IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වීදිකත සැරයන්ගෙන් කෝටි 5ක් ඉල්ලයි

රත්නපුර පොලිසියේ සැරයන්වරයකු රත්නපුර නගර මධ්‍යයේදී තමාට ප්‍රසිද්ධියේ අමානුෂික ලෙස පහරදුන්නැයි රුපියල් කෝටි 5ක වන්දි ලබාදෙන ලෙස ඩල්ලා රත්නපුර පදිංචි දෙදරු මවක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජූනි 11 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(18) අවසර ලබාදුන්නේය.

රත්නපුර තුන්වැනි සැතපුම් කණුව ප්‍රදේශයේ පදිංචි වීරසිංහ ආරච්චිගේ කාන්තිලතා හෙවත් බට්ටි විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මෙම සිද්ධියට ඍජුව සම්බන්ධ පොලිස් සැරයන්වරයා වන ප්‍රසන්න තිසේරා, රත්නපුර පොලිස් ස්ථානාධිපති, රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා පොලිස්පති නම් කරනු ලැබ සිටිති.

පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්වන කේ.ශ්‍රී පවන් සහ ප්‍රියන්ත ජයවර්ධන මහත්වරුන් හමුවේ කැඳවීය.

රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දී සිටියේ අදාළ කාන්තාවට පහරදුන් පොලිස් සැරයන් ප්‍රසන්න තිසේරාට හැර සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් ඔහු පෙනී සිටින බවයි.



අදහස් (0)

වීදිකත සැරයන්ගෙන් කෝටි 5ක් ඉල්ලයි

මැණික් Friday, 19 December 2014 02:29 AM

දැන් එතකොට මේ කාන්තාව අතුරුදහන්වෙලා නැද්ද? (නි)

:       0       0

සහන් Thursday, 18 December 2014 01:55 PM

මේ බට්ටි කියන්නේ අර රත්නපුරයේ නෝනද ? (නදී)

:       0       0

නුවන් සිල්වා Friday, 19 December 2014 03:32 AM

දෙදරු මවක් වන බට්ටි ඒ තත්ත්වයට පත්වුණේ ඇයි කියලා හොයලා ඒවාට අවශ්‍ය මානුෂික ප්‍රතිසංස්කරණ, උපදේශන සේවා ආදිය ඇතිකළ යුතුයි. කාටවත් පහරදීමට, ශාරීරික හා මානසික හිංසනයට ලක්කිරීමට තව කෙනෙකුට අයිතියක් නැත. (නි)

:       0       0

චින්තක Friday, 19 December 2014 04:22 AM

කවුරු වුනත් මනුෂ්‍ය ජීවිතයක් මිල කරන්න බෑ.(හේ)

:       0       0

ශසික Thursday, 18 December 2014 03:37 PM

කෝටි 5 දුන්නොත් ලංකාව පුරාම බට්ටිල වැහි වහිවී. අප් දරුවන්ට දෙවියන්ගෙම පිහිටයි (නදී)

:       0       0

ඇසිලින් නෝනා Thursday, 18 December 2014 03:56 PM

ඔව් ඒ බට්ටි තමයි. (නදී)

:       0       0

ඉර්ෆාන් Thursday, 18 December 2014 04:49 PM

මෙයා කෝටි 5ක් ඉල්ලන්නේ කුමන වටිනාකමක් අනුවද? (නි)

:       0       0

මොහමඩ් ඛාන් Thursday, 18 December 2014 06:42 PM

අපිට නම් ආරංචි වුණේ බට්ටි අතුරුදහන් කියලා (නි)

:       0       0

බණ්ඩා Thursday, 18 December 2014 07:54 PM

ලංකාවේ බට්ටි වගේ කෙනෙක් එතරම් වටිනවද ? (නදී)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Friday, 19 December 2014 05:42 AM

ඔයාල මේ අර බට්ටි මේ බට්ටි කියල අගෞරව කරන්නේ අහිංසක කමටත් දුප්පත් කමටත් අසරණ වූ තම දරු දෙදෙනාගේ කුසගින්න නිවීම සදහා වෙර දරන අපේම සහෝදරියකට නේද ? සහෝදර වරුනි මානුෂික මට්ටමෙන් හිතන්න පුරුදු වෙන්න. අපේ රටේ ලොකු ලොකු නෝනලා වගේ පෙනී සිටිමින් ඔය බට්ටිගේ රැකියාවම කරන බට්ටිල ගොඩක් ඉන්නවා. ඒක නොවේ ප්‍රශ්නය අදාල පොලිස් නිලදාරිය තමන්ගේ රාජ කාරියට නොගැල පෙන විදියට. කටයුතු කිරීම මෙතන තියන ගැටලුව. ඒ සඳහා ඔහු දඬුවම් විදිය යුතුයි. සමහර විට ඔහු මේ විධියට හැසිරෙන්නට ඇත්තේ ඔහු ඇයගෙන් බලා පොරොත්තු වූ දෙයකට ඇය අවනත නොවන්නට ඇති (අ)

:       0       0

රුවන් කුමාර Friday, 19 December 2014 05:59 AM

සල්ලි නෙමෙයි දෙන්න ඕනෑ වටේ යන්න ලයිසන් එකක් (නදී)

:       0       0

ලියොන් ගුණවර්ධන Thursday, 18 December 2014 10:47 PM

මෙම ක්‍රියාව පොලිස් ආරක්ෂක සේවයටද නින්දාවකි (නි)

:       0       0

වසන්ත Thursday, 18 December 2014 11:02 PM

අනේ බට්ටි නෝනා! (නි)

:       0       0

උපාලි Thursday, 18 December 2014 11:48 PM

බට්ටි අතුරුදහන්වෙලා කියලයි අපි හිතුවේ. සාමාන්‍යයෙන් පොලිසියට එරෙහි නඩු තියෙන අයට එහෙම අතුරුදහන්වීමේ අධිමානසික බලයක් ලැබෙනවා කියලා මම අහලා තියෙනවා. (නි)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Friday, 19 December 2014 06:44 AM

රුවන් කුමාර දවසක ඔයාට වටේ යන්න සිදු වෙනවා එදාටවත් තේරුන් ගනී නේද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 281 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 209 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 564 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 267 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 86 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 256 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site