IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වතු කම්කරු අර්ථසාධක ලබන වසරේ සිට

(අංජුල මහික වීරරත්න)

වතු කම්කරුවන්ට හිමි වසර ගණනාවක් ගෙවීම් අතපසු කර ඇති සේවක අර්ථ සාධක අරමුදල් ලබන වසරේ සිට ගෙවීමට කටයුතු කරන බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පැවසීය. 

රටේ ආර්ථික ගැටළු සම්පූර්ණයෙන් විසඳී නැති  නමුත් බොහෝ දුරට ජනතාවට සහන ලබාදීමට හැකි වී තිබෙන බව කී ජනාධිපතිවරයා  ඒ අනුව 2022 වසරට වඩා මේ වන විට ජනතාවගේ ජීවන බර සැහැල්ලු වී තිබෙන බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි ලංකා කම්කරු කොංග්‍රසය විසින්  මහනුවර කරළිය සම්මේලන හා රංග කලා මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබු මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු වෘත්තිය සමිති හා තරුණ නායක හමුවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

මේ රටේ සියලු ජනතාව පසුගිය වසර දෙක තුළ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. කෙසේ හෝ අපට දැන් රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබී තිබෙනවා. 

අපට මෙවන් තත්ත්වයක් උදා කර ගැනීමට හැකිවූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම නිසයි. ඒ වගේම  අපට ණය ලබාදුන් රටවල් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමට ද අපට හැකි වී තිබෙනවා. ඒ අනුව අප ලබාගත් ණය ආපසු ගෙවීමට 2042 වසර වන තෙක් කල් ලැබී තිබෙනවා. අප මේ ගිවිසුම් වලින් ඉවත් වුවහොත් හෝ එය සංශෝධනය කිරීමට උත්සාහ කළොත් අපට එම සහන අහිමි වෙනවා. එවිට අප රටක් ලෙස නැවත පරණ තත්ත්වයට පත් වෙනවා. නැවත පෝලිම් යුගයකට මුහුණ දීමට සිදු වෙනවා.  ඒ නිසා මෙම වැඩසටහන ඉදිරියට ගෙන යනවාද? නැද්ද? කියා අප තීරණය කළ යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන සාර්ථක කර ගැනීමෙන් පමණක් අපට සෑහීමකට පත්විය නොහැකියි. ඉන්දියාව වැනි ආර්ථික දියුණුවක් කරා අපද ගමන් කළ යුතුයි. 2048 වසර වන විට එම සීග්‍ර දියුණුව ඇති කර ගැනීට අප සැලසුම් කර තිබෙනවා. 

ඒ වගේම රට බාර ගැනීමට නායකයන් හොයනවද? ඔලිම්පික් තරගවලට දුවන අය හොයනවද? කියා ජනතාව තීරණය කළ යුතුයි. 

වසර ගණනාවක්  කම්කරු ජනතාවට හිමි සේවක අර්ථක සාධක අරමුදල් ගෙවා නැහැ. ලබන වසරේ සිට එම අරමුදල් ගෙවීමට අප බලාපොරොත්තු වෙනවා. දැන් රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් තිබෙන නිසා එම මුදල් ලබාදීමේ හැකියාව රජයට තිබෙනවා

ඒ වගේම පසුගිය වසර දෙක තුන තුළ වතුකරයේ ජනතාව විශාල ලෙස දුක් වින්දා. අනිත් පිරිස් වෙත වැටුප් වැඩි කිරීම් හිමි වුණා. ඒ වගේම ගොවි ජනතාව වෙනුවෙන් හොඳ ආදායමක් ලබා දී තිබෙනවා. නමුත් වතුකරයේ ජනතාව වෙනුවෙන් එම සහනය ලබාදීමට අපට තවමත් හැකි වී නැහැ.

වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ වතු සමාගම් රැසක් මේ වන විට එකඟතාව පළ කර තිබෙනවා. 

මනුෂ නානායක්කාර අමාත්‍යවරයාගෙන් පසු එම අමාත්‍යාංශයේ වගකීම පැවරී තිබෙන්නේ ජනාධිපතිවරයා ලෙස මටයි.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන්,වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ,අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න,පාර්මේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන්,හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහත්වරු ද අදහස්  දැක්වූහ.



අදහස් (2)

වතු කම්කරු අර්ථසාධක ලබන වසරේ සිට

පුරවැසියා Tuesday, 13 August 2024 05:26 PM

ලබන වසරේ සිට නෙමෙයි ඔක්තෝබර් මාසයේ සිටම දෙනවා. හැබැයි ඒ ආණ්ඩුවේ ඔයා ඇතුළු හොර නඩේ නැහැ...

:       0       0

ranjith Wednesday, 14 August 2024 10:43 AM

වසර 40 කරන්න බැරි උන දේවල් චන්දයක් කට උඩ තියාගෙන

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 394 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 98 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 881 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 966 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2733 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1744 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25341 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23402 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 388 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site