IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


වතුර පොවන්න කෝටි 2900ක්

පානීය ජල පහසුකම් වැඩි දියුණු කිරීමට කෝටී 2900ක් යෙදවීමට රජය සැරසේ.

මෙම මුදල් වලින් පානීය ජල සැපැයුම් ව්‍යාපෘති 30 ක් ආරම්භ කිරීමට සැළැසුම් කර ඇත.

202 ද වන විටදී රටේ පානීය ජල පහසුකම ලබන්නන්ගේ ප්‍රතිශතය දැන් පවතින සියයට 44 ක ප්‍රතිශතයේ සිට සියයට 60 ක ප්‍රතිශතයක් දක්වා ඉහළ දැමිම රජයේ අරමුණයි.

ව්‍යාපෘති ක්‍රියාත්මක වනු ඇත්තේ රටේ දුෂ්කර පළාත් වලට මුල් තැන ලබා දෙමිනි.ව්‍යාපෘති වල වැඩකටයුතු දේශීය සමාගම් වෙතම භාරදීම රජයේ අපේක්ෂාවයි.



අදහස් (0)

වතුර පොවන්න කෝටි 2900ක්

උපාලි Sunday, 23 June 2013 03:34 PM

පටන් ගන්න රජරටින්. ඒ ජනතාවගේ සෞඛ්‍යය රැකීමට යන මුදලත්, ජීවිතවල වටිනාකමත් ගත්තාම, මේ ප්‍රවෘත්තියේ තියෙන විදිහටම වැඩේ කෙරෙනවා නම්, ඔය කෝටි 2900 ම ඉතුරුවක්. (නි)

:       0       0

දිසානායක Sunday, 23 June 2013 03:50 PM

අපිත් දැන් අවුරුදු හතක ඉදලා වතුර ඉල්ලන්නේ (නි)

:       0       0

ගාමිණී-සිරි Sunday, 23 June 2013 04:00 PM

මේ කරන වියදමේ හැටියට ,ව්‍යාපෘති 30 ට ජලාශ වල ජලයත් මදිවෙයි වගේ.මොනවා වුණත් වකුගඩු රෝගීන් අවම කර ගැනීම සඳහා පිරිසිදු පානීය ජලය අවශ්‍යමයි. ජලබිල් වැඩි කලොත් ගිනි පන්දම් කාරයින්ට ජල පන්දම් අල්ලන්න වත් වැඩක් හැදෙන්නේ නැතේ (අ)

:       0       0

ආනන්ද අබේරත්න Monday, 24 June 2013 12:04 AM

පානීය ජල සැපැයුම් ව්‍යාපෘති 30 ය ,කිසිම දවසක ආරමිභ කිරීමක් හෝ අවසාන කිරීමක් සිදුනොවෙන බව පැහැදිලිය . ඒ මන්ද යත් , ' 202 ' කියන වසර කවදා , කෙසේ උදා වෙනවාදැයි නොදන්න නිසා . (අ)

:       0       0

සෙලනිකස් Sunday, 23 June 2013 04:36 PM

ලංකාවේ ඒක පුද්ගල අදායම රුපියල් 300,000 ට වැඩියිනේ. ඉතින් බොන්න වතුර ටිකක් ගන්න එක අපේ අයට සුළු දෙයක් නේ (නි)

:       0       0

දයා අළහකෝන් Sunday, 23 June 2013 04:40 PM

ඔය තරු හෝටල් ගැහිලි නතර කරලා මෙහෙම වැඩ රට පුරා කරනවා නම් කොච්චර හොදද? (නි)

:       0       0

නීල් Sunday, 23 June 2013 04:41 PM

පානීය ජල පහසුකම ලබාගෙන තිබුනත් අපි නම් බොන්නේ ලිඳේ වතුර. ඒ නිසා මෙවැනි ව්‍යපෘති ළිං කැනීම අපහසු කඳුකර පළාත්වලට සහ ජල හිඟයෙන් පෙලෙන වියලි කලාපයට කේන්ද්‍රගතවීම වඩාත් සුදුසුයි. නමුත් වකුගඩු රෝගයට පිළියම මෙය නොව රෝගකාරකය නිවැරදිව හඳුනාගෙන එය ඉවත්කිරීමයි. එක ව්‍යාපෘතියකට කොටි 100 කට ආසන්නව වැයකරන නිසාත් මෙය ලෝකෙට ණයවී සිදුකරන නිසාත් වියදම් කරන මුදලට අනුව උපරිම වැඩකොටසක් ඉටුවේද යන්නත් මේ ව්‍යපෘති තුලින් ප්‍රතිලාභ ලබන ජනතාවගෙන් අදාල ණය ගෙවිය හැකිද යන්නත් සොයාබැලීම වැදගත්. ජල බිල්පත් මගින් මේ සියලු මුදල් රැස්කර ගැනීමට කොපමණ කලක් ගතවේද? (නි)

