IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


වේදිකාවෙන් හැදෙන සංවර භාවයත් එක්ක ඕනෑම මාධ්‍යයක වැඩකළ හැකියි

2016-11-11-ent-104

පූනෑව සිට කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණෙන ඇය එහි නාට්‍ය හා රංගකලා විශේෂවේදී උපාධිය හිමිකර ගන්නීය. එහි න්‍යායන්ට පමණක් සීමානොවී, විශ්වවිද්‍යාලය තුළින්ම නිර්මාණය වූ "මකරා", "විසේකාරියෝ", "වැන්දඹුවෝ", "සිල්ගත් බිල්ලෝ" වැනි වේදිකා නාට්‍යයවලට රංගන දායකත්වය ලබාදෙන්නීය. ඇය චන්දිමා කරුණාදාසය.

 

වේදිකා නාට්‍යවලට දායකවීම ගැන මුලින්ම කතා කරමු?

2016-11-11-ent-105මම පූනෑව කියන ගමේ ඉඳන් කොළඹ ආවේ, මුලින්ම "වග" කියන කැලණිය විශ්වවිද්‍යාලයේ කෙටි නාට්‍යයට දායක වුණා. පසුව විශ්වවිද්‍යාලයේම නිර්මාණය වුණ "මකරා", "වර්නාඩාගේ සිපිරිගෙය", "විසේකාරියෝ", "ජනේලයෙන් පනින්නද", "නියගලා ප්‍රේමය", "වැන්දඹුවෝ", "සිල්ගත් බිල්ලෝ", "ප්‍රේමවන්තයෝ" ආදී නාට්‍යවලට දායක වෙන්න අවකාශය ලැබුණා. මම රඟපාද්දි තෝරාබේරා ගැනීමක් කරලා නැහැ. මේ වනවිටත් කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රියංකර සර්ගෙ සහ විජිත් නුවන්සිරිගෙ නිර්මාණවලට දායක වෙනවා. මම හිතනවා වේදිකා නිළියක් විදියට රංගනයෙන් දායක වීම හොඳ දෙයක් කියලා.

 

වේදිකා නිළියක් ලෙස හැඳින්වූයේ ඒ තුළ සීමාවෙන්නද ඔබේ බලාපොරොත්තුව?

නැහැ. මම ටෙලි නාට්‍ය කිහිපයකටම දායක වුණා. ජනක චමින්ද අත්තනායක මහතාගේ ටෙලි නාට්‍යයක් මේ දිනවල රූගත වෙනවා. වේදිකාවෙන් පැමිණි කෙනෙකු ලෙස ඒ ගැන අධ්‍යයනය කළ කෙනෙකු ලෙස මම හිතනවා වේදිකාවට ආව කෙනෙකුට ඕනෑම මාධ්‍යයක වැඩ කළ හැකියි කියලා. මොකද වේදිකාවෙන් හැදෙන සංවර භාවයත් එක්ක එය සිදුකළ හැකියි.

 

"සිල්ගත් බිල්ලෝ" වේදිකා නාට්‍ය මේ දිනවල වේදිකාගත වෙනවා. එහි ඔබේ චරිතය ගැන කතා කළොත්?

මම "මධු" කියන චරිතයට දායක වෙන්නේ. එය ගමක සිට නගරයට ඇවිත් අම්මයි, නංගිවයි ජීවත් කරන්න වෙනත් මිනිසුන් සමග යන චරිතයක්. ඇයට පසුව සමාජ රෝග හැදෙනවා. මේ නාට්‍ය තුළ ප්‍රධාන චරිතය වන සංඛගේ බලපෑම්වලට %මධු^ කියන චරිතය ලක්වෙනවා. මෙවැනි චරිතයකට දායක වෙන්නෙ මම.

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව විශේෂවේදී උපාධිය මම හැදෑරුවා. විජිත් නුවන්සිරි කියන්නෙත් කැලණිය විශ්වවිද්‍යාල ප්‍රේම නාට්‍ය හා රංගකලා උපාධිය හදාරපු කෙනෙක්. විශ්වවිද්‍යාලයේ බොහෝ නාට්‍ය නිර්මාණය වෙනවා. "සිල්ගත් බිල්ලෝ" කියන්නේ ස්වතන්ත්‍ර නිර්මාණයක්. නාට්‍යකට සම්බන්ධවීම මම දකින්නේ නාට්‍ය හා රංගකලාව ඉගෙන ගන්න කෙනෙකු ලෙස එය ඉතා වැදගත් කියලා. න්‍යායාත්මක වගේම ප්‍රා‘යෝගික අත්දැකීමක් ලබාගන්න ඉන් අවකාශය ලැබෙනවා. මේ "සිල්ගත් බිල්ලෝ" නාට්‍ය‘යෙන් වර්තමාන දේශපාලනික තත්ත්වය පිළිබඳව කතාබහ කරනවා.

 

මෙවැනි සමාජ කාරණාවක් වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකාගාරය භාරගන්නා ආකාරය ගැන ඔබේ අදහස කෙබඳුද?

නාට්‍යය විවිධ තේමා ගන්නවා. මෙහි කතා කරන්නෙ දේශපාලනය ගැන. මම හිතනවා එය ප්‍රේක්ෂකයාට ග්‍රහණය කරගන්න පහසුයි කියලා. ඒකට හේතුව වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය තමයි මෙම නාට්‍යයට අන්තර්ගත වෙන්නේ. බලය තිබෙන අය බලය නොමැති අය යටත් කරගෙන ජීවත්වීම ගැන මෙහි කතා කරනවා. ප්‍රෙක්ෂකයා තමන්ගෙ අත්දැකීම් අනුව තෝරාබේරාගෙන මෙය ග්‍රහණය කර ගනියි.

 

මතක් කළ යුතු පිරිසක් ඇති?

මුලින්ම මම මගේ පවුලේ අයට ස්තුති කළ යුතුයි. විශ්වවිද්‍යාලයට ගිහින් නාට්‍ය හා රංග කලාව හැදෑරිය යුතුයි කියන අධිෂ්ඨානය ඇති කළේ මට නාට්‍ය හා රංග කලාව ඉගැන්නූ ගුරුතුමිය වන චන්ද්‍රානි ගුරුතුමිය. ඇයව මේ මොහොකේ මතක් කරනවා. නාට්‍ය හා රංග කලා හා ප්‍රතිභා කලා පීඨයේ ජෙෂ්ඨ කථිකාචාර්ය පැක්ට්‍රික් රත්නායක සර්ව ලලිත කලා අධ්‍යන අංශයේ මහාචාර්ය පැක්ට්‍රික් රත්නායක මහතාවත්, නාට්‍ය හා රංගකලා ප්‍රතිභා කලා ඒකකයේ සියලු දෙනාටත් ස්තුති කරනවා.

 

නිදුක් මධුෂික

 

2016-11-11-ent-107
2016-11-11-ent-106
2016-11-11-ent-103
2016-11-11-ent-102



අදහස් (0)

වේදිකාවෙන් හැදෙන සංවර භාවයත් එක්ක ඕනෑම මාධ්‍යයක වැඩකළ හැකියි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1112 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 72 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 318 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1154 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 274 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2739 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site