IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


වතුර නැතිව වගාව වතුරේ

දිඹුලාගල නාමල් පොකුණේ කෙත් ඇල කෙළවර පමා වී යල කන්නයේ වී වගා කළ ගොවීන් පිරිසක් පවසනුයේ අක්කර 300 ක පමණ වී වගාව සම්පූර්ණයෙන්ම විනාශ වුණු බවයි.

මහවැලි නිලධරයන් කියනුයේ යල කන්නයේ කෙත් ඇල කෙළවර ගොවීනට වී වගා නොකරන ලෙස උපදෙස් දෙන බවයි.

මහවැලි උපදෙස් නොතකා ඔවුන් වී වගා කර ඇති බවත් කියති.

මාදුරු ඔයෙන් ජලය ලබන දළුකාන වැවෙන් මහ කන්නයේ මේ කුඹුරු වලට ප්‍රශ්නයක් නැතිව ජලය සැපයේ.

නාමල් පොකුණ ගොවි සංවිධාන ලේකම් අයි.එම්.එස් කුමාර මහතා පවසනුයේ ගොවීන් 205 දෙනෙකු අක්කර 550 කට වැඩි ප්‍රමාණයක් වී වගා කළ බවත් ඉන් කොටසකට ජලය නොලැබුණු නිසා කුඹුරු විනාශ වුනු බවත් ඔහු කියයි. එසේ විනාශ වූ කුඹුරු වලට එම ගොවීහු අද (11) ගිනි තැබූහ.

DSC03472 DSC03475 DSC03482 DSC03483 DSC03486

 

 



අදහස් (0)

වතුර නැතිව වගාව වතුරේ

අමා Sunday, 11 September 2016 11:07 AM

ගොවීන්ට වතුර ටිකක් දෙන්න බැරි පාලනයක්, ගොවියනි ඔබට සතුටුයි ද දැන්.? (ර)

:       0       0

දිල්ෂාන් Sunday, 11 September 2016 01:51 PM

ජපන් රටේ රජය ගොවීන්ට හැකි උපරිමයෙන් උදවු කරනවා. ඒකට අපේ රටේ.... ගොවියන්ට කිසිම සහනයක් දෙන්නේ නැහැ. (ර)

:       0       0

ප්‍රනාන්දු Monday, 12 September 2016 09:14 PM

වී ගොවිතැන නවතා රෝස මල් වගා කරමුද? කන්න නැත්නම් පස් හරි කමු (නි)

:       0       0

කීර්ති Sunday, 11 September 2016 03:56 PM

ජලය කියන්නේ ඉතා ශීඝ්‍රයෙන් පිරිහීයන සම්පතක්. එය ඉතා පරිස්සමින් භාවිතා කළයුතුයි. දැනට සිදුවෙමින් පවතින දේශගුණ විපර්යාස නිසා අපට ජල හිඟය මීටවඩා තදින් ඉදිරියට බලපායි. ගොවින් තේරුම් ගතයුතු කරුණක් නම් ගොවිතැනට අමතරව තවත් ජාල පාරිභෝගිකයන් විශාල සංඛ්‍යාවක් සිටිනවා. එමනිසා තිබෙන ජල ප්‍රමාණයට වගාව සැළසුම් කරගත යුතුයි. ජලය කාර්යක්‍ෂමව සහ අරපිරිමැස්මෙන් පාවිච්චි කළයුතුයි. (නි)

:       0       0

දනූෂා Monday, 12 September 2016 02:15 AM

වැව් බැඳි රාජ්‍යයට වෙච්ච දෙයක්? ගංවතුර, නියඟය කළමනාකරණය කරන්න බැරි රජයක් කුමටද? (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 13 September 2016 07:24 AM

අනේ දෙවි‍යනේ, මොකක්ද ‍මගේ මේ රටට වෙන්නේ? (නි)

:       0       0

අචිර Monday, 12 September 2016 05:54 AM

දැන් ගොවිතැන් කරලා හරියන්නේ නැහැ. හැමදාම මඩේ එරිලා තමයි ඉන්න වෙන්නේ. (නි)

:       0       0

මෝහාන් Sunday, 11 September 2016 10:50 AM

කන්න රැස්වීමේදී කියනවා වතුර දෙන්න පුළුවන් අක්කර ගණන. එත් සමහර ගොවීන් වැසි ජලය ලැබේවි කියන බලාපොරොත්තුවෙන් වගා කරනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 96 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 546 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 496 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1371 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7343 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 125 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39434 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25704 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site