(අජිත්ලාල් ශාන්තඋදය)
වතුකරයේ ජනතාව හැදුන්වීමට සියවස් දෙකක කාලයක සිට භාවිත කළ වතු යන නාමය වෙනුවට උඩරට (මලෛගම්) යන නාමය භාවිතා කිරීමට රජය තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පැවසුවේය.
රත්නපුර කරපිංච ශාන්ත ජෝකිම් දෙමළ මහා විද්‍යාලයේ පැවති 2025 සබරගමු පළාත් තෛපොන්ගල් උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ.
ලංකාවේ කදුකර ප්‍රදේශවල තේ වගා කටයුතු සදහා ඉන්දියාවෙන් මීට වසර දෙසිකට පමණ පෙර පැමිණි දෙමළ භාෂාව කතා කරන ජනතාව වතු ජනතාව ලෙස හදුන්වනු ලබයි. අධිරාජ්‍යවාදීන් මේ ජනතාවට පොදු පහසුකම් ලබාදුන්නේ ඉතාම අවම වශයෙනි.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සමග ඔවුන් එකතුවීමට කැමැත්තක් නැත. වසර ගණනාවක සිට තමන් වතු ජනතාව ලෙස පිළිනොගන්නා ලෙසත්, උඩරට දමිළ හෙවත් මලෛගම් ලෙස පිළිගන්නා ලෙසත් රජ්‍ය නොවන සංවිධාන හරහා පැවති රජයන්ගෙන් ඉල්ලීම් කර තිබුණි. ඔවුන් ශ්‍රී ලාංකික දෙමළ ලෙස පිළිගැනීමට ද එකඟ නොවේ.
සිංහලයන් අතර උඩරට සිංහල ලෙස පිළිගැනීමක් ඇති නිසා තමන්ටද උඩරට දෙමළ ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා සිටිති. උඩරට දෙමළ යන්න දෙමළ බසින් හදුන්වන්නේ මලෛගම් යනුවෙනි.
මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු
උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වතු දෙමළ උඩරට දෙමළ වෙයි
ගුණරත්න Saturday, 25 January 2025 08:14 AM
හොඳයි අදහස...
Dammika Sanjeewa Saturday, 25 January 2025 09:16 AM
ශ්‍රී ලාංකික කිව්වොත් මදි වෙයිද?
gamage Saturday, 25 January 2025 11:35 AM
පව් එචචරම තමයි ඒ මිනිස්සුන්ට අඩුවට තිබුනේ
gunarathnaSaturday, 25 January 2025 01:48 PM
ඔවුන්ට ඔබලාට ඕනෙ නමක් දාගනිල්ලා. වතු කම්කරුවන්ගේ ප්‍රශ්නය ඕක නෙවෙයි කියලා තේරුම් ගන්න... අම්බිගාට වුණු දෙයක් නෑ. ඒ මනුස්සයා අනුරව විශ්වාස කරලා බොරු දහස් ගණනක් දුන්නා. ඔහොම ගියොත් අම්බිගාත් දාලා යයි.
Nihal Saturday, 25 January 2025 02:03 PM
කව්රුත් ඉන්නේ එකම පොළවක...!
කල්පනී Saturday, 25 January 2025 09:15 PM
උඩරට දෙමළ රාජ්‍යක් අනාගතේ එයිද ?
මරදන්කඩවල Sunday, 26 January 2025 08:27 AM
දැන් ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නෙත් ඉවරයි.