IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වතු අධිකාරී කපා කොටා මරයි

දැරණියගල නූරිය වත්තේ අධිකාරී රත්මලානේ එම් නිහාල් පෙරේරා මහතා වත්තේ තේ කම්හල අසළදී කපා කොටා මරා දමා ඇතැයි දැරණියගල පොලිසිය කියයි.

ඔහුගේ ආරක්ෂකයන්ට ද පහර දී තුවාල සිදු කර ඇතැයි ද ඔහු කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පවසයි.

නිල නිවසේ සිටි ඔහු බලෙන් රැගෙන ගොස් මරා දමන්නට ඇති බවත්, පස් දෙනකු පමණ ඒ කණ්ඩායමට අයත් වන්නට ඇති බවත් පොලිසිය අනුමාන කරයි.

 

 



අදහස් (0)

වතු අධිකාරී කපා කොටා මරයි

රෝහණ Friday, 05 July 2013 06:52 PM

බන්දුල මහත්තයෝ ඔයා ආණ්ඩුවට කඩේ යන කෙනෙක් වගේ.ඔයාලට තාම වුනේ නැහැ .මේ තරම් පහත අශිලාචාර වැඩ කරන රටක් මුළු ලෝකෙම නැහැ. වැඩි පුරාම ඒවා කරන්නේ අපේ ප්‍රථම පුර වසිගේ ගෝලයන් බන්දුල මහත්තය නොදන්නවා වුනාට. (අ)

:       0       0

කපිල Saturday, 06 July 2013 06:30 AM

මේකේ උඩින්ම ප‍්‍රතිචාර දාලා තියෙන ඉන්දික කියන කෙනාටයි මේක ලියන්නේ. හරි, පෞද්ගලික ආරවුලක් කියලා පැත්තකට වෙලා හිටියම හරිද...?ඔහේලා වගේ අය හින්දා තමයි අද අපේ සමාජය මේ වගේ තත්වයකට වැටිලා තියෙන්නේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 06 July 2013 05:25 PM

අවංකව අදහස් දාන සමහරෙක් වැරදි විදියට මගේ අදහස් තේරුම් අරන්. මම මේ රටේ නීති ගරුක පුරවැසියෙක්. සහතිකයක් ගන්න පමණක් පොලිසියකට ගිය කෙනෙක්. ආරක්ෂක අංශයකට සම්බන්දව දිගු කාලයක් සේවය කල කෙනෙක්. අපරාද අනුමත කරන්නේ නැහැ මම කවදාවත්. මගෙත් ප්‍රාර්ථනාව අපරාද නැති සමාජයක්. නමුත් විසම සිත් තියෙන මිනුසුන් අතර එහෙම සමාජයක් බිහි වෙන්නේ නැහැ. එක තමයි යථාර්තය. මරණ දඩුවම නොදී අපේ බදු මුදල් වලින් මේ කාලකන්නි තිරිසන් මින්ස්සුන්ට කන්න දිදී තියා ගන්න එකට මම එදත් අදත් හෙටත් විරුද්ධයි.(නදී)

:       0       0

විමල් Friday, 05 July 2013 07:11 PM

මේ දේවල් අද විතරක් නෙවි එදත් සිදුවුණා. වෙනස එදාට වැඩිය අද සන්නිවේදනය දියුණු නිසා සැනෙකින් ලොවටම දැනගන්න පුළුවන්.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 05 July 2013 07:15 PM

බන්දුල මෝඩයෙක් වුනාට මෝඩකම ප්‍රදර්සනය කරන්න එපා. ඔහෙලා වගේ බුරුවෝ නිසා තමයි අද අපේ රටට මේ කල දසාව උදා වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

බන්දුල Monday, 08 July 2013 09:42 AM

තිලක් ඩුබායිට තියෙන ලෙඩේ අපරාද සිදු වීම නිසා සැදුනු එකක් නොවන බව හොදට පැහැදිලියි.ඔයා ඔයාගේ පවුලත් අරන් ගිහින් ඩුබායි වලටම වෙලා මේ ආණ්ඩුව පෙරලුනු දවසක ඇවිත් මර බිය නැතුව ජීවත් වෙන්න. මර බිය පහු කරලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක අපි අද ජීවත් වෙනවා. එහෙම රටක අපරාදයක් කියන්නේ මාධ්‍යයට ලොකු පුවතක්.කියන්න තියෙන දේ කෙටියෙන්ම කිව්වොත් ඔයා වසලයෙක්.. (නි)

