යනවා‘

පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් නොකර කුමන්ත‍්‍රණකාරී ලෙස ආණ්ඩුවක් හැදීමට කිසිවෙකුට නොහැකි බවත් අද වත්මන් ආණ්ඩුව ශක්තිමත් ගමනක් යමින් සිටින බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්, පුවත්පත් කතුවරුන් සහ විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරුන් සමග ජනාධිපති මන්දිරයේ පැවති හමුවකට එක් වෙමින් ජනපති මේ බව කීවේය.

‘අද තිබෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයක් නොව පක්ෂය තුළ සිට පක්ෂය පරාජය කළ දූෂිත කල්ලියක් සහ පක්ෂයේ ප‍්‍රතිපත්ති සහ දර්ශනය ආරක්ෂා කරමින් පිරිසිදු දේශපාලනයක් තුළ පක්ෂය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන පිරිසක් අතර මතු වු තත්ත්වයක්. පවුලේ කිහිප දෙනෙක් එක්වී උදෑසන තේ මේසයේදී ගත් තීන්දු තීරණ එදා මේ රටේ අනාගතය තීන්දු කෙරෙන තීරණ බවට පත්වුණා. එදා ඇමැති මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂය බල රහිත ඇමති මණ්ඩලයක් සහ ආණ්ඩු පක්ෂයක් බවට පත්ව තිබුණා‘ යැයි ද කී ජනපති පැවති රජයේ කි‍්‍රයාකාරීත්වය අද ඇතැමුන්ට අමතක වී යන අයුරු පෙනෙන්නට තිබෙන අතර එවන් දරදඩු, දූෂිත පාලනයක් නැවත මේ රටේ ඇති කිරීම වෙනුවෙන් ඇතැම් මාධ්‍ය ආයතන ද  පෙනී සිටීම කණගාටුවට කරුණක් බව කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව වසර 48 ක් හඬ නැගූ තමා ආණ්ඩුවෙන් එළියට බැස්සේ, රටේ ජනතාව වෙනුවෙන් ද්‍රෝහී ගමනක් යන්නට තීන්දු කළ පාලනයක් නවතා දමා ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස ආරක්ෂා කිරීමට බවද මෙහිදී ජනපති ප්‍රකාශ කළේය.



අදහස් (0)

‘වත්මන් ආණ්ඩුව ශක්තිමත් ගමනක් යනවා‘

සමන්මලි Thursday, 28 April 2016 06:30 AM

මේවට මුකුත් කියන්න බයයි. අපිටත් කුඩුවට යන්න වුණොත්. (අ)

:       0       0

හරින් Thursday, 28 April 2016 06:54 AM

ශක්තිමත් ගමනක් ගියාට දැන්නම් ඡන්දය දුන්න අපට නම් කිසිම ශක්තියක් නැහැ හිටන්. (අ)

:       0       0

සුදේශ් Thursday, 28 April 2016 07:05 AM

අපිටත් පේනවා ඒ බව(අ)

:       0       0

මේලා Thursday, 28 April 2016 07:20 AM

කොහේද යන්නේ? (බ)

:       0       0

ජයනාත් Thursday, 28 April 2016 07:30 AM

ජනදිපති තුමනි , කරුණාකර ප්‍රථමයෙන් ඔබ කන්නාඩියක් ලගට ගොස් ඔබගේ මුණ බලමින් ඔබ ඔය කල ප්‍රකාශය නැවත කියවන්න ...එවිල ඔබට තේරේවි රට ශක්තිමත් ගමනක් යන හැටි සහ පක්ෂය පරාජය කළ අය ගැන (අ)

:       0       0

ඇන්ටන් Thursday, 28 April 2016 07:49 AM

මහින්ද හිටයනම් අද මෙරට බොස්නියාවක් නැත්නනම් චෙට්නියාවක් තමයි තාමත් ඒකාධිපති මහින්දව ඉල්ලන මැටි මොල්ලු ටිකක් රටේ ඉන්නවා (අ)

:       0       0

තිලක් Thursday, 28 April 2016 07:57 AM

ඒ ගමන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා.(හේ)

:       0       0

ගාමිණී Thursday, 28 April 2016 07:59 AM

ශක්තිමත් ගමනක් ගියාට ජනතාවට ඒ ගැන දැනිලා නෑ.(හේ)

:       0       0

සුගත් Thursday, 28 April 2016 08:21 AM

ඔබතුමාට පත්තර බලන්න වෙලාවක් ලැබිල නෑ වගේ. වෙලාවක් ලැබුනම පත්තරේ බලන්න. එතකොට තේරේවි ශක්තිමත් ගමනෙ තරම.(බ)

:       0       0

කනිෂ්ක Thursday, 28 April 2016 09:06 AM

යනවා නේන්නම්....!!!(හේ)