:       0       0

තිසල් Sunday, 23 June 2013 04:46 PM

දේශීය සමාගම් වලට දෙන එක හරිම හොද දෙයක්.ඒත් එක්කම ඉදිකිරීම් වල ප්‍රමිතිය කියන දෙය ඉහලින්ම පාලනය කිරීම ඉතා වැදගත්.පසුගිය කාලයේ කොන්ක්‍රීට් කළ බොහොමයක් මාර්ග මාස 6 යනකොට ඉවරයි.මේ නිසා රට තුල ඉදිකරන සියලුම ඉදිකිරීම් විටින් විට පරීක්ෂා කිරීමට බලවත් සහ පළපුරුදු පගාවට යට නොවෙන කඩා පනින ඉංජිනේරු හමුදාවක් වැනි ආයතනයක් මගින් පරීක්ෂාවට ලක්කිරීමත් කාර්මික නිලධාරීන් සහ ඉංජිනේරුවන් නිතර නිතර පුහුණුකිරීම් සහ වීඩියෝ පට මගින් ප්‍රයෝගික දැනුම වර්ධනය කිරීමත්, බාල ඉදිකිරීම් මගින් සිදුවන පාඩුව සහ යම් දිනක සිදුවියහැකි භූ චලන මගින් සිදුවියහැකි මහා ජීවිත විනාශයක් වලක්වාගත හැකිය. තවද ලංකාවේ සිදුකරන සියලුම ඉදිකිරීම් එකම ප්‍රමිතිකාරණයක් යටතේ සිදුකළ යුතුය. එසේ කළවිට එකම තැනකින් සියලුම දෙනා පුහුණුකිරීමටත්,පලපුරුද ඇති අය ඕනෑම ඉදිකිරීමකට යොදාගැනීමටත් හැකිවේ. (නි)

:       0       0

හේලි Sunday, 23 June 2013 05:16 PM

ජල සැපැයුම් ව්‍යාපෘති වලට ගරහන්නට මෙය නොලියමි. එහෙත් ජලයට එකතුවන මාරාන්තික වස විස ඉවත්කිරීමට ජල ව්‍යාපෘති මගින් කළහැකි දේ අවමය.කළයුතු වන්නේ ජලය අපිරිසිදුවන සියලුම දේ අවම කිරීමය.ලංකාවේ ගරාජ සහ වහන සර්විස් ස්ථාන වලින් පොලව තුලට ඇතුළුවන තෙල් වසර සිය ගණනක් ගියද ඉවත්නොවී ජලයට මුසුවේ.කර්මාන්තශාලා අපද්‍රව්‍ය, පලිභෝධනාශක, පොහොර පමණක් නොව නගරයේ එකතුකරන කුණු වලින් ගලන විවිධ වස විස කන්දරාව අපේ දරුවන්ගේ දරුවනුත් ජීවිතවලින් වන්දි ගෙවන්නට හොදටම ප්‍රමාණවත්ය.මෙම කාරණයේදී දේශපාලකයන්ට වරද පටවා නිහඩවීම නොව අද මේ මොහොතේ සිට දැනුවත් වීමට හා යමක් කිරීමට සියලු දෙනා ඉදිරිපත්වීම ලංකාවේ මිනිසුන් වදවීයාම වලක්වා ගතහැකි අවසාන අවස්ථාව විය හැක. (නි)