:       0       0

බන්දුල Sunday, 07 July 2013 09:40 AM

මට තේරෙන්නේ නැත්තේ මේ ඩුබායි තිලක් ලංකාවට එන්නේ මොකටද කියලා. මෙච්චර භයානක රටකට ඔච්චර මර බියේ එන්නේ මේ රටේ කව්රු හරි ඉන්න නිසානේ. එයලා එතකොට මේ වගේ රටක ඉන්නේ කොහොමද? ඔය කියන විදියට එයාලා ගෙවල් දොරවල් ඉබ්බෝ දමා ගෙන එලියට බහින්නේ නැතුව බංකර් වල ඉන්නවා වගේ ඉන්නවා වෙන්න ඇති. අනේ මහත්තයෝ, මම හිතුවේ මේ රට මිනී කන්නන්ගේ ලෝකයක් කියලා පෙන්නන්න හදන්නේ මේ රටට ද්‍රෝහී කම් කරන දෙමල ඩයස්පෝරාවයි , දේශපාලන රැකවරණ මත ජීවත් වෙන නාමික සිංහල ටිකයි විතරක් කියලා.දැන් බැලුවම ඩුබායි වලත් එයාලා වගේ කට්ටිය ඉන්නවානේ? (නි)

:       0       0

සුමනා මානවඩුව Friday, 05 July 2013 07:29 PM

කොච්චර මිනී මැරුවත් එල්ලුම් ගස් යන්නේ නැති බව දන්නවා.(නදී)

:       0       0

මහින්ද Friday, 05 July 2013 07:35 PM

කණගාටුදායක ආරංචියක්. රටේ දේපල ආරක්ෂා කරන වතු අදිකාරී වරුන්ට මෙසේ කරදර කිරීම වහාම නතර කල යුතුයි.(නදී)

:       0       0

කාර්තිස් Friday, 05 July 2013 07:42 PM

ඔය වෙන කවුරුවත් නෙමෙයි හිටපු කෙනාගේ නෑදෑයෝ තමයි ඕක කරලා තියෙන්න, වත්තේ දළුටික, පෝර ටික, ගස් ථික එහෙම දැන් හොදට හොරකම් කරන්න ලේසියෙන් පුළුවන්. කෝ මේ බලකාය නිදිද දන් නැහැ. රජය මෙවැනි මිනී මරුවන්ට දඩුවම් දෙන පාටක් පෙන්නේ නැහැ. නීති ගරුක නිලදාරින්ට දෙවියන්ගේම පිහිටයි.(නදී)

:       0       0

නසාර් Friday, 05 July 2013 07:45 PM

නීතියක් නැති රටක ඇයි අපි ඉපදුනේ තව හොද හොද සෙල්ලම් ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.(නදී)

:       0       0

තිලක් Sunday, 07 July 2013 09:51 PM

කම්හලේ ජීවත් වෙන බල්ලට හෙන ගැහැව්වත් ගානක් නැහැ වගේ ලංකාවේ ජීවත් වෙන බන්දුල වගේ මොළ හෝදපු අයට කපලා කොටලා මරණ ඒවා,7-8 දෙනක් දුෂණය කරලා මරල දාන ඒවා,කප්පන් දුන්නේ නැහැ කියල මරලා දාන ඒවා,සුදු වෑන් වලින් උස්සලා මරලා දාන ඒවා,වාහන අනතුරු කරවලා මරණ ඒවා සුළු දේවල්.බන්දුල වගේ මානසික ලෙඩ්ඩුන්ට අපි අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 07 July 2013 09:53 PM

පිටබෙද්දර ජයා. මෝඩ ඇත්තන්ට ඕවා කියලා දීල වැඩක් නැහැ.(නදී)

:       0       0

ප්‍රදීප් Friday, 05 July 2013 07:52 PM

දැන් බන්දුල කියන්නේ මේවා හැමදාම වුන දේවල් නිසා ඉදිරියටත් එහෙමම වෙන්න ඕන කියලාද?ගොන්කම පෙන්නන්න එපා.(නදී)

:       0       0

චාන් Friday, 05 July 2013 08:03 PM

බන්දුල, ඔබ හරි.(නදී)

