IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වතු කම්කරුවන්ගේ ගැලවුම්කාරයා

උඩරට වතුකරයේ ජීවත් වන ඉන්දීය සම්භවයක් ඇති වතු කම්කරුවන්ගේ ගැලවුම්කාරයා ලෙස ඉදිරිපත් වෙමින් ඔවුනට නායකත්වය දුන් ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා සිය 56 වැනි ජන්ම දිනයට දින තුනක් තිබියදී ඉකුත් අඟහරුවාදා 26 වැනිදා හදිසියේ රෝගාතුර වී තලංගම රෝහලේදී අභාවප්‍රාප්ත විය.

මේ ලිපිය ඒ නිමිත්තෙනි.

1964 මැයි 29 වැනිදා උපත ලැබූ ආරුමුගම් තොණ්ඩමන් මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. මොහු දේශපාලනයට පිවිසෙන්නේ තම සීයා වන දිවංගත සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ අඩිපාරේ යමින් 1993 වසරේ දීය. ඔහු මුලින්ම ලංකා කම්කරු කොංග්‍රසයේ මූල්‍ය පරිපාලන ලේකම් ධූරයට පත්වන අතර 1994 වසරේ දී කොංග්‍රසයේ ඉහළම නිලය වන මහ ලේකම් ධූරයට පත්වේ.

ආරුමුගන් තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධූරයට පත්වීමට එරෙහිව එම පක්ෂයේ සිටි ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු ඇතුළු කණ්ඩායමක් කොංග්‍රසයෙන් ඉවත්ව ගොස් වෙනම පක්ෂයක් පිහිටුවා ගත්හ. ඒ සමගම ඔවුන් විසින් දියත් කරනු ලැබූ විරෝධතාව හේතුවෙන් ලංකා කම්කරු කොංග්‍රසයට අයත් වතුකරය පුරා පිහිටි කොංග්‍රස් කාර්යාල රැසක් අකර්මණ්‍ය වී තිබිණි. එසේ වුවද ඒ සියලු විරුද්ධ බලවේග පරාජය කර ලංකා කම්කරු කොංග්‍රසය දියුණු මාවත කරා ගෙන යාමට ආරුමුගන් තොණ්ඩමන් මහතා සමත් විය.

නවකයකු ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධූරයට පත්ව මුලින්ම පාර්ලිමේන්තු මහ මැතිවරණයකට ආරුමුගන් තොණ්ඩමන් මහතා මුහුණ දුන්නේ 1994 වසරේ දීය. එම මැතිවරණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග කරමින් මනාප 75,000කට අධික ගණනක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ආරුමුගන් තොණ්ඩමන් මහතා වෘත්තිය සමිති ව්‍යාපාරයට සහ දේශපාලනයට නවකයකු වුවද ඔහු ඒ සියලු කටයුතු සඳහා සාර්ථක පුද්ගලයකු ලෙස ගොඩනැගීමට සෞම්‍යමූර්ති තොණ්ඩමන් පියවර ගෙන තිබීම ඔහුගේ දේශපාලන ගමන් මග අතිසාර්ථක වීමට හේතු විය.

1999 දී ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ශ්‍රී ලංකා දේශපාලනයේ රජුන් තනන්නා ලෙස ප්‍රචලිතව සිටි සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා මිය යාමෙන් පසු එහි නායකත්වයට ආරුමුගන් තොණ්ඩමන් මහතා ඍජුවම පත්වන්නේය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමිය හා එක්ව කටයුතු කරමින් වතුකරය පුරා නව මාදිලියේ වැඩපිළිවෙළක් ආරම්භ කළේ වතු කම්කරුවන්ගේ දියුණුව උදෙසාය.

2000 වසරේදී තමන් වතු පාලනය කරන වැවිලි සමාගම් 22 හි නියෝජනයක් වන වතු හාම්පුතුන්ගේ සම්මේලනය හා සාකච්ඡා කරමින් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සියයට 20කින් වැඩිකර දීමට ගනු ලැබූ ක්‍රියාමාර්ගය වතුකරය පුරා ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ බලය ඉස්මතු වීමට පළමු පියවර විය‍.

