IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


වත්මන් පාකිස්තානු නායකයා අර්ජුන රණතුංගට සමානයි

ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින පාකිස්තානු කණ්ඩායම මෑතකාලයේ දැකිය හැකි වූ හොඳම පාකිස්තානු කණ්ඩායම බවත් එහි නායක මිස්බා උල් හක්, ශ්‍රී ලංකා පිලේ හිටපු නායක අර්ජුන රණතුංගට සමාන බවත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පිතිහරඹ පුහුණුකරු මෙන්ම හිටපු ශ්‍රී ලංකා නායක මාවන් අතපත්තු පවසයි. ”ඔවුන් (පාකිස්තානු පිල) ආරම්භයේ සිටම ඉතාමත් නැවුම් ගතියකින් කී‍්‍රඩා කරන, ඉතාමත් හොඳ කණ්ඩායමක්, එම කණ්ඩායම සතුව විවිධ හැකියාවන් ඇති තුන් ඉරියව් ක‍්‍රීඩකයන් සිටිනවා” ”මා පාකිස්තානය් හොඳම කණ්ඩායම්වලට එරෙහිව ක‍්‍රීඩා කරලා තියෙනවා” යයි ශ්‍රී ලංකාවෙන් බිහිවූ පිතිකරු තක්‍ෂණයෙන් අනූන කී‍්‍රඩකයකු ලෙස සැලකෙන මාවන් අතපත්තු පවසයි. ශී‍්‍ර ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරුවා වන මාවන් ටෙස්ට් තරග 90 කට සහ එක්දින තරග 268 කට සහභාගි වී තිබේ. ”මා ටෙස්ට් තරගාවලියේදී නිරීක්‍ෂණය කළ ආකාරයට මිස්බා ඉතාමත් සන්සුන් චරිතයක්, ඒවගේම ඉතාමත් හොදින් තරගය පාලනය කරනවා. මිස්බා සමහර වෙලාවට අර්ජුණ රණතුංග වගේ” ”තමන්ට වුවමනා දේ කරගන්නා තුරු ඉවසීමෙන් බලා සිටිමට ඔහුට පුළුවන්” යයිද අතපත්තු පැවසීය. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (14) දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය. සාජාහිදී පැවැති පළමු තරගයෙන් පාකිස්තානය කඩුලූ අටක පහසු ජයක් ලබමින් 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටීම නිසා ශ්‍රී ලංකාවට තරගාවලිය සමකරගැනීමට අද තරගයේ ජයග‍්‍රහණය ඉතාමත් වැඳගත් වේ. පළමු තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 131 කට සීමා වීම නිසා අද තරගයේදී තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙස ජීවන් මෙන්ඩිස් කණ්ඩායමේ ස්ථානය ලැබීමට බොහෝ දුරට ඉඩ තිබේ. ජීවන් මෙන්ඩිස් පා දඟ පන්දු යවන්නකු වීම නිසා මෙම තරගයේදී  නිත්‍ය පිට දඟ පන්දු යවන්නා වන සුරාජ් රන්දීව් කැඳවීමට හැකියාව තිබේ. පිතිකරුවන් අසාර්ථක වුවද මෙම සංචිතය තුළ මැද පෙළට යෙදවීමට වෙනත් නිත්‍ය පිතිකරුවකු නොමැත. සංචිතයේ සිටින එකම පිතිකරුවා වන දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවකු වීම නිසා පසු පෙළට ඔහු යෙදවීමේ හැකියාවක්ද නොමැත. මෙම සංචිතයට උඩින් පාත්වූ දිල්හාර ප‍්‍රනාන්දුගේ පන්දු යැවීම දෙස අවධානය යොමු කිරීමේදී ඔහුගේ පන්දු යැවීමේ වර්ධනයක් දැකිය නොහැකිය. මෙම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් විශ්වාසයෙන් යුතුව තරගයට පිවිසෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව මාවන් අතපත්තු පවසයි. ”මම නියතවශයෙන්ම විශ්වාස කරනවා, මේක තාක්‍ෂණය සහ ආකල්පය පිළිබඳව ගැටලූවක් නොවෙයි, විශ්වාසය අඩු වීම පිළිබඳ ප‍්‍රශ්ණයක්” ”ක‍්‍රීඩාගාරයේදී පෞද්ගලිකත්වය ලෙස බලන්න බෑ, ඔවුන් මෙහිදී පිවිසෙන්නේ නැවුම් තරගයකට ඒ නිසා අපි පළමු තරගයේදී හෝ මාස දෙකකට පෙර කළ දේ පිළිබඳව අමතක කළ යුතුයි” ශ්‍රී ලංකා පිතිකරුවන් පසුගිය දේ අමතක කර මෙම තරගයට ක‍්‍රීඩා කරනු ඇති බවත් පළමු තරගය නැරඹීමට පැමිණි ශ්‍රී ලංකා පේ‍්‍රක්‍ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් මාවන් පැවසීය. ”මම හිතන්නේ අපේ කාර්යය විය යුත්තේ පේ‍්‍රක්‍ෂකයන් පිනවීමට හොදින් ක‍්‍රීඩා කිරීමයි” යැයි මාවන් වැඩි දුරටත් පැවසීය. පාකිස්තානු නායක මිස්බා උල්හක් පුහුණුකරු මොෂින් ඛාන් සමග (ඡායාරූපය : ඒ. එෆ්. පී.)



අදහස් (0)

වත්මන් පාකිස්තානු නායකයා අර්ජුන රණතුංගට සමානයි

සිරී Monday, 14 November 2011 12:39 PM

පළමු තරගය පැවැත්වූයේ සාජා වල නොවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළමා නිවාසයක දැරියන් දෙන්නෙක් පැනගිහින්
2024 සැප්තැම්බර් මස 20 333 0

මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.


ඡන්දෙට සියල්ල සූදානම්
2024 සැප්තැම්බර් මස 20 449 0

2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.


මිදිගම ඝාතනයට දෙකක් සැකපිට
2024 සැප්තැම්බර් මස 20 623 0

මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අ


වාර්තාවක් දෙන්න අල්ලස් ගත් සැරයන් මාට්ටු
2024 සැප්තැම්බර් මස 20 336 0

පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගත් බව කියන පොතුහැර පොලිසියේ සැරයන් වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විස


බැසිල් රටින් පිටව යයි
2024 සැප්තැම්බර් මස 20 4585 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළ


දෙහිවල වෙඩි තැබීමකින් සෞඛ්‍ය කම්කරුවා මරුට
2024 සැප්තැම්බර් මස 20 1390 0

දෙහිවල ගල්කිස්ස නගර සභා සෞඛ්‍ය කම්කරුවකුට දෙහිවල කඩවත පාරේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 83 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 83 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 137 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site