:       0       0

කපිල Saturday, 06 July 2013 07:34 PM

බන්දුල ඔබ හරියි කියලා මට හිතෙන්නේ, කුහකකමින් මෝඩකමින් පිරුණු මිනිස්සු ටිකක් ඔබට මෝඩයා, ඉරිසියාකාරයා යනාදී විදියට නිගා කරනවා. හැබැයි සැබෑ ප්‍රඥාවන්තයා අනුන්ට නිගා කරන්නේ නැහැ. සමාජයේ අපරාධ වැඩි වීමට නොයෙක් කාරණා බලපානවා. ඒකට ආණ්ඩුවට විතරක් ඇගිල්ල දික් කරලා හරියන්නේ නැහැ. ඉන්ටර්නෙට්, තාක්ෂණය දියුණු වීම, ආගමෙන් ඈත් වීම, සමහර විදේශ රූපවාහිනී චැනල්, ගෝලීයකරණය, ප්‍රජාතාන්ත්‍රික රාමුව තුල තිබෙන සමහර වැරදි, විවෘත ආර්ථිකය යනාදී එකී නොකී නොයෙකුත් කරුණු බලපාන්න පුළුවන්. අපි කල යුත්තේ කාටවත් ඇගිල්ල දික් කිරීම නොව, වැරදුනු තැන් නිවැරදි කිරීමයි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 05 July 2013 08:19 PM

ප්‍රදීප් මහත්තයෝ, මොන ජගතටද පුළුවන් හැම මිනිස් හිතක්ම එක විදියට හදන්න. එහෙම හදන්න පුළුවන් උණු දවසට ඔබ තුමා පතන ලෝකේ බිහි වෙයි. අපිත් ආසයි එහෙම ලෝකෙකකට.එත් අපි දන්නවා එහෙම වෙන්නේ නෙති බව. අපරාද එදත් උනා අදත් උනා හෙටත් වෙයි. ලෝකේ මොන සුපිරි රාජෙක්ටවත් එම යථාර්තෙන් ගැල වෙන්න බැහැ. ගොනා කව්ද කියල ඔලුව අතගාල බලා ගන්න.(නදී)

:       0       0

කර්ත්ලිස් අප්පුහාමි Friday, 05 July 2013 08:20 PM

මහා රජාණනි, දැන් වත් ඔය එල්ලුම් ගහ ගේන්න. නැත්නම් මේ රටේ නීති ගරුක නිලදාරින්ට වෙන්නේ ඔය ටික තමයි.(නදී)

:       0       0

අර්ෂා Saturday, 06 July 2013 09:38 AM

මෙම අපරාද රැල්ලට එකම විසදුම දැඩි දඩුවම්, මිනීමැරුම් වලට එල්ලුම් ගහ වහා ක්‍රියාත්මක කලයුතු ය. (නි)

:       0       0

අමිල Friday, 05 July 2013 08:47 PM

මෙතන බල සේනාවට බනින අය බුදු දහමට නිගා කරන අය.ඔබලාට බැරිද තමන්ගේ නම් වලින්ම පෙනී ඉන්න? (අඩුම ගානේ තමන්ගේ ජාතිය හෝ ආගම නියෝජනය වන පරිදි.) (අ)

:       0       0

සීලා Friday, 05 July 2013 09:03 PM

අද පවතින වාතාවරණය අනුව නීතියේ සාදරනකමක් පෙනෙන්න නැහැ. ඒ නිසා සමහරු නීතිය අතට ගන්නවා. ඉදිරියේදී මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න විදියක් නැහැ. ඇත්ත බොරු කරනවා ,බොරුව ඇත්ත කරනවා, විශේෂයෙන්ම දේශපාලනේ බදාගත්තු මීහරක් ටික. ශතක ප්‍රමාණය බැලුවොත් වැඩියෙන්ම මිනි මරණ රට ලංකාව.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 06 July 2013 09:34 PM

තිලක් ඉන්න රටේ පොලිසි උසාවි හිරගෙවල් නැතුව ඇති. අහන්නත් සන්තොසයි අපේ කට්ටිය ඔය අරාබි රටවල ඉදල පෙට්ටි වලින් ගෙදර එන්නේ ආසාවට වෙන්න ඇති. ඔය පත්තර වල තියෙන්නේ හිස ගසා දානව කස පහර දෙනවා වෙඩි තියනවා, ගල් ගහල මරනවා කියලා අපරදකරයන්ව. අපරාද නැත්නම් එහෙම මරන්නේ පාරේ යන එන මිනිස්සු වෙන ඇති. කමක් නැහැ, කමක් නැහැ එහෙම රටක් ලෝකේ තියෙනවා කියලා දැන ගත්තු එකත් සතුටක්.(නදී)

