(යොහාන් භාසුර)
වතුකරය ආශ්‍රිතව ආපදා අවධානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වූ බවත්, ඉදිරියේදී එම පාසල් හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
මලෛයග තමිළර් ප්‍රජාව සමඟ ඊයේ (06) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
එම ආපදා අවධානම් පාසල්වල ඉගෙනුම ලබන සිසුන් වැසි කාලය සඳහා ආරක්ෂිත ස්ථාන වෙත කැඳවා අධ්‍යාපන කටයුතු කරන බවත්, වර්ෂාව අවසන් වූ පසු නැවත එම පාසල් වෙත යැවෙන බවත් අමාත්‍යවරයා කීය.
ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හරහා ආපදා අවදානම් සහිත සහ ආරක්ෂිත භූමිය හඳුනාගෙන, ඉතා කඩිනමින් මෙම පාසල් සුදුසු ස්ථානවල ස්ථානගත කිරීමටත්, ඒ හරහා දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කර ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමටත් සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
වතුකරයේ පාසල් 864ක් තිබෙන අතර, එයින් පාසල් 153ක් සඳහා පමණක් ඉඩම් අයිතිය තිබෙන බව මලෛයග තමිළර් සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු අනාවරණය කළ අතර, එම අවස්ථාවේදී අමාත්‍යවරයා කියා සිටියේ පාසල්වල ඉඩම් අයිතිය පිළිබඳ ගැටළුව වතු පාසල් සඳහා පමණක් සීමා වූ දෙයක් නොවන බවත්, සමස්ත පාසල් දහස් ගණනකට මෙම ඉඩම් අයිතියේ ගැටළුව පවතින බවත්ය.
එබැවින්, එම සියලු පාසල්වලට ඉඩම් අයිතිය ලබාදීමේ වැඩපිළිවෙලක් පිළිබඳ සාකච්ඡා සිදුකරන අතර, ඉදිරි කාලය තුළ එම ගැටළුව විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ධීවර,ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුලු පිරිසක් සහභාගි වූහ.
ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.
ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.
මන්නාරමේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ටෙන්ඩරය ලබාදීමට සුදුසුකම් සහිත සමාගමට ලබා නොදී දේශපාලන හිතවත්කම් මත වෙනත් ප්‍රසිද්ධ සමාග
කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල දෙවැනි දිනටත් යළි ගිනි ගෙන ඇත.
වතුකරය ආශ්‍රිතව ආපදා අවධානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වූ බවත්, ඉදිරියේදී එම පාසල් හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් වැවිලි සහ ප්
කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා බලාගිය රියදුරුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධි
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
වතුකරයේ ආපදා අවදානම් පාසල්වලට කඩිනමින් විසඳුම්