2000 වසරේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණ හා එක්ව තරග කිරීමෙන් ඔවුනට හිමිවූයේ පාර්ලිමේන්තු ආසන 04ක් පමණි. එසේ වුවද එදා රජුන් තනන්නා ඔහු විය. ඔහුගේ මන්ත්‍රීධූර 04 ආණ්ඩුව පිහිටුවීමේ තීරක බලය විය. එහිදී පොදුජන එක්සත් පෙරමුණට සහාය දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉන්දීය සම්භවයක් ඇති නියෝජිතයකු පත්කරන්නට ද ආරුමුගන් තොණ්ඩමන් මහතා සමත් විය.

එසේ වුවද 2001 වසරේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී තමන්ට පෙර මැතිවරණයේ අත්වූ ඉරණම ද සැලකිල්ලට ගනිමින් යළිත් වතාවක් එජාපය හා එක්ව තරග කරමින් එම රජයේ නිවාස සහ වතුයටිතල පහසුකම් අමාත්‍යධූරය හිමිකර ගන්නට සමත්විය. කොතරම් තනතුරු තානාන්තර ලැබුණද තමන් නියෝජනය කළ ජන සමාජය අමතක නොකළ ආරුමුගන් තොණ්ඩමන් එම ජනතාවගේ මූලික ප්‍රශ්නය වූ දෛනික වැටුප තවදුරටත් වැඩිකර දීම පිළිබඳ යළිත් වතාවක් වතු හාම්පුතුන්ගේ සම්මේලනය හා සාකච්ඡා කරන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2002 වසර වනවිට රුපියල් 121 ක්ව තිබූ වතු කම්කරු දෛනික වැටුප රුපියල් 147 දක්වා වැඩි කිරීමට පියවර ගත්තේය.

වතු කම්කරුවන් වෙනුවෙන් සිදුකරන ලද සටන් එතෙකින් නිමා නොකළ ආරුමුගන් තොණ්ඩමන් එවකට රජය විසින් පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ලබාදෙන ලද වැටුප් වැඩිවීම වතු කම්කරුවන්ට ද ලබා දෙන ලෙස ප්‍රබල හඬක් නැගීය. ඊට වතු හාම්පුතුන්ගේ සම්මේලනය නිසි ප්‍රතිචාර නොදැක්වීම නිසා එම ඉල්ලීම ඉදිරිපත් කරමින් හැටන් නගරයේ සත්‍යග්‍රහ සටනක් දියත් කර එම වැටුප් වැඩිවීමද ලබාදීමට කටයුතු කළේය.

වතුකම්කරුවන්ගේ පුරවැසි අයිතිය හිමිකර දෙමින් තේ වතු කම්කරු වෘත්තියට පමණක් සීමා වූ වතු ප්‍රජාව එයින් මුදාගැනීමට අධ්‍යාපනයේ නව දියුණුවක් ඇති කිරීමට හෙතෙම පියවර ගත්තේය. එවකට පැවති හර විෂයයන්හි ගුරු හිඟය පියවීම උදෙසා ඉන්දියාවෙන් පවා විශේෂිත ගුරුවරුන් ශ්‍රී ලංකාවට ගෙන්වා වතුකරයේ ගුරුවරුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමටත් එතුළින් වතු අධ්‍යාපනය ඉහළ නංවා ඉහළ ප්‍රතිඵල තුළින් වතු කම්කරු දරුවන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශයන් හිමිකර දීමටත් හෙතෙම සමත් විය.

එහි ප්‍රතිඵලයක් ලෙස වතු කම්කරු දරුවෝ අද රජයේ රැකියා රැසකට හිමිකම් පාති. වෛද්‍යවරු පවා වතුකරයෙන් බිහිවී සිටිති. වතු ජනතාව වෙනුවෙන් මෙවන් විශිෂ්ට සේවයක් කළ තවත් තොණ්ඩමන් කෙනකු නික්ම යන්නේ ලංකා කම්කරු කොංග්‍රසය ඉදිරියට ගෙන යාම සඳහා තවත් තොණ්ඩමන්ලා දෙදෙනකු ඉතිරි කරමිනි.


(*** එස්. අස්ලම්)



අදහස් (21)

වතු කම්කරුවන්ගේ ගැලවුම්කාරයා

Siva Thursday, 28 May 2020 08:43 AM

වතු කම්කරුවන්ගේ ගැලවුම්කාරයා කෙසේවෙතත් වතුකම්කරුවන්ගේ දුක විකුණාගෙන පරම්පරාවම ගොඩගියා කියන එක නම් පිළිගන්නම වෙනවා. අවුරුදු ගාණක් ගිහිනුත් වතු ලැයිම් කාමරවල තත්වයේ වෙනසක් ඇති කරන්න බැරි වුණා... ගැලවුම්කරුවන්ගේ උදව්වෙන් ආණ්ඩු හදාගත්ත අයත් තොණ්ඩමන්ලාත් හැමදාමත් කලේ මිනිස්සු රවට්ටපු එකම විතරයි.. ඒක හිටපු ඉන්න සහ ඉදිරියේ එන අයටත් නොවෙනස් සත්‍යයකි.