:       0       0

අස්මිත් Saturday, 06 July 2013 09:41 PM

බන්දුල!ඔබට තේරුම් ගිහින් තිබෙන්නේ ටිකක් පරක්කු වෙලයි. ඔබේ අදහස් වලට ගරු කරමි. අපි අපේ දරුවන්ට ඉතිරි කරන සමාජය ගැන හිතන කොට වේදනාව කියා නිම කලහකිද? රටක් වුණාම නීතියක් සදාචාරයක් අත්‍යවශ්‍යයි!(නදී)

:       0       0

රූපිකා Saturday, 06 July 2013 10:59 AM

ප්‍රාදේශීස සභා සභාපතිතුමා කියලා කෑලි අඩුවෙන් ගහල අනුර විජේසූරිය සභාපතිතුමාට අවනම්බු කරන්න එපා.(නදී)

:       0       0

රූපිකා Saturday, 06 July 2013 11:02 AM

මේ රටේ මුදා නොගත් කලාප තියනවා කියලා දැන්වත් කාටහරි තේරෙනවා නම්.(නදී)

:       0       0

තිලක් Saturday, 06 July 2013 10:04 PM

රටට නීතියක් නැති කම

:       0       0

ෂෙරිෆ් Saturday, 06 July 2013 11:10 AM

දහසක් බුදුන් බුදුවෙන සෑම හිමිදිරි උදසනකම හරක් පන්... නැහැ.. නැහැ.. එහෙම නෙවයි... දවසට අඩුම ගානෙ මිනී මැරුම් විස්සක් විතර කරලා තමයි වැඩ පටන් ගන්නේ. (නදී)

:       0       0

කිර්ති Saturday, 06 July 2013 10:09 PM

නීතියක් නැති කම තමයි මේ සියල්ලටම මුල (දී)

:       0       0

තිලක් Saturday, 06 July 2013 10:12 PM

මට කියන්න ප්‍රසිද්ධියේ මිනිමරපු මිනිමරුවන්ටයි,කුඩා දරුවන් දුෂණය කල ළමා අපචාරකයන්ටයි, කෝටි ගණනින් මහජන මුදල් වංචා කරන වංචනිකයන්ටයි,සුනාමි හොරුන්ටයි දුන්නු දඩුවම මොකක්ද කියලා.කපිල,බන්දුලලා ඒවා නොබැලුවට මේවා ගැන මුළු ලෝකෙම බලන් ඉන්නවා. (නි)

:       0       0

තිලක් Saturday, 06 July 2013 10:17 PM

ලාල් සුරන්ජිත්ලා දන්නවා අපි විදින මානසික සුවය.මෙහෙ ඉදලා ලංකාවට යනවා කියලා ටිකට් එක අතට ගනිද්දීත් හිතට දැනෙන්නේ මහා බියක්.නැවත ලංකාවේ ඉදාල නැවත එන්න ප්ලේන එකේ නගිද්දී දැනෙන්නේ යන්තම් පන ‍බේරගෙන ලංකාවෙන් චුත වුනා කියන සතුට. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 05 July 2013 10:16 PM

රෝහණ මහත්තයෝ, තිලක් ඩුබායි මහත්තයෝ, අපි කාටවත් කඩේ යන්නේවත් මැරිලා අද ඊයේ ඉපදිලාවත් නැහැ. මිනිස් ජීවිත බලු කපුටන්ගේ ගානට දාපු මහා මග බල්ලෝ බළල්ලු වගේ මරල දාපු තරගෙට මිනී මරපු කාලවල් පහු කරලා අපි අද දවසට ඇවිත් ඉන්නේ. ඔහෙලා වගේ අද ඊයේ පාත් වෙලා නෙමෙයි. මෙහෙම මරණයක් වලක්වන්න ආණ්ඩුවකට පුලුවන්ද. ඔහෙලගෙ අදහස් හොදට තේරෙනවා. ඕවා කියන්න කොන්ඩේ බැදපු චීන්නුන්ට. මේ ඩුබායි වල ඉදන් තප්පුලන මී හරකා හැරෙන්නේ මොන පොල් පැලේටද කියලා දන්නෝ දනිති.(නදී)