:       0       0

තිළිණ Thursday, 28 April 2016 09:13 AM

අනේද කියන්නේ..මේ අය ශක්තිමත්ව යනවා..ඒ යන ගමන් රට වලපල්ලට අරන් යනවා..(හේ)

:       0       0

සඳරුවන් Thursday, 28 April 2016 09:45 AM

අපිනොදන්න ශක්තිමත් ගමන.... (ර)

:       0       0

ෆසීර් Thursday, 28 April 2016 05:01 AM

ශක්තිමත් ගමනක් යනවා අපේ කරපිටින්. දේශපාලකයෝ මොනවද කරන්නේ? අපෙන් හම්බකරන් මුන් රජ සැප වින්ද වින්ද ශක්තිමත් ගමනක් යනවා. (බ)

:       0       0

තුසිත Thursday, 28 April 2016 05:01 AM

කියන්ඩ නම් ගොඩාක් දේවල් තියෙනවා ඒත් එක්කෝ ඕන නැ (බ)

:       0       0

අසංග Thursday, 28 April 2016 05:21 AM

ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. තව ටිකකලකින් හොම්බෙන් තමයි අපිට යන්න වෙන්නේ. (හේ)

:       0       0

කමනි Thursday, 28 April 2016 05:54 AM

ඔබ තුමාලා කියනවා අපි අහගෙන ඉන්නවා.(හේ)

:       0       0

ඇසළ Thursday, 28 April 2016 05:56 AM

ලියන්න දේවල් ගොඩක් තියෙනවා.(හේ)

:       0       0

සරත් Thursday, 28 April 2016 05:57 AM

ශක්තිමත් ගමනක් යනවා උතුරේ සටන් කාමීන් ඔබ තුමාගේ කතාව හරි (බ)

:       0       0

විපුල Thursday, 28 April 2016 06:03 AM

ඔව් ෆසීර් රජ සැප වින්දත් කමක් නැහැ රටට ජනතාවට වැඩක් කරලා. එකත් නැහැ . නිකම්ම කාලය හා පඩි ගෙවීම විතරයි.(බ)

:       0       0

රුවන් Thursday, 28 April 2016 06:07 AM

එaත් දැන් අපි කබලෙන් ලිපට වැටිලනේ ඉන්නේ ආයුබෝවන්. (බ)

:       0       0

අජිත් Thursday, 28 April 2016 06:07 AM

වත්මන් ආණ්ඩුව ශක්තිමත් ගමනක් යනවා කියමින් කටින් බතල හිටවනවා. (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 28 April 2016 06:16 AM

හැමදාම බැන,බැන ඉන්නේ නැතුව එකම පක්ෂෙ අය සාමුහිකව ඔය යන ගමන ගියානම් නේද හොද......(බ)

:       0       0

අනිල් Thursday, 28 April 2016 06:23 AM

තත්වේ තියාගන්න සුපිරිසිදු අමතිලට ලක්ෂ 400-500 කාර් දෙන්නත් එපැයි. ඒගොල්ලන්ට ලක්ෂ 60-70 කාර් එකක ගියාම තත්ත්වේ බාල වෙනවලු, ඉතින් මේ රටේ මෝඩ මටිමෝල් මිනිස්සුන් රවට්ටලා පාර්ලිමේන්තු ගිහින් ඒ මෝඩ මිනිස්සුන්ගෙම සල්ලි වලින් ලක්ෂ 400-500 කාර් ගන්නවා! මිනිස්සුන්ට වැට් වැඩිකරලා වියදම හොයාගන්නවා. (අ)

:       0       0

සුසන්ත Thursday, 28 April 2016 06:27 AM

අලුත් මහබැංකු වාර්තාව අරන් බැලුවම ඒකාලේ හොඳට දියුණු වෙමින් පැමිණි ආර්ථිකේ එක අවුරුද්දක් ඇතුලේ වැටිලා තියන වැටිල්ල බැලුවම අපිට නම් දැන් හිතෙන්නේ ඔය උදේ තේ බොද්දි ගත්තු තීරණ වලින් රටට වැඩක් වෙලා තියන බවයි. වැඩබරියන්ට වැඩ බාර දුන්නන්නම් එකලෙත් අද වගේම කිසි වැඩක් නොවී තියෙයි ඇදී ඇදී. දැන් ඉන්න බොරු කියවිලිකරයින්ගේ කතා විතරයි, වැඩ නෑ. (අ)

:       0       0

ෂෙහාන් Thursday, 28 April 2016 06:29 AM

ඔව් ඉතින් කුමන්ත්‍රණය කරලා පරාජිතයන් පාර්ලිමේන්තු ගෙනත් පාර්ලිමේන්තුවේ නියම සංයුතිය වෙනස් කරලා ඉවරනේ...ආයේ මොනවා වෙනස් කරන්නද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1533 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1627 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1246 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1908 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 576 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 279 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site