:       118       713

Lion Thursday, 28 May 2020 08:45 AM

මනුස්සයෙක් මැරුණා කියලා බොරු වර්ණනා කරන්න එපා. සත්‍ය තිත්තයි.., නමුත් එය කිවයුතුයි. මොහු කළ වැඩ මොනවද කියලා අප දන්නේ නැහැ. නමුත් මොහුගේ සීයා වතු කම්කරුවන්ට කළදේ අපමණයි. ඔහු දුක්විඳින වතු කම්කරුවන් වෙනුවෙන් ජේ.ආර්, ප්‍රේමදාසලා සමග හැප්පුණ බොහෝවිට ඔහු ජයගත්තා....

:       84       212

බද්රානි Thursday, 28 May 2020 08:53 AM

අනේ ඒ ගැන නම් ආයේ අමුතුවෙන් මොන කතාද? මෙතුමා නිසා නේද අද වතු කම්කරුවන් කාලා ඇඳලා, නවීන පන්නයේ නිවසක් හදාගෙන යාන වාහන ඇතිව අද ඉතාම සැප පහසුවට ජීවත් වෙන්නේ? ලංකාවේ ප්‍රධාන ජාතික අාදායමට දායක වන ඔවුන්ගේ ජීවන තත්වය උසස් කළාට අපේ රටේ පාලකයින්ට අපි ණය ගැති වෙමු.. ද්‍රවිඩ වතු කම්කරුවන් එලෙස සැපවත් ජීවිකාවක් ලංකාවේ ගත කරද්දී, සිංහල ජනතාව මැදපෙරදිග, කොරියාව, යුරෝපය, ඇමරිකාවේ හා ඕස්ට්‍රේලියාවේ විනෝද වෙමින්, ප්‍රීතිවෙමින් සුපිරි දිවියක් ගෙවන්නේ, අපේ රටේ දේශපාලකයින්ගේ හපන්කම නිසා බව අපට අමුතුවෙන් කියන්න ඕනෑද? මෙවන් උත්තමයින්ගේ අවමංගල්‍ය කටයුතුවලට කොරෝනා වෛරසයෙන් කිසිදු බලපෑමක් සිසු නොවන බව දන්වන අතර, ඔවුන් පිළිබඳව වර්ණනා කොට නිමක් දැකිය නොහැකි නිසා මගේ ගුණකතනය මෙයින් හමාර කරමි.

:       79       870

ලැවොයිසියර්Thursday, 28 May 2020 03:53 PM

බද්රානි කරන්නේ සමච්චලයක් නෙවේද? එහෙම හිතාගෙනයි මම නම් ලයික් කළේ ...

:       0       54

පූජා Friday, 29 May 2020 10:05 AM

බද්රානි මහත්මියගේ කමෙන්ට්වල යටි අදහසක් ගැබ්වෙලා තිබෙනවා. එය හුඟක් දෙනෙකුට තේරෙන්නේ නැහැ...

:       14       99

JayanthaSaturday, 30 May 2020 05:53 PM

බද්රානි, ඔයාට අමතක වෙලා තියෙනවා තොණ්ඩා කරපු එක්ක දෙයක්... ඔහු හැම තිස්සේම ආණ්ඩුපති මාරු කරමින් පගාව වශයෙන් ගත් කෝටි ගණන් මුදල් දෙමළ ජනතාවගේ සුබසිද්ධිය සඳහා අන්තිම සතය දක්වා වියදම් කරපු හැටි සඳහන් වෙලා නැත..

:       12       15

rocky Thursday, 28 May 2020 09:29 AM

මම නම් අහලා තියෙන්නේ මොහු වතුකරයේ දෙමළ ජනතාව වෙනුවෙන් කරපු කිසිම සේවයක් නැහැ කියලයි. කිසිම වැඩක් නොකර තමන්ගේ වැඩ ගැන බොහොම හොඳට බලා ගත්ත අවස්ථාවාදියෙක්ලු. ඇත්ත ඒක නේද?