:       0       0

කුමාර Saturday, 06 July 2013 11:49 AM

බන්දුල මහත්තයට බැනලා වැඩක් නැහැ. ඒ එයා හිතන විදිය. ඒත් කනගාටුවට කරුණ නම් ඇත්ත ඇති සැටියෙන් දකින්න තියෙන අකමැත්ත. ඔහොම හිතන මිනිස්සු ඉන්නකම් අපේ රට හදන්න බැහැ. අපරාද එදත් උනා, අදත් වෙනවා හෙටත් එහෙමයි කියමින් තප්පුලන අය ඉන්නකම් අපේ රටට දෙවියන්ගේ පිහිටයි. අපේ දරුවන්ටත් දෙවියන්ගේ පිහිටයි. ඔය වගේ අදහස් තියෙන දහදෙනෙක් හිටියොත් ගන්ද ගස්වන එක වලක්වන්න බැහැ මේ රට අපරාධ වලින්. (නදී)

:       0       0

පියල්-ජෙඩා Friday, 05 July 2013 10:33 PM

සුන්දර වචන වලින් ජනතාව නැලෙව්වා ඇති. වහාම එල්ලුම් ගහ ස්ථාපිත කරන්න.(නදී)

:       0       0

පද්මිණී Friday, 05 July 2013 10:38 PM

බන්දුල වගේ අයට කියන්ට තියෙන්නේ "සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝය " කියන කියමන. මිනීමැරුම් , ස්ත්‍රී දුෂණ, කුඩු ජාවාරම්, පාතාලය, දුප්පත් කම වටා ඇතිවුණු සමාජ පරිහානිය. මේවා සේරම දැක දැක ඉන්න නම් සිංගප්පුරු ගිහින් මොලේ අයින් කරන්න ඕනා. අපිත් ඉතින් කට කහනවට කියවනවා.(නදී)

:       0       0

බන්දුල Saturday, 06 July 2013 10:49 PM

පිට බෙද්දර ජයා මට පාඩමක් කියලා දුන්නා. ඒත් නොතේරෙන තැනක් තියෙනවා.නිදහසෙන් පස්සේ ඔය කියන දේවල් කරපු ආණ්ඩුවක් තිබුනද, ඒවා නොකෙරුවා කියලා නම්බු පිටින් ගෙදර ගිය ආණ්ඩුවක් තිබුනද කියන එක මට පැහැදිලි නැහැ. මේ ආණ්ඩුව ගෙදර ඇරලා ඔයා ගෙන්නන ආණ්ඩුව ඔය දේවල් කරයි කියලා ඔයා හිතනවද? ඕවා බොරු බයිලා ජයා. මේ දේශපාලන රටාවේ සිල් රෙදි පොරවාපු බෝධිසත්වයින්ට ඉඩක් නැහැ. එහෙම සිල් රෙදි දාලා වගේ අපිට පෙන්නන කට්‌ටිය තමා ලෝක හොරු. මේ වගේ වෙන අපරාද වලක්වන්න ආණ්ඩුවකට බැහැ .ආණ්ඩුවකට පුළුවන් අපරාදකාරයා අල්ලලා දඩුවම් දෙන්න විතරයි. මේ මරණේ සිදුකරලා තියෙන විදියට ස්තිරව වත්තේ කම්කරුවෝ සම්බන්ද දෙයක් වෙන්න පුළුවන්. කපලා කොටලා මිනී මරන්නේ බොහෝ දුරට ඒ කට්ටිය.හෙට අනිද්දා අපරදකරුවන් සොයා ගෙන ඔවුන්ට දඩුවම් ලබා දේවි. (නි)

:       0       0

අපොන්සු Saturday, 06 July 2013 12:17 PM

බනදුල, ඔබට මේක සාමාන්‍ය දෙයක් විදියට පෙනෙන්නේ, පල්ලම් රෝදේ කුණු පෙනෙනවා අඩු නිසයි. අද රටේ තියෙන දෙෂ්පාලන වාතාවරණය අපරාද වලට උදව් කරන උපකාර කරන වාතාවරණයක්. මේ වාගේ අපරාද ගැන නිතරම ඇහෙනකොට මේවා සුලු දේවල් කියලා අහක බලාගෙන යන්න මිනිස්සු පුරුදු වෙලා. ඔබත් එහෙම පුරුදු වුන කෙනෙක්.(නදී)