:       0       0

තුෂානි Monday, 24 June 2013 08:07 AM

ජල සැපැයුම් ව්‍යාපෘති වලට ගරහන්නට මෙය නොලියමි. එහෙත් ජලයට එකතුවන මාරාන්තික වස විස ඉවත්කිරීමට ජල ව්‍යාපෘති මගින් කළහැකි දේ අවමය.කළයුතු වන්නේ ජලය අපිරිසිදුවන සියලුම දේ අවම කිරීමය.ලංකාවේ ගරාජ සහ වහන සර්විස් ස්ථාන වලින් පොලව තුලට ඇතුළුවන තෙල් වසර සිය ගණනක් ගියද ඉවත්නොවී ජලයට මුසුවේ.කර්මාන්තශාලා අපද්‍රව්‍ය, පලිභෝධනාශක, පොහොර පමණක් නොව නගරයේ එකතුකරන කුණු වලින් ගලන විවිධ වස විස කන්දරාව අපේ දරුවන්ගේ දරුවනුත් ජීවිතවලින් වන්දි ගෙවන්නට හොදටම ප්‍රමාණවත්ය.මෙම කාරණයේදී දේශපාලකයන්ට වරද පටවා නිහඩවීම නොව අද මේ මොහොතේ සිට දැනුවත් වීමට හා යමක් කිරීමට සියලු දෙනා ඉදිරිපත්වීම ලංකාවේ මිනිසුන් වදවීයාම වලක්වා ගතහැකි අවසාන අවස්ථාව විය හැක. ,(අ),,,,,,.......

:       0       0

නුවන් Monday, 24 June 2013 08:08 AM

පානීය ජල සැපැයුම් ව්‍යාපෘති 30 ය ,කිසිම දවසක ආරමිභ කිරීමක් හෝ අවසාන කිරීමක් සිදුනොවෙන බව පැහැදිලිය . ඒ මන්ද යත් , ' 202 ' කියන වසර කවදා , කෙසේ උදා වෙනවාදැයි නොදන්න නිසා (අ)

:       0       0

අපොන්සු Sunday, 23 June 2013 06:08 PM

බොහොම කාලයකට ඉහතදී කළයුතුව තිබු දෙයක්. පානීය ජල සැපැයුම් ගැන පළපුරුද්දක් ඇති දේශීය සමාගම් කොහෙද තියෙන්නේ? දේශීය සමාගම් වලට කළ හැකි වැඩ පිට රටුන්ට දී පලපුරුදු නැති වැඩ දේශීය සමාගම් වලට බාර දෙන්නේ ඇයි? (නි)

:       0       0

රජිත් Sunday, 23 June 2013 06:14 PM

ඔය වැඩේ කොහෙන් පටන් ගත්තත් සල්ලි ටික ඉවර වෙන්නේ කොතනින්ද කියලා අපි නම් දන්නවා (නි)

:       0       0

කසුන් Monday, 24 June 2013 08:31 AM

අපේ ගම බදුල්ල දිස්ත්‍රික්කයේ ටිකක් දුෂ්කර පැත්තක්. පානීය ජලය කියන්නේ අපිට එක කාලෙකට විතරක් දෙයියො ගෙනත් දෙන සම්පතක්. ඉතිරි මාස 8ක් විතර ගමේ වතුර නැහැ අදටත්. මිනිස්සු මරාගන්නවා වතුර වලට. ඔයකියන ව්‍යාපෘතියෙන් අපේ ගමට යම් කිසි අවස්ථාවක් දෙන්න පුලුවන් නම් පින් සිද්ද වෙනවා. දන්න කෙනෙක් ඉන්නව නම් මට ඔය සම්බන්ධව විස්තර දැන ගන්න, පණිවිඩයක් දෙන්න. [email protected] (නි)

:       0       0

මාලක Monday, 24 June 2013 08:31 AM

ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට දෙන බිත්තරේ,හිරගෙදර කුස්සියේ ලුණු ගෙඩිය, නගර සබාවේ ඇල්පෙනිත්ත උස්සන, නිල වාහනේ බාර නොදෙන ලොකු ඇත්තෝ ඉන්න, ගෙවල් කුලී නොගෙවන ඇමතිලා ඉන්න,කොටින්ම කිවුවොත් හොර තක්කඩිකම ලේ වලම ඇති මිනිසුන් සිටින රටක මේ ව්‍යාපෘතියේ වංචා සිදු නොවේය කියා දෙන සහතිකේ කුමක්ද.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 24 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1849 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2226 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2926 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1290 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 277 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24963 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site