:       52       394

විපරමා Thursday, 28 May 2020 10:30 AM

මෙයා මහින්දගේ ගැලවුම්කාරයෙක් වෙන්න ඇති. මහින්ද තුන්වෙනිවරටත් දිනවන්න කියලා තිරුපති කෝවිලෙත් පූජාවක් තිබ්බා. මැරුණා කියලා දැනගත්තා විතරයි ලොක්කා ගියේ නැද්ද?

:       543       533

Prabha Thursday, 28 May 2020 10:32 AM

ආණ්ඩුවෙන් ආණ්ඩුවට පනිමින් වතුකම්කරුවන්ගෙන් අයකරගන්න සාමාජික මුදලින් සැපවත් ජීවිතයක් ගතකළා මිස ඔවුන් වෙනුවෙන් කළ දෙයක්නම් නොදනිමි.

:       52       346

lalithm Thursday, 28 May 2020 11:19 AM

මලාට පස්සේ ගුණ කියන්නේ පුජ්‍ය පක්ෂය විතරක් නොවෙයි කියල කොමෙන්ට් දැක්කමයි තේරුනේ. සියලු කම්කරු සහ ප්‍රගතිශීලී නායකයෝ කරන විදියට මොහු කලෙත් කම්කරු මුට්ටකාසි වලින් අති සුඛෝපබෝගී දිවියක් ගතකල එක සහ සීය එකතු කල ඉඩම් අධිරාජ්‍ය තව වැඩි දියුණු කල එකයි.

:       0       0

de silva Thursday, 28 May 2020 12:00 PM

වතු කම්කරුවෝ මොහු මිය ගිය නිසා මොහුගෙන් ගැලවුණා කියලා කිව්වා නම් හරි..

:       0       0

Wca Friday, 29 May 2020 05:15 AM

නියමෙටම ප්‍රතිචාර දැක්වීම ගැන ස්තුතියි.

:       3       70

bandu Friday, 29 May 2020 08:32 PM

ඡන්ද අපේක්ෂාවෙන් ක්‍රියාකරන දේශපාළුවන් දැකඇතත් මෙවැනි ලිපි පළවන්නන් දැක මා මවිත වී ඇත. දේශපාලුවන්ට බෝම්බ ඉල්ලන රටක සිටින මට මෙම ලිපිය කියවීමේදී හැඟී ගියේ මා වෙනත් රටක දේශපාලුවෙකු පිළිබඳ ලිපියක් කියවන්නේද කියායි. දවසක් වැඩ කර හවසට බී මත්වන බේබද්දාත් රටේ සල්ලි කමින් තරවන දේසපාළුවකුට වඩා වටිනා බව මගේ අදහසයි.

:       0       0

ajith Saturday, 30 May 2020 04:06 AM

මෙයා වතු කම්කරුවන්ගේ ගැලවුම්කාරයා වෙන්නේ කොහොමද? මෙයා කෙරුවේ දුප්පත් කම්කරුවන්ගේ චන්ද ඇපේට තියාගෙන සැප විදපු එක. මෙයා ගැලවුම් කාරයෙක් නම් කම්කරුවන්ටටත් මෙයාට වගේ යාන වාහන මාලිගා තියෙන්න ඕන.

:       24       157

menna Saturday, 30 May 2020 05:08 AM

කම්කරුවන්ගේ ගැලවුම්කරු වෙන්නේ කොහොමද? ඒ කියන්නේ කම්කරුවන්ට ප්‍රශ්න තියෙන එකද? ලංකාවේ කම්කරුවන්ගේ ප්‍රශ්න වලට නීති නැද්ද? ඇයි ලංකාවේ මිනිස්සු කොරියාවේ වැඩට යන්නේ? කොරියාව කොහොමද කම්කරුවන්ගේ ප්‍රශ්න විසඳලා තියෙන්නේ? කොරියාවට යන්න කොරියන් භාෂා ඉගෙන ගෙන නොවේද? බ්‍රිතාන්‍යයෝ ලංකාවට ඉන්දීය සම්භවයක් තියෙන කම්කරුවන් ලංකාවට ගෙනාවේ සිංහල උගන්වලාද? කොරියාවට යන ලංකාවේ කම්කරුවන්ට ඡන්ද අයිතියක් තියෙනවාද? ලංකාවේ ඉතිහාසය සංස්කෘතිය, නීතිය නොදැන ඡන්ද අයිතිය තිබුණොත් ඉන්දීය සම්භවයක් තියෙන මිනිස්සු ඡන්දය දෙන්නේ ලංකාවේ අනන්‍යතාව රැකගන්නද? ඉන්දියාවේ අනන්‍යතාව රැකගන්නද? කොරියාවේ යන ලංකාවේ මිනිසුන්ට ලංකාවේ වතුවල වැඩ කරන්න බැරිද? ලංකාවේ වතුවල වැඩ කරන්න බැරි හේතුව මොකක්ද? ඇයි මැද පෙරදිග යන මිනිසුන්ට වතුවල වැඩ කරන්න බැරි? බ්‍රිතාන්‍යයේ උගුලෙන් තාම මිදෙන්න බැරිද? බ්‍රිතාන්‍ය ලංකාවේ පාලනය කරන්නේ 1815 කියලා ඇයි අපිට උගන්වන්නේ...? 2020දී බ්‍රිතාන්‍ය brexit වුනත් ලංකාව යටත් විජිතයක් කරපු රටවල් 3ම යුරෝපා සංගමයේ සාමාජිකයන්. 16 වෙනි සියවසේ සිට 20 වැනි සියවස දක්වා ලංකාව පාලනය කළේ යුරෝපා සංගමය විසින්. 21 දීවත් මිදෙමු.