:       0       0

නන්ද Friday, 05 July 2013 04:35 PM

කොහොමද පිළිවෙතින් පෙළ ගැසීමෙන් පසුව ලංකාවේ හැම තැනින්ම හැමවිටම ඇහෙන්නේ මිනීමැරුම් ස්ත්‍රී දුෂණ බාලාපචාර....? හරිම සන්තෝෂයි නේද? මේවලට අපිමයි වැරදිකාරයො. (දී)

:       0       0

ලාල් සුරන්ජිත් Saturday, 06 July 2013 01:00 PM

මම රැකියාව කරන්නේ ඩුබායි නගරයේ මේ රටවල ජනයා නීතියට බයයි. හරියට ගරු කරනවා. බන්දුල ලිදේ ඉන්න ගෙම්බා වගේ මෝඩ මීහරක් කතා කියන්නේ නැතුව ලෝකය දිහා හොඳට බලලා කතා කරන්න ඔබ ගැන හරිම සතුටුයි.(නදී)

:       0       0

බන්දුල Sunday, 07 July 2013 06:38 PM

අදහස් දාන අනිත් අයගෙන් අහන්නේ, ඩුබායි තිලක් කියන තරමටම මේ රට පිරිහිලාද? නැත්නම් මේ කෙනා කියන ගල් පැලෙන බොරු ඔයාලත් අනුමත කරනවද? (නි)

:       0       0

තිලක් Saturday, 06 July 2013 12:00 AM

බන්දුල පෙරේරා, අපරාද එදත් වුනා, අදත් වුනා, හෙටත් වෙයි. ලෝකේ මොන සුපිරි රජෙක්ටවත් එම යථාර්තෙන් ගැලවෙන්න බැහැ. අපි ඉන්න දුබි අබුඩාබි රටේ නම කිසිම මිනීමැරුමක්,හොරකමක්,ස්ත්‍රී දුෂණයක්,මුදල් ගසා කෑමක් සිද්ද වෙන්නේ නැහැ.කුඩු කාරයෝ මෙහෙ නැහැ.රටේ සැමටම පොදු නීතියක් තියෙනවා.හැමෝම නීතියට ගරු කරනවා.ඒ නිසා රෑ 12 ට වුනත් ගෑනු දරුවෙකුට බියක් සැකක් නැතුව තනියම යන්න පුළුවන්.මේ රටේ මිනිස්සු මොන තරම් වාසනාවන්තද?ගොනා කව්ද කියලා ඔලුව අතගාලා බලා ගන්න. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 05 July 2013 04:56 PM

වත්තෙම අය ගැන හොද සෝදිසියෙන් ඉන්න (දී)

:       0       0

තිලක් Saturday, 06 July 2013 12:03 AM

මිනීමැරුම් , ස්ත්‍රී දුෂණ, කුඩු ජාවාරම්, පාතාලය, දුප්පත්කම සාදාරනීය කරනවට මොනවද ලැබෙන්නේ? අද අපි කියන්නේ අද රටේ සිද්ධ වෙන විනාශය ගැනයි (නි)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Friday, 05 July 2013 05:07 PM

ඕස්ට්‍රේලියාවේ පදිංචි ලාංකිකයන් වශයෙන් මෙවන් දේ අපටත් බලවත් කනගාටුවකි (දී)

:       0       0

ඉන්දික Saturday, 06 July 2013 12:32 AM

මේකේ සමහරු ප්‍රතිචාර දාන්නේ සිද්දවුන හැම දෙයක්ම බලාගෙන ඉඳලා වගේ.සමහරු වීරයෝ වගේ.මෙය පෞද්ගලික ආරවුලක් වෙන්න පුළුවන්.ඒ වගේ දෙයක් වළක්වන්නේ කල්තියා කොහොමද කියලා මට කවුරු හරි කියලා දෙනවද? පද්මිනිලා, තිලක්ලා, රෝහනලා කියනවද මේකට විසදුමක්? (නි)

:       0       0

ගයාන් Friday, 05 July 2013 05:23 PM

කණගාටුයි කියන්න. රට කරවන ලොකු ලොකු අයට මේවා සාමාන්‍ය දේවල්ලු. අනේ අනිච්චන්. වහාම අපරාධ රැල්ලට පිලිතුරු දෙන්න (දී)

:       0       0

ඉන්ද්‍රජිත් පෙරේරා Friday, 05 July 2013 05:24 PM

ඔය කව්රුත් නොවෙයි, අපේ දන්නා කියන පෙරමුණේ ප්‍රාදේශීය සභාපතිතුමා නොවේද?(නදී)

:       0       0

ශාන්ත Friday, 05 July 2013 05:25 PM

හැම තැනම මිනිස්සු මරණවා. ඇයි මෙහෙම වෙන්නේ? මේවා බලධාරීන් හොයලා බැලිය යුතුයි (දී)

:       0       0

නිමල්කා Sunday, 07 July 2013 03:01 AM

මේ මියගොස් ඇත්තේ මගේ බිරියගේ හොදම යහළුවෙකුගේ පියායි. ඔහු ඉතා අවංක පුද්ගලයෙක්. අපරාධකරුවන් ඉතා ඉක්මණින් නීතියේ රැහැනට කොටු වේවි යැයි අපි බලාපොරොත්තු වෙමු. මියගිය පුද්ගලයාට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

සමීර් Friday, 05 July 2013 05:33 PM

නන්ද, පිළිවෙතින් පෙළ ගැසෙමු යන්න පිළිවෙලින් පෙති ගසමු යනුවෙන් නිවැරදි විය යුතුය. මීලග මරණ ඡන්ද ප්‍රතිපලය ලැබෙන තුරු බලනු ආස්ච්ර්යයේ රග සොබා.(නදී)

:       0       0

අනුර-නාවලපිටිය Saturday, 06 July 2013 02:40 PM

හරිම අපරාදයක්, වැරිදි කරපු අය සොයා ඉක්මනින් දඩුවම් දෙන්න හැබයි රන් කියන කතාවත් හරි.(නදී)

:       0       0

සම්පත් Friday, 05 July 2013 05:39 PM

නන්ද, මෝඩකම පෙන්නන්න එපා. පිළිවෙතින් පෙළ ගැසුනේ නැති හින්දයි මේ විනාශය (දී)

:       0       0

පිටබෙද්දර ජයා Friday, 05 July 2013 06:04 PM

දවසක රට කරවන උතුමාලටත් මෙවන් විපත් ඇති වුනොත් ඔන්න එදාට පටි තද කරයි. එතකම් අපිට බලා ඉන්නම වෙනවා. අපි බලා ඉමු මොකුත් නෙදැනෙන නොපෙනෙන මිනිස්සු වගේ ! (දී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 07 July 2013 07:48 AM

බන්දුල, මේ මිනීමැරුම කප්පන් නුදුන්නා කියල ජීප් රථයකින් 15 වක් විතර ඇවිත් කරලා තියෙන්නේ. ප්‍රසිද්දියේ ඇවිත් කපල කොටලා මරල තියෙන්නේ කප්පන් ගැන වුන ආරවුලකට. ජීප් රථය අත්අඩංගුවට ගත්තට මෙතන ඉන්න දේශපාලඥයා තවමත් නිදැල්ලේ. අපිත් දැන් වහල්ලු වගේ කප්පන් ගෙවමින්, බදු ගෙවමින්, දඩ ගෙවමින් ජෙනරාල් එස්.එප් නිදහස් කර දුන්නු රටේ ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

තිලක් Sunday, 07 July 2013 07:51 AM

මගේ භාර්යාව ඊයේ මට කියනවා වරිපනම් ඉස්සර 100 ක් ගෙවපු ගෙදරට රුපියල් 4000 ක් ගෙවන්න වුනා කියල. උදෙන්ම ගිහින් පෝලිමේ ඉදලා කතිරේ ගැහුවේ ඕක කර ගන්නනේ.දැන් ඉතින් අපි කප්පම් ගෙවමින්,බදු ගෙවමින් වහල්ලු වගේ ජීවත් වෙනවා. කතා කලොත් කපලා කොටලා... නැතිනම් සුදු වෑන් වලින් යන්න පුළුවන්. (නි)

:       0       0

චන්දන Friday, 05 July 2013 06:07 PM

ලංකාව දැන් තිරිසන් අපායක් බවට පත්වෙලා. එකිනෙකා මරාගන්නවා. මේවට නොපෙනන ලෝකයේ සහයෝගය ලැබෙනවා , හැමදෙනා මෛත්‍රී සිත් ඇතිකර ගැනීමෙන් මේ විනාශයෙන් බේරීමට පුළුවන්. ක්‍රෝධ නොකරන්න. මීලග ප්‍රතිපලය ඔබ විය හැකිය. සැමදෙනාටම තෙරුවන් සරණයි. (දී)