:       7       0

menna Saturday, 30 May 2020 05:39 AM

ලංකාවේ දේශපාලන අස්ථාවරත්වය ඇතිවීමට එකක් වතු කම්කරුවෝ. මෙම කම්කරුවන් ඉන්දීය සම්භවයක් තියෙනවා කියලා කියනවා. 16 වෙනි සියවසේ සිට යුරෝපා සංගමේ බැල්ම ලංකාවට තිබුණත් මට හිතෙන්නේ මෙම කම්කරුවන් එදා සිටි වඩුග රජවරුන්ද කරපු ක්‍රමයක් වෙන්න ඇති. එය මහා පරිමාණයෙන් සහ ලියවිලි වලින් කරන්න පටන් ගන්න ඇත්තේ බ්‍රිතාන්‍යයන්. වතුකම් කරුවන්ට මානව හිමිකම් නැහැ කියලා කියන්නෙත් මොවුන්මයි. ඒ කියන්නේ එදා ඔවුන් කරපු වැඩේ වැරදියි කියා දැනදැනම කරපු වැඩක්. මේ වගේ අවුරුදු ශතවර්ෂ ගණනාවකම තියෙන ප්‍රශ්නයක් 21 වෙනි සියවසේදී ඉදිරියට ගෙන යන්න ඕනෙද? මට වතුකම්කරුවන්ව සහ කොරියාවට, මැද පෙරදිගට යන ලංකාවේ මිනිසුන්ගේ වෙනසක් පේන්නේ නැහැ. වතු කම්කරුවන්ට වෙලා තියෙන්නේ නැවතත් ඉන්දියාවට යන්න බැරිව ලංකාවේ හිරවෙලා ඉන්නවා වගේ කියලා. මේකට දේශපාලන විසඳුමක් තියේද? ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම උසස් කර ලංකාවේ අනෙකුත් වැසියන්ටද කම්කරු නීතිවලට අනුව වතු කම්කරුවෙකු වීමේ හැකියාව ඇතිවුනොත් මෙම ප්‍රශ්නවලට විසඳුමක් තියෙයි කියලා හිතනවා.

:       1       17

de silva Saturday, 30 May 2020 06:24 AM

මට හිතෙන්නේ වතු කම්කරුවෝ මොහුගෙන් ගැලවුණා කියලා.

:       1       7

අතපත්තු Saturday, 30 May 2020 12:15 PM

තොණ්ඩමන් නික්ම යන්නේ කම්කරු කොංග්‍රසය ඉදිරියට ගෙනියන්න තව තොණ්ඩමන්ලා දෙන්නෙක් ඉතුරු කරලලු. මේ වාක්‍යයේ තියනවා ලංකාවේ ඡන්ද දායකයාගේ දේශපාලන කියවීම කොච්චර මුග්ධද කියලා...

:       7       2

amila Saturday, 30 May 2020 07:14 PM

වතුකම්කරුවන් බේරුණා.

:       15       23

E saman Sunday, 31 May 2020 03:12 PM

de සිල්වා, මටත් හිතෙන්නේ ඒකමයි

:       0       0

Anuruddha Monday, 01 June 2020 03:13 PM

මේ වගේ ලිපියකට මෙතරම් කමෙන්ට්ස් දාන්න වදවෙන්නේ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1203 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2664 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1656 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2846 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1905 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38546 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site