:       0       0

අමිල Friday, 05 July 2013 06:20 PM

මේවට තවත් හුල්ලලා වැඩක් නැහැ. හැමදාම මෙහෙම පුවත් අහන්න ලැබෙනවනේ. කරන්න තියෙන එකම දේ පුළු පුළුවන් අය රට අතෑරලා යන එක තමයි දැන් (දී)

:       0       0

ලසන්ත Saturday, 06 July 2013 05:29 AM

බන්දුල නැමැත්තෙක් මල්ලක් නොව ගෝනියක් අරන් කඩේ යයි. ලංකා භූමි ප්‍රමානයත් දියුණු විශාල රටක බුමි ප්‍රමාණයත්, එම රටේ අපරාධ වාර්තාවත් ලංකාවේ අපරාද වාර්තාවත්, ඒ අපරාදවලට වෙන රටවල් දෙන දඩුවමුත් ඕනෑ නම් අන්තර්ජාලෙන් බලාගත හැක.කුහකකමින්, මෝහෙන් හිත ඔද්දල් නොකර වැරදි දේ වැරදි කියන්න. (නි)

:       0       0

බන්දුල Friday, 05 July 2013 06:25 PM

අදහස් දාන්නේ හරියට මේ දේවල් වුනේ මේ කාලේදී විතරයි වගේ. මේ දේවල් වෙන්නේ මේ රටේ විතරයි වගේ. මෙයාලා කියන විදියට සමාජය තිබුනා නම් පොලිසි, උසාවි, හිර ගෙවල් අවශ්‍ය නැහැ.මේ කියන්න හදන්නේ හැමදේම වෙන්නේ මේ ආණ්ඩුව ආවට පස්සේ කියන එක.හැමදේටම වග කියන්න ඕනෑ ආණ්ඩුව කියන එක.ඕවා යල් පැනපු කරුණු කාරනා. ඕවට මිනිස්සු රැවටෙන්නෙ නැහැ දැන්. (දී)

:       0       0

පාල Saturday, 06 July 2013 05:32 AM

බන්දුල නමැති කෙනා ඕනෑම දෙයකට සපත්තු ලෙවකන වගක් පෙන්නුම් කරනවා. ඇතැම් විට සන්තෝෂමක්, රස්සාවක්, පගාවක්, සමෘද්දි සොච්චමක් කාලා මේ තියන අපරාද රැල්ලට අයිසින් දමා සුරුහන් කරන වගකුයි පෙනෙන්නේ. (නි)

:       0       0

චූලා Sunday, 07 July 2013 08:37 AM

බන්දුලට හැමෝම බැනලා. දැන් අප කළ යුත්තේ එක්කෝ ඊජිප්තුවේ වගේ දෙයක්. එක්කෝ සෝම හාමුදුරුවෝ කිවුවා වගේ ඡන්දෙ කටුගැම. මේ ක්‍රමයට විරුද්ධව උතුරේ යුද්දේ වගේම දකුණේ කැරලි ගනනාවක් ආවත් වැඩක් වුනේ නැහැ. ඡන්දෙ කටු ගාන එක තමා හරි.හැබැයි බන්දුලලා වගේ අයත් එක්ක අමාරුයි. (නි)

:       0       0

පිටබෙද්දර ජයා Saturday, 06 July 2013 05:50 AM

බන්දුල උන්නැහෙ , නොදන්නවා නම් අද දැනගන්න. ආණ්ඩුවක් ඉන්නේ, පත් කරගන්නේ රටේ ජනතාවගේ ආරක්ෂාව , රැකවරණය , ජීවත් වීමේ සමාන අයිතිය , සම්පත් සමානව බෙදී යාම , නිදහස් අදහස් ලිවීම, ප්‍රකාශ කිරීම මේ ආදී වසයෙන් දහසක් දේ දෙන්න බැදිලා පොරොන්දු වෙලා. ඉතින් මොනම කෙනෙක් හරි මොනම ආණ්ඩුවක් හරි මේ කාරනා පැහැර හරිනවා නම් නම්බු පිටින් ගෙදර යන එක තමයි කල යුතු. දැන් තේරෙනවද ? (නි)

:       0       0

රන් Friday, 05 July 2013 06:47 PM

ආණ්ඩුව වැරදිකරුවන් ආරක්ෂා කරනතුරු මේවා මෙහෙම තමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 75 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 133 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2426 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 890 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 516 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1524 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